Tuesday, March 31, 2009

Yes Man (2008)


හ්ම්ම්ම්...මේක ෂෝක් ෆිල්ම් එකක්..ඔයාල අනිවාර්යෙන් බලන්න කියල තමයි කියන්න තියෙන්නෙ මට නම්..මොකද මම ගොඩ කාලෙකින් තමයි බැලුවෙ ජීවිතේට යමක් එකතු කරගන්න පුලුවන් ෆිල්ම් එකක්..ඇත්තටම ලස්සන නිර්මාණයක්..ඒ වගෙම ලස්සන කතාවක්..මම කතාවෙන් ටිකක් කියන්නම් ඔයාලට තේරුම්න් ගන්න පුලුවන් වෙන ගානට විතරක්..එක්තරා ආයතනයක වැඩ කරන පුද්ගලයෙක් සාමාන්‍ය පුද්ගලයෙක් තමයි මේකෙ ප්‍රධාන චරිතය..ඔහු ජීවිතයේ බොහේ දේවල් ප්‍රතික්ෂේප කරනව..විනෝද වෙන්න යන්නේ නෑ,අනුන්ට උපකාර කරන්නේ නෑ,ඒ වගේම ඔහු සතුටින් ජීවත් වෙනව වගේ හිතුවත් ඔහු සතුටින් නෙවෙයි ජීවත් වෙන්නෙ..මේ අතරෙ ඔහුට යාලුවෙක් කියනව Yes Man කියල වැඩසටහනක් ගැන..අකමැත්තෙන් වුනත් මොහු ඒ වැඩසටහනට සහභාගී වෙනව..හැම දේටම 'ඔවු' කියල වගකීම් බාරගෙන සතුට්න් ජීවත් වෙන හැටි එතනදි මේ කතානායකය ඉගනගන්නව..ඇත්තටම ඔහුගේ ජීවිතේ වෙනස් වෙනව එතන ඉදන්..ඔහු බොහොම ක්‍රියාශීලී පුද්ගලයෙක් බවට පත් වෙනව..කතාව මම කිව්වට වඩා ගොඩක් හිතට දැනෙනව ඒක බලනකොට..පුලුවන් නම් බලන්න..ඔයාලගෙ ජීවිතයටත් යමක් එකතුකරගන්න ලැබෙන බව නම් මට සහතිකයි...

Snake Eyes (1998)


මම මේක බැලුවෙ මේ බ්ලොග් එකේම අපේ යාලුවෙක් දාපු කමෙන්ට් එකක් අනුව..කොහොම උනත් බැලුවට නම් පාඩුවක් උනේ නෑ මොකද ෆිල්ම් එක හොද නිසා..මේක ඇක්ෂන් ෆිල්ම් එකක් උනත් ෆයිට් එහෙම නම් නෑ බරපතල විදියට..මම කතාවෙන් ටිකක් කියන්නම්කො ඔයාලට දල අදහසක් ගන්න පුලුවන් විදියට..එක්තරා බොක්සින් තරගයක් නැරඹීමට පැමිණි ඇමරිකානු ආරක්ෂක ලේකම්තුමාට නාදුනන තුවක්කුකරුවෙක් වෙඩි තියනව..මේ සිද්දිය වටා තමයි කතාව ගොඩනැගිල තියෙන්නෙ..මෙහි ප්‍රදාන චරිතය රගපාන නිකලස් කේජ් පොලිස් නිලධාරියෙක් ..සල්ලි වලට කෑදර උනත් හොද හිතක් තියන චරිතයක් (ඔහුගේන් වෙනස්ම විදියේ රංගනයක් දැකගන්න පුලුවන් මේ ෆිල්ම් එකෙන්..)..කොහොම නමුත් ඔහු මේ සිද්දිය පිටුපස හඹායද්දි ඔහුට ජාතික ආරක්ෂාවට අදාල තොරතුරු රැසක් මෙන්ම ඔහුව මවිත කරන තොරතුරු ගොඩක් අනාවරණය වෙනව..මීට වඩා මේ කතාව ගැන කියන්න අමාරුයි,මොකද කතාවෙ අගය අඩු වෙන්න පුලුවන් ඒකෙන්..කොහොම උනත් බාගෙන බලන්න..පරණ වුනත් හොද කතාවක්...

බානව නම් මෙන්න ලින්ක් එක..
(දැනට නම් සීඩ්ස් තියෙනව පස්සෙ අඩු වෙයිද ෂුවර් නෑ)

Bangkok Dangerous (2008)


මම බලපු හොදම ඇක්ෂන් ෆිල්ම් වලින් එකක් කියන්න පුලුවන්,ඒකට නිකලස් කේජ් ගෙ රංගනයත් හේතු වෙන්නැති..කොහොම උනත් ඇක්ෂන් කතා බලන්න ආස අය නම් නොවරදවා බැලිය යුතු චිත්‍රපටයක්..මම මේකෙ කතාව ටිකක් කියන්නම්..නමුත් අන්තිම ටික ගොඩක් වෙනස් වෙනව,හොදේ... :D මෙන්න මෙහෙමයි කතාව..මෙහි ප්‍රදාන චරිතය වන ජෝ (නිකලස් කේජ්) වෘත්තීය මිණීමරුවෙක්..ඔහු ජාත්‍යන්තර මට්ටමේ වැඩ තමයි බාරගන්නෙ..ඔහුට බැංකොක් වලින් ඇණවුමක් ලැබෙනව 4 දෙනෙක් මැරීමට,මේ අනුව ඔහු බැංකොක් වලට යනව,ඔහුගේ සිරිත තමන් යම් නගරයකට ගිය පසු රස්තියාදුකාර තරුණයෙක් තම වැඩට අල්ලගෙන වැඩේ අවසන් වූ පසු ඔහුවත් මරා දමා රටින් පිට වීමයි..ඒ අනුව ඔහු බැංකොක් වල සිටි පික්පොකට් ගසන්නෙකු තම උදව්වුවට සොයාගන්නව..නමුත් පසුව ඔහුට තේරෙනව මොහු වෙනත් අයට වඩා වෙනස් බව..ඔහු ජෝ ගෙන් ඉල්ලා සිටිනව තමන්ටත් මේ ක්ශේත්‍රය පුරුදු කරන්න කියා...ඔයාලට ෆිල්ම් එක බැලුවොත් තේරෙයි ජෝ කොච්චර තද චරිතයක්ද කියා,ඒ වගේම ඔහු මෙම ඉල්ලීමට දෙන පිලිතුර කොහොමද කියලත් දැනගන්න පුලුවන්..මේ සියල්ල ඉටු කළත් ඔහු රටින් පනින්නෙ කොහොමද?බලන්නකො Bangkok Dangerous ..නියම ඇක්ෂන් ෆිල්ම් එකක්!

Monday, March 30, 2009

Paul Blart: Mall Cop (2009)


ඔන්න තවත් අලුත් කොමඩියක්..ඒ වගේම ආදර කතාවකුත් තියනව මේ ෆිල්ම් එක ඇතුලෙ..ට්වී එකේ දැකල තමයි මම නම් මේක බෑවෙ..ඔන්න මෙහෙමයි කතාව..එක්තරා සුපිරි වෙළද සංකීර්ණයක ආරක්ෂක නිලධාරියෙක් වටා තමයි මේ කතාව ගෙතිල තියෙන්නෙ..බොහොම තරබාරු පුද්ගලයෙක් වන මොහු තම රාජකාරිය අකුරටම ඉටු කරන කෙනෙක්..මේ වෙළදසැල තුලම වෙලදාම් කරන තරුණියක් වෙත ඔහුගේ හිත ඇදී යනව..ඔන්න කොහොම හරි දවසක් මේ සුපිරි වෙළද සංකීර්ණයට හොරු කණ්ඩායමක් පනිනව..ඔවුන් අර තරුණිය ඇතුලු පිරිසක් ප්‍රාණ ඇපයට තියාගන්නව..ඒ වගෙම මේ ආරක්ෂක නිලධාරියත් කොටු වෙනව වෙළද සංකීර්ණය තුලම..ඔහු මේ පිරිස බේරගන්න දරන උත්සාහය තමයි කතාවෙන් පෙන්වන්නෙ..කතාව එච්චර විශේෂ එකක් නොවුනත් මේ පොරගෙ රගපෑම වගේම ඔහුගේ වැඩ දැක්කම හිනා යනව හොදට..කොමඩියක් හැටියට සාර්ථකයි කියන්න පුලුවන්...

