Showing posts with label විකාරයි. Show all posts
Showing posts with label විකාරයි. Show all posts

Tuesday, April 28, 2009

Superhero Movie (2008)


හ්ම්ම්..ස්පයිඩර් මෑන් චිත්‍රපටය බලල තියෙනවද?එහෙනම් ඉතින් මේකත් බලන්න ..ඒක් ෆිල්ම් එක වැරදි අඩුපාඩු හොයාගෙන,කතාවත් ටිකක් වෙනස් කරල, හොදට හදල තියෙනවා කොහොම උනත් හිනා යනව හොදට..මම කතාව ටිකක් කියන්නම්..මේ විස්තරේ අනුව තීරණය කරන්නකො බලනවද නැද්ද කියල..එක්තරා තරුණයෙක් ඉන්නව තම නෑදෑයන් දෙපලක් යටතේ ඇති දැඩි වුන..දිනක් පාසලෙන් මොහු ඇතුලු පිරිස එක්කගෙන යනව විද්‍යා ප්‍රදර්ශනයක් බලන්න..මේ ප්‍රදර්ශනයේදි තරුණයාගෙ ගොන් වැඩ හින්දා කූරෙක් (බත් කූරෙක්) ඔහුට දෂ්ට කරනව,එදින රාත්‍රියේදි ඔහුව තදබල ලෙස අසනීප වෙනව..මෙතැන් සිට තමයි තරුණයීගෙ ජීවිතය වෙනස් මගක් ගන්නෙ..ඔහුගෙ යාලුව,සීයා ආදීන් සියල්ලම අමුතු චරිත..ඔවුන්ගේ වැඩත් අමුතුයි..ඒ වගෙම මේ චිත්‍රපටයේදි අපිට තවත් ෆිල්ම් ගොඩක සුපිරි වීරයන් හම්බෙනව..කොහොම උනත් මේ සුපිරි වීරයා නගරය බේරගන්න හැටි බලන්න ඕන නම් බාගන්න මේ ෆිල්ම් එක..

ප.ලි..මේ කතාවෙ ප්‍රදාන චරිතය රගපානෙ බොහොම ජනප්‍රිය ටීවී සීරීස් එකක් වනDrake and Josh කතා මාලාවෙ ප්‍රධාන චරිතය රගපාන Drake Bell විසිනුයි..මගෙ අදහස අනුව මේක ගොඩක් අයට අල්ලල යන එකක් නෑ..විස්තරේ කියවල මේක රසවත් ඇති කියල හිතෙනව නම් බලන්න.. :D

Saturday, April 25, 2009

The Onion Movie (2008)



මේ කියන්න යන්න තරමක් වෙනස් කොමඩියක් ගැන..ඉවසීමක් තියෙන අය මේක බලන්න..මොකද එක තැනකදි අපිට තරහ යනව,තවත් තැනකදි හිනා යනව..මට දැනුන විදියට නම් මේකත් යන්නෙ Scary Movie ක්‍රමයටමයි..ඒ නිසා ඒ වගේ ෆිල්ම් වලට කැමති අය විතරක් බලන්න..ගොඩක් හිනා යන කෑලි තිබුනත් සමහර තැන් වලදි කම්මැලි හිතෙනව..හ්ම්ම්ම්..චිත්‍රපටයේ කතාව ගැන නම් කියන්න විශේෂයක් නෑ,The Onion කියන ප්‍රවෘත්ති ජාලය මුල් කරගෙන තමයි කතාව ගෙතිල තියෙන්නෙ..ඔවුන් ප්‍රවෘත්ති කියන විදියත්,ඒ කියන ප්‍රවෘත්තිත් වලට තමයි හිනා යන්නෙ..නමුත් මේක හැමෝටම අල්ලල යයි කියල නම් මට හිතෙන්නෙ නෑ..පොඩ්ඩක් මේ විස්තරේ ආයෙ පාරක් කියවල තීරණය කරන්න බානවද නැද්ද කියල..

