Showing posts with label ඇක්ෂන්. Show all posts
Showing posts with label ඇක්ෂන්. Show all posts

Tuesday, April 28, 2009

Superhero Movie (2008)


හ්ම්ම්..ස්පයිඩර් මෑන් චිත්‍රපටය බලල තියෙනවද?එහෙනම් ඉතින් මේකත් බලන්න ..ඒක් ෆිල්ම් එක වැරදි අඩුපාඩු හොයාගෙන,කතාවත් ටිකක් වෙනස් කරල, හොදට හදල තියෙනවා කොහොම උනත් හිනා යනව හොදට..මම කතාව ටිකක් කියන්නම්..මේ විස්තරේ අනුව තීරණය කරන්නකො බලනවද නැද්ද කියල..එක්තරා තරුණයෙක් ඉන්නව තම නෑදෑයන් දෙපලක් යටතේ ඇති දැඩි වුන..දිනක් පාසලෙන් මොහු ඇතුලු පිරිස එක්කගෙන යනව විද්‍යා ප්‍රදර්ශනයක් බලන්න..මේ ප්‍රදර්ශනයේදි තරුණයාගෙ ගොන් වැඩ හින්දා කූරෙක් (බත් කූරෙක්) ඔහුට දෂ්ට කරනව,එදින රාත්‍රියේදි ඔහුව තදබල ලෙස අසනීප වෙනව..මෙතැන් සිට තමයි තරුණයීගෙ ජීවිතය වෙනස් මගක් ගන්නෙ..ඔහුගෙ යාලුව,සීයා ආදීන් සියල්ලම අමුතු චරිත..ඔවුන්ගේ වැඩත් අමුතුයි..ඒ වගෙම මේ චිත්‍රපටයේදි අපිට තවත් ෆිල්ම් ගොඩක සුපිරි වීරයන් හම්බෙනව..කොහොම උනත් මේ සුපිරි වීරයා නගරය බේරගන්න හැටි බලන්න ඕන නම් බාගන්න මේ ෆිල්ම් එක..

ප.ලි..මේ කතාවෙ ප්‍රදාන චරිතය රගපානෙ බොහොම ජනප්‍රිය ටීවී සීරීස් එකක් වනDrake and Josh කතා මාලාවෙ ප්‍රධාන චරිතය රගපාන Drake Bell විසිනුයි..මගෙ අදහස අනුව මේක ගොඩක් අයට අල්ලල යන එකක් නෑ..විස්තරේ කියවල මේක රසවත් ඇති කියල හිතෙනව නම් බලන්න.. :D

Monday, April 27, 2009

Wanted (2008) | උපරිමයි!


මේ චිත්‍රපටය නම් ගොඩක් අය බලල ඇති කියල හිතනව..ඒත් කියන්න තරම් වටින එකක් නිසා කියන්න හිතුන..සුපිරි නිලි ඇන්ජලීනා ජොලී රගපාන මෙම චිත්‍රපටය 2008 වර්ෂයේ ජනප්‍රියම ක්‍රියාදාම චිත්‍රපට අතුරින් එකක්..මේ විස්තරේ ඔක්කොම කියවන්න දෙයක් නෑ,ඔබ The metrix චිත්‍රපට මාලාව ප්‍රිය කරන්නෙක් නම් අනිවාර්යෙන් මේකටත් ආස වෙයි,ඒ චිත්‍රපටය වගේම මේකත් බොහොම සංකීර්ණයි..එක පාරින් තේරුම් ගන්න අමාරු වෙන්න පුලුවන්..කොහොම උනත් මම කතාව කියන්නම්..මේක ගති ඇති කියල හිතෙනව නම් බලන්න..එක්තරා දුර්වල ආත්ම ශක්තියක් සහිත තරුණයෙක් ඉන්නව..ඔහු තමයි මේ කතාවෙ ප්‍රධාන චරිතය..ඔහු කාර්‍යාලයේදිත්,ඉන් බැහැර ජීවිතයෙදිත් පරාජිතයෙක් වගෙයි ජීවත් වෙන්නෙ..දවසක් එක්තරා වෙලදසැලකදී කාන්තාවක් ඔහුට කියනව ඔහුගේ පියා අසවල් තැනදී මැරුණු බව,ඒ මොහොතෙම ඈ කියනව ඔහුගේ මිණීමරුව මෙතැන ඉන්නව කියල..එහෙම කියනකොටම එතැන සිටි පිරිමියෙක් ඔවුන් දෙදෙනාට වෙඩි තියනව..ඔන්න ඔහොමයි මේ පැටලිලි සහගත කතාව පටන් ගන්නෙ..මේක විද්‍යා ප්‍රබන්ධයක්,අසාමාන්‍ය බලයන් සහිත පුද්ගලයන් මේ ෆිල්ම් එකේදි අපිට හම්බෙනව..ඇත්තටම The metrix වගේමයි..නමුත් ඊට සම්පූර්ණයෙන්ම වෙනස්,අලුත්ම කතාවක්..ඔබත් හොද ක්‍රියාදාම චිත්‍රපට රසිකයෙක් නම් අනිවාර්‍යෙන් Wantedබලන්න..