Sunday, March 29, 2009

She's the Man (2006)


ඔන්න නියම විනෝදාස්වාදයක් ලබාදෙන ෆිල්ම් එකක්..මම හිතන්නෙ ගොඩක් අය මේක බලල ඇති..මම දැකල තියන්ව මූණු පොතෙත් සමහර අයගෙ ප්‍රියතම චිත්‍රපටයටත් දාල තියෙන්නෙ මේක..මම කතාව කියන්නම්කො ටිකක්..කොහොම උනත් මම කියන එවයින් නම් කතාව ගැන හොද නිගමනයක එලඹෙන්න අමාරු වේයි..බලලම තීරණය කරන්න!එක්තරා විද්‍යාලයක කාන්තා පාපන්දු කණ්ඩායම තේරෙන්නේ නෑ වෙනත් විද්‍යාල සමග පවත්වන තරග වලට සහභාගී වීමට..ඉතින් මෙම කණ්ඩායමේ ක්‍රීඩිකාවක් මෙය අසාධාරන දෙයක් බව පුහුණුකරුට කිවුවත් ඔහු කියන්නෙ මෙම විදුහලෙ පිරිමි කණ්ඩායම පමණක් වෙනත් තරග වලට සහභාගී වීමට සුදුසුකම් ලබා ඇති බවයි..එමෙන්ම පිරිමි ළමුන් ගැහැණු ළමුන්ට වඩා දක්ෂ බවත් ඔහු කියනව..මේ කියමන වැරදියි යැයි ඔප්පු කිරීමට මෙම ක්‍රීඩිකාව කොල්ලෙකු සේ වෙස්වලාගෙන වෙනත් පාසලක පිරිමි පාපන්දු කණ්ඩායමකට එක් වෙනව..මේ අලුත් පාසලේ ඇයට හරිම අපූරු දේවල් වලට මුහුණ දෙන්න සිද්ද වෙනව..ඇත්තටම හිනාත් යනව..කතාව නම් හරිම රසවත්..කම්මැලි හිතෙන්නෙ නම් නෑ එක මොහොතකටවත්..බලල නැත්නම් බලන්න කියල තමයි මම නම් කියන්නෙ..මොකද ඒ තරම් කථාව ලස්සනයි..

Slumdog Millionaire (2008)


මේ ගැන ඉතින් මට කියන්න දෙයක් නෑ නෙද?කමක් නෑ..මම ලගදි දැක්ක ටොරන්ට් වල ඩීවීඩී රිප් එකක් තියනව..ඒක දෙන්න ඕන නිසයි ලියන්න හිතුනෙ...නිකමට වත් මේක බැලුවෙ නැති කෙනෙක් ඉන්නව නම් එයාට පුලුවන් බාගන්න..මේ ෆිල්ම් එකෙන් විශ්ණු දෙවියන්ට අපහාස වන බව කියා මේක මුල් කාලෙ ඉන්දියාවෙ තියගත කෙරුනෙත් නෑ හරියට..කොහොම උනත් හැමෝම දන්නව ඇතිනෙ මෙ ෆිල්ම් එක ඔස්කාර් සම්මාන 9ක් දිනාගත් බව..ෆිල්ම් එක බලල නැතත් කතාව ඔයාලට එහෙන් මෙහෙන් ඇහිල ඇති..මමත් පොඩ්ඩක් කියන්නම්..මෙහි ප්‍රදාන චරිතය වන ජමාල් මලික් ප්‍රසිද්ද රූපවාහිණී වැඩසටහනකට පෙනී සිටිනව,ඔහු පාසල් අධ්‍යාපනයවත් හරි හැටි නොලැබු කෙනෙක්..මෙහිදි විශේෂ බුද්ධිමතුන්ට පවා උත්තර දෙන්න අමාරු ප්‍රශ්ණ රාශියකට ඔහු උත්තර දෙනව..ඔහු මේ ප්‍රශ්ණ වලට උත්තර දෙන්නෙ කොහොම්ද කියන එක සොයා බැලීම හරහා තමයි මේ කතාව ගොඩනැගෙන්නෙ..මගේ මේ වැල්වටාරම් කියවන්න දෙයක් නෑ,කෙළින්ම කියන්න තියෙන්නෙ Slumdog Millionaire බලන්න කියල තමයි..

Saturday, March 28, 2009

How to Lose Friends & Alienate People (2008)


හ්ම්ම්ම්..මට හිතාගන්න බැරුව හිටියෙ මේ ෆිල්ම් එක ගැන ලියනවද නැද්ද කියල..ඒත් ඉතින් පස්සෙ ලියන්න හිතුන අමුතු ෆිල්ම් බලන්නත් ආස කට්ටිය ඉන්න නිසා..ලොකුවට ලියන්න අදහසක් නෑ මෙ ලිපිය..මේකෙ නමෙන්ම තේරෙනවනෙ මොන වගේ කථාවක්ද තියෙන්නෙ කියල..ඇත්තටම මට නම් මේ පොර ගැන මුල ඉදලම ඇති උනේ තරහක් ..මොකද පාළනයක් නැති කට හින්දා මේකෙ ප්‍රදාන චරිතය හැම දෙයක්ම අවුල් කරගන්නව..මෙන්න මෙහෙමයි කතාව..එච්චර ප්‍රසිද්ද නැති ඕප දූප පත්තරේක වැඩ කරන මාධ්‍යවේදියෙක් ඉන්නව..ඔහුගේ එකම ආසාව තමයි ප්‍රසිද්ද පුද්ගලයන් ඇසුරු කරන එක..මේ මාධ්‍යවේදියාගෙ වැඩ දැකල ප්‍රසිද්ද සගරාවක කතුවරයෙක් ඔහුව එහි වැඩට ගන්නව..නමුත් සුපුරුදු විදියට ඔහු හැමදේම අනාගන්නව එතනදිත්..නමුත් අන්තිමට ඔහු වැදගත් දෙයක් ජීවිතයට එකතු කරගන්නව..ෆිල්ම් එක බැලුවොත් තේරෙයි ඒ මොකද්ද කියල..මේ ලිපිය කියවල බලල ෆිල්ම් එක හොදයි කියල හිතෙනව නම් බාලම බලන්න...ලින්ක් එක පහල ඇති!!

~~ Valkyrie (2008) ~~


හ්ම්ම්ම්....විශිෂ්ට ෆිල්ම් එකක් බැලුවා කියන හැගීම හිතට දැනෙනවට ආස නම් බලන්න මේ ෆිල්ම් එක..ප්‍රධාන චරිතය රගපාන්නෙ ටොම් කෲස්,එතුමාගෙ රංගන හැකියාව හොදින් පෙනවන ෆිල්ම් එකක් කියන්න පුලුවන්..සරළවම කියනව නම් උපරිමෙන් රස විදින්න පුලුවන් චිත්‍රපටයක්..මම මේ කතාවෙ මුල ඉදල කියන්න යන්නෙ නෑ..කතාවෙ සාරාංශය කියන්නම්..දෙවන ලෝක යුද්දය සිද්ද වෙන්නෙ හිට්ලර්ගේ ඒකාධිපති වියරුව නිසා ඔහුව ඝාතනය කිරීමට හමුදාවෙ ඉහල පෙලේ නිලදාරීන් කිහිප දෙනෙක් සැලසුම් කරනව,ඉන් පසු හදිසි අවස්ථාවකදී ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති වැල්කරි නම් මෙහෙයුම ක්‍රියාත්මක කිරීමයි ඔවුන්ගෙ අරමුණ..මෙහි ප්‍රදානත්වය ගන්නෙ අබ්බගාත කැප්ටන් එකෙන්ක්..ඔහුගේ මෙම ක්‍රියාදාමය තමයි මෙ චිත්‍රපටයෙන් පෙන්වන්නෙ..මේක සත්‍ය කතාවක් පදනම් කරගෙන නිර්මාණය වූ චිත්‍රපටයක්..මම නම් හරීම ආසවෙන් බැලුව..වෙනස්ම කාලෙකට අපිව ගෙන යන චිත්‍රපටයක්..

Friday, March 27, 2009

You Don't Mess With The Zohan [2008]


හික් හික්..මේක ගැන නම් ලියන්න හිතෙනකොටත් හිනා යනව..හොද ෆිල්ම් එකක්..හිනා යන කොමඩියක් කියන්න පුලුවන්..කාලෙකින් කොමඩි මූවි එකක් බැලුවෙ නැත්නම් මේක බලන්න කියල තමයි කියන්න තියෙන්නෙ..මේක වෙනස් තේමාවක් ගත් චිත්‍රපටයක්..මේ සෝහාන් කියන්නෙ සුපර් මෑන් වගේ චරිතයක්..අසාමාන්‍ය ශක්තියක් එහෙම තියන වෙඩි වදින්නේ නැති පොරක්..මෙයා හමුදා නිලධාරියෙක්,හමුදාවට අවශ්‍යම කෙනෙක්..කොහොම උනත් සෝහාන්ගෙ එකම ආසාව නම් බාබර් කෙනෙක් වෙන එක..යුද්දෙකට ගිහින් ආවත් නිදාගන්න ගියාම අඩනව තමන්ගේ ආසාව මතක් වෙලා..මේ නගරයේ ඉන්නව සෝහාන් වගේ තවත් ශක්තිමත් පොරක්,කොහොම හරි දවසක් මේ දෙන්නගෙ ෆයිට් එකක් යනව (හිනා යන විදියෙ ෆයිට් එකක්)මේකෙන් සෝහාන් පැරදුනා වගේ පෙන්නල පොර ඇමරිකාවට යනව බාබර් කෙනෙක් වෙන්න..කෝලම් නෙද කතාව?බලන්නකෝ එයාට එහෙදි හොද බාබර් කෙනෙක් වෙන්න පුලුවද කියල?හොදට හිනා යන ෆිල්ම් එකක්..බානව නම් ලින්ක් එක පහළ ඇති..

