Tuesday, March 17, 2009

~Wall-E~


මේක නම් ගොඩක් අය බලල ඇති දැන් පරණ නිසා,ඒ උනාට කාටුන් නිසා බලපු නැති අයත් ඇති..ඒ නිසාම ලියන්න හිතුව මේ ගැන..Wall-E කියන්නෙ හරිම ලස්සන ෆිල්ම් එකක් කියන්න පුලුවන්..කාටුන් උනාට රසවින්දනය නම් අඩුවක් නෑ කියල මම සහතික වෙනව..කොහොම උනත් කතාව සරළව කියනව නම් මෙහෙමයි..Wall-E කියන්නේ ග්‍රහලෝකෙක කුණු අස් කරන්න හදපු රොබෝ කෙනෙක්...රොබෝ කෙනෙක් උනත් හොද හිතක් තියන කෙනෙක් කියන්න පුලුවන්.. දවසක් මෙයා තමන්ගේ රාජකාරිය කර කර ඉන්න අතරෙ අහස් යානාවකින් ඇවිත් රොබෝ ( ගෑණු ළමයෙක් ) මේ ග්‍රහලොවට ගෙනත් දානව..පසුව Wall-E මේ රොබෝ ගෑණු ලමයා සමග ආදරයෙන් බැදෙනව..මේ කතාවෙ ආරම්භය විතරයි,තව අභියෝග ගොඩකට මුහුණ දෙන්න මේ යුවලට සිද්ද වෙනව...ඇත්තටම හරිම ලස්සන කතාවක්..ඔයාලම බලල තීරණය කරන්නකො කොහොමද කියල..කාටුන් එකක් උනත් හරිම ලස්සනට හදල තියනව...කතාවත් ඒ වගේමයි,නිර්මාණශීලී බවෙන් අඩුවක් නෑ...


7 comments:

  1. මම මේ කථාව ගැන ඇහු‍වා මේ ළගදි.. හැකි ඉක්මනින් බලන්න මේ දවස් වල ඇගිලි ගැන ගැන ඉන්නේ.. හික් හික්

    ReplyDelete
  2. මට මිනිසුන්ගේ ආදර කථා බලලා ඇති වෙලා හිටියේ මෙ තියෙන්නේ බෙහෙත

    ReplyDelete
  3. නියමයි..හැමෝගෙම කමෙන්ට්ස් වලට ස්තුතියි... :cool:

    ReplyDelete
  4. මම මෙ දැන් බලලා ඉවර උනේ එත් එක මටනම් මුලදි තිබුන ගාම්ම අගදි අඩු වෙනවා වගේ හිතේ නවා

    ReplyDelete
  5. @ දිසා! කතාවේ තේමාව අන්තිම හ‍රියෙදි වෙනස් වෙන හින්ද වෙන්නැති එහෙම දැනෙන්නෙ..ආද‍ර කතාවකින් ඇක්ශන් කතාවකට ප‍රිවර්තනය වෙනවනෙ අන්තිමට.. :)

    ReplyDelete
  6. යකඩ ගොඩවල් වලටත් ආදරේ තේරෙන දැනෙන හැටි..........!! මාර ගති........!!

    ReplyDelete
  7. හරිම සංවේදි ලස්සන කතාවක්. කතාවේ සුන්දරත්වය නිසාම මේ යකඩ ගොඩවල්ල් කියල දැනෙන්නෙවත් නැහැ

    ReplyDelete

අන්න හරි..ඔහොම හිතුව එක ගොඩක් හොදයි..ලියන්න ඔයාගෙ අදහස්..මේ බ්ලොග් ලිවිල්ල ගැන මට සතුටක් දැනෙන්නෙන් ඔයාලගෙ අදහස් කියවනකොට තමයි..