Thursday, March 26, 2009

~ ~ ~Raaz 2 (2009)~ ~ ~


ඔන්න හොල්මන් කතාවක් බැලුව කාලෙකින්..හිතාගන්න බෑ මොනව කියන්නද කියල..සාමන්‍යයෙන් හොද කතාවක් කියන්න පුලුවන්..ඒත් ගොඩක් කතා වල එකතුවක් බව නම් මට මුල ඉදලම පෙනුන..සාමන්‍යයෙන් ෆිල්ම් ගොඩක් බලන කෙනෙකුට එක තෙරෙයි..(හීරෝස්,ද රින්ග්,මිරර්ස් වගේ කතා වලින් කොටස් අරන් තියෙනව ) අහ් ප්‍රධාන දේ තමයි බය හිතෙනවද නැද්ද කියල..හ්ම්ම්ම්..ගොඩක්ම බය හිතෙන්නෙත් නෑ,ඒ උනාට නැත්තෙමත් නෑ.. :ඩී
දැන් මම කියන්නම්කො කතාවෙන් ටිකක්..පටන් ගන්නෙ මෙහෙමයි..එක් පුද්ගලයෙක් තවත් කෙනෙකුට කියනව ඔහු මැරෙන්න නියමිත බව..එහෙම කියන පුශ්ගලය එවලේම බෙල්ල කපාගෙන මැරෙනව..මෙතනින් තමයි කතාව පටන් ගන්නෙ..දැන් වෙන පැත්තක..එක්තරා මෝස්තට නිරූපණ ශිල්පිණියක් ඉන්නව,ඇයට දවසක් කඩයකදී දකින්නට ලැබෙනව එක්තරා පුද්ගලයෙක් තමා දිහා තදින්ම බලාගෙන ඉන්න බව..මේ බව ඇගේ පෙම්වතාට කීවත් ඔහු ගනන් ගන්නෙ නෑ..දියක් ඇයව හමු වී මෙම පුද්ගලයා පවසන්නෙ තමා චිත්‍ර ශිලිපියෙකු වන අතර ඇයගේ අනාගතය පිළිබද චිත්‍ර ඔහුට ඇදිය හැකි බවත්,ඒ අනුව ඇයට අනාගතයේදී ලොකු කරදරයකට මුහුණ දීමට සිදුවන බවත්ය..නමුත් මේ කිසිවක් පිළිනොගන්න ඇය නාන කාමරයේ ටබ් එකේ සිටියදී අත්භූත යමක් සිද්ද වෙනව..මෙතනින් පස්සෙ මේ හැමෝගෙම ජීවිත වෙනස් වෙනව..ෆිල්ම් එක බැලුවට පාඩු නම් නෑ..ඔයාලම බලල කියන්නකො කොහොම්ද කියල..හැබැයි මම මුලදි කිව්ව වගේ ඔයත් වැඩියෙන් ෆිල්ම් බලන කෙනෙක් නම් තේරෙයි මේක එහෙන් මෙහෙන් කෑලි අරන් හදපු ෆිල්ම් එකක් කියල..ඒ උනත් අන්තිමට මේ සිද්දි ඔක්කොම එකතු කරල තියෙන්නෙ ස්වාධීන විදියකට...

Wednesday, March 25, 2009

~ ~Bedtime Stories (2008)~ ~


ඔන්න මට කාලෙකට පස්සෙ හම්බුනා නයිට් ඇට් ද මියුසියම් හා ජුමන්ජි වගේ තවත් කතාවක්..මේක ළමා කතාවක් කියලත් කියන්න පුලුවන්..ඒ වගේම පුංචි ආදර කතාවකුත් මේකෙ තියනව..ඔන්න මම දැන් කතාව කියන්නයි යන්නෙ..දග කරන්නෙ නැතුව අහන් ඉන්න..හික් හික්..එක්තරා සුපිරි හෝටලයක වැඩ කරන පුද්ගලයෙකුට තම සහෝදරියගේ දරුවන් බලාගන්න වෙනව සතියකට...මේ දරුවන් නිදි කරන්න මොහු කථා කියනව..පස්සෙ ඔහුට දැනගන්න ලැබෙනව ඔහු කථා කියද්දි දරුවන් ඒ ගැන කියන දේවල්/දක්වන අදහස් සැබෑ වෙන බව..අමුතුයි නෙද?මම වැඩි විස්තර කියන්නේ නෑ..ඕක තමයි කථාවෙ තේමාව..මෙහෙම බලයක් ලැබුනම මොනවද කරන්න බැරි?නෙද?බලන්නකො කථාව..මල් 7 යි...

