Tuesday, March 31, 2009

Bangkok Dangerous (2008)


මම බලපු හොදම ඇක්ෂන් ෆිල්ම් වලින් එකක් කියන්න පුලුවන්,ඒකට නිකලස් කේජ් ගෙ රංගනයත් හේතු වෙන්නැති..කොහොම උනත් ඇක්ෂන් කතා බලන්න ආස අය නම් නොවරදවා බැලිය යුතු චිත්‍රපටයක්..මම මේකෙ කතාව ටිකක් කියන්නම්..නමුත් අන්තිම ටික ගොඩක් වෙනස් වෙනව,හොදේ... :D මෙන්න මෙහෙමයි කතාව..මෙහි ප්‍රදාන චරිතය වන ජෝ (නිකලස් කේජ්) වෘත්තීය මිණීමරුවෙක්..ඔහු ජාත්‍යන්තර මට්ටමේ වැඩ තමයි බාරගන්නෙ..ඔහුට බැංකොක් වලින් ඇණවුමක් ලැබෙනව 4 දෙනෙක් මැරීමට,මේ අනුව ඔහු බැංකොක් වලට යනව,ඔහුගේ සිරිත තමන් යම් නගරයකට ගිය පසු රස්තියාදුකාර තරුණයෙක් තම වැඩට අල්ලගෙන වැඩේ අවසන් වූ පසු ඔහුවත් මරා දමා රටින් පිට වීමයි..ඒ අනුව ඔහු බැංකොක් වල සිටි පික්පොකට් ගසන්නෙකු තම උදව්වුවට සොයාගන්නව..නමුත් පසුව ඔහුට තේරෙනව මොහු වෙනත් අයට වඩා වෙනස් බව..ඔහු ජෝ ගෙන් ඉල්ලා සිටිනව තමන්ටත් මේ ක්ශේත්‍රය පුරුදු කරන්න කියා...ඔයාලට ෆිල්ම් එක බැලුවොත් තේරෙයි ජෝ කොච්චර තද චරිතයක්ද කියා,ඒ වගේම ඔහු මෙම ඉල්ලීමට දෙන පිලිතුර කොහොමද කියලත් දැනගන්න පුලුවන්..මේ සියල්ල ඉටු කළත් ඔහු රටින් පනින්නෙ කොහොමද?බලන්නකො Bangkok Dangerous ..නියම ඇක්ෂන් ෆිල්ම් එකක්!

Monday, March 30, 2009

Paul Blart: Mall Cop (2009)


ඔන්න තවත් අලුත් කොමඩියක්..ඒ වගේම ආදර කතාවකුත් තියනව මේ ෆිල්ම් එක ඇතුලෙ..ට්වී එකේ දැකල තමයි මම නම් මේක බෑවෙ..ඔන්න මෙහෙමයි කතාව..එක්තරා සුපිරි වෙළද සංකීර්ණයක ආරක්ෂක නිලධාරියෙක් වටා තමයි මේ කතාව ගෙතිල තියෙන්නෙ..බොහොම තරබාරු පුද්ගලයෙක් වන මොහු තම රාජකාරිය අකුරටම ඉටු කරන කෙනෙක්..මේ වෙළදසැල තුලම වෙලදාම් කරන තරුණියක් වෙත ඔහුගේ හිත ඇදී යනව..ඔන්න කොහොම හරි දවසක් මේ සුපිරි වෙළද සංකීර්ණයට හොරු කණ්ඩායමක් පනිනව..ඔවුන් අර තරුණිය ඇතුලු පිරිසක් ප්‍රාණ ඇපයට තියාගන්නව..ඒ වගෙම මේ ආරක්ෂක නිලධාරියත් කොටු වෙනව වෙළද සංකීර්ණය තුලම..ඔහු මේ පිරිස බේරගන්න දරන උත්සාහය තමයි කතාවෙන් පෙන්වන්නෙ..කතාව එච්චර විශේෂ එකක් නොවුනත් මේ පොරගෙ රගපෑම වගේම ඔහුගේ වැඩ දැක්කම හිනා යනව හොදට..කොමඩියක් හැටියට සාර්ථකයි කියන්න පුලුවන්...

Sunday, March 29, 2009

She's the Man (2006)


ඔන්න නියම විනෝදාස්වාදයක් ලබාදෙන ෆිල්ම් එකක්..මම හිතන්නෙ ගොඩක් අය මේක බලල ඇති..මම දැකල තියන්ව මූණු පොතෙත් සමහර අයගෙ ප්‍රියතම චිත්‍රපටයටත් දාල තියෙන්නෙ මේක..