Madagascar-Escape 2 Africa (2008)


මම මේ කියන්න යන්නේ ඇති වෙනකම් හිනා වෙන්න පුලුවන් කාටුන් එකක් ගැන..මැඩගස්කර් 1 බැලුව අය නම් මේක බලල ඇති බොහෝ වෙලාවට..කොහොම උනත් මේක එළම එළ ෆිල්ම් එකක් නිසා කියන්න හිතුව..මේ මැඩගස්කර් 2,මම නම් හිතන්නෙ මුලින්ම පළවෙනි එක බලල හිටිය නම් හොදයි කියල..කොහොම උනත් කමක් නෑ..මුලින් මේක බැලුවත් රසයේ අඩුවක් වෙන එකක් නෑ...ඔන්න අහගන්න,මෙන්න මේකයි කථාව..ඇමරිකාවෙ සත්තු වත්තක හිටපු සත්තු 4දෙනෙක් මැඩගස්කරයට එනව නැවකින්..මේ ටික වෙන්නෙ පළමු කතාවෙ,මේ කතාවෙ තියෙන්නෙ එතන ඉදල ඉතුරු ටික..ඔන්න මේ 4 දෙනා මැඩගස්කරයෙන් වෙන රටකට යන්න පිටත් වෙනව කාලෙකට ඉස්සර එහෙට කඩාගෙන වැටුන ගුවන් යානයකින්.. (කතාවෙ මේ හරියට එනකොටත් ඇස් වල කදුලු පිරෙයි,දුකට නෙවෙයි,හිනා වෙලාම..හික් හික් ) මේ සත්තු වත්තක පුංචි කාලෙ ඉදලම ඇතිදැඩි උන නිසා දන්නෙ නෑ කැලේ ජීවිතය කොහොම්ද කියල..කොහොම හරි මේ කබල් ගුවන් යානය කඩාගෙන වැටෙනව අමුතු රටකට..මේ සත්තුන්ට මුකුත් හිතාගන්න බෑ මේ රට ගැන..කොහොම හරි මෙහේ ජීවිතයට මෙ අය හුරුවෙන හැටි නම් හරිම අපූරුයි..කාටුන් නිසා බලන්න කම්මැලෙයි වගෙ හිතුනත් මම කියනවට බාල බලන්නකො..හිනා වෙන්න පුලුවන් කාලෙකට ඇති වෙන්න..හික් හික්..

Thursday, March 26, 2009

සමාවෙන්න ඕන මෙහෙම ලියනවට.....


ෆිල්ම් ගැන ලියන තැනක මෙහෙම ලියන එක හොදද මන්ද..මම දන්නෙ නෑ මේ බ්ලොග් එක හැමෝටම ප්‍රයෝජනවත්ද කියල..කමෙන්ට්ස් අඩු වෙනව එන්න එන්නම..ඒකයි මට මෙහෙම ලියන්න හිතුනෙ..ඔයාල නිකමටවත් මේ බ්ලොග් එකෙන් ප්‍රයෝජනයක් ගත්තොත් පුලුවන් නම් කමෙන්ට් එකක් දාල යන්න හොදේ..මොකද මට මේ බ්ලොග් කෙරුවාවෙන් තියන එකම සතුට ඔයාලගෙ කමෙන්ට්ස් බලන එකත්,ඔයාල මේ බ්ලොග් එක ෆලෝ කරන එකත් විතරයි..ඒ වගේම මේ වැඩේ මීට වඩා හොදට කරන්න ඔයාලගෙ අදහස් මුකුත් තියනව නම් එවත් කියන්න..හොදේ...( යෝජනා චෝදනා අරව මෙව ඔක්කොම කියන්න :ඪ් )

~~Bolt [2008]~~


මේ කියන්න යන්නෙ ඇනිමේශන් ෆිල්ම් එකක් ගැන..හරිම ලස්සන කතාවක්..ටිකක් ලාබාල අයට තමයි වැඩියෙන් හොද,ඒ උනාට හොද ෆිල්ම් එකකින් රසයක් විදින්න පුලුවන් ඕන කෙනෙක්ට ගැලපෙනව..වැඩි විස්තර මොකටද..මම කියන්නම්කො කතාව...ඔයාලම තීරණය කරන්න බලනවද නැත්ද කියල..එක් ළමයෙක් පුංචි කාලෙ ඉදලම බලු පැටියෙක් ඇතිදැඩි කරනව බොහොම ආදරයෙන්..විද්‍යඥයෙක් වන ඔහුගේ පියාව බොහොම දරුණු මිනිගෙ විසින් පැහැරගන්නව..නමුත් ඊට කලින් පියා තම පුතුගේ ආරක්ෂාව සදහා ඔහුගේ බලු සුරතලාගේ ජාන වෙනස් කර සුපිරි බලයක් සහිත බල්ලෙක් කරනව..මේ දරුවා සහ බල්ලා දරුවාගේ පියා සොයමින් යන අතරතුර එන කරදර වලින් බල්ලා තමයි ඔහුව බේරගන්නෙ..නමුත් මේ සියල්ල බල්ලා යොදාගෙන කරන රූපවාහිණී වැඩසටහනක් පමණයි..බල්ලා මේ බව දන්නේ නෑ,ඌ හිතන්නෙ තමන් ඇත්තටම සුපිරි බලයක් සහිත බල්ලෙක් කියල..දවසක් මේ රූපවාහිණී වැඩසටහනේදී මේ ළමයා පැහැරගැනීමකට ලක් වෙනව..බල්ලා දන්නෙ නෑ නෙ මේ සියල්ලම රගපෑමක් බව..ඔහු තනියම මේ ළමයා සොයා යනව..කතාව හිතුවට වඩා වෙනස් නේද?ඉතුරු ටික ඔයිටත් වඩා වෙනස්..බලන්නකො Bolt ..මේ තමා සුපිරි යැයි සිතන බල්ලාට පුදුම දෙවල් වලට තමයි මුහුණ දෙන්න වෙන්නෙ..

~ ~ ~Raaz 2 (2009)~ ~ ~


ඔන්න හොල්මන් කතාවක් බැලුව කාලෙකින්..හිතාගන්න බෑ මොනව කියන්නද කියල..සාමන්‍යයෙන් හොද කතාවක් කියන්න පුලුවන්..ඒත් ගොඩක් කතා වල එකතුවක් බව නම් මට මුල ඉදලම පෙනුන..සාමන්‍යයෙන් ෆිල්ම් ගොඩක් බලන කෙනෙකුට එක තෙරෙයි..(හීරෝස්,ද රින්ග්,මිරර්ස් වගේ කතා වලින් කොටස් අරන් තියෙනව ) අහ් ප්‍රධාන දේ තමයි බය හිතෙනවද නැද්ද කියල..හ්ම්ම්ම්..ගොඩක්ම බය හිතෙන්නෙත් නෑ,ඒ උනාට නැත්තෙමත් නෑ.. :ඩී
දැන් මම කියන්නම්කො කතාවෙන් ටිකක්..පටන් ගන්නෙ මෙහෙමයි..එක් පුද්ගලයෙක් තවත් කෙනෙකුට කියනව ඔහු මැරෙන්න නියමිත බව..එහෙම කියන පුශ්ගලය එවලේම බෙල්ල කපාගෙන මැරෙනව..මෙතනින් තමයි කතාව පටන් ගන්නෙ..දැන් වෙන පැත්තක..එක්තරා මෝස්තට නිරූපණ ශිල්පිණියක් ඉන්නව,ඇයට දවසක් කඩයකදී දකින්නට ලැබෙනව එක්තරා පුද්ගලයෙක් තමා දිහා තදින්ම බලාගෙන ඉන්න බව..මේ බව ඇගේ පෙම්වතාට කීවත් ඔහු ගනන් ගන්නෙ නෑ..දියක් ඇයව හමු වී මෙම පුද්ගලයා පවසන්නෙ තමා චිත්‍ර ශිලිපියෙකු වන අතර ඇයගේ අනාගතය පිළිබද චිත්‍ර ඔහුට ඇදිය හැකි බවත්,ඒ අනුව ඇයට අනාගතයේදී ලොකු කරදරයකට මුහුණ දීමට සිදුවන බවත්ය..නමුත් මේ කිසිවක් පිළිනොගන්න ඇය නාන කාමරයේ ටබ් එකේ සිටියදී අත්භූත යමක් සිද්ද වෙනව..මෙතනින් පස්සෙ මේ හැමෝගෙම ජීවිත වෙනස් වෙනව..ෆිල්ම් එක බැලුවට පාඩු නම් නෑ..ඔයාලම බලල කියන්නකො කොහොම්ද කියල..හැබැයි මම මුලදි කිව්ව වගේ ඔයත් වැඩියෙන් ෆිල්ම් බලන කෙනෙක් නම් තේරෙයි මේක එහෙන් මෙහෙන් කෑලි අරන් හදපු ෆිල්ම් එකක් කියල..ඒ උනත් අන්තිමට මේ සිද්දි ඔක්කොම එකතු කරල තියෙන්නෙ ස්වාධීන විදියකට...

Wednesday, March 25, 2009

~ ~Bedtime Stories (2008)~ ~


ඔන්න මට කාලෙකට පස්සෙ හම්බුනා නයිට් ඇට් ද මියුසියම් හා ජුමන්ජි වගේ තවත් කතාවක්..මේක ළමා කතාවක් කියලත් කියන්න පුලුවන්..ඒ වගේම පුංචි ආදර කතාවකුත් මේකෙ තියනව..ඔන්න මම දැන් කතාව කියන්නයි යන්නෙ..දග කරන්නෙ නැතුව අහන් ඉන්න..හික් හික්..එක්තරා සුපිරි හෝටලයක වැඩ කරන පුද්ගලයෙකුට තම සහෝදරියගේ දරුවන් බලාගන්න වෙනව සතියකට...මේ දරුවන් නිදි කරන්න මොහු කථා කියනව..පස්සෙ ඔහුට දැනගන්න ලැබෙනව ඔහු කථා කියද්දි දරුවන් ඒ ගැන කියන දේවල්/දක්වන අදහස් සැබෑ වෙන බව..අමුතුයි නෙද?මම වැඩි විස්තර කියන්නේ නෑ..ඕක තමයි කථාවෙ තේමාව..මෙහෙම බලයක් ලැබුනම මොනවද කරන්න බැරි?නෙද?බලන්නකො කථාව..මල් 7 යි...