~ ~ Face/Off (1997) ~ ~


ලියනවද? නැද්ද?ගෙවුන විනාඩි ගණනාවක් තුලම මගෙ හිතේ තිබුන ප්‍රශ්ණෙ ඕක තමයි...ජයගත්තෙ මොකද්ද කියල තේරෙනවනෙ..මේ ෆිල්ම් එක දැන් ගොඩක් පරණ නිසා තමයි හිතේ මේ වගෙ ප්‍රශ්ණයක් මතු උනේ,පස්සෙ මතක් උනා "ඕල්ඩ් ඉස් ගෝල්ඩ්" කියල..දැන් බලමු ෆිල්ම් එක ගැන..මේක හොද කථාවක්..කොහොම උනත් මට නම් මේක එළම ෆිල්ම් එකක්,මොකද මම ආසම නළුවා රගපාන නිසා..ඔන්න මෙහෙමයි කතාව..එක්තරා ධනවත්,දක්ෂ,අපරාධකාරයෙක් දවසක් පොලිස් නිලධාරියෙකුට වෙඩි තියෙනව..නමුත් මේ වෙඩිල්ල පොලිස් නිලධාරියාගෙ සිරුර හරහා ගොස් ඔහු ළගින්ම සිටි ඔහුගේ පුතාව වැදෙනව..පොලිස් නිලධාරියාගෙ දිවි බේරුනත් ඔහුගේ පුතා මැරෙනව..දැන් මේ සිද්දිය වෙලා අවුරුදු 6ක් ගත වෙනව..මේ හොරා නගරයේ බෝම්බයක් අටවා ජෙට් යානයකින් පැන යන්න හදනකොට අර පොලිස් නිලධාරියාට මේ ගැන දැනගන්න ලැබෙනව..ලොකු සටනකින් පසු මේ හොරා අතඩංගුවට පත් වෙනව..නමුත් ඔහුට කෝමා තත්වයක් ඇති වෙනව..මේ නිසා බෝම්බය ඇති තැන සොයාගැන්මට මේ පොලිස් නිලධාරියා හොරාගේ මුහුණ තමන්ගේ මුහුණට දාගන්නව ප්ලාස්ටික් සැත්කමක් මගින්..මේ අතරතුර රෝහලේදි හොරාට සිහිය ලැබෙනව..තමන්ගේ මුහුණ අයින් කර ඇති බව දැනගන්නා ඔහු තම සගයින්ට කථා කර දොස්තර කෙනෙක් ගෙනවා අර පොලිස් නිලධාරියාගෙ මුහුණ තම මුහුණට බද්ද කරගන්නව.ඉන් පසු මේ මුහුණු වෙනස් කිරීම ගැන දැන සිටි සියල්ලන්ම මරණව...මෙතන ඉදන් තමයි කතාව ලස්සන..ඔයාලට හිතාගන්න පුලුවන් වෙයිද ඉදිරියෙදි මොනව වෙයිද කියල?අමාරුයි නෙද?එහෙනම් බලන්න Face/Off ..උත්තර ඒකෙ තියෙනව!!