Saturday, April 11, 2009

The Love Guru (2008)


ඔන්න තවත් වෙනස්ම වෙනස් කතාවක් ගැන කියන්න යන්නෙ..මේක ඉන්දියානු ආභාෂය අනුව හදපු ඉංග්‍රීසි කොමඩි චිත්‍රපටයක්..කතාව වෙනස් එකක්..හිනා යනවද නැද්ද කියල තීරණය වෙන්නෙ මේක බලන කෙනාගෙ රුචිකත්වය අනුව තමයි..කොහොම උනත් මම කතාවෙ තේමාව කියන්නම්..ගුරු පික්තා කියන්නෙ විශේෂ කෙනෙක්..ඔහු ඇමරිකාවෙ උපත ලැබුවත් ජීවත් වෙන්නෙ ඉන්දියාවෙ..දවසක් ඔහුට ඇමරිකාවෙ හොකී කණ්ඩායමක අයිතිකාරයෙක් බාර දෙනව ඒ කණ්ඩායමෙ සිටින හොදම ක්‍රීඩකයගෙ කැඩුනු විවාහ ජීවිතය නැවත හරිගස්සා දෙන ලෙස,මොකද විවාහය දෙදරා යාමෙන් ඇතිවූ හිතේ අමාරුව නිසා ඔහුගේ ක්‍රීඩා විලාශය බොහොම දුර්වල වෙලා තියෙන්නෙ..ගුරූ මේ වැඩේ බාරගෙන ඇමරිකාවට යනව..එහිදී වෙන දේවල් තමයි මේ චිත්‍රපටයෙන් දැක්වෙන්නෙ..කොහොම නමුත් මේ ගුරූත් එහිදී ආදරයෙන් බැදෙනව යුවතියක් සමග..ගුරූගේ සිද්දියත් ක්‍රීඩකයාගෙ සිද්දියත් තමයි මේ චිත්‍රපටයෙ පෙන්නන්නෙ..ටිකක් විකාර ගතියකුත් තියනව..ඒ වුනාට මේ වගෙ චිත්‍රපට වලට ආස අයත් ඉන්නවනෙ..ඒ අය බලන්න මේක..

Tuesday, April 7, 2009

The Spirit (2008)


හ්ම්ම්...මේ ෆිල්ම් එක ගැන කියන්නෙ හිතුවෙ ඔයාලගෙ කාලය ටිකක් ඉතුරු කරල දෙන්න හිතාගෙන...මම නම් කියන්නෙ මේක වැඩකට නැති ෆිල්ම් එකක් කියල..(මේකට ආස අයත් ඉන්න පුලුවන්) වෙනමම විදියක අධ්‍යක්ෂනයක් තමයි මෙහි තියෙන්නෙ..හ්ම්ම්..මේක සුපිරි වීරයෙක්ගෙ කතාවක්,වෙඩි වදින්නෙ එහෙම නැති,ලේසියෙන් මැරෙන්නෙ එහෙම නැති පොරක්...කතාවෙ බොහොම අදුරු දර්ශණ තල තමයි තියෙන්නෙ..මට නම් මේක කොහොම් වත් හිතට අල්ලල ගියේ නෑ..කතාවෙත් ඇති වැඩක් නෑ කියලයි මට නම් දැනුනෙ..ඔයාලට බලන්න වෙන ෆිල්ම් එකක් නැතිම උනොත් විතරක් මේක බලන්න කියල තමයි කියන්න වෙන්නෙ..

ප:ලි-මම මෙහෙම කිව්වට මේක හොද ෆිල්ම් එකක් කියන කට්ටියත් ඉන්න පුලුවන්..ඒත් මම මේ කිව්වෙ බොහේ දෙනාගෙ මතයන් මගේ මතයට සමාන වෙයි කියල හිතල..මොකද මේක හොද නිර්මාණයක රසය අපිට ලබා දෙනේ නෑ මම දැක්ක විදියට....

