Showing posts with label පට්ට. Show all posts
Showing posts with label පට්ට. Show all posts

Wednesday, April 29, 2009

Crash (2004/I) | ඔබ හිතනව ඔබව කවුරුන්දැයි කියා ඔබ දන්න බව..නැත..ඔබට ඒ ගැන අදහසක් වත් නැත.!


මේ කියන්න යන කතාව නම් බොහොම වෙනස් එකක්..ඇත්තටම හොද කතාවක්..නමුත් ක්‍රියාදාම චිත්‍රපට ප්‍රිය කරන්නන්ට නම් එච්චර අල්ලල යන්නෙ නැති වෙන්න පුලුවන්..මටත් මේකෙ මුල් ටිකේ නීරස ගතියක් දැනුනත් කතාව කොහොම එකක්ද කියල තේරුම් යද්දි නම් හරිම ආසාවෙන් බැලුව..මම කතාවෙ සාරාංශය කියන්නම්කො ඔයාලට..මෙහෙමයි..මේකෙ ප්‍රධාන චරිතයක් කියල එක පුද්ගලයෙක් කියන්න බෑ..කතාව ගොඩනැගිල තියෙන්නෙ එකිනෙකට වෙනස් ප්‍රශ්ණ සහිත පුද්ගලයන් පිරිසක් වටා..මේ කට්ටිය එකට සම්බන්ද වෙන්නෙ කතාවෙ අන්තිමට,කොහොම උනත් ඇමරිකාවෙ කලු ජාතිකයන් ගැන මේකෙන් බොහේ දුරට කතා වෙනව..එකිනෙකා ජීවිතය තේරුම් ගන්න හැටි,තමන්ගේ ජීවිත වෙනස් කරගන්න හැටි,පාඩම් ඉගනගන්නා හැටි තමයි මේ චිත්‍රපටයෙන් පෙන්වන්නෙ..ඇත්තටම සාමාන්‍ය සිත් වල ඇතිවෙන සිතුවිලි ඒ ලෙසම පෙන්වන්න ගත්ත උත්සාහයක් වගෙ..ලස්සන කතාවක්..වෙනස් විදියෙ දෙයක් හිතට දනවන කතාවක් බලන්න ආස නම් ලින්ක් එක පහල ඇති..බාගන්න!

මගේ විස්තරෙ කියවල මේ කතාව බලන්න ඕන නෑ කියල හිතුන නම් ඒ අදහස වෙනස් කරගන්න මෙන්න පුංචි තල්ලුවක්..ජනප්‍රිය නළු නිළියන් රැසකගේ සහභාගීත්වයෙන් හැඩ වුනු මේ චිත්‍රපටය ඔස්කාර් සම්මාන 3ක් දිනා ඇති අතර තවත් සම්මාන 68කට නිර්දේශ වී 21ක් දිනාගෙන තියෙනව..කතාව බැලුවොත් තේරෙයි ඇයි මේකට මෙච්චර සම්මාන ලැබිල තියෙන්නෙ කියල!

Monday, April 27, 2009

Wanted (2008) | උපරිමයි!


මේ චිත්‍රපටය නම් ගොඩක් අය බලල ඇති කියල හිතනව..ඒත් කියන්න තරම් වටින එකක් නිසා කියන්න හිතුන..සුපිරි නිලි ඇන්ජලීනා ජොලී රගපාන මෙම චිත්‍රපටය 2008 වර්ෂයේ ජනප්‍රියම ක්‍රියාදාම චිත්‍රපට අතුරින් එකක්..මේ විස්තරේ ඔක්කොම කියවන්න දෙයක් නෑ,ඔබ The metrix චිත්‍රපට මාලාව ප්‍රිය කරන්නෙක් නම් අනිවාර්යෙන් මේකටත් ආස වෙයි,ඒ චිත්‍රපටය වගේම මේකත් බොහොම සංකීර්ණයි..එක පාරින් තේරුම් ගන්න අමාරු වෙන්න පුලුවන්..කොහොම උනත් මම කතාව කියන්නම්..මේක ගති ඇති කියල හිතෙනව නම් බලන්න..එක්තරා දුර්වල ආත්ම ශක්තියක් සහිත තරුණයෙක් ඉන්නව..ඔහු තමයි මේ කතාවෙ ප්‍රධාන චරිතය..ඔහු කාර්‍යාලයේදිත්,ඉන් බැහැර ජීවිතයෙදිත් පරාජිතයෙක් වගෙයි ජීවත් වෙන්නෙ..දවසක් එක්තරා වෙලදසැලකදී කාන්තාවක් ඔහුට කියනව ඔහුගේ පියා අසවල් තැනදී මැරුණු බව,ඒ මොහොතෙම ඈ කියනව ඔහුගේ මිණීමරුව මෙතැන ඉන්නව කියල..එහෙම කියනකොටම එතැන සිටි පිරිමියෙක් ඔවුන් දෙදෙනාට වෙඩි තියනව..ඔන්න ඔහොමයි මේ පැටලිලි සහගත කතාව පටන් ගන්නෙ..මේක විද්‍යා ප්‍රබන්ධයක්,අසාමාන්‍ය බලයන් සහිත පුද්ගලයන් මේ ෆිල්ම් එකේදි අපිට හම්බෙනව..ඇත්තටම The metrix වගේමයි..නමුත් ඊට සම්පූර්ණයෙන්ම වෙනස්,අලුත්ම කතාවක්..ඔබත් හොද ක්‍රියාදාම චිත්‍රපට රසිකයෙක් නම් අනිවාර්‍යෙන් Wantedබලන්න..


මෙන්න මෙතනින් බාගමු!

Sunday, April 26, 2009

The Condemned (2007) | මරණය නියතයි !