මෙන්න මෙතනින් බාගමු!

Sunday, April 26, 2009

The Condemned (2007) | මරණය නියතයි !



ඔන්න ගෙනාව ක්‍රියාදාම වලින් අඩුවක් නැති කතාවක්..ඒ වර්ගයේ ගොඩක් ෆිල්ම් වලට වඩා වෙනස් මේක..ඔයාලට ඒක තේරෙයි ෆිල්ම් එක බැලුවොත්..මම නම් ආසාවෙන්ම බලපු ෆිල්ම් එකක්..මම කතාව කියන්නම්කො ටිකක්..එක්තරා පුද්ගලයෙක් විසින් ලෝකයේ බිහිසුණුම වාර්තා තියෙන සිරකරුවන්10ක් නිදහස් කරගන්නව ඉහළ නිලධාරින් පගාව දීම මගින්..මේ අය නිදහස් කරගන්නෙ විශේෂ,බිහිසුණු වැඩසටහනකට සහභාගී කරගැනීමට..මම මේ වැඩසටහන ගැනත් කියන්නම් ටිකක්..මේ 10දෙනාගෙ කකුල් වලට බෝම්බ සවි කරල මොවුන්ව ගුවන් මගින් එක් දූපතක වෙනස් වෙනස් පැති වලට ගෙනත් දානව,මේ බෝම්බ පැය 30ක් ඇතුලත ඉබේම පිපිරෙන්නයි නිර්මාණය කරල තියෙන්නෙ..මේ 10දෙනාගෙන් අර බෝම්බයෙන් නිදහස් වෙන්න ලැබෙන්නෙ එක්කෙනෙක්ට පමණයි..ඉතින් අනිවාර්‍යෙන්ම මේ 10දෙනා එකිනෙකාව මරාගන්නවනෙ..මේ මුලු දූපතේම කැමරා සවි කරල තියෙනව බොහොම රහසිගත විදියට ඒ මගින් සජීවීව අන්තර්ජාලය හරහා මොවුන් දූපතේදි එකිනෙකාව මරාගන්නා හැටි,ඔවුන්ගේ උපක්‍රම,ඔවුන්ගේ ක්‍රියාදාමයන් පෙන්නනව..මේ වැඩසටහන මිලියන ගනනක් පිරිස අන්තර්ජාලයෙන් නරඹනව,මෙයට තේරුනු එක් සිරකරුවෙක් වටා තමයි කතාව ගෙතිල තියෙන්නෙ,අන්තිමට ඔහු නිසා මෙහි නිශ්පාදකවරුන්ට නොසිතූ දෙයකට මුහුණ දෙන්න වෙනව..ඔන්න කතාවෙ ප්‍රධාන දේවල් ඔක්කොම කිව්ව මම..ක්‍රියාදාම චිත්‍රපටි ප්‍රිය කරන්නන් අනිවාර්‍යෙන් බලන්න...

Wednesday, April 22, 2009

Apocalypto (2006) | දුවාපං...