~ ~ Face/Off (1997) ~ ~


ලියනවද? නැද්ද?ගෙවුන විනාඩි ගණනාවක් තුලම මගෙ හිතේ තිබුන ප්‍රශ්ණෙ ඕක තමයි...ජයගත්තෙ මොකද්ද කියල තේරෙනවනෙ..මේ ෆිල්ම් එක දැන් ගොඩක් පරණ නිසා තමයි හිතේ මේ වගෙ ප්‍රශ්ණයක් මතු උනේ,පස්සෙ මතක් උනා "ඕල්ඩ් ඉස් ගෝල්ඩ්" කියල..දැන් බලමු ෆිල්ම් එක ගැන..මේක හොද කථාවක්..කොහොම උනත් මට නම් මේක එළම ෆිල්ම් එකක්,මොකද මම ආසම නළුවා රගපාන නිසා..ඔන්න මෙහෙමයි කතාව..එක්තරා ධනවත්,දක්ෂ,අපරාධකාරයෙක් දවසක් පොලිස් නිලධාරියෙකුට වෙඩි තියෙනව..නමුත් මේ වෙඩිල්ල පොලිස් නිලධාරියාගෙ සිරුර හරහා ගොස් ඔහු ළගින්ම සිටි ඔහුගේ පුතාව වැදෙනව..පොලිස් නිලධාරියාගෙ දිවි බේරුනත් ඔහුගේ පුතා මැරෙනව..දැන් මේ සිද්දිය වෙලා අවුරුදු 6ක් ගත වෙනව..මේ හොරා නගරයේ බෝම්බයක් අටවා ජෙට් යානයකින් පැන යන්න හදනකොට අර පොලිස් නිලධාරියාට මේ ගැන දැනගන්න ලැබෙනව..ලොකු සටනකින් පසු මේ හොරා අතඩංගුවට පත් වෙනව..නමුත් ඔහුට කෝමා තත්වයක් ඇති වෙනව..මේ නිසා බෝම්බය ඇති තැන සොයාගැන්මට මේ පොලිස් නිලධාරියා හොරාගේ මුහුණ තමන්ගේ මුහුණට දාගන්නව ප්ලාස්ටික් සැත්කමක් මගින්..මේ අතරතුර රෝහලේදි හොරාට සිහිය ලැබෙනව..තමන්ගේ මුහුණ අයින් කර ඇති බව දැනගන්නා ඔහු තම සගයින්ට කථා කර දොස්තර කෙනෙක් ගෙනවා අර පොලිස් නිලධාරියාගෙ මුහුණ තම මුහුණට බද්ද කරගන්නව.ඉන් පසු මේ මුහුණු වෙනස් කිරීම ගැන දැන සිටි සියල්ලන්ම මරණව...මෙතන ඉදන් තමයි කතාව ලස්සන..ඔයාලට හිතාගන්න පුලුවන් වෙයිද ඉදිරියෙදි මොනව වෙයිද කියල?අමාරුයි නෙද?එහෙනම් බලන්න Face/Off ..උත්තර ඒකෙ තියෙනව!!

Tuesday, March 24, 2009

~*~ City Of Ember [2008 ]~*~


මෙක නම් මම බලල ගොඩක් දවස් වෙනව..ඒ උනාට මට හිතෙනව විද්‍යා ප්‍රබන්ධයක් නිසා ගොඩක් අය බලන්න නැතුව ඇති කියල..ඒ හින්දම කියන්න හිතුන මේ ගැන..මේක ළමා කතාවක් කියලත් කියන්න පුලුවන්..මම මේ කථාව ගැන පොඩි විස්තරයක් කරන්නම්කො..ඔන්න මේ ෆිල්ම් එක පටන් ගන්නෙ මෙහෙම්යි..එක්තරා මහළු පුද්ගලයන් කට්ටියක් එක යකඩ පෙට්ටියක් අගුලු දානව තව අවුරුදු 200කින් ඇරෙන විදියට..එහෙම කරල මේ පෙට්ටිය ඒ නගරයෙ නගරාධිපතිට බාර දෙනව..මේ අත්භූත පෙට්ටිය නගරාධිපතිවරුන් අති පරම්පරාවෙන් පරම්පරාවට ආවත් එක යුගයක මේ පෙට්ටිය සොරකම් කෙරෙනව..මින් පස්සෙ පෙන්ව්න්නෙ අවුරුදු 200කට පසු සිදුවීම්...මේ වෙනකොට අර පෙට්ටිය තියෙන්නෙ ආච්චි කෙනෙකුත් ඇගෙ මිණිබිරියත් ජීවත් වෙන එක්තරා ගෙදරක,ඔවුන් මේ පෙට්ටියේ ඇති විශෙෂත්වයක් දකින්නේ නෑ...දැන් බලමුකො වටපිටාව,අවුරුදු 200ට පස්සෙ නේ..මේ නගරයට ආලෝකය ලැබෙන්නෙ සුවිශාල ජෙනරේටර් යන්ත්‍රයකින් ලැබෙන විදුලියෙන්..මෙහි වාසය කරන මිනිසුන් කිසි දිනක හිරු දැක නැහැ,සීමිත ඉඩකඩක තමයි ඔවුන් ජීවත් වෙන්නෙ..මේ පෘතුවියදැයි සැකයකුත් හිතෙනව අපිට..වටපිටාව ගැන දැන් ඇති..ආයෙත් යමු කථාවට..මෙහි වැසියන්ට තියෙන ලොකුම ප්‍රශ්ණය තමයි ජෙනරේටරෙ සමහර වෙලාවට වැඩ කරන්නෙ නැති එක..ඒ වගේම ජීවිතේ ඒකාකාරී බවෙන් හැමෝම හෙම්බත් වෙලා..මේ හැමෝගෙම ඉරණම් වෙනස් කරන්නෙ අර මුලින් කී පෙට්ටිය,ඒක් ඒකෙ තියෙන්නෙ මොනවද?ඒකෙ තියෙන දෙවල් වලින් ප්‍රයෝජන ගන්න මේ අයට පුලුවන් වෙයිද?කවදාවත් මේ අයට හිරු එළිය දකින්නට ලැබෙයිද?මේ අය මේ පෘතුවියේ කොහෙද ඉන්නෙ?ප්‍රශ්ණ ගොඩයි නේද?..බලන්නකො City Of Ember...ඒ හැම එකටම විසදුම් දෙන්නෙ අමුතු ආකාරයකට..

~Thick as Thieves (2009)~


මේක නම් මම දැන් බැලුවෙ...නියම ෆිල්ම් එකක්..මම කෙලින්ම කියන්නෙ මේක නම් කොහොම හරි බලන්න කියල..මොකද මේකෙ කථාව හරිම ලස්සනට වෙනස් වෙනව අපි නොහිතන විදියට..ඒ නිසා අමුතුම ගතියක් ලැබිල තියනව ෆිල්ම් එකට..ආහ්..මට දැන් දැනගන්න ලැබුන මේක 1998 දිත් හදපු කතාවක් කියල..ඒකෙන්ම තෙරෙනවනෙ මේක දෙවන පාරටත් හදන්න තරම් හොද කතාවක් කියල.....හ්ම්ම්ම්...මම කතාවෙන් ටිකක් කියන්නම්..ඒ උනාට මේ ටිකෙන් ෆිල්ම් එක ගැන නිගමනයකට එලඹෙන්න එපා..මොකද අන්තිම ටික සම්පූර්ණ වෙනස්..එක් සාමන්‍ය හොරෙකුට විශේෂ දක්ෂකම් තියෙන හොරෙකුගෙන් ගුරුහරුකම් ලැබෙනව හොරකම් කිරීම ගැන..මේ අතර අර සාමන්‍ය හොරා ආදරයෙන් බැදෙනව අනික් හොරාට ඥාති සම්බන්දකමක් ඇති තරුණියක් සමග....පස්සෙ මේ දෙන්න එකතු වෙලා කවුතුකාගාරයක් බිදිනව වෙන කෙනෙකුගේ ඇණවුමක් මත..වැඩේ ඉවරවෙන මොහොතේ සාමන්‍ය හොරා අමුතු කතාවක් හෙලි කරනව.ඔන්න මෙතන ඉදන් අපි බලාගෙන ආව කථාව වෙනස් වෙනව..දෙන්නට දෙන්නා රවට්ටගන්න එක තමඉ ඉදිරියට අපිට බලන්න වෙන්නෙ..මේක බොහොම දක්ෂ ලෙස සිනමාපටයට නගා තියනව..කොහොම උනත් මම නම් මේක හොද ෆිල්ම් එකක් කියල හදුන්වනව..ඔයාලත් බලලම තීරණය කරන්නකො මා එක්ක එකග වෙන්න පුලුවන්ද කියල...