Friday, April 3, 2009

Disaster Movie (2008)


හ්ම්ම්..මේ ෆිල්ම් එක ගැන කියන්න තරම් විශේෂයක් නෑ..හොද ෆිල්ම් ගැන කියනව වගෙම වැඩකට නැති ෆිල්ම් වලින් ඔයාලව බේරගන්නත් හිතුන නිසයි මේ ගැන ලියන්නෙ..කවුරු හරි මේක බාන්න හිතාගෙන ඉන්නව නම් ඒ ගැන ආයෙ කල්පනා කරල බලන්න..මේ ෆිල්ම් එක ගැන ගොඩය අය බලාපොරොත්තු තියාගෙන හිටිය හොද කොමඩි ෆිල්ම් එකක් වෙයි කියල..මොකද මේක හදල තියෙන්නෙ ගොඩක් දුරට 2007 හා 2008 වර්ෂ වල ජනප්‍රිය වූ ෆිල්ම් වල අඩුපාඩු වගේම ඒවායෙ චරිත යොදාගෙන,එ නිසා මේක එන්න කලින් ගොඩක් අය හිතුව හොදට හිනා යන ෆිල්ම් එකක් වෙයි කියල..හ්ම්ම්..මට නම් එච්චර හිනා ගියේ නෑ මේක බලල,ගොන් ජෝක්ස් තියෙන්නෙ..ඔයාල මේක බාන්න හිතාගෙන හිටිය නම් ආයෙ ඒ ගැන හිතල බලන්න..

Saturday, March 28, 2009

How to Lose Friends & Alienate People (2008)


හ්ම්ම්ම්..මට හිතාගන්න බැරුව හිටියෙ මේ ෆිල්ම් එක ගැන ලියනවද නැද්ද කියල..ඒත් ඉතින් පස්සෙ ලියන්න හිතුන අමුතු ෆිල්ම් බලන්නත් ආස කට්ටිය ඉන්න නිසා..ලොකුවට ලියන්න අදහසක් නෑ මෙ ලිපිය..මේකෙ නමෙන්ම තේරෙනවනෙ මොන වගේ කථාවක්ද තියෙන්නෙ කියල..ඇත්තටම මට නම් මේ පොර ගැන මුල ඉදලම ඇති උනේ තරහක් ..මොකද පාළනයක් නැති කට හින්දා මේකෙ ප්‍රදාන චරිතය හැම දෙයක්ම අවුල් කරගන්නව..මෙන්න මෙහෙමයි කතාව..එච්චර ප්‍රසිද්ද නැති ඕප දූප පත්තරේක වැඩ කරන මාධ්‍යවේදියෙක් ඉන්නව..ඔහුගේ එකම ආසාව තමයි ප්‍රසිද්ද පුද්ගලයන් ඇසුරු කරන එක..මේ මාධ්‍යවේදියාගෙ වැඩ දැකල ප්‍රසිද්ද සගරාවක කතුවරයෙක් ඔහුව එහි වැඩට ගන්නව..නමුත් සුපුරුදු විදියට ඔහු හැමදේම අනාගන්නව එතනදිත්..නමුත් අන්තිමට ඔහු වැදගත් දෙයක් ජීවිතයට එකතු කරගන්නව..ෆිල්ම් එක බැලුවොත් තේරෙයි ඒ මොකද්ද කියල..මේ ලිපිය කියවල බලල ෆිල්ම් එක හොදයි කියල හිතෙනව නම් බාලම බලන්න...ලින්ක් එක පහල ඇති!!

Friday, March 27, 2009

You Don't Mess With The Zohan [2008]