ඔන්න තවත් සුපිරි චිත්‍රපටයක්..ඔයාල අනිවාර්යෙන් බලයි කියල හිතනව..මේක මීට අවුරුදු ගනනාවකට පෙර ගෝත්‍රික යුගයේ කතාවක්..මම කතාව ටිකක් විස්තර කරල පස්සෙ ෆිල්ම් එක ගැන මට හිතෙන දේ කියන්නම්..කතාව මෙහෙමයි..එක් ගෝත්‍රයක් බොහොම් සතුටින් ජීවත් වෙනව..ඔවුන්ට දඩයම් වලින්,ගැහැණුන්ගෙන් අඩුපාඩුවක් නෑ..දිනක් ඔවුන් දඩයමේ ගිය විට වෙනත් ගෝත්‍රයක් හම්බෙනව..එම ගෝත්‍රය වෙනත් කැලයකට අයිති එකක්..ඔවුන්ගේ ඉඩකඩම් තවත් ගෝත්‍රයක් විසින් පැහැරගත් නිසා ඔවුන් යනව අලුත් ආරම්භයක් සොයා..ඒ සිද්දිය එතනින් ඉවරයි..දැන් මේ කතාවෙ මම මුලින්ම කිව්ව (කතාවෙ ප්‍රධාන ) ගොත්‍රය රාත්‍රියේ නිදාගෙන සිටිනව..මේ අතරතුර ඔවුන්ව ආක්‍රමණය කරනව වෙනත් පිරිස විසින්..ඔවුන් බොහොම දරුණු පිරිසක්..ආක්‍රමණිකයන් විසින් ශක්තිමත් පිරිස විතරක් වහල්ලු ලෙස අරගෙන යනව..මේ පිරිසට අයත් වන තරුණයෙකුගේ කතාව තමයි මින් කියැවෙන්නෙ..ඇත්තටම හරිම ලස්සන කතාවක්..මිනිස් හැගීම් ප්‍රාථමික මට්ටමෙන්ම අපිට බලාගන්න පුලුවන්..කෙනෙක් මැරුණොත් ඔහු ගැන දුක් වෙමින් දින ගනනාවක් සිටින්නෙ නෑ,එ වගෙම ආදරය කරන කෙනෙක් වෙනුවෙන් කරන්න බැරි දෙයක් නෑ,වේදනාවන් ඔවුන්ගෙ එදිනෙදා ජීවිතයේම කොටසක්..ඇත්තටම අපිව වෙනස්ම කාලයකට ගෙනයන චිත්‍රපටයක් කියන්න පුලුවන්..

O.P.D.P:-මේක ඔස්කාර් සම්මාන 3කට නිර්දේශ වෙලා තිබෙනව,තවත් සම්මාන 13කට නිර්දේශ වී තිබෙන අතර 6ක් දිනා තිබෙනවා..

Monday, April 20, 2009

Never Back Down (2008) | වලි බ‍රයි.!

මේ නම් කියන්න යන්නෙ එළම ෆිල්ම් එකක් ගැන..මම හිතනව මම වගේම ඔයාලත් මේක ආසාවෙන් බලයි කියල..මේකෙ සමහර තැන් තියෙනව අපිට නැවත නැවතත් බලන්න හිතෙන..ඒ තරම් ගති ෆිල්ම් එක! හ්ම්ම්ම්...කතාව ගැන නම් කියන්න තියෙන්නෙ මේක විශේෂ කතාවක් නෙවෙයි...මේ තේමාවෙන් ගොඩක් ෆිල්ම් තියෙනව..නමුත් මේ කතාවෙ සටන් වගේම හැගීම්ත් යොදාගෙන තියෙනව ෆිල්ම් එක ලස්සන කරන්න..දැන් මම කියන්නකො කතව..මෙහෙමයි..එක්තර හිතුවක්කාර තරුණයෙක් ඉන්නව..ඔහු යන යන තැන රණ්ඩු වලට පැටලැවෙනව..මේ නිසා ඔහුගේ මවට ඔහුත් රැගෙන නිතරම නිවාස ආරු කරන්න වෙනව...මේ රණ්ඩු නිසාම ඔවුන් එනව වෙනත් පෙදෙසකට,මෙහිදි මෙම තරුණයා ඇතුලත් වෙන පාසලේදිත් ඔහු රණ්ඩු වලට පැටලෙනව..මේ පාසලේ ඉන්නව අති දක්ශ සටන් කරුවෙක්..මොහුත් සමග සටනට ගෙහින් ඔහු හොදටම මට්ටු වෙනව දවසක්..මොහුගෙන් පලිගන්න හිතාගෙන මේ තරුණයා කරාටි ඉගනගැනීමට යනව පන්තියකට.මෙහි ගුරුවරය අප්‍රිකානුවෙක්..ඔහු නිසා මේ තරුණයාගෙ ජීවිතය අලුත් පණක් ලැබෙනව..මෙතැන් ඉදන් ඔහු වෙනස් වෙනව..මේ කතාවෙ බාගයක් විතරයි මම කිව්වෙ..මින් ඉදිරියට තමයි ලස්සන කොටස තියෙන්නෙ..මේක බලන්න කියල තමඉ මම නම් කියන්නෙ..ගති ෆිල්ම් එක!