Monday, March 23, 2009

~~ War wolves (2009) ~~


හ්ම්ම්..නමෙන් තේරෙනවනේ මොකක් ගැනද කතාව තියෙන්නෙ කියල..කතාව නම් නරකම නෑ...ඒ උනාට හිතුව තරම් නැගල යන්නෙත් නෑ මොකද චරිත ටිකකට සීමා වෙලා නිසා..කොහොම උනත් මම කතාවෙන් ටිකක් කියන්නම්කො ඔයාලට..බලනවද නැද්ද කියල ඔයාලම තීරණය කරන්න...හමුදා කණ්ඩායමක් එක්තරා මෙහෙයුමකට යනව..නමුත් අනපේක්ශිත විදියට මෙයාලට මුහුණ දෙන්න වෙන්නෙ අමුතුම මිනිසුන් කොටසකට..මෙතනින් පස්සෙ අපිට පෙන්නන්නෙ ඊට මාස 6කට පස්සෙ වෙන සිද්දියක්..මේ හමුදා කන්ඩායමේ හිටපු කට්ටිය වෙන වෙන තැන් වල වැඩ කරනව..මේ අතරතුර පෙන්නනව මෙයාල වුර්කයෝ බවට පරිවර්තනය වෙන හැටි...මෙතන ඉදල පෙන්වන්නෙ මේ වුර්ක මිනිසුන්ගේ ක්‍රියාවන්..මොවුන්ව නවත්වන්න කාටවත් හැකි වෙයිද?නගරයට ඔවුන්ගෙන් ඇති බලපෑම කුමක්ද?ඔවුන් ආහාර හොයාගන්නෙ කොහොමද?මිනිසුන්ට ඔවුන් සමග හැප්පෙන්න පුලුවන්ද කියල බලාගන්න ඔන නම් ඔයාලට බලන්න වෙනව War wolves...මේක හොරර් ෆිල්ම් එකක් නම් නෙවෙයි..ආදර කතාවක් වගෙම ක්‍රියාදාමයගෙන්ත් අඩුවක් නෑ..වෙනස් තේමවක් ගත් චිත්‍රපටයක් නිසා බැලුවට අපරාදෙ කියල හිතෙන එකක් නෑ..

**බාන්න ඕන නම් මෙතන කොටන්න**

~~ Eagle Eye 2008 ~~


හ්ම්ම්..මම හිතන විදියට මේක නම් බොහෝ දෙනෙක් බලල ඇති..ඒත් මේ ගැන ලියන එක ප්‍රයෝජනවත් වෙයි කියල හිතෙනව මට..හැබැයි මේකෙ I, Robot ෆිල්ම් එකට සමානකමකුත් දැක්ක මම නම්..ඇත්තටම කියනව නම් කතාවෙ මුල් ටිකේදි ප්‍රධාන චරිතය මුහුණ දෙන සිද්දිය මොකද්ද කියල අපිට වත් පැහැදිලි වෙන්නේ නෑ..කොහොම නමුත් ඒක පැහැදිලි වෙනකොට අපි කතාවට ඇලිල ඉවරයි..මෙන්න මෙහෙමයි මේ ෆිල්ම් එකේ මුල් ටික..ඇමරිකාවේ සාමන්‍ය කඩයක වැඩ කරන තරුණයෙකුට දුරකතන ඇමතුමක් ලැබෙනව තම නිවුන් සොහොයුරා මියොගොස් ඇති බව දන්වමින්...ඔහු සොයුරාගේ අවමගුලට ගොස් නැවත පැමිණ තම බැංකු ගිණුම පරීක්ෂා කරන විට දැනගන්න ලැබෙන්නෙ එහි අති විශාල මුදලක් ඇති බවයි..ඉන් නෝට්ටු කිහිපයකුත් ගෙන තම නවාතැන්පළට යන ඔහුට එහි අයිතිකාරිය පවසන්නේ ඔහුගේ නමට පාර්සල් විශාල ප්‍රමාණයක් අද ලැබී ඇති බවයි..ඔහු මේ පාර්සල් විවුර්ත කර බලන විට දක්නට ලැබෙන්නේ ලොව අති නවීනම ආයුධ තොගයකි..ඒක් සමගම ඔහුට ලැබෙන දුරකථන ඇමතුමකින් කියා සිටින්නේ තව තත්පර 20කින් ඔහු සොයා පොලිසිය පැමිණෙන බවති ඉක්මනින් පැනගන්නා ලෙසත්යි..නමුත් මේ අත්භූත ඇමතුම පිළිබද විශ්වාසයක් නොතබන මොහු ඒ මොහොතේම අත්තඩංගුවට පත් වේ..මේ අතරතුර වෙනත් මවකටත් තම දරුවාගේ දිවි ආරක්ෂා කරගැන්මට අවශ්‍ය නම් තමන් කියන අයුරින් කරයුතු කරන්න යැයි පවසමින් දුරකථන ඇමතුමක් ලැබේ..මේ දුරකථන ඇමතුම් ලබා දෙන තැනැත්තියට නගරයේ විදුලියෙන් වැඩ කරන සියලුම දේ පාළනයට හැකියාවක් ඇති බව පෙන්වයි..ඈ කවුද?මේ සාමාන්‍ය තරුණයාගෙන් හා අර මවගෙන් ඇයට ඇති ප්‍රයෝජනය කුමක්ද?මේ දෙදෙනාම තෝරාගත්තේ ඇයි?මේ ප්‍රශ්ණ වලට පිළිතුරු මෙන්ම මොවුන්ගේ ඉරණම කෙසේ විසදෙයිද යන්න දැන ගන්න ඕන නම් බලන්න Eagle Eye..ඔබ මවිත කරන අපූරු සිනමා සිත්තමකි..

Sunday, March 22, 2009

Taken (2008)


ඔන්න ආයෙත් සුපිරි ඇක්ශන් ෆිල්ම් එකක්..මේක නම් බලන්න කියල තමයි මම කෙලින්ම කියන්නෙ..මම කතාව කියන්නම් ෆිල්ම් එකේ රසය නැති නොවෙන විදියට..මේකෙ ප්‍රධාන චරිතය තනිකඩව ජීවත් වන විශ්‍රාම ගත් රහස් පරීක්ශකයෙක්,ඔහුගේ දුව විනෝද චාරිකාවක් යෑමට පිටත් වෙන අතර පසුව ඔහුට ඇය දුරකතනයෙන් කථා කර දන්වන්නෙ තාමා කරදරයක වැටී ඇති බවයි..ඇය සොයා ප්‍රංශයට යන අතර එහිදී ඇය සොයාගැන්මට ඔහු දරණ උත්සාහය මෙම කථාවෙන් පෙන්නනවා..ඇත්තටම මේ පියාට තමන්ගෙ දුව හොයාගන්න ලොකු වෙහෙසක් දරන්න සිද්ද වෙනව..ඒ වෙහෙස මේ චිත්‍රපටයේ අපූරුවට පෙන්වා තියෙනව..කතාව නම් මම තව කියන්නේ නෑ මොකද එතකොට මේකෙ අගය අඩු වෙයි කියල බයායි..කොහොම උනත් මට කියන්න තියෙන්නෙ මේක නම් ලස්සන ඇක්ෂන් ෆිල්ම් එකක් කියල තමයි..ඔයාල බලලම කියන්න මම හරිද කියල???

~~ Role Models (2008 )~~


හ්ම්ම්...මේ ෆිල්ම් එක ගැන විශේෂයක් නැති උනත් ඒක ගැන කියන එක හොදයි කියල මට හිතුනා,මොකද මේ ෆිල්ම් එක ටිකක් වෙනස් එකක්..මේක බාගෙට කොමඩියක් වගේ තමයි මට නම් හිතෙන්නෙ,කොහොම උනත් මම ආස පොරක් රගපානව මේකෙ..මම බොහොම කෙටියෙන් කියන්නම්කො කතාව ඔයාලට...මෙහෙමයි...යාලුවො දෙන්නෙක් ඉන්නව එකම තැන වැඩ කරන,එක යාලුවෙක් විනෝදයෙන් ඉන්න කෙනෙක්..අනිකා බොහොම බැරෑරුම්ව හිතන කෙනෙක්....මේ දෙන්න අතින් වැඩ කරන තැන වාහනයක් හැප්පෙනව දවසක්..මේ වරදට දඩුවමක් හැටියට එයාලට සමාජ සේවය කරන්න වෙනව ටික කාලෙකට..මෙන්න මෙතන තමයි වෙනස් කතාවකට මුල පුරන්නෙ..මෙයාලට යන්න වෙන්නෙ ටිකක් වෙනස් තැනකට..වැඩිහිටියන්ට තමන්ගෙ අත්දැකීම් පුංචි ළමයි එක්ක බෙදාගන්න හදපු ආයතනයකට තමයි යන්න වෙන්නෙ..මේ දෙන්නට බාර වෙන්නෙත් හරි අමුතු ළමයි දෙන්නෙක් බලා ගන්න..මේ යාලුවො දෙන්නගෙත් එයාලට බාර දෙන ළමයි දෙන්නගෙත් ජීවිත වෙනස් කරමින් කතාව ඉදිරියට ඇදෙනව..ඉතුරු ටික බලාගන්න නම් ඉතින් ෆිල්ම් එක බලන්නම ඕන..ලින්ක් එක පහල ඇති..බාලම බලන්නකො..කම්මැලි හිතෙන්නෙ නෑ