ඔන්න ගෙනාව ක්‍රියාදාම වලින් අඩුවක් නැති කතාවක්..ඒ වර්ගයේ ගොඩක් ෆිල්ම් වලට වඩා වෙනස් මේක..ඔයාලට ඒක තේරෙයි ෆිල්ම් එක බැලුවොත්..මම නම් ආසාවෙන්ම බලපු ෆිල්ම් එකක්..මම කතාව කියන්නම්කො ටිකක්..එක්තරා පුද්ගලයෙක් විසින් ලෝකයේ බිහිසුණුම වාර්තා තියෙන සිරකරුවන්10ක් නිදහස් කරගන්නව ඉහළ නිලධාරින් පගාව දීම මගින්..මේ අය නිදහස් කරගන්නෙ විශේෂ,බිහිසුණු වැඩසටහනකට සහභාගී කරගැනීමට..මම මේ වැඩසටහන ගැනත් කියන්නම් ටිකක්..මේ 10දෙනාගෙ කකුල් වලට බෝම්බ සවි කරල මොවුන්ව ගුවන් මගින් එක් දූපතක වෙනස් වෙනස් පැති වලට ගෙනත් දානව,මේ බෝම්බ පැය 30ක් ඇතුලත ඉබේම පිපිරෙන්නයි නිර්මාණය කරල තියෙන්නෙ..මේ 10දෙනාගෙන් අර බෝම්බයෙන් නිදහස් වෙන්න ලැබෙන්නෙ එක්කෙනෙක්ට පමණයි..ඉතින් අනිවාර්‍යෙන්ම මේ 10දෙනා එකිනෙකාව මරාගන්නවනෙ..මේ මුලු දූපතේම කැමරා සවි කරල තියෙනව බොහොම රහසිගත විදියට ඒ මගින් සජීවීව අන්තර්ජාලය හරහා මොවුන් දූපතේදි එකිනෙකාව මරාගන්නා හැටි,ඔවුන්ගේ උපක්‍රම,ඔවුන්ගේ ක්‍රියාදාමයන් පෙන්නනව..මේ වැඩසටහන මිලියන ගනනක් පිරිස අන්තර්ජාලයෙන් නරඹනව,මෙයට තේරුනු එක් සිරකරුවෙක් වටා තමයි කතාව ගෙතිල තියෙන්නෙ,අන්තිමට ඔහු නිසා මෙහි නිශ්පාදකවරුන්ට නොසිතූ දෙයකට මුහුණ දෙන්න වෙනව..ඔන්න කතාවෙ ප්‍රධාන දේවල් ඔක්කොම කිව්ව මම..ක්‍රියාදාම චිත්‍රපටි ප්‍රිය කරන්නන් අනිවාර්‍යෙන් බලන්න...

Friday, April 24, 2009

The Simpsons Movie (2007) | හිනා වෙන්න ඕන නම් අනිවා බලන්න!



මේ මම ලියන යන්නෙ 2007 වසරෙදි මම බලපු හොදම කොමඩි මූවි එක ගැන..මේක නම් ඔයාලත් බලන්න ඕන අනිවාර්යෙන්..ගොඩක් අය දන්නව ඇති මේ The Simpsons කියන්නෙ කාටුන් එකක් කියල..මේ ඒ කාටූන් මාලාවේ චිත්‍රපටය..මම ඒ කාටුන් බලල නැති උනත් මේ ෆිල්ම් එක බැලුව..එක පාරක් නෙවෙයි කීප පාරක්ම..ඒ හැම මොහොතෙම බඩ පැලෙන්න හිනා ගියා..ඇත්තටම එල ෆිල්ම් එකක්..මම කතාව කියන්න කලින් මේකෙ එන චරිත ගැන කියන්නම් ටිකක්..Simpsons පවුලේ තාත්ත මිදි ගෙඩියක් තරම් වත් මොලයක් නැති කෙනෙක්..ඔහුගේ පුතාත් ඊට ටිකක් සමානයි..ඔහු බොහොම දඩබ්බර කෙනෙක්..සහෝදරියන් දෙදෙනාත් මවත් බුද්ධිමත්..මේ පවුලට වෙන කරදරයක් ගැන තමයි මේ කතාවෙන් කියන්නෙ..දැන් මම කියන්නම් කතාවෙන් ටිකක්..දිනක් පල්ලියෙදි Simpsons පවුලේ සීය අනාවැකියක් කියනව..නමුත් කාටවත් ඒක තේරෙන් නෑ.. මේ සිද්දියෙන් පස්සෙ මේ පවුලේ පියා සුරතලයට ඌරෙක් ඇති කරන්න ගන්නව..ඔහුගෙන් තමයි කරදර පටන් ගන්නෙ..ඌරගෙන් නම් කරදරයක් නෑ..නමුත් Simpsons ගේ මොළේ නැති කම තමයි ප්‍රශ්නෙ..මීට වඩා කතාව කියල ඒකෙ රසය අඩු කරන්නෙ නෑ මම..පුලුවන් නම් බලන්න...ඔයාල වෙන ඕනම ෆිල්ම් එකක් බැලුවට වඩා මේක බලල හිනා වෙයි කියල හිතෙනව..

Ps:ඔයා කාටුන් බලන්නෙ නැති කෙනෙක් වෙන්න පුලුවන්..ඒත් මේක බලන්න කියලයි මම නම් කියන්නෙ ඔයාලට..මොකද ඒ තරම් ගති ෆිල්ම් එක!

The Uninvited (2009)


හොද හොල්මන් ෆිල්ම් එකක්..American Psycho හා Fight Club චිත්‍රපට වලට ට චුට්ටක් සමානයි අන්තිම හරිය..කතාවෙ වරදක් නෑ..අන්තිමට අපිව පුදුමයට පත් කරනව...හ්ම්ම්ම්..බයවීම ගැන සලකා බැලුවොත් ඒ අතිනුත් චිත්‍රපටය හොදයි කියන්න පුලුවන්..ප්‍රසිද්ධ නිළියන් දෙදෙනෙක් හා නළුවෙක් රංගනයෙන් දායක වෙලා තියෙනව..මම කතාව ටිකක් කියන්නම්..තරුණ ගැහැණු ළමයෙක් එක් තැන් වු තමන්ගේ මවත් සමග ජීවත් වෙනව..දවසක් මේ මව ඉන්න තැන ගිනිගෙන විනාශ වෙනව..මවත් මේ සමග මිය යනව..එතැන් සිට ඇය අමුතු දේවල් දකින්නට ගන්නව..(ඔව් ඔව් බය හිතෙන දේවල් තමයි )ඊලගට මේ ළමය තම පියා එක්ක ජීවත් වෙන්න යනව..ඇයගේ මවගෙ මරණය සම්බන්ධ තොරතුරු රෑසක් එහිදි දැනගන්න ලැබෙනව..හ්ම්ම්ම්..මීට වඩා කියන්න අමාරුයි මට..මේ ටික නම් ගොඩක් කතා වල තියනව,මේ මුල් ටික විතරයි..එත් මෙතැන් සිට කතාව වෙනස්,හොල්මන් ෆිල්ම් බලන්න ආස කෙනෙක් නම් බලන්න මේක..එහෙනම් බය නැතුව බාගන්න,බලල බය වෙන්න..