Thursday, April 16, 2009

The Wrestler (2008)


හ්ම්ම්ම්..මේ කියන්න යන්නෙ බොහොම තදින අපේ හිතට වදින කතාවක් ගැන..මේකෙ නම දැක්කම නම් හිතන්නෙ බොහොම දරුණු සටන් වලින්ම පිරුණු කතාවක් කියල..නමුත් මේක ඊට එහාට ගියපු කතාවක්..මම කතාව කියන්නම් දැන්..එතකොට ඔයාලට තේරෙයි..රෙස්ලිං ශූරයෙක් වටා තමයි මේ කතාව ගොඩනැගෙන්නෙ..මොහු අවුරුදු 20ක් තිස්සෙ ක්‍රීඩාවේ නි‍යැලෙන්නෙක්..දිනක් තරගයක් අතරතුර අණතුරකට මුහුණ දෙන මොහුට වෛද්‍යවරු නියම කරන්නෙ ක්‍රීඩාවෙන් ඉවත්ව විවේකීව සිටින ලෙසයි..මෙතැන් සිට තමයි කතාව වෙනස් මගක් ගන්නෙ..ක්‍රීඩාවෙන් එදාවේල හම්බකරගත් මොහුගේ ඉරණම සුඛිත මුදිත එකක් නෙවෙයි..මෙතැන් පටන් ඔහු ජීවත් වෙන්න කරන අරගලය හා ඔහු වටා පරිසරය ක්‍රියාත්මක වෙන අයුරු තමයි චිත්‍රපටයේ දැක්වෙන්නෙ..හරිම ලස්සන කතාවක්..පුලුවන් නම් බලන්න..ෂෝක් ෆිල්ම් එක!

The Wrestler ගැන තව දුරටත්:-
මේ Wrestling තරග හදන්නෙ කොහොමද කියල දැනගන්න ඕන කමක් තියෙන කට්ටියත් මේක බලන්න..ඒ වගේම වල මේක IMDB චිත්‍රපට පෙළගැස්ම අනුව ලොව හොදම ෆිල්ම් අතරෙන් 74 වෙනි ස්ථානයේ තමයි දැනට තියෙන්නෙ..

Wednesday, April 15, 2009

Fight Club (1999) | උප‍රිමයි.!!


මේක නම් හරිම පැටලිලි සහගත කතාවක්..හැබැයි එළම තමයි..බොහොම ජනප්‍රිය චිත්‍රපටයක්..අන්තිමේදී කතාව වෙනස් වෙන හැටි හිතාගන්නත් අමාරුයි..කොහොම උනත් මම කතාවෙ මුල් ටික කියන්නම්..හැබැයි මම සහතික වෙනව ඔයාල හිතනවට වඩා අන්තිම ටික බොහොම වෙනස් කියල..මෙන්න මෙහෙමයි කතාව..එක්තරා පුද්ගලයෙක් ඉන්නව ගොඩක් අසහනයෙන් ජීවත් වෙන..ඔහුට හරිහැටි නින්ද යන්නෙ වත් නෑ..මොහු මේ අසහනයෙන් මිදෙන්න විවිධ වැඩසටහන් වලට සහභාගී වෙනව..නමුත් එකක් වත් හරියන්නෙ නෑ..මොහු දිනක් ගුවන් ගමනකින් පසු තම නවාතැනට පැමිණිවිට දක්නට ලැබෙන්නේ එය සම්පුර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇති බවයි..දැන් මොහුට යන්න තැනකුත් නෑ..ඒ නිසා ඔහු කතා කරනව මේ ගුවන් ගමනේදී හමුවු මිතුරෙකුට,ඔහු අමුතුම තැනැත්තෙක්..ජීවිතය විදින්නෙක්,සමහර වෙලාවට විදවන්නෙක්..මොවුන් දෙදෙනා එකතුවී කරන දේවල් දැක්කම අපිට නම් තරහත් යනව..හරිම අත්භූත සිද්දි වෙන්නෙ මින් පස්සෙ,ගෙවෙන හැම මොහොතකම අපේ හිතේ කුතුහලයක් ඇති කරන්න මේ චිත්‍රපටයට හැකි වෙලා තියෙනව..ඇත්තටම මාර ගති කතාවක්..මේකත් අනිවාර්‍යෙන් බලන්න කියල තමයි මම කියන්නෙ..