හික් හික්..මේක ගැන නම් ලියන්න හිතෙනකොටත් හිනා යනව..හොද ෆිල්ම් එකක්..හිනා යන කොමඩියක් කියන්න පුලුවන්..කාලෙකින් කොමඩි මූවි එකක් බැලුවෙ නැත්නම් මේක බලන්න කියල තමයි කියන්න තියෙන්නෙ..මේක වෙනස් තේමාවක් ගත් චිත්‍රපටයක්..මේ සෝහාන් කියන්නෙ සුපර් මෑන් වගේ චරිතයක්..අසාමාන්‍ය ශක්තියක් එහෙම තියන වෙඩි වදින්නේ නැති පොරක්..මෙයා හමුදා නිලධාරියෙක්,හමුදාවට අවශ්‍යම කෙනෙක්..කොහොම උනත් සෝහාන්ගෙ එකම ආසාව නම් බාබර් කෙනෙක් වෙන එක..යුද්දෙකට ගිහින් ආවත් නිදාගන්න ගියාම අඩනව තමන්ගේ ආසාව මතක් වෙලා..මේ නගරයේ ඉන්නව සෝහාන් වගේ තවත් ශක්තිමත් පොරක්,කොහොම හරි දවසක් මේ දෙන්නගෙ ෆයිට් එකක් යනව (හිනා යන විදියෙ ෆයිට් එකක්)මේකෙන් සෝහාන් පැරදුනා වගේ පෙන්නල පොර ඇමරිකාවට යනව බාබර් කෙනෙක් වෙන්න..කෝලම් නෙද කතාව?බලන්නකෝ එයාට එහෙදි හොද බාබර් කෙනෙක් වෙන්න පුලුවද කියල?හොදට හිනා යන ෆිල්ම් එකක්..බානව නම් ලින්ක් එක පහළ ඇති..

Saturday, March 14, 2009

Chandni Chowk To China (2008)


හ්ම්..මේ ෆිල්ම් එක ගැන නම් මගේ එච්චර පැහැදීමක් නෑ..මම දන්නෙ නෑ අනික් අයට මේක කොහොම්ද කියල..මට නම් මේක එච්චර අල්ලල ගියේ නෑ..මම මේකෙ කතාව කෙටියෙන් කියන්නම්කො..එතකොට ඔයාලට හොදයි කියල හිතුනොත් බලන්නකො..හ්ම්ම්ම්..මේකෙ ප්‍රධාන චරිතය රගපාන්නෙ අක්ෂය කුමාර්..අපි පොරට ඒ නමින්ම කතා කරමුකො..අක්ෂය ඉන්දියාවේ සාමන්‍යය ගැමියෙක්..පොර බරටම ශාස්තර වගේ ඒව විශ්වාස කරනව..ඔහු පසුගිය ආත්මයක චීනයේ වීරයෙක් විදියට ඉදල තියනව..මොහුව දැකල මේ ඒ වීරයා බව අදුරගන්නා චීන ජාතිකයන් පිරිසක් මොහුව චීනයට ගෙන්න ගන්නව එහි සිටින කෲර,සටන්කාමී ධනවතෙක්ගෙන් (පැහැදිලිව කිව්වොත් දුශ්ටයාගෙන්) එහි ගමක් බේරාගන්න..හැලහැප්පීම් ගොඩක් මැද කතාව ගෙවෙනව.කොහොම හරි පොර කුංෆු ඉගනගනගෙන අර දුශ්ටයා පරාද කරන එක තමයි කතාව..අනේ මන්ද..මේක බලන කොමඩි ෆිල්ම් එකක් හැටියට සාර්ථකයි කියල නම් මට කියන්න බෑ..මුලු කතාවම අසාමන්‍යයි..එච්චර හිනා යන්නේත් නෑ( මට විතරද කියල නම් මම දන්නේ නෑ )වෙන බලන්න කිසිම ෆිල්ම් එකක් නැත්නම් විතරක් මේක බලන්න කියල තමයි මම නිර්දේෂ කරන්නෙ... :D

Punisher-War Zone (2008)


අහ්..ඔන්න මට කාලෙකට පස්සෙ බනින්න වටින ෆිල්ම් එකක් හම්බුනා.මම මේ ගැන ලියන්නෙ නිකමට,ඔයාලගෙ කාලෙ නාස්ති උනොත් අපරාදෙනෙ..ඒකයි..හ්ම්ම්..මේක නම් වැඩකටම නැති ෆිල්ම් එකක්..පිස්සෙක් වගේ මීනිස්සු මරන පොරක් ගැන තමයි කතාවේ තියෙන්නෙ..කොහොම උනත් කම්මැලි වෙලාවක මම මේක බැලුව,අසාමාන්‍ය විදියට ලේ පෙන්නන මේ ෆිල්ම් එක බාන්න ගිහින් ඔයාලගෙ කාලෙ නාස්ති කරගන්නේපා කියන්නයි මේක ගැන ලිව්වේ..