Tuesday, March 24, 2009

~*~ City Of Ember [2008 ]~*~


මෙක නම් මම බලල ගොඩක් දවස් වෙනව..ඒ උනාට මට හිතෙනව විද්‍යා ප්‍රබන්ධයක් නිසා ගොඩක් අය බලන්න නැතුව ඇති කියල..ඒ හින්දම කියන්න හිතුන මේ ගැන..මේක ළමා කතාවක් කියලත් කියන්න පුලුවන්..මම මේ කථාව ගැන පොඩි විස්තරයක් කරන්නම්කො..ඔන්න මේ ෆිල්ම් එක පටන් ගන්නෙ මෙහෙම්යි..එක්තරා මහළු පුද්ගලයන් කට්ටියක් එක යකඩ පෙට්ටියක් අගුලු දානව තව අවුරුදු 200කින් ඇරෙන විදියට..එහෙම කරල මේ පෙට්ටිය ඒ නගරයෙ නගරාධිපතිට බාර දෙනව..මේ අත්භූත පෙට්ටිය නගරාධිපතිවරුන් අති පරම්පරාවෙන් පරම්පරාවට ආවත් එක යුගයක මේ පෙට්ටිය සොරකම් කෙරෙනව..මින් පස්සෙ පෙන්ව්න්නෙ අවුරුදු 200කට පසු සිදුවීම්...මේ වෙනකොට අර පෙට්ටිය තියෙන්නෙ ආච්චි කෙනෙකුත් ඇගෙ මිණිබිරියත් ජීවත් වෙන එක්තරා ගෙදරක,ඔවුන් මේ පෙට්ටියේ ඇති විශෙෂත්වයක් දකින්නේ නෑ...දැන් බලමුකො වටපිටාව,අවුරුදු 200ට පස්සෙ නේ..මේ නගරයට ආලෝකය ලැබෙන්නෙ සුවිශාල ජෙනරේටර් යන්ත්‍රයකින් ලැබෙන විදුලියෙන්..මෙහි වාසය කරන මිනිසුන් කිසි දිනක හිරු දැක නැහැ,සීමිත ඉඩකඩක තමයි ඔවුන් ජීවත් වෙන්නෙ..මේ පෘතුවියදැයි සැකයකුත් හිතෙනව අපිට..වටපිටාව ගැන දැන් ඇති..ආයෙත් යමු කථාවට..මෙහි වැසියන්ට තියෙන ලොකුම ප්‍රශ්ණය තමයි ජෙනරේටරෙ සමහර වෙලාවට වැඩ කරන්නෙ නැති එක..ඒ වගේම ජීවිතේ ඒකාකාරී බවෙන් හැමෝම හෙම්බත් වෙලා..මේ හැමෝගෙම ඉරණම් වෙනස් කරන්නෙ අර මුලින් කී පෙට්ටිය,ඒක් ඒකෙ තියෙන්නෙ මොනවද?ඒකෙ තියෙන දෙවල් වලින් ප්‍රයෝජන ගන්න මේ අයට පුලුවන් වෙයිද?කවදාවත් මේ අයට හිරු එළිය දකින්නට ලැබෙයිද?මේ අය මේ පෘතුවියේ කොහෙද ඉන්නෙ?ප්‍රශ්ණ ගොඩයි නේද?..බලන්නකො City Of Ember...ඒ හැම එකටම විසදුම් දෙන්නෙ අමුතු ආකාරයකට..

~Thick as Thieves (2009)~


මේක නම් මම දැන් බැලුවෙ...නියම ෆිල්ම් එකක්..මම කෙලින්ම කියන්නෙ මේක නම් කොහොම හරි බලන්න කියල..මොකද මේකෙ කථාව හරිම ලස්සනට වෙනස් වෙනව අපි නොහිතන විදියට..ඒ නිසා අමුතුම ගතියක් ලැබිල තියනව ෆිල්ම් එකට..ආහ්..මට දැන් දැනගන්න ලැබුන මේක 1998 දිත් හදපු කතාවක් කියල..ඒකෙන්ම තෙරෙනවනෙ මේක දෙවන පාරටත් හදන්න තරම් හොද කතාවක් කියල.....හ්ම්ම්ම්...මම කතාවෙන් ටිකක් කියන්නම්..ඒ උනාට මේ ටිකෙන් ෆිල්ම් එක ගැන නිගමනයකට එලඹෙන්න එපා..මොකද අන්තිම ටික සම්පූර්ණ වෙනස්..එක් සාමන්‍ය හොරෙකුට විශේෂ දක්ෂකම් තියෙන හොරෙකුගෙන් ගුරුහරුකම් ලැබෙනව හොරකම් කිරීම ගැන..මේ අතර අර සාමන්‍ය හොරා ආදරයෙන් බැදෙනව අනික් හොරාට ඥාති සම්බන්දකමක් ඇති තරුණියක් සමග....පස්සෙ මේ දෙන්න එකතු වෙලා කවුතුකාගාරයක් බිදිනව වෙන කෙනෙකුගේ ඇණවුමක් මත..වැඩේ ඉවරවෙන මොහොතේ සාමන්‍ය හොරා අමුතු කතාවක් හෙලි කරනව.ඔන්න මෙතන ඉදන් අපි බලාගෙන ආව කථාව වෙනස් වෙනව..දෙන්නට දෙන්නා රවට්ටගන්න එක තමඉ ඉදිරියට අපිට බලන්න වෙන්නෙ..මේක බොහොම දක්ෂ ලෙස සිනමාපටයට නගා තියනව..කොහොම උනත් මම නම් මේක හොද ෆිල්ම් එකක් කියල හදුන්වනව..ඔයාලත් බලලම තීරණය කරන්නකො මා එක්ක එකග වෙන්න පුලුවන්ද කියල...