Thursday, April 23, 2009

The Curious Case of Benjamin Button (2008) | අවරෝහණයි!


The Reader ගැන ලිව්වට පස්සෙ මේ තරම් අභියෝගයක් ලැබුනේ නෑ මට ගොඩක් කාලෙකින්..ඇත්තටම මේ චිත්‍රපටය ගැන ලියන එක හරිම අමාරු දෙයක්..අපේ ජීවිතර අවරෝහණ පිළිවෙලට උනොත් කොහොමද?නිකමට වත් හිතල තියෙනවද ඒ ගැන?හිතල බලන්නකො..එතකොට මේ චිත්‍රපටය බලන්න ආසාවක් ඇති වෙයි..අනිත් ලිපි වල වගේ මම මේකෙත් කතාව ටිකක් දුරට කියන්නම්..මෙන්න මෙහෙමයි කතාව..මරණාසන්න කාන්තාවක් රෝහලේදි තම දියණියට එක්තරා දින පොතක් දී කියනව එය තමන්ටත් ඇහෙන්න කියවන ලෙස..මේ දිනපොතේ ඇති කතාව තමයි මෙතැන් සිට අපිට බලන්න වෙන්නෙ..දැන් මම මේ කියන්නෙ එම දිනපොතේ කතාව..එක්තරා පවුලකට දරුවෙකු ලැබෙනව..දරු උපත නිසාම එම කාන්තාව මිය යන අතර දරුවාගෙ පියා මේ පිළිබද තරහින් මේ දරුවාව මහළු නිවාසෙක පඩිවෙලකින් තියල එනව..මේ සිගිත්ත අසාමාන්‍ය අන්දමට විරූපෙයි..ඒත් කරුණාවන්ත කාන්තාවක් වන මහළු නිවාසයෙ සාත්තු සේවිකක් විසින් මේ දරුව හදාවඩාගන්නව..මොහුට අවුරුදු 7ක් වන විට පෙනුම අවුරුදු 90ක පමණ මහල්ලෙකුගෙ වගෙයි..මොහු ජීවත් වෙන්නෙ මහලු නිවාසයක නිසා මර්ණය ඔහුට අලුත් දෙයක් නෙවෙයි..ඔහුගේ ජීවිතය ගෙවෙන්නෙ බොහොම වෙනස් විදියට..ඒ ගැන මම කියුඅන්නෙ නෑ, ඔයත් ජීවිතය,අනිත්‍ය,සතුට,ආදරය,වෙන්වීම, ආදි හැගීම් දැනෙන කෙනෙක් නම් අනිවාර්යෙන් බලන්නThe Curious Case of Benjamin Button ,ඔබට දැනෙන දේට නව අරුතක් එක් කරාවි මේ චිත්‍රපටය..

ඕපදූප:- මේ චිත්‍රපටය ඔස්කාර් සම්මාන 3ක් දිනා ඇති අතර තවත් සම්මාන 68කට නිර්දේශ වී 21ක් දිනාගෙන තියෙනව..සෙල්ලම් නෑ නෙද? :P ඒ වගෙම මේ ප්‍රධාන චරිතය රගපාන බ්‍රැඩ් පීට් ගේ රංගන කුසලතාව නිසා තවත් හැඩවෙලා තියෙනව මේ චිත්‍රපටය..

Wednesday, April 22, 2009

Meet Dave (2008) | බොලාට හිනා පළ!


ඔන්න ගෙනාව කොමඩියක්..නිකම්ම නිකම් එකක් නෙවෙයි..හොදට හිනා යන,ඒ වගේම බලන්න තරම් වටින කතාවකුත් තියෙන එකක්..මම මේ ෆිල්ම් එකේ කතාව කියන්නම් ටිකක් දුරට..ඒත් මේක බලනකොට තමයි හිනායන්නෙ..කොහොම උනත් මෙන්න මේකයි කතාව..ඇමරිකාවෙ එක් සාමාන්‍ය නිවසකට අහසින් කඩාගෙන වැටෙනව පුංචි ගල් කෑල්ලක් වගෙ දෙයක්..මේ ගෙදර ළමය මේක දැකල ඒක අරන් තියාගෙන ඉන්නව..දැන් මීට මාස තුනකට පස්සෙ මේ පෙදෙසටම කඩාගෙන වැටෙනව තවත් දෙයක්..ඒක නම් දැක්කම පුදුම හිතෙනව..මොකද මේ වේගෙන් කඩාගෙන වැටෙන්නෙ මිනිසෙක් (එහෙම වෙන්න බෑ වගේ හිතෙනවද?නෑ නෑ එහෙම වෙන්න පුලුවන්..බැලුවොත් තේරෙයි..)..මොහු පෘතුවියට ආගන්තුකයෙක්..පෘතුවියේ වෙන දෙවල්, සිරිත් විරිත් ඔහු දන්නෙ නෑ..ඉතින් මොහු පාරෙ යද්දි වාහනයකට හැප්පෙනව,වාහනයේ පදවන්නේ කාන්තවක්,ඇය වාහනයෙන් බැස එද්දිම මේ පුද්ගලය අතුරුදහන් වෙනව..මේ කතාවෙ මුල් ටික විතරයි..ඇත්තටම හොද කතාවක් වගෙම හොදට හිනා යන චිත්‍රපටයක් කියන්නත් පුලුවන්..කොහොම උනත් ටිකක් හිනා වෙන්න ඕන නම් බලන්න Meet Dave ..සංකීර්ණ ප්ලෑන් එකක් නෙවෙයි..