ෆිල්ම් එක ගැන ඕප දූප:-
ඔස්කාර් සම්මානයටත් නිර්දේෂ වූ චිත්‍රපටයක්..මෙහි ප්‍රධාන චරිතයන් දෙක රගපාන්නෙ බ්‍රැඩ් පීට් හා එඩ්වඩ් නොර්ටන්..එමෙන්ම මේ චිත්‍රපටය IMDB චිත්‍රපට පෙළගැස්ම අනුව ලොව හොදම ෆිල්ම් අතරෙන් 21ක් වන ස්ථානයෙයි තියෙන්නෙ..බලනව නම් මෙන්න බඩු!

Tuesday, April 14, 2009

Doomsday (2008) | භයානකයි



ඔන්න තවත් එළ ෆිල්ම් එකක්!අනාගත ගැන තමයි කියවෙන්නෙ..ඇක්ෂන් ෆිල්ම් බලන්න ආස අය නොවරදවාම බැලිය යුතු එකක්..හ්ම්ම්..ෆිල්ම් එක ගැන ටිකක් හරි අවබෝධයක් ලබා දෙන්න නම් කතාව වෙනදට වැඩිය කියන්න වෙනව මට,ඔන්න අහගන්න..2008 දී බ්‍රිතාන්‍යයේ බිහිසුණු වයිරසයක් පැතිරෙනව..මෙය ආසාදනය වුවන් බොහෝ ඉක්මනින් මිය යනව..ඒ වගේම මේ වයිරසය වේගයෙන් පැතිරෙනව..මෙයට ප්‍රතිකාර සොයාගැන්මටත් බැරි වෙනව..ඒ නිසා එකම විසදුම හැටියට ආසාදනය වූවන් වෙන් කරල සුවිශාල වානේ තාප්පයක් බදිනව..මින් මුලු බ්‍රිතාන්‍යයම දෙකට වෙන් වෙනව..මේ තාප්පයෙන් දෙපැත්තෙ කිසිම ගනුදෙනුවක් සිදුවෙන්නෙ නෑ..දැන් 2035 වර්ෂය,රෝගී පිරිස පිරින පැත්තෙන් ජීවයක් ඇති බවට කිසිම සලකුණක් නෑ..එක් දිනකදී නිරෝගී පිරිස සිටින පැත්තේ එක් පෙදෙසක මේ වයිරසය පැතිරි ඇති බව දැනගන්න ලැබෙනව නගරයේ ඉහළ නිළයන් දරණ පිරිසට..මේ අතරතුර කෙනෙක් හෙළි කරනව රෝගීන් කොටු කල පැත්තේ මිනිසුන් ජීවත් වෙන බවට චන්ද්‍රිකා චායාරූප ඇති බව..පසුව කණ්ඩායමක් යවනව ඒ පැත්තේ සිටින වයිරසයට ඔරොත්තු දෙන මිනිසුන්ගේ ලේ සාම්පලයක් ගේන්න..මේ කණ්ඩායමෙ නායිකාව වටා තමයි මෙතැන් සිට කතාව ගොඩනැගෙන්නෙ..තාප්පය එහා පැත්තෙ මිනිසුන් කොතරමි දරුණුද කියල ඔයාලට හිතාගන්නවත් අමාරු වෙයි..බලන්නකො කතාව..එළම තමයි..

Tuesday, April 7, 2009

The Spirit (2008)


හ්ම්ම්...මේ ෆිල්ම් එක ගැන කියන්නෙ හිතුවෙ ඔයාලගෙ කාලය ටිකක් ඉතුරු කරල දෙන්න හිතාගෙන...මම නම් කියන්නෙ මේක වැඩකට නැති ෆිල්ම් එකක් කියල..(මේකට ආස අයත් ඉන්න පුලුවන්) වෙනමම විදියක අධ්‍යක්ෂනයක් තමයි මෙහි තියෙන්නෙ..හ්ම්ම්..මේක සුපිරි වීරයෙක්ගෙ කතාවක්,වෙඩි වදින්නෙ එහෙම නැති,ලේසියෙන් මැරෙන්නෙ එහෙම නැති පොරක්...කතාවෙ බොහොම අදුරු දර්ශණ තල තමයි තියෙන්නෙ..මට නම් මේක කොහොම් වත් හිතට අල්ලල ගියේ නෑ..කතාවෙත් ඇති වැඩක් නෑ කියලයි මට නම් දැනුනෙ..ඔයාලට බලන්න වෙන ෆිල්ම් එකක් නැතිම උනොත් විතරක් මේක බලන්න කියල තමයි කියන්න වෙන්නෙ..