Monday, March 23, 2009

~~ War wolves (2009) ~~


හ්ම්ම්..නමෙන් තේරෙනවනේ මොකක් ගැනද කතාව තියෙන්නෙ කියල..කතාව නම් නරකම නෑ...ඒ උනාට හිතුව තරම් නැගල යන්නෙත් නෑ මොකද චරිත ටිකකට සීමා වෙලා නිසා..කොහොම උනත් මම කතාවෙන් ටිකක් කියන්නම්කො ඔයාලට..බලනවද නැද්ද කියල ඔයාලම තීරණය කරන්න...හමුදා කණ්ඩායමක් එක්තරා මෙහෙයුමකට යනව..නමුත් අනපේක්ශිත විදියට මෙයාලට මුහුණ දෙන්න වෙන්නෙ අමුතුම මිනිසුන් කොටසකට..මෙතනින් පස්සෙ අපිට පෙන්නන්නෙ ඊට මාස 6කට පස්සෙ වෙන සිද්දියක්..මේ හමුදා කන්ඩායමේ හිටපු කට්ටිය වෙන වෙන තැන් වල වැඩ කරනව..මේ අතරතුර පෙන්නනව මෙයාල වුර්කයෝ බවට පරිවර්තනය වෙන හැටි...මෙතන ඉදල පෙන්වන්නෙ මේ වුර්ක මිනිසුන්ගේ ක්‍රියාවන්..මොවුන්ව නවත්වන්න කාටවත් හැකි වෙයිද?නගරයට ඔවුන්ගෙන් ඇති බලපෑම කුමක්ද?ඔවුන් ආහාර හොයාගන්නෙ කොහොමද?මිනිසුන්ට ඔවුන් සමග හැප්පෙන්න පුලුවන්ද කියල බලාගන්න ඔන නම් ඔයාලට බලන්න වෙනව War wolves...මේක හොරර් ෆිල්ම් එකක් නම් නෙවෙයි..ආදර කතාවක් වගෙම ක්‍රියාදාමයගෙන්ත් අඩුවක් නෑ..වෙනස් තේමවක් ගත් චිත්‍රපටයක් නිසා බැලුවට අපරාදෙ කියල හිතෙන එකක් නෑ..