Apocalypto (2006) | දුවාපං...


ඔන්න තවත් සුපිරි චිත්‍රපටයක්..ඔයාල අනිවාර්යෙන් බලයි කියල හිතනව..මේක මීට අවුරුදු ගනනාවකට පෙර ගෝත්‍රික යුගයේ කතාවක්..මම කතාව ටිකක් විස්තර කරල පස්සෙ ෆිල්ම් එක ගැන මට හිතෙන දේ කියන්නම්..කතාව මෙහෙමයි..එක් ගෝත්‍රයක් බොහොම් සතුටින් ජීවත් වෙනව..ඔවුන්ට දඩයම් වලින්,ගැහැණුන්ගෙන් අඩුපාඩුවක් නෑ..දිනක් ඔවුන් දඩයමේ ගිය විට වෙනත් ගෝත්‍රයක් හම්බෙනව..එම ගෝත්‍රය වෙනත් කැලයකට අයිති එකක්..ඔවුන්ගේ ඉඩකඩම් තවත් ගෝත්‍රයක් විසින් පැහැරගත් නිසා ඔවුන් යනව අලුත් ආරම්භයක් සොයා..ඒ සිද්දිය එතනින් ඉවරයි..දැන් මේ කතාවෙ මම මුලින්ම කිව්ව (කතාවෙ ප්‍රධාන ) ගොත්‍රය රාත්‍රියේ නිදාගෙන සිටිනව..මේ අතරතුර ඔවුන්ව ආක්‍රමණය කරනව වෙනත් පිරිස විසින්..ඔවුන් බොහොම දරුණු පිරිසක්..ආක්‍රමණිකයන් විසින් ශක්තිමත් පිරිස විතරක් වහල්ලු ලෙස අරගෙන යනව..මේ පිරිසට අයත් වන තරුණයෙකුගේ කතාව තමයි මින් කියැවෙන්නෙ..ඇත්තටම හරිම ලස්සන කතාවක්..මිනිස් හැගීම් ප්‍රාථමික මට්ටමෙන්ම අපිට බලාගන්න පුලුවන්..කෙනෙක් මැරුණොත් ඔහු ගැන දුක් වෙමින් දින ගනනාවක් සිටින්නෙ නෑ,එ වගෙම ආදරය කරන කෙනෙක් වෙනුවෙන් කරන්න බැරි දෙයක් නෑ,වේදනාවන් ඔවුන්ගෙ එදිනෙදා ජීවිතයේම කොටසක්..ඇත්තටම අපිව වෙනස්ම කාලයකට ගෙනයන චිත්‍රපටයක් කියන්න පුලුවන්..

O.P.D.P:-මේක ඔස්කාර් සම්මාන 3කට නිර්දේශ වෙලා තිබෙනව,තවත් සම්මාන 13කට නිර්දේශ වී තිබෙන අතර 6ක් දිනා තිබෙනවා..

Tuesday, April 21, 2009

Rab Ne Bana Di Jodi (2008) | එළකිරි..!


මේ ෆිල්ම් එක ගැන ගොඩක් කල් ඉදන් ලියන්න ආසවෙ හිටියත් ඔයාලට දෙන්න හොද කොපියක් නැති නිසා ලිව්වෙ නෑ..ඔන්න අද ඒකට අවස්ථාව ලැබිල තියෙනව..මේක චුට්ටක් බොළදයි නමුත් බොහොම ලස්සන ෆිල්ම් එකක්..හ්ම්ම්ම්..මම කතාව කිව්වොත් අගයක් නැති වෙයිද මන්ද..කොහොම උනත් ටිකක් වෙනස් කතාවක් තියෙනව මේකෙ..ගොඩක් ෆිල්ම් අවසන් වෙන්නෙ ප්‍රධාන චරිත වල ජීවිත එකලාසයක් වීමෙන් (කසාද බැදීමෙන් ) නමුත් මේක ඒකෙ අනික් පැත්ත..පටන් ගන්නෙම දෙන්න කසාද බැදල..මෙහෙම කිව්වම ඉතින් හිතන්නෙපා එහෙනම් ෆිල්ම් එක කම්මැලි ඇති,මොකද විවාහ ජීවිතයනෙ පෙන්නන්නෙ කියල..මෙන්න මෙහෙමයි කතාව..මම කලින් කිව්ව වගෙ තරුණ යුවලක් කසාද බැදල ස්වාමිපුරුශයාගෙ ගෙදර එනව..මොවුන් මුණගැහිල තියෙන්නෙ මීට එක් දවසකට කලින්..ඉතින් දෙන්න අතරෙ ආදරයක් නෑ..මොවුන් අතර ආදරය ඇති වෙන එක තමයි කතාවෙ තේමාව..හ්ම්ම්..ඇත්තටම මෙහි ෂාරුක් ඛාන්ගේ රංගනය නිසා ඇසට කදුලක් නැගෙන අවස්ථා වගෙම බඩ පැලෙනකම් හිනා යන අවස්ථාත් තියෙනව..කොහොම උනත් ඔයාලට හොද රසවින්දනයක් ලබාගන්න පුලුවන් ෆිල්ම් එකක්,අනිවාර්යෙන් බලන්න..

O.P.D.P:-මෙක ෆිල්ම් ෆෙයාර් උළලේ සම්මානයක් ලබාගෙන තියෙනව ඒ වගෙම තවත් සම්මාන 5කට නිර්දේෂ වෙලත් තියෙනව..(මම මේ දීල තියෙන්නෙ කැමරා කොපියක් නෙවෙයි..)