ප:ලි-මම මෙහෙම කිව්වට මේක හොද ෆිල්ම් එකක් කියන කට්ටියත් ඉන්න පුලුවන්..ඒත් මම මේ කිව්වෙ බොහේ දෙනාගෙ මතයන් මගේ මතයට සමාන වෙයි කියල හිතල..මොකද මේක හොද නිර්මාණයක රසය අපිට ලබා දෙනේ නෑ මම දැක්ක විදියට....

Shooter (2007)


මේ කියන්න යන්නෙ තීක්ෂණ බුද්ධියක් ඇති මිනීමරු යන්ත්‍රයක් බදු මිනිසෙකුගේ කතාවක් ගැන..මේ ච්ත්‍රපටයේ ප්‍රදාන චරිතයත් හිට්මෑන් වගේම කෙනෙක්..කොහොම උනත් මම කතාව කියන්නම් ටිකක්..එක් සොල්දාදුවෙක්ට බාර වෙනව ස්නයිපර් ප්‍රහාරයකින් කෙනෙක් මැරීමට..මොහු මේ මෙහෙයුම සාර්ථකව නිම කළත් අන්තිම මොහොතේ සතුරු හෙලිකොප්ටරයකින් ඔවුන්ට ප්‍රහාර එල්ල කරනව..මේ මොහොතේ ඔහු හමුදා මූලස්ථානයක කතා කර උදව් ඉල්ලුත් ඔවුන්ට උදව් ලැබෙන්නේ නෑ..මේ හේතුවෙන් මේ ස්නයිපර් තුවක්කුකරුවාගේ සහායකය මැරෙනව..මේ සිද්දියෙන් පස්සෙ ඔහු හමුදා කටයුතු වල සහදාගී නොවී බොහොම ගම්බද පෙදෙසක ජීවත් වෙනව..මේ අතරතුර ඉහළ නිලදාරියෙක් එනව ඔහුව හමුවන්න..මේ නිලදාරියා මොහුව පෙලඹගන්නව විශේෂ වැඩකට...මේ කතාවෙ මුල් ටික විතරයි..මෙතනින් එහාට කිව්වොත් ඒකෙ අගය නැති වෙනව..ඒ නිසා මම නම් කියන්නෙ මේක බලන්න කියල හැමෝටම..නිකම්ම මිණීමරුවෙකුගෙ කතාවක් නෙවෙයි මෙතන තියෙන්නෙ..කතාව බැලුවොත් ඔයාලට ඒක තේරෙයි..
මේ කථාවෙ තිබුන මම ආස කරන දෙබසක් මේ..
X:-I'm supposed to be dead
been a long night

Y:-why aren't u?

X:-Well,the the U.S government spent a lot of time and money teaching me how not to die!

මේක බැලුවොත් ඔයාලට තේරෙයි හරිම ලස්සන කතාවක් නේද කියල...ලින්ක් එක පහළ ඇති..

Friday, April 3, 2009

Troy (2004)


මේක එතරම් වැදගත් ලිපියක් වෙන එකක් නෑ..මොකද නිකමටවත් ෆිල්ම් බලන හැමෝම බලල ඇති කියල හිතන ෆිල්ම් එකක් ගැන මේ ලියන්නෙ..කොහොම උනත් බලල නැති එක්කෙනෙක් හරි මේ ලිපිය කියවල මේ ෆිල්ම් එක බැලුවොත් ලොකු දෙයක්...මම බලපු හොදම ඇක්ෂන් ෆිල්ම් අතරෙන් එකක් මේක..මම කතාවෙන් ටිකක් කියන්නම්කො..කතාවෙ මුල් ටික මෙහෙමයි..ස්පාටා නුවර අකිරීස් කියල යුද පුරාවෘත්තයක් වගේ මිනිසෙක් ඉන්නව(බ්‍රැඩ් පීට් තමයි මේ චරිතය රගපාන්නෙ)..ඔහු වටා තමයි මේ කතාව ගෙතිල තියෙන්නෙ..මේන්න කතාවෙ සාරාංශය..ස්පාටා හා ට්‍රොයි කියන්නෙ බලවත් රාජධානි දෙකක්..මේ රාජ්‍යන් දෙක අතර සාමය පවත්වාගෙන යන්න ට්‍රොයි වල කුමාරවරු දෙදෙනෙක් එනව ස්පාටා වලට..මේ ගමනෙදී එක් කුමාරයෙක් ආදර සම්බන්දතාවයක් ඇති කරගන්නව ස්පාටා වල රජුගේ බිරිදත් සමග..මේ සිද්දිය මුල් කරගෙන අතිශය බලවත් මේ රාජධානි දෙක යුධ වදිනව..මේ යුද්දයේදී අකිරීස් නැමැති අපරාජිත පුද්ගලයාගෙ ඉරණම තමයි මෙහි පෙන්වන්නෙ..මේක බලපු නැති අය ඉන්නව නම් ඒ බොහොම ටික දෙනෙක් වෙන්න ඕන..ඒ අයට මම කියන්නෙ මේක බලන්න කියල..මාර ගති ෆිල්ම් එක... :D

බානව නම් මෙන්න ලින්ක් එක!
(දැනට සීඩ්ස් තියෙනව..)