** The Day the Earth Stood Still (2008) **


මේ ෆිල්ම් එක නම් ගොඩක් කට්ටිය බලල ඇති..ඒ උනාට බලල නැති අයට ප්‍රයෝජනයක් වෙන්නත් ඒක්ක මම මේ ගැන ලියන්නෙ..මේක ගැන සරළ විස්තරයක් කියනව නම් මේක 1959 දී හදපු ෆිල්ම් එකක්..ඒත් මේක 2008 දීත් අයේ හැදුව මොකද මේක ඒ තරම් හොද නිර්මාණශීලී කතාවක් නිසා,ඔන්න එහෙනම් මම කතාවෙන් ටිකක් කියන්නම්...මෙහෙමයි..1928 දී ඉන්දියාවෙ සිටින විදෙශිකයෙකුට කදු මුදුනකදී ආගන්තුක දීප්තිමත් වස්තුවක් දක්නට ලැබෙනව..මේ පොර මේක අල්ලල බලනව...එතනින් ඒ සිද්දිය ඉවරයි...ඔයාලට පස්සෙ දකින්නට ලැබෙයි මේ සිද්දියත් කතාවෙත් තියන සම්බන්දතාවය..දැන් වර්ථමානය..ඇමරිකාවේ විද්‍යාඥවරියකට හදිසි කැදවීමක් ලැබෙනව විශේෂ වැඩකට,ඇය මේ කැදවන්නේ මොකටද කියා ඇයට වත් දැනගන්න ලැබෙන්නේ නෑ...මේ විද්‍යාඥවරියකට එතැනට ගිය පසු දක්නට ලැබෙනව තමන් මෙන්ම විද්‍යාඥ පිරිසක්..පසුව මොවුන් සියල්ලම දැනුවත් කරනව පෘතුවිය දෙසට පැමිණෙමින් ඇති ආගන්තුක වස්තුවක් ගැන...පසුව දැනගන්නට ලැබෙනව මේ පිටසක්වල යානයක් බව..මා මුලින්ම කී සිද්දිය හා මොවුන් අතර ඇති සම්බන්දතාවය කුමක්ද?ඔවුන් එන්නෙ කුමකටද?පෘතුවිය ආක්‍රමණය කරන්නද?නැත්නම් වෙනත් ගිවිසුමකටද?පෘතුවි වාසීන්ට ඔවුන් සමග ගනුදෙනු කිරීමට ශක්තියක් ඇත්ද?පැමිණ ඇත්තේ එක් යානාවක් පමණයි ද?මේ ආදී දහසක් ප්‍රශ්ණ විසදමින් මෙම චිත්‍රපටය අපූරුවට ගලා යයි..විද්‍යා ප්‍රබන්ධ ප්‍රිය කරන්නවුන් මෙන්ම වෙනස් අන්දමක චිත්‍රපටයක් රස විදීමට කැමති සියල්ලන්ම නැරඹිය යුතු චිත්‍රපටයකි...

Thursday, March 19, 2009

~ Pride and Glory (2008) ~



හ්ම්ම්ම්...කාලෙකට පස්සෙ තමයි ටිකක් විතර සංකීර්ණ කතාවක් බැලුවේ...අප්පා....කොහොම කියන්නද මේක ගැන..හ්ම්ම්ම්...බලමු ෆිල්ම් එක ගැන විස්තරයක් කියන්න...මෙහෙමයි..මේක පොලිස්සිය ගැන කතාවක් වගේම පවුලක කතාවක්,කතාව නම් කියන්න යන්නේ නෑ මම..ඒ උනාට පොඩි විස්තරයක් දෙන්නම්...පොලිසියක් තුල ඝාතන 4ක් සිද්ද වෙනව..මේ ගැන හොයන්න එක් නිලධාරියෙක්ට බාර වෙනව( අපිට නම් පෙන්නනව මුල ඉදලම කවුද මේ අපරාධකාරය කියල..,ඒ නිසා මේක අභිරහස් කතාවක් කියන්න නම් බෑ ) කොහොම උනත් මේ නිළධාරියා අපරාධකාරය අල්ලන එක තමයි ප්‍රධාන සිද්දිය..මේ කතාවෙ ප්‍රධාන චරිත සියල්ලම වගේ නෑකම් වලින් බැදිල තියන නිසා කතාව ඒ අතින් නම් සංකීර්ණයි,මොකද තීරණයක් ගන්නකොට නෑකම ගැනත් හිතන්න වෙනව මේ නිලධාරියාට...විශිෂ්ට ෆිල්ම් එකක් කියන්න නම් බෑ..ඒ උනාට බැලුවට කමක් නෑ කියල තමයි මට නම් හිතෙන්නෙ ( මට නම් චුට්ටක් කම්මැලි හිතුනත් එක්ක! ඇත්තටම මටත් හිතා ගන්න අමාරුයි එහෙම කියන එක හරිද කියල)..ඔයාලම කල්පනා කරල බලන්න..

Wednesday, March 18, 2009

~ The Pursuit Of Happyness (2006) ~


ඔන්න මට ආයෙත් මතක් උනා බලන්න වටින කතාවක්..ඒකයි මෙ ගැන ලියන්නෙ..ඔයාල මේක බලල නැත්නම් අදම බලන්න කියල තමයි කියන්න තියෙන්නෙ..මේකෙ රගපාන්නෙ විල් ස්මිත්...එතුමාගේ රංගන හැකියාව ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඕන නෑ නේ...කොහොම උනත් ෆිල්ම් එක ගැන කෙටි විස්තරයක් කරනව නම් මෙහෙමයි..මේක හරිම සංවේදී කතාවක් කියන්න පුලුවන්..ඇක්ශන් එහෙම නම් නෑ..ඒ උනාට මේ කතාව බැලුවම හිතට හරිම සතුටක් දැනෙනව ලස්සන කතාවක් බැලුව කියල..මේ ෆිල්ම් එකෙ කියවෙන්නෙ ජීවත් වෙන්න උත්සාහ කරන ආදරණීය තාත්ත කෙනෙක් ගැන,පොහොසතෙක් විදියට නෙවේයි,ජීවිතේ ගැටගහගන්න..කතාව සරළයි,හෑල්ලක් ලියන්න දෙයක් නෑ,ඔයිට වඩා කිව්වොත් ඒකෙ අගයක් නැති වෙනව..මගේ මතයට අනුව නම් අධ්‍යක්ෂ වරයා ගේ දක්ෂ කම හා විල් ගේ විශිෂ්ට රංගනය නිසා තමයි මේක මෙච්චර හැඩ වෙලා තියෙන්නෙ... කොහොම උනත් මම නම් කියන්නෙ මේක බලන්න,බලල තියනව නම් ආයෙ ආයෙ බලන්න..මොකද පිය සෙනෙහස හරිම ලස්සන විදියකට නිරූපණය වෙනව..

ප.ලි:
මේ ෆිල්ම් එක බලල වැඩක් නෑ කියල හිතෙනව නම් මෙතන කොටන්න..මොකද ගොඩක් දුරට ඔබේ ඒ අදහස වෙනස් කරන්න පුලුවන් මැජික් එකක් තියෙනව! :D

Tuesday, March 17, 2009

~Wall-E~


මේක නම් ගොඩක් අය බලල ඇති දැන් පරණ නිසා,ඒ උනාට කාටුන් නිසා බලපු නැති අයත් ඇති..ඒ නිසාම ලියන්න හිතුව මේ ගැන..Wall-E කියන්නෙ හරිම ලස්සන ෆිල්ම් එකක් කියන්න පුලුවන්..කාටුන් උනාට රසවින්දනය නම් අඩුවක් නෑ කියල මම සහතික වෙනව..කොහොම උනත් කතාව සරළව කියනව නම් මෙහෙමයි..Wall-E කියන්නේ ග්‍රහලෝකෙක කුණු අස් කරන්න හදපු රොබෝ කෙනෙක්...රොබෝ කෙනෙක් උනත් හොද හිතක් තියන කෙනෙක් කියන්න පුලුවන්.. දවසක් මෙයා තමන්ගේ රාජකාරිය කර කර ඉන්න අතරෙ අහස් යානාවකින් ඇවිත් රොබෝ ( ගෑණු ළමයෙක් ) මේ ග්‍රහලොවට ගෙනත් දානව..පසුව Wall-E මේ රොබෝ ගෑණු ලමයා සමග ආදරයෙන් බැදෙනව..මේ කතාවෙ ආරම්භය විතරයි,තව අභියෝග ගොඩකට මුහුණ දෙන්න මේ යුවලට සිද්ද වෙනව...ඇත්තටම හරිම ලස්සන කතාවක්..ඔයාලම බලල තීරණය කරන්නකො කොහොමද කියල..කාටුන් එකක් උනත් හරිම ලස්සනට හදල තියනව...කතාවත් ඒ වගේමයි,නිර්මාණශීලී බවෙන් අඩුවක් නෑ...


Saturday, March 14, 2009

Transporter 3 (2008)


ට්‍රාන්ස්පොටර් 1 හා 2 වගෙම මේකත් ඇක්ෂන් වලින් අඩුවක් නැති ෆිල්ම් එකක්..නමේ හැටියටම හිතාගන්න පුලුවන්නේ කතාව..බඩුවක් ප්‍රවාහනය කරන්න තමයි තියෙන්නෙ..මේ මම දෙවනියට ආස නලුව රගපාන ෆිල්ම් එක නිසා මම නම් මේ ෆිල්ම් එක ආසවෙන් බැලුව,ෆිල්ම් එකේ වරදක් නෑ ( කතාව නම් එච්චර විශෙෂ එකක් කියන්න අමාරුයි ) හ්ම්ම්..ඇක්ෂන් ෆිල්ම් බලන්න ආස අයට හොද ෆිල්ම් එකක් කියන්න පුලුවන්..ඒ උනාට වෙනස් තේමාවන් වල ෆිල්ම් බලන්න ආස අයට මේක අල්ලල යන එකක් නෑ..කොහොම උනත් සාමාන්‍යයයෙන් හොද ෆිල්ම් එකක් ,බලලම තීරණය කරන්නකො කොහොමද කියල..