Monday, April 20, 2009

The Sisterhood of the Traveling Pants 2 (2008)


මේ ෆිල්ම් එක ගැන මුලින්ම කියන්නෙ මේකෙ පළවෙනි කොටස බලන්න කියල තමයි..The Sisterhood of the Traveling Pants 2 චිත්‍රපට මාලාවෙ දෙවනි චිත්‍රපටය තමයි මේ..පළමු කොටසේ ආකෘතිය අනුවම තමයි මේකත් හදල තියෙන්නෙ..ඒ කියන්නෙ මේ කලිසමේ ගමනින් තමයි ගොඩක් සිද්දි එකට සම්බන්ධ කරල තියෙන්නෙ..කොහොම උනත් මට හිතෙනව කළින් එකට වඩා මේකෙ යුරෝපීය රටවල් වල තරුණ පරපුරේ ප්‍රශ්ණ සාකච්චා කර ඇති බව..නමුත් ගැඹුරට නෙවෙයි..මම මේකෙ කතාව කියන්න යන්නෙ නෑ..මේ ලින්ක් එකෙන් ගිහින් බලන්න මේකෙ පළමු කොටස ගැන මම ලිව්ව ලිපිය..කතාව හොදයි කියල හිතෙනව නම් ඒක බලල ඊලගට මේ ෆිල්ම් එක බලන්න..කතාව හොදයි..ඔයාල ඒක රසවිදියි කියල මම හිතනව... :)

Never Back Down (2008) | වලි බ‍රයි.!

මේ නම් කියන්න යන්නෙ එළම ෆිල්ම් එකක් ගැන..මම හිතනව මම වගේම ඔයාලත් මේක ආසාවෙන් බලයි කියල..මේකෙ සමහර තැන් තියෙනව අපිට නැවත නැවතත් බලන්න හිතෙන..ඒ තරම් ගති ෆිල්ම් එක! හ්ම්ම්ම්...කතාව ගැන නම් කියන්න තියෙන්නෙ මේක විශේෂ කතාවක් නෙවෙයි...මේ තේමාවෙන් ගොඩක් ෆිල්ම් තියෙනව..නමුත් මේ කතාවෙ සටන් වගේම හැගීම්ත් යොදාගෙන තියෙනව ෆිල්ම් එක ලස්සන කරන්න..දැන් මම කියන්නකො කතව..මෙහෙමයි..එක්තර හිතුවක්කාර තරුණයෙක් ඉන්නව..ඔහු යන යන තැන රණ්ඩු වලට පැටලැවෙනව..මේ නිසා ඔහුගේ මවට ඔහුත් රැගෙන නිතරම නිවාස ආරු කරන්න වෙනව...මේ රණ්ඩු නිසාම ඔවුන් එනව වෙනත් පෙදෙසකට,මෙහිදි මෙම තරුණයා ඇතුලත් වෙන පාසලේදිත් ඔහු රණ්ඩු වලට පැටලෙනව..මේ පාසලේ ඉන්නව අති දක්ශ සටන් කරුවෙක්..මොහුත් සමග සටනට ගෙහින් ඔහු හොදටම මට්ටු වෙනව දවසක්..මොහුගෙන් පලිගන්න හිතාගෙන මේ තරුණයා කරාටි ඉගනගැනීමට යනව පන්තියකට.මෙහි ගුරුවරය අප්‍රිකානුවෙක්..ඔහු නිසා මේ තරුණයාගෙ ජීවිතය අලුත් පණක් ලැබෙනව..මෙතැන් ඉදන් ඔහු වෙනස් වෙනව..මේ කතාවෙ බාගයක් විතරයි මම කිව්වෙ..මින් ඉදිරියට තමයි ලස්සන කොටස තියෙන්නෙ..මේක බලන්න කියල තමඉ මම නම් කියන්නෙ..ගති ෆිල්ම් එක!

Friday, April 17, 2009

The Sisterhood of the Traveling Pants (2005)


තවත් ලස්සන කතාවක්..තරුණ ගැහැණු ළමුන් 4 දෙනෙක්ගෙ නිවාඩු කාලයක් ගැන තමයි කතාව කියවෙන්නෙ..ඕන කෙනෙක්ට ආසාවෙන් බලන්න පුලුවන් ගිල්ම් එකක්...හ්ම්ම්..මම කියන්නම්කො කතාව පිලිවෙලින්..එකිනෙකට වෙනස් ගති පැවතුම් ඇති ගැහැණු ළමුන් 4 දෙනෙක් ඉන්නව..ඔවුන් පොඩි කාලෙ ඉදලම එකට හැදුන වැඩුන අය..මේ අය දවසක් කඩේකට යනව ඇදුමක් ගන්න..එහිදි මෙයාල එක කලිසමක් අරගෙන ඇදල බලනව..මේක සාමාන්‍ය කලිසමක් වෙන්න බෑ..මොකද දන්නවද?මේ හතරදෙනා එකිනෙකට වෙනස් ශරීර ප්‍රමාණයන්ගෙන් යුතු උනත් මේ කලිසම හතරදෙනාටම නූලටම ගැලපෙනව,මේක නිකම්ම කලිසමක් වෙන්න බෑ නෙ?ඔවුන් මේක වාසනාව ගෙනදෙන්නක් බව විශ්වාස කරනව..ඉතින් මෙයාල පොරොන්දුවක් වෙනව ඔවුන්ටම මේ කලිසම මාරුවෙන් මාරුවට අදින්න..එක්කෙනෙක් සතියක් ඇදල අනික් කෙනාට කලිසම දෙන්න ඕන..ඒත් එක්කම ලිපියක් යවන්නත් ඕන එයාලට උන සිදුවීම් ගැන කියල..කොහොම හරි නිවාඩුවට මේ හතර දෙනා වෙන් වෙලා යනව..මේ හතරදෙනත් ඔවුන් වටා සිදුවීම්ත් "කලිසමේ ගමනින්" සම්බන්ද කරල තියෙනව හරිම අපූරුවට..ගති ෆිල්ම් එක..