Tuesday, March 31, 2009

Bangkok Dangerous (2008)


මම බලපු හොදම ඇක්ෂන් ෆිල්ම් වලින් එකක් කියන්න පුලුවන්,ඒකට නිකලස් කේජ් ගෙ රංගනයත් හේතු වෙන්නැති..කොහොම උනත් ඇක්ෂන් කතා බලන්න ආස අය නම් නොවරදවා බැලිය යුතු චිත්‍රපටයක්..මම මේකෙ කතාව ටිකක් කියන්නම්..නමුත් අන්තිම ටික ගොඩක් වෙනස් වෙනව,හොදේ... :D මෙන්න මෙහෙමයි කතාව..මෙහි ප්‍රදාන චරිතය වන ජෝ (නිකලස් කේජ්) වෘත්තීය මිණීමරුවෙක්..ඔහු ජාත්‍යන්තර මට්ටමේ වැඩ තමයි බාරගන්නෙ..ඔහුට බැංකොක් වලින් ඇණවුමක් ලැබෙනව 4 දෙනෙක් මැරීමට,මේ අනුව ඔහු බැංකොක් වලට යනව,ඔහුගේ සිරිත තමන් යම් නගරයකට ගිය පසු රස්තියාදුකාර තරුණයෙක් තම වැඩට අල්ලගෙන වැඩේ අවසන් වූ පසු ඔහුවත් මරා දමා රටින් පිට වීමයි..ඒ අනුව ඔහු බැංකොක් වල සිටි පික්පොකට් ගසන්නෙකු තම උදව්වුවට සොයාගන්නව..නමුත් පසුව ඔහුට තේරෙනව මොහු වෙනත් අයට වඩා වෙනස් බව..ඔහු ජෝ ගෙන් ඉල්ලා සිටිනව තමන්ටත් මේ ක්ශේත්‍රය පුරුදු කරන්න කියා...ඔයාලට ෆිල්ම් එක බැලුවොත් තේරෙයි ජෝ කොච්චර තද චරිතයක්ද කියා,ඒ වගේම ඔහු මෙම ඉල්ලීමට දෙන පිලිතුර කොහොමද කියලත් දැනගන්න පුලුවන්..මේ සියල්ල ඉටු කළත් ඔහු රටින් පනින්නෙ කොහොමද?බලන්නකො Bangkok Dangerous ..නියම ඇක්ෂන් ෆිල්ම් එකක්!

Saturday, March 14, 2009

Transporter 3 (2008)


ට්‍රාන්ස්පොටර් 1 හා 2 වගෙම මේකත් ඇක්ෂන් වලින් අඩුවක් නැති ෆිල්ම් එකක්..නමේ හැටියටම හිතාගන්න පුලුවන්නේ කතාව..බඩුවක් ප්‍රවාහනය කරන්න තමයි තියෙන්නෙ..මේ මම දෙවනියට ආස නලුව රගපාන ෆිල්ම් එක නිසා මම නම් මේ ෆිල්ම් එක ආසවෙන් බැලුව,ෆිල්ම් එකේ වරදක් නෑ ( කතාව නම් එච්චර විශෙෂ එකක් කියන්න අමාරුයි ) හ්ම්ම්..ඇක්ෂන් ෆිල්ම් බලන්න ආස අයට හොද ෆිල්ම් එකක් කියන්න පුලුවන්..ඒ උනාට වෙනස් තේමාවන් වල ෆිල්ම් බලන්න ආස අයට මේක අල්ලල යන එකක් නෑ..කොහොම උනත් සාමාන්‍යයයෙන් හොද ෆිල්ම් එකක් ,බලලම තීරණය කරන්නකො කොහොමද කියල..