බානව නම් මෙන්න ලින්ක් එක.. Transporter 3

Chandni Chowk To China (2008)


හ්ම්..මේ ෆිල්ම් එක ගැන නම් මගේ එච්චර පැහැදීමක් නෑ..මම දන්නෙ නෑ අනික් අයට මේක කොහොම්ද කියල..මට නම් මේක එච්චර අල්ලල ගියේ නෑ..මම මේකෙ කතාව කෙටියෙන් කියන්නම්කො..එතකොට ඔයාලට හොදයි කියල හිතුනොත් බලන්නකො..හ්ම්ම්ම්..මේකෙ ප්‍රධාන චරිතය රගපාන්නෙ අක්ෂය කුමාර්..අපි පොරට ඒ නමින්ම කතා කරමුකො..අක්ෂය ඉන්දියාවේ සාමන්‍යය ගැමියෙක්..පොර බරටම ශාස්තර වගේ ඒව විශ්වාස කරනව..ඔහු පසුගිය ආත්මයක චීනයේ වීරයෙක් විදියට ඉදල තියනව..මොහුව දැකල මේ ඒ වීරයා බව අදුරගන්නා චීන ජාතිකයන් පිරිසක් මොහුව චීනයට ගෙන්න ගන්නව එහි සිටින කෲර,සටන්කාමී ධනවතෙක්ගෙන් (පැහැදිලිව කිව්වොත් දුශ්ටයාගෙන්) එහි ගමක් බේරාගන්න..හැලහැප්පීම් ගොඩක් මැද කතාව ගෙවෙනව.කොහොම හරි පොර කුංෆු ඉගනගනගෙන අර දුශ්ටයා පරාද කරන එක තමයි කතාව..අනේ මන්ද..මේක බලන කොමඩි ෆිල්ම් එකක් හැටියට සාර්ථකයි කියල නම් මට කියන්න බෑ..මුලු කතාවම අසාමන්‍යයි..එච්චර හිනා යන්නේත් නෑ( මට විතරද කියල නම් මම දන්නේ නෑ )වෙන බලන්න කිසිම ෆිල්ම් එකක් නැත්නම් විතරක් මේක බලන්න කියල තමයි මම නිර්දේෂ කරන්නෙ... :D

Punisher-War Zone (2008)


අහ්..ඔන්න මට කාලෙකට පස්සෙ බනින්න වටින ෆිල්ම් එකක් හම්බුනා.මම මේ ගැන ලියන්නෙ නිකමට,ඔයාලගෙ කාලෙ නාස්ති උනොත් අපරාදෙනෙ..ඒකයි..හ්ම්ම්..මේක නම් වැඩකටම නැති ෆිල්ම් එකක්..පිස්සෙක් වගේ මීනිස්සු මරන පොරක් ගැන තමයි කතාවේ තියෙන්නෙ..කොහොම උනත් කම්මැලි වෙලාවක මම මේක බැලුව,අසාමාන්‍ය විදියට ලේ පෙන්නන මේ ෆිල්ම් එක බාන්න ගිහින් ඔයාලගෙ කාලෙ නාස්ති කරගන්නේපා කියන්නයි මේක ගැන ලිව්වේ..

Friday, March 13, 2009

Australia (2008)


මම මේ ෆිල්ම් එක බැලුවෙ අද,ඩවුන්ලෝඩ් කරල නම් ගොඩක් දවස් වෙනව..මට මේක ඩවුන්ලෝඩ් කරන්න හිතුනෙත් නෑ ටොරන්ට් වල තිබුනේ මේක ඩොකියුමට්‍රරි ෆිල්ම් එකක් කියල නිසා.ඒ උනාට අද මම මේක බලපු නිසා ඔයාලට කියන්නෙ පුලුවන් නම් මේක බලන්න..සරළම විදියට කියනව නම් පට්ට ෆිල්ම් එකක්.. මොකද මේ ෆිල්ම් එක වර්ගීකරණය කරන්නත් අමාරු එකක්..ආදර කතා,ක්‍රියාදාම කතා,පැරණි ඇදහිලි සම්බන්ධ කතා,ළමා කතා,ඓතිහාසික කතා යන හැම වර්ගයකටම මෙම චිත්‍රපටය ඇතුලත් කරන්න පුලුවන්..හරිම ලස්සන කතාවක් තියෙන්නෙ...මම ටිකක් හරි ඒ ගැන කිව්වොත් ඒකෙ අගය,රසය අඩුවෙයිද මන්ද,හ්ම්ම්...මම නම් කියන්නෙ පුලුවන් නම් ඩවුන්ලෝඩ් කරගෙන බලන්න..අපරාදෙ කියල හිතෙන එකක් නෑ කියල නම් මට සහතික වෙන්න පුලුවන්...

බානව නම් මෙන්න ලින්ක් එක..

Thursday, March 12, 2009

Seven Pounds [2008]


අහ්..මේක ගැන මට මුලදිම ලියන්න අමතක උනේ මොකද මන්ද...Seven Pounds කියන්නෙ හරිම සංවේදී චිත්‍රපටයක් කියන්න පුලුවන්..බෙන් තෝමස් නමි ප්‍රධාන චරිතය නිරූපණය කරන විල් ස්මිත්ගේ ප්‍රතිභාපූර්ණ රංගනයෙන් ඔප්නැංවුනු Seven Pounds චිත්‍රපටය බටහිර සිනමාවෙන් කලාතුරකින් බිහි වෙන තේමාවක් රෑගත් චිත්‍රපටයකි..මෙහි කතාව කෙටියෙන් මෙසේය..බෙන් චිත්‍රපටය මුල සිටම මානසික ආතතියකින් පෙලෙන චරිතයකි..තම බිරිදගේ මරණයට තමන් වගකිව යුතු යැයි සිතන ඔහු තම ශරීරයේ සියලු අවයව දන් දීමට තීරණය කරයි..ඒ සදහා රක්ෂණ නියෝජිතයෙක් මුවාවෙන් හොද ගතිගුණ ඇති පුද්ගලයන් සොයන බෙන් අවසානයේ හදවත් රෝගී කාන්තාවක් හා ආදරයෙන් වෙලේ..ඔහු තම හදවතත් ඇයට දන් දෙයිද?අවසානයේ ඔහුගේ ඉරණම කෙසේ විසදෙයිද දැනගැන්මට බලන්න Seven Pounds..මෙය අතිශය සංවේදී මාතෘකාවක් ඔස්සේ දිගහැරෙන අපූර්ව නිර්මාණයක් යනු මගේ මතයයි..

බානව නම් මෙන්න ලින්ක් එක..

* Changeling [2008] *


මේක නම් නමටම ඔබිනා කතාවක්..සුප්‍රකට නිළි ඇන්ජලීනා ජොලී මවක් ලෙස ප්‍රධාන චරිතය රගන මෙම චිත්‍රපටයේ කතාව කෙටියෙන් මෙසේය..තම රෑකියාව අවසන් කර ගෙදර පැමිණෙන මවකට තම දරුවා අතුරුදහන් වී ඇති බව පෙනේ..ඇය මේ පිළිබද පොලිසියට පැමිණිලි කරන අතර පොලිසිය විසින් මාස ගණනකට පසු දරුවා සොයා ඇයට බාර කරයි..නමුත් පුදුමයකි..මේ ඇයගේ දරුවා නොවේ..ඇය මේ බව දරුවාගෙන් අසන විට දරුවා පවසන්නේ මෙ තමාගේ මව බවය..මින් අධික ලෙස කැලඹෙන මව පොලිසියට මේ තම දරුවා නොවන බව පැවසුවත් ඒ බව ඔවුන් නොපිළිගනියි..මින්පසු අභියෝග රාශියක් මැද ජීවිතය ගෙවෙන අතර ඇයව මානසික රෝහලකට ඇතුලත් කිරීමද,ආගමික සංවිධාන,ජනමාධ්‍ය මේ සිද්දිය පසුපස හබා ඒමද,ළමුන් විශාල සංක්‍යාවකගේ මිණී සොයා ගැනීමද සිදුවන අතට මේ සියල්ල එකට අමුණමින් චිත්‍රපටය දිගහැරේ...ඇත්තටම පොලිසිය සොයා දුන්නේ ඇගේ දරුවාද?නැත්නම් මවට වැරදීමක් සිදුවී ඇත්ද?ඇයට වැරදීමක් සිදුවී නැත්නම් ඇගේ ළමයාට සිදුවුයේ කුමක්ද?ළමුන්ගේ මිණී සමග මෙහි ඇති සම්බන්දය කුමක්ද?බලන්න Changeling !ඔබ මවිත කරමින් සියල්ලටම උත්තර අපූරුවට සපයා ඇත..

බානව නම් මෙන්න ලින්ක් එක..

Defiance (2008)


මෙන්න බලනව නම් නියම ෆිල්ම් එකක්..ලෝක යුද්ද කාලයෙ සරණාගතයන් පිරිසක් දිවි රැකගන්නට දරන උත්සාහයක් මෙමගින් පෙන්වන අතර ඇත්තටම හදවතට කතා කරන චිත්‍රපටයක් ලෙස හැදින්විය හැක..අපූර්වත්වය වන්නේ මෙය සත්ය කතාවක් පසුබිම් කරගෙන නිපදවූවක් වීමයි..මිනිසුන්ගේ ජීවිතයට වටිනාකමක් නොලැබුන යුගයක අවතැන් වූවන් තම දිවි රැකගැන්මට දරන වෙහෙස මෙමගින් මනාලෙස නිරූපනය කෙරේ..කොමඩි,හොරර් ෆිල්ම් අල්ලනේ නැති අයට වගේම ෆිල්ම් එකක් බලා ඇත්තටම ජීවිතයට යමක් එකතුකරගැන්මට හැකි අයට ගැලපෙන නිර්මාණයකි..(මම බලපු හොදම ෆිල්ම් එකක් කියන්නත් පුලුවන්)ඉඩක් ලැබුනොත් බලන්න..ඇත්තටම එළ ෆිල්ම් එකක්!!