**බාන්න ඕන නම් මෙතන කොටන්න**

~~ Eagle Eye 2008 ~~


හ්ම්ම්..මම හිතන විදියට මේක නම් බොහෝ දෙනෙක් බලල ඇති..ඒත් මේ ගැන ලියන එක ප්‍රයෝජනවත් වෙයි කියල හිතෙනව මට..හැබැයි මේකෙ I, Robot ෆිල්ම් එකට සමානකමකුත් දැක්ක මම නම්..ඇත්තටම කියනව නම් කතාවෙ මුල් ටිකේදි ප්‍රධාන චරිතය මුහුණ දෙන සිද්දිය මොකද්ද කියල අපිට වත් පැහැදිලි වෙන්නේ නෑ..කොහොම නමුත් ඒක පැහැදිලි වෙනකොට අපි කතාවට ඇලිල ඉවරයි..මෙන්න මෙහෙමයි මේ ෆිල්ම් එකේ මුල් ටික..ඇමරිකාවේ සාමන්‍ය කඩයක වැඩ කරන තරුණයෙකුට දුරකතන ඇමතුමක් ලැබෙනව තම නිවුන් සොහොයුරා මියොගොස් ඇති බව දන්වමින්...ඔහු සොයුරාගේ අවමගුලට ගොස් නැවත පැමිණ තම බැංකු ගිණුම පරීක්ෂා කරන විට දැනගන්න ලැබෙන්නෙ එහි අති විශාල මුදලක් ඇති බවයි..ඉන් නෝට්ටු කිහිපයකුත් ගෙන තම නවාතැන්පළට යන ඔහුට එහි අයිතිකාරිය පවසන්නේ ඔහුගේ නමට පාර්සල් විශාල ප්‍රමාණයක් අද ලැබී ඇති බවයි..ඔහු මේ පාර්සල් විවුර්ත කර බලන විට දක්නට ලැබෙන්නේ ලොව අති නවීනම ආයුධ තොගයකි..ඒක් සමගම ඔහුට ලැබෙන දුරකථන ඇමතුමකින් කියා සිටින්නේ තව තත්පර 20කින් ඔහු සොයා පොලිසිය පැමිණෙන බවති ඉක්මනින් පැනගන්නා ලෙසත්යි..නමුත් මේ අත්භූත ඇමතුම පිළිබද විශ්වාසයක් නොතබන මොහු ඒ මොහොතේම අත්තඩංගුවට පත් වේ..මේ අතරතුර වෙනත් මවකටත් තම දරුවාගේ දිවි ආරක්ෂා කරගැන්මට අවශ්‍ය නම් තමන් කියන අයුරින් කරයුතු කරන්න යැයි පවසමින් දුරකථන ඇමතුමක් ලැබේ..මේ දුරකථන ඇමතුම් ලබා දෙන තැනැත්තියට නගරයේ විදුලියෙන් වැඩ කරන සියලුම දේ පාළනයට හැකියාවක් ඇති බව පෙන්වයි..ඈ කවුද?මේ සාමාන්‍ය තරුණයාගෙන් හා අර මවගෙන් ඇයට ඇති ප්‍රයෝජනය කුමක්ද?මේ දෙදෙනාම තෝරාගත්තේ ඇයි?මේ ප්‍රශ්ණ වලට පිළිතුරු මෙන්ම මොවුන්ගේ ඉරණම කෙසේ විසදෙයිද යන්න දැන ගන්න ඕන නම් බලන්න Eagle Eye..ඔබ මවිත කරන අපූරු සිනමා සිත්තමකි..

Sunday, March 22, 2009

Taken (2008)


ඔන්න ආයෙත් සුපිරි ඇක්ශන් ෆිල්ම් එකක්..මේක නම් බලන්න කියල තමයි මම කෙලින්ම කියන්නෙ..මම කතාව කියන්නම් ෆිල්ම් එකේ රසය නැති නොවෙන විදියට..මේකෙ ප්‍රධාන චරිතය තනිකඩව ජීවත් වන විශ්‍රාම ගත් රහස් පරීක්ශකයෙක්,ඔහුගේ දුව විනෝද චාරිකාවක් යෑමට පිටත් වෙන අතර පසුව ඔහුට ඇය දුරකතනයෙන් කථා කර දන්වන්නෙ තාමා කරදරයක වැටී ඇති බවයි..ඇය සොයා ප්‍රංශයට යන අතර එහිදී ඇය සොයාගැන්මට ඔහු දරණ උත්සාහය මෙම කථාවෙන් පෙන්නනවා..ඇත්තටම මේ පියාට තමන්ගෙ දුව හොයාගන්න ලොකු වෙහෙසක් දරන්න සිද්ද වෙනව..ඒ වෙහෙස මේ චිත්‍රපටයේ අපූරුවට පෙන්වා තියෙනව..කතාව නම් මම තව කියන්නේ නෑ මොකද එතකොට මේකෙ අගය අඩු වෙයි කියල බයායි..කොහොම උනත් මට කියන්න තියෙන්නෙ මේක නම් ලස්සන ඇක්ෂන් ෆිල්ම් එකක් කියල තමයි..ඔයාල බලලම කියන්න මම හරිද කියල???