බානව නම් මෙන්න ලින්ක් එක.. Transporter 3

Punisher-War Zone (2008)


අහ්..ඔන්න මට කාලෙකට පස්සෙ බනින්න වටින ෆිල්ම් එකක් හම්බුනා.මම මේ ගැන ලියන්නෙ නිකමට,ඔයාලගෙ කාලෙ නාස්ති උනොත් අපරාදෙනෙ..ඒකයි..හ්ම්ම්..මේක නම් වැඩකටම නැති ෆිල්ම් එකක්..පිස්සෙක් වගේ මීනිස්සු මරන පොරක් ගැන තමයි කතාවේ තියෙන්නෙ..කොහොම උනත් කම්මැලි වෙලාවක මම මේක බැලුව,අසාමාන්‍ය විදියට ලේ පෙන්නන මේ ෆිල්ම් එක බාන්න ගිහින් ඔයාලගෙ කාලෙ නාස්ති කරගන්නේපා කියන්නයි මේක ගැන ලිව්වේ..

Thursday, March 12, 2009

Defiance (2008)


මෙන්න බලනව නම් නියම ෆිල්ම් එකක්..ලෝක යුද්ද කාලයෙ සරණාගතයන් පිරිසක් දිවි රැකගන්නට දරන උත්සාහයක් මෙමගින් පෙන්වන අතර ඇත්තටම හදවතට කතා කරන චිත්‍රපටයක් ලෙස හැදින්විය හැක..අපූර්වත්වය වන්නේ මෙය සත්ය කතාවක් පසුබිම් කරගෙන නිපදවූවක් වීමයි..මිනිසුන්ගේ ජීවිතයට වටිනාකමක් නොලැබුන යුගයක අවතැන් වූවන් තම දිවි රැකගැන්මට දරන වෙහෙස මෙමගින් මනාලෙස නිරූපනය කෙරේ..කොමඩි,හොරර් ෆිල්ම් අල්ලනේ නැති අයට වගේම ෆිල්ම් එකක් බලා ඇත්තටම ජීවිතයට යමක් එකතුකරගැන්මට හැකි අයට ගැලපෙන නිර්මාණයකි..(මම බලපු හොදම ෆිල්ම් එකක් කියන්නත් පුලුවන්)ඉඩක් ලැබුනොත් බලන්න..ඇත්තටම එළ ෆිල්ම් එකක්!!

Wednesday, March 11, 2009

Twilight (2008)


හ්ම්ම්..මෙක නම් තවත් වෙනස් කතාවක් කියල කියන්න පුලුවන්..මොකද මෙකෙ කියවෙන්නෙ වැම්පයරයෙක් හා ආදරයෙන් බැදුන ගැහැණු ළමයෙක් ගැන..මේ ගැහැණු ළමයා පාසල් යාම සදහා ගමකට පැමිනෙන අතර මෙම ගමේ පාසලේ වෙනස් ගති පැවතුම් ඇති තරුණයෙක් හා ආදරෙන් බැදේ..පසුව මෙම තරුණයා වැම්පයරයෙක් බව ඈ දැනගන්නා මුන් ඔවුන්ගේ ආදරය නවතින්නේ නැත..පසුව අනෙක් වැම්පයරයන්ගෙන් තරුණිය ආරක්ෂා කර ගැන්මට වැම්පයර් තරුණයා හා ඔහුගේ පවුලේ අය දරන උත්සාගයන් පිලිබදව මෙම කතාව ලියැවී ඇත..සාමන්යෙගෙන් වැම්පයරයන් සිටින කතා හොල්මන් කතා ඝනයට අයත් උනද මෙම චිත්‍රපටය ආදර කතාවක් ලෙස හැදින්විය හැක...

Tuesday, March 10, 2009

Outlander [2008]


මෙක විද්යා ප්‍රබන්ධයක් ලෙස හැදින්විය හැක..කතා පුවත කෙටියෙන් දක්වන්නේ නම් මෙසේය..පිටසක්වල සිට ජීවියෙක් පැමිනෙන අතර ඔහු එන්නේ තම ග්‍රහලොවේදී විශාල විනාශයක් කල සත්ත්වයෙක් දඩයම් කිරීමටය,එය ඔහුට කිරීමට හැකි වෙයිද?පෘතුවි වාසීන් ඔහුව කෙසේ පිළිගනීද?ඔහුට මෙලොව ජීවිතයට හැඩගැසිය හැකිවේද?අවසානය සුභදායක වේද?මේ ආදී ප්‍රශ්න වලට විසදුම් ලබාගැනීමට නම් මෙම චිත්‍රපට බලන්න..වෙනසක් සහිත එකක් ලෙස කෙටියෙන් හැදින්විය හැක..