Wednesday, March 11, 2009

Billu Barbar (2009)


බිල්ලු බාබර් ඉන්දියාවේ ආන්දෝලනයට තුඩුදුන් චිත්‍රපටයක් ලෙස හැදින්විය හැක..බොලද ප්‍රේම කතා බහුලව බිහිවන ඉන්දියාවේ නිපද වු වෙනස් තේමාවක් රෑගත් චිත්‍රපටයකි බිල්ලු බාබර්! මෙහි කතාව කෙටියෙන් කියනවා නම්..බිල්ලු යනු ඉන්දියාවෙ පිටිසර ගමක බාබර් කෙනෙකි..ඔහු බොහෝ දුක් කම්කටොලු මැද දිවි ගෙවයි..මේ අතර චිත්‍රපටයක් රුපගත කිරීම සදහා ජනප්‍රිය චිත්‍රපට නලුවෙක් ගමට පැමිණේ..බිල්ලු නිකමට තම දරුවන්ට මේ නලුවා තම පැරණි මිතුරෙක් යැයි කියන අතර දරුවන් මාර්ගයෙන් මේ පුවත මුලු ගම පුරාම ප්‍රචාරය වේ..මෙතැන් සිට බිල්ලුගේ දෛයිවය වෙනස් වන අතර ගමේ හැමෝම බිල්ලුට හොදින් සැලකීමට පටන් ගනියි..මින් පසු බිල්ලුගෙ ජීවිතය කෙසේ වෙයිද?ඔහු ඇත්තටම මේ සිනමා තරුවගේ මිතුරෙක්ද?ඔහුගේ අනාගතය කෙසේ විසදෙයිද?මේ ආදී ප්‍රශ්ණ වලට පිළිතුරු සපයමින් බිල්ලු බාබර් චිත්‍රපටය දිගහැරේ..අවසානයේ නෙතට කදුලක් නංවන මේ චිත්‍රපටය හොද නිර්මාණයක් ලෙස හැදින්විය හැක..

Twilight (2008)


හ්ම්ම්..මෙක නම් තවත් වෙනස් කතාවක් කියල කියන්න පුලුවන්..මොකද මෙකෙ කියවෙන්නෙ වැම්පයරයෙක් හා ආදරයෙන් බැදුන ගැහැණු ළමයෙක් ගැන..මේ ගැහැණු ළමයා පාසල් යාම සදහා ගමකට පැමිනෙන අතර මෙම ගමේ පාසලේ වෙනස් ගති පැවතුම් ඇති තරුණයෙක් හා ආදරෙන් බැදේ..පසුව මෙම තරුණයා වැම්පයරයෙක් බව ඈ දැනගන්නා මුන් ඔවුන්ගේ ආදරය නවතින්නේ නැත..පසුව අනෙක් වැම්පයරයන්ගෙන් තරුණිය ආරක්ෂා කර ගැන්මට වැම්පයර් තරුණයා හා ඔහුගේ පවුලේ අය දරන උත්සාගයන් පිලිබදව මෙම කතාව ලියැවී ඇත..සාමන්යෙගෙන් වැම්පයරයන් සිටින කතා හොල්මන් කතා ඝනයට අයත් උනද මෙම චිත්‍රපටය ආදර කතාවක් ලෙස හැදින්විය හැක...

Tuesday, March 10, 2009

Outlander [2008]


මෙක විද්යා ප්‍රබන්ධයක් ලෙස හැදින්විය හැක..කතා පුවත කෙටියෙන් දක්වන්නේ නම් මෙසේය..පිටසක්වල සිට ජීවියෙක් පැමිනෙන අතර ඔහු එන්නේ තම ග්‍රහලොවේදී විශාල විනාශයක් කල සත්ත්වයෙක් දඩයම් කිරීමටය,එය ඔහුට කිරීමට හැකි වෙයිද?පෘතුවි වාසීන් ඔහුව කෙසේ පිළිගනීද?ඔහුට මෙලොව ජීවිතයට හැඩගැසිය හැකිවේද?අවසානය සුභදායක වේද?මේ ආදී ප්‍රශ්න වලට විසදුම් ලබාගැනීමට නම් මෙම චිත්‍රපට බලන්න..වෙනසක් සහිත එකක් ලෙස කෙටියෙන් හැදින්විය හැක..

Behind Enemy Lines Colombia[2009]


මේක නම් ක්‍රියාදාම චිත්‍රපටයක්..ඔත්තු බැලීමේ මෙහෙයුමකට යන දක්ශ හමුදා නිලධාරින් පිරිසකට කොලොම්බියාවෙදී මුහුණ දෙන්න වෙන ප්‍රශ්ණ රාශියක් ගැන තමයි මෙහි කියවෙන්නේ,අනික් චිත්‍රපට වගෙ නෙවෙයි මම මේකෙ කතාව වැඩිය කිව්වොත් ගතිය නැති වෙන්න පුලුවන්..ක්‍රියාදාම ෆිල්ම් වලට කැමති අය බලන්න..අනික් අයට නම් කම්මලි හිතෙන්නත් පුලුවන්..කොහොම උනත් හැම දේම රසවිදින්න පුලුවන් කෙනෙක්ට ආස හිතෙන ෆිල්ම් එකක් වෙන බවට සහතිකයි.. :)

Screamers The Hunting 2009


හ්ම්ම්...මෙක විද්යා ප‍්රබන්ධයක්..නමුත් වෙනස්ම විදියක කතාවක්..මේක හැමෝටම අල්ලල යන එකක් නම් නෑ මම හිතන්නෙ..කොහොම උනත් කතාව මේකයි..අගහ‍රු ලොවෙන් පෘතුවියට පණිවිඩයක් ලැබෙනව ස්ක්‍රීමර්ස් කියන යන්ත්‍ර වලින් අපිව බේරගන්න එන්න කියල..මෙතන ඉදල තමයි කතාව ඇත්තටම පටන් ගන්නෙ..පෘතුවියෙන් ටීම් එකක් යවනව අගහරු ලොවට,,එයාලට එහෙ ඉන්න මිනිස්සුන්ව බේරගන්න ලැබෙයිද?මේ ස්ක්‍රීමර්ස් කියන යන්ත්‍ර කොයි වගේද?මේ යන්ත්‍ර කොච්චට දුරට ප‍්රිණාමය වෙලාද?ඒවත් මිනිස්සුත් වෙන් ක‍්රල අදුරගන්න පුලුවන්ද? වගේ ප්‍රශ්ණ ගොඩකට පිළිතුරු ලබාගන්න පුලුවන් මේ චිත‍්රපටය බැලුවොත්...කෙටියෙන් කියනව නම් වෙනස් විදියක ෆිල්ම් එකක්..හැබයි විශේෂයකුත් නෑ..ඔබම බලල තීරණය ක‍රන්න :D

*Wild Hogs (2007)*


බලමු මේ ෆිල්ම් එක දිහා..මේක නම් කොමඩියක්..මම නම් ආසයි මේකට,මේකෙ කතාව කියනව නම් මෙ යාලුවො 4 දෙනෙක් ජීවිතේ ඒකාකාරී බවෙන් මිදෙන්න බයික් වලින් ගමනාන්තයක් නොදැන ඉබාගාතෙ යනව,ඒ ගමනෙදි මෙයාල මුහුණ දෙන රසවත් අත්දැකීම් තමයි ෆිල්ම් එකේ කතාව බවට පත් වෙලා තියෙනෙ..හ‍්රිම රසවත්,වෙනත් ගොන් කොමඩි වගේ නෙවෙයි හොදට හියාවෙන්න පුලුවන් එකක්..ඔයාලත් හොදයි කියල හිතෙනව නම් බලන්න...ඇත්තටම හිනා යන එකක්..

*මේක නම් අලුත් වැඩක් ළමයිනේ*

මම දැකල තියනව ඕන ත‍රම් ෆිල්ම් බාගන්න තැන් තියනව..ඒ උනාට කිසි තැනක් නෑ බාගන්න කලින් ඒ ෆිල්ම් එක බලන්න ත‍රම් වටින එකක්ද කියල දැනගන්න..ඉතින් අපිට හිටපු ගමන් චොර ෆිල්ම් බාගන්නත් වෙනව..ඒක තේරුමක් නෑ නේ..ඒ නිසා මම හිතුව මම බලන ෆිල්ම් වල තියන කතාව ඔයාලට කියන්න,මුලු කතාවම නෙවෙයි.ඔයාලට දල අදහසක් ගන්න ඇති වෙන ත‍රමට කියන්නම්..එතකොට ඔයාලත් ඒක හොදයි කියල හිතනව නම් බාගෙන බලන්න පුලුවන්නේ..පුලුවන් විදියට මම උදව් ක‍්රන්නම් ඔයාලට බාගන්න ලින්ක්ස් හොයාගන්නත්..(කාට හ‍්රි මම කියන ෆිල්ම් එකේ ඩවුන්ලෝඩ් ලින්ක්ස් ඕන නම් මට කියන්න..සෙට් වෙලා හොයාගමු)..එහෙනම් ඔන්න මම වැඩේ පටන් ගන්නව..
ජයවේවා!!