~~ Role Models (2008 )~~


හ්ම්ම්...මේ ෆිල්ම් එක ගැන විශේෂයක් නැති උනත් ඒක ගැන කියන එක හොදයි කියල මට හිතුනා,මොකද මේ ෆිල්ම් එක ටිකක් වෙනස් එකක්..මේක බාගෙට කොමඩියක් වගේ තමයි මට නම් හිතෙන්නෙ,කොහොම උනත් මම ආස පොරක් රගපානව මේකෙ..මම බොහොම කෙටියෙන් කියන්නම්කො කතාව ඔයාලට...මෙහෙමයි...යාලුවො දෙන්නෙක් ඉන්නව එකම තැන වැඩ කරන,එක යාලුවෙක් විනෝදයෙන් ඉන්න කෙනෙක්..අනිකා බොහොම බැරෑරුම්ව හිතන කෙනෙක්....මේ දෙන්න අතින් වැඩ කරන තැන වාහනයක් හැප්පෙනව දවසක්..මේ වරදට දඩුවමක් හැටියට එයාලට සමාජ සේවය කරන්න වෙනව ටික කාලෙකට..මෙන්න මෙතන තමයි වෙනස් කතාවකට මුල පුරන්නෙ..මෙයාලට යන්න වෙන්නෙ ටිකක් වෙනස් තැනකට..වැඩිහිටියන්ට තමන්ගෙ අත්දැකීම් පුංචි ළමයි එක්ක බෙදාගන්න හදපු ආයතනයකට තමයි යන්න වෙන්නෙ..මේ දෙන්නට බාර වෙන්නෙත් හරි අමුතු ළමයි දෙන්නෙක් බලා ගන්න..මේ යාලුවො දෙන්නගෙත් එයාලට බාර දෙන ළමයි දෙන්නගෙත් ජීවිත වෙනස් කරමින් කතාව ඉදිරියට ඇදෙනව..ඉතුරු ටික බලාගන්න නම් ඉතින් ෆිල්ම් එක බලන්නම ඕන..ලින්ක් එක පහල ඇති..බාලම බලන්නකො..කම්මැලි හිතෙන්නෙ නෑ

** The Day the Earth Stood Still (2008) **


මේ ෆිල්ම් එක නම් ගොඩක් කට්ටිය බලල ඇති..ඒ උනාට බලල නැති අයට ප්‍රයෝජනයක් වෙන්නත් ඒක්ක මම මේ ගැන ලියන්නෙ..මේක ගැන සරළ විස්තරයක් කියනව නම් මේක 1959 දී හදපු ෆිල්ම් එකක්..ඒත් මේක 2008 දීත් අයේ හැදුව මොකද මේක ඒ තරම් හොද නිර්මාණශීලී කතාවක් නිසා,ඔන්න එහෙනම් මම කතාවෙන් ටිකක් කියන්නම්...මෙහෙමයි..1928 දී ඉන්දියාවෙ සිටින විදෙශිකයෙකුට කදු මුදුනකදී ආගන්තුක දීප්තිමත් වස්තුවක් දක්නට ලැබෙනව..මේ පොර මේක අල්ලල බලනව...එතනින් ඒ සිද්දිය ඉවරයි...ඔයාලට පස්සෙ දකින්නට ලැබෙයි මේ සිද්දියත් කතාවෙත් තියන සම්බන්දතාවය..දැන් වර්ථමානය..ඇමරිකාවේ විද්‍යාඥවරියකට හදිසි කැදවීමක් ලැබෙනව විශේෂ වැඩකට,ඇය මේ කැදවන්නේ මොකටද කියා ඇයට වත් දැනගන්න ලැබෙන්නේ නෑ...මේ විද්‍යාඥවරියකට එතැනට ගිය පසු දක්නට ලැබෙනව තමන් මෙන්ම විද්‍යාඥ පිරිසක්..පසුව මොවුන් සියල්ලම දැනුවත් කරනව පෘතුවිය දෙසට පැමිණෙමින් ඇති ආගන්තුක වස්තුවක් ගැන...පසුව දැනගන්නට ලැබෙනව මේ පිටසක්වල යානයක් බව..මා මුලින්ම කී සිද්දිය හා මොවුන් අතර ඇති සම්බන්දතාවය කුමක්ද?ඔවුන් එන්නෙ කුමකටද?පෘතුවිය ආක්‍රමණය කරන්නද?නැත්නම් වෙනත් ගිවිසුමකටද?පෘතුවි වාසීන්ට ඔවුන් සමග ගනුදෙනු කිරීමට ශක්තියක් ඇත්ද?පැමිණ ඇත්තේ එක් යානාවක් පමණයි ද?මේ ආදී දහසක් ප්‍රශ්ණ විසදමින් මෙම චිත්‍රපටය අපූරුවට ගලා යයි..විද්‍යා ප්‍රබන්ධ ප්‍රිය කරන්නවුන් මෙන්ම වෙනස් අන්දමක චිත්‍රපටයක් රස විදීමට කැමති සියල්ලන්ම නැරඹිය යුතු චිත්‍රපටයකි...