ප:ලි
මේකෙ දෙවනි කොටසත් ළගදි ආව..ඉක්මනට ඒකත් දෙන්නම්... :D

Thursday, April 16, 2009

The Wrestler (2008)


හ්ම්ම්ම්..මේ කියන්න යන්නෙ බොහොම තදින අපේ හිතට වදින කතාවක් ගැන..මේකෙ නම දැක්කම නම් හිතන්නෙ බොහොම දරුණු සටන් වලින්ම පිරුණු කතාවක් කියල..නමුත් මේක ඊට එහාට ගියපු කතාවක්..මම කතාව කියන්නම් දැන්..එතකොට ඔයාලට තේරෙයි..රෙස්ලිං ශූරයෙක් වටා තමයි මේ කතාව ගොඩනැගෙන්නෙ..මොහු අවුරුදු 20ක් තිස්සෙ ක්‍රීඩාවේ නි‍යැලෙන්නෙක්..දිනක් තරගයක් අතරතුර අණතුරකට මුහුණ දෙන මොහුට වෛද්‍යවරු නියම කරන්නෙ ක්‍රීඩාවෙන් ඉවත්ව විවේකීව සිටින ලෙසයි..මෙතැන් සිට තමයි කතාව වෙනස් මගක් ගන්නෙ..ක්‍රීඩාවෙන් එදාවේල හම්බකරගත් මොහුගේ ඉරණම සුඛිත මුදිත එකක් නෙවෙයි..මෙතැන් පටන් ඔහු ජීවත් වෙන්න කරන අරගලය හා ඔහු වටා පරිසරය ක්‍රියාත්මක වෙන අයුරු තමයි චිත්‍රපටයේ දැක්වෙන්නෙ..හරිම ලස්සන කතාවක්..පුලුවන් නම් බලන්න..ෂෝක් ෆිල්ම් එක!

The Wrestler ගැන තව දුරටත්:-
මේ Wrestling තරග හදන්නෙ කොහොමද කියල දැනගන්න ඕන කමක් තියෙන කට්ටියත් මේක බලන්න..ඒ වගේම වල මේක IMDB චිත්‍රපට පෙළගැස්ම අනුව ලොව හොදම ෆිල්ම් අතරෙන් 74 වෙනි ස්ථානයේ තමයි දැනට තියෙන්නෙ..

Wednesday, April 15, 2009

Fight Club (1999) | උප‍රිමයි.!!


මේක නම් හරිම පැටලිලි සහගත කතාවක්..හැබැයි එළම තමයි..බොහොම ජනප්‍රිය චිත්‍රපටයක්..අන්තිමේදී කතාව වෙනස් වෙන හැටි හිතාගන්නත් අමාරුයි..කොහොම උනත් මම කතාවෙ මුල් ටික කියන්නම්..හැබැයි මම සහතික වෙනව ඔයාල හිතනවට වඩා අන්තිම ටික බොහොම වෙනස් කියල..මෙන්න මෙහෙමයි කතාව..එක්තරා පුද්ගලයෙක් ඉන්නව ගොඩක් අසහනයෙන් ජීවත් වෙන..ඔහුට හරිහැටි නින්ද යන්නෙ වත් නෑ..මොහු මේ අසහනයෙන් මිදෙන්න විවිධ වැඩසටහන් වලට සහභාගී වෙනව..නමුත් එකක් වත් හරියන්නෙ නෑ..මොහු දිනක් ගුවන් ගමනකින් පසු තම නවාතැනට පැමිණිවිට දක්නට ලැබෙන්නේ එය සම්පුර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇති බවයි..දැන් මොහුට යන්න තැනකුත් නෑ..ඒ නිසා ඔහු කතා කරනව මේ ගුවන් ගමනේදී හමුවු මිතුරෙකුට,ඔහු අමුතුම තැනැත්තෙක්..ජීවිතය විදින්නෙක්,සමහර වෙලාවට විදවන්නෙක්..මොවුන් දෙදෙනා එකතුවී කරන දේවල් දැක්කම අපිට නම් තරහත් යනව..හරිම අත්භූත සිද්දි වෙන්නෙ මින් පස්සෙ,ගෙවෙන හැම මොහොතකම අපේ හිතේ කුතුහලයක් ඇති කරන්න මේ චිත්‍රපටයට හැකි වෙලා තියෙනව..ඇත්තටම මාර ගති කතාවක්..මේකත් අනිවාර්‍යෙන් බලන්න කියල තමයි මම කියන්නෙ..

ෆිල්ම් එක ගැන ඕප දූප:-
ඔස්කාර් සම්මානයටත් නිර්දේෂ වූ චිත්‍රපටයක්..මෙහි ප්‍රධාන චරිතයන් දෙක රගපාන්නෙ බ්‍රැඩ් පීට් හා එඩ්වඩ් නොර්ටන්..එමෙන්ම මේ චිත්‍රපටය IMDB චිත්‍රපට පෙළගැස්ම අනුව ලොව හොදම ෆිල්ම් අතරෙන් 21ක් වන ස්ථානයෙයි තියෙන්නෙ..බලනව නම් මෙන්න බඩු!

Monday, April 13, 2009

13B (2009) |බය වේවා!


මම නම් හොදටම බයවෙලා මේ පෝස්ට් එක ලියන්නෙ..Raaz 2 බැලුවට පස්සෙ අදයි හොල්මන් ෆිල්ම් එකක් බැලුවෙ..හ්ම්ම්ම්...හොල්මන් ෆිල්ම් වල ප්‍රදානම දේ බය වෙනවද නැද්ද කියන එකනෙ..මේක නම් බය හිතෙනව Raaz 2 වලට වඩා..හැබැයි මම කතාව කිව්වොත් ඔයාලට බය හිතෙන්නෙ නැති වෙන්න පුලුවන්..ඒත් මම පොඩ්ඩක් කියන්නම්..මෙහෙමයි..8 දෙනෙක් විතර ඉන්න පවුලක් ෆැලැට් එකක පදිංචියට යනව..නමුත් මේ කතාවෙ ප්‍රධානිය වන තරුණයට නම් මේ අලුත් ගෙදරදි අමුතුම අත්දැකීම් වලට තමයි මුහිණ දෙන්න වෙන්නෙ,අයියෝ මට මීට වඩා කියන්න ලැබෙන්නෙ නෑ ඔයාලට..කතාව හොදයි..වෙන ඒවයින් කෑලි අරන් තියෙනව අඩුයි..මේක අලුත් කතාවක් උනත් හොද රිප් එකක් තියෙනව..ඒක නිසා බාලම බලන්නකො..රෑට බලන්න..එහෙනම් කට්ටියම බය වේවා කියල ප්‍රාර්ථනා කරනව..ලින්ක් එක පහළ ඇති..

Sydney White (2007)


මේ කියන්න යන්නෙ කොලේජ්/ටීන් මූවිස් වලට ප්‍රිය කරන අයට හොද ෆිල්ම් එකක් ගැන..හැබැයි ඕන කෙනෙකුට රස විදින්න පුලුවන් මේක..මේක බොහෝ පොදු කතාවක්,නමුත් ලස්සනයි..මම කතාව කිව්වම ඔයාල තීරණය කරන්නකො බලනවද නැත්ද කියල..මෙහෙමයි කතාව..අපේ මේ කතාවෙ නායිකාව සිඩිනි වයිට්..ඇයගේ අම්මා ජීවතුන් අතර නෑ..තාත්තා කාර්මිකයෙක්..ඉතින් සිඩ්නි බොහෝ විට පිරිමින් ඇසුරේ තමයි ඇතිදැඩි වෙන්නෙ..කොහොම හරි ඇයට යන්නට ලැබෙනව ඇගේ අම්ම ගියපු කොලීජියටම..මේ කොලීජියෙ ප්‍රදාන නිවාසෙක නායිකාවක් තමයි පාසලේ ජනප්‍රියම කෙනා..ඇයත් සිඩ්නිත් මැදිකරගෙන තමයි කතාව ගෙතිල තියෙන්නෙ..කොලීජියෙදි සිඩිනිට කරදර ගොඩකට තමයි මුහුණ දෙන්න වෙන්නෙ..ඒ ඇය පිරිමින් ඇසුරේ හැදී ඔවුන්ගේ රළු ගති පැවතුම් එහෙම තියෙන නිසා..හරිම රසවත් ඒ හැම සිද්දියක්ම..ඔයාල බලන්නකො කතාව,හරිම ලස්සනයි..මගෙ අදහස අනුව නම් තරුණ අයට තමයි මේක වඩාත්ම ගැලපෙන්නෙ..

Sunday, April 12, 2009

The Girl Next Door [2004]


මේ කියන්න යන්නෙ රසවත් චිත්‍රපටයක් ගැන...නමුත් වැඩිහිටියන්ට පමණක් සීමා වූවක්,බාගෙට කොමඩියක් කියන්නත් පුලුවන්...හ්ම්ම්..වැඩි විස්තර නොකිය මම කතාව කියන්නම්..හ්ම්ම්..එක් පාසල් සිසුවෙක් වටා තමයි මේ කතාව ගෙතිල තියෙන්නෙ..ඔහු අනික් සිසුන් වගෙ විනෝද වෙවී කාලය ගත කරන කෙනෙක් නෙවෙයි..අධ්‍යාපනයටම බර වූවෙක්..කොහොම නමුත් දවසක් මේ සිසුවාගෙ අල්ලපු ගෙදර පදිංචියට එනව තරුණ ගැහැණු ළමයෙක්,මේ සිසුවාගෙ සිතෙ ඇය ගැන ආදරයක් ඇති වෙනව..මේ දෙන්න එකට කාලය ගත කරනව,එකට ගමන්බිමන් යනව,සතුටින් ඉන්නව ටික දවසක්..ඒත් එක් දවසක් යාලුවන්ගෙ මාර්ගයෙන් මේ තරුණයාට දැනගන්න ලැබෙනව මේ තරුණිය නිල් චිත්‍රපට වල රගපාන තැනැත්තියක් බව..මෙතැන් සිට හැම දේම වෙනස් වෙනව..තරුණිය මොහුව මග අරිනව..නමුත් ඔහුගේ ආදරය අවංකයි...ඒ නිසා තරුණයට කරදර ගොඩකට තමයි මුහුණ දෙන්න වෙන්නෙ..ඒ මොනවද කියල බලන්න ඕන නම් ඔයාලට බලන්න වෙනව The Girl Next Door, මේක ආව දවස් වල ගොඩක් ජනප්‍රිය වුනා..ඔයාල තාම බලල නැත්නම් බලන්න..ගති ෆිල්ම් එක..

බානව නම් මෙතන කොටන්න!
18+ අයට විතරයි..
(සීඩිස් වැඩිය නෑ ෆිල්ම් එක ටිකක් පරණ නිසා...)

Friday, April 10, 2009

Camp Rock (2008)


හ්ම්ම්ම්..මේ කියන්න යන්නෙ තරුණ පිරිස අතර ගොඩක් ජනප්‍රිය වුනු ෆිල්ම් එකක් ගැන..තරුණ අයට විතරක් නෙවේයි ඕන කෙනෙක්ට බලල රසවිදින්න පුලුවන් ලස්සන කතාවක්...හ්ම්ම්ම්..මම කතාව ටිකක් කියන්න මේකෙ රසය නැති නොවෙන විදියට..මෙහෙමයි..එක් ගැහැණු ළමයෙක් ඉන්නව ගායනයට දක්ෂ..ඈය සහභාගී වෙනව Camp Rock නම් වැඩමුළුවකට,ඇයගේ අම්මා සූපවේදිනියක් වන අතර ඇයත් මේ වැඩමුළුවේ කෑම පිසීමේ වැඩ වලට එනව..ඒ වගෙම මෙම වැඩමුළුවට තවත් තරුණ දක්ෂ ගායෙකයෙක්..ඔහු තරමක් හිතුවක්කාර චරිතයක්..මොහුත් මෙම තරුණියත් අතර තමයි කතාව ගෙතිල තියෙන්නෙ..කතව මීට වඩා කිව්වොත් ඒකෙ අගය අඩු වෙයි කියලයි මට නම් හිතෙන්නෙ..කොහොම උනත් මේක ලස්සන ෆිල්ම් එකක්..High school musical චිත්‍රපටයට සමානකම් තියනව නමුත් මම නම් මේක ආසාවෙන් බැලුව..මම හිතනව ඔයාලත් ආසාවෙන් බලයි කියල..කතාවෙ විශේෂත්වයක් නැති උනත් බොහොම විශේෂ සිංදු ටිකක් තියෙනව..මේකේ තේමා ගීතය බොහොම ජනප්‍රිය උනා..ආකර්ෂණය,මානය,පාසල් ළමුන්ගේ නිදහස් සරළ පැවැත්ම හා සංගීතය එක් කළ කතාවක්..බැලුවට පාඩු නෑ... :D

Thursday, April 9, 2009

The Reader (2008) |අනිවාර්‍යෙන් බලන්න


හ්ම්ම්ම්...හිතාගන්න බෑ කොහොම පටන් ගන්නද කියල...මෙච්චර ලොකු අභියෝගයක් බාර ගන්නත් අමාරුයි කියල හිතුන මට මුලින්ම..ළගදි ආව ෆිල්ම් වලින් මම දැනට බලපු හොදම ෆිල්ම් එක මොකද්ද කියල කවුරුවත් අහුවොත් මම කෙලින්ම කියන්නෙ මේ ෆිල්ම් එකේ නම..ඒ මා ගැන නෙ..දැන් බලමු ෆිල්ම් එක ගැන..ඔයාලට ෆිල්ම් එකක් එක්ක පැය දෙකක් ජීවත් වෙන්න ඕන නම් බලන්න මේ ෆිල්ම් එක..හරීම ලස්සන කතාවක්..අධ්‍යක්ෂනයත් ඉතාම ඉහළයි..මම පිලිවෙලින් කතාව කියන්න යන්නේ නෑ..නමුත් මොන වගේ කතාවක්ද තියෙන්නෙ කියල කියන්නම්..හ්ම්ම්...කතාවෙ කිසිම තැනක අභිරහසක් නෑ,සටන් නෑ...ජීවිත දෙකක් දෙතැනක ගෙවෙන විදිය තමයි තියෙන්නෙ..අවුරුදු 16ක පිරිමි ළමයෙක් ඉන්නව,ඔහුට බොහොම දුර්වල පෞර්ෂත්වයක් තමයි තියෙන්නෙ..ඔහු ආදරයෙන් බැදෙනව වැඩිමහළු කාන්තාවක් සමග..ඇය දුම්රියක ටිකට් පරීක්ෂා කරන තැනැත්තියක්.මේ සම්බන්දකම මුළින් කාම සේවනයට පමණක් සීමා වෙලා තිබුනත් පසුව ආදරයකට පෙරළෙනව,මින් පසු මේ තරුණයාගෙ ජීවිතය සම්පූර්ණයෙන් වෙනස් වෙනව..මෙතැන් සිට තමයි නියම අයුරින් කතාව පටන් ගන්නෙ..( මම මේ කිව්වෙ කතාවෙන් පුංචිම පුංචි කොටසක් විතරයි )හ්ම්ම්..මේ චිත්‍රපටයේ තවත් විශේෂ ලක්ෂණයක් තමයි රාගී සිතිවිළි ඇවිස්සෙන්නේ නැති විදියට නිරුවත් දර්ශණ යොදාගෙන තිබීම..බාල පන්තියෙ කාම චිත්‍රපටයකින් ලැබෙන හැගීම ලබාගන්න හිතාගෙන නම් මේ චිත්‍රපටය ඩවුන්ලෝඩ් කරන්න එපා..ඒක මේ චිත්‍රපටයට කරන අපහාසයක් බවයි මගේ හැගීම..මෙහි කේට් ගේ රංගනයත් ඉතාම ඉහළයි....ආදරය,සතුට,හැගීම් අතර අරගලයක් මගින් ජීවිතයේ බැදීම් විස්තර කරන අපූරු නිර්මාණයක් ලෙසයි මම මේ ෆිල්ම් එක දකින්නෙ..අවුරුද්දට ලැබෙන නිවාඩුවෙන් ප්‍රයෝජනයක් ගන්න හිතනව නම් බලන්න The Reader,කාලෙකින් බලපු ලස්සනම ෆිල්ම් එකක් නේද කියල හිතෙයි..

මෙන්න ලින්ක් එක

Saturday, April 4, 2009

Next (2007)


හ්ම්ම්ම්..මේක වෙනස්ම තාලෙ ෆිල්ම් එකක්..ඔයාලට ඉදිරි විනාඩි දෙකේදී සිද්ද වෙන දේවල් වෙන්නත් කළින් දැකබලාගන්න පුලුවන් බලයක් තියෙනව නම් කොහොම්ද?එළ නෙ?මේ කතාවෙ කතා නායකයට එහෙම බලයක් තියෙනව..ඒ නිසා තමයි මේක විශේෂ කතාවක් වෙන්නෙ..මෙන්න මෙහෙමයි කතාව..මෙහි ප්‍රදාන චරිතය රගපාන්නෙ නිකලස් කේජ්..ඔහු මැජික් ශිල්පීක් හැටියට සංදර්ශන පවත්වමින් ජීවත් වෙනව..දවසක් රහස් පරීක්ෂකවරු කණ්ඩායමක් මොහුව හොයාගෙන එනව..ඒ පිරිසෙන් එක්කෙනෙක් විශ්වාස කරනව මොහුට විශේෂ බලයක් ඇති බව..ඒ අනුව ඔවුන් මොහුව ලුහුබදිනව..නමුත් මේ මැජික් ශිල්පියා පලායන්නෙ පුදුම හිතෙන විදියට..(මොකද මොහුට පොලිස් නිලධාරින් ඉදිරියට ගන්න ක්‍රියාමාර්ග පේනවනෙ)කොහොම උනත් පසුව ඔහුව හොයාගන්න ලොකු මෙහෙයුමක් ක්‍රියාත්මක කරනව..ඔහුව මේ තරම් පොලිසියට ඕන කරල තියෙන්නෙ ඇයි?පොලිසියෙන් එන බව දුටු විට ඔහු පලා ගියේ ඇයි?අන්තිමේදි ඔහුගේ ඉරණම කොහොම විසදෙයිද?ඔයාලට එහෙම බලයක් නැති නිසා ෆිල්ම් එක බලන්නම වෙනව මේ ප්‍රශ්ණ වලට උත්තර මොනවද කියල දැනගන්න..ලින්ක් එක පහළ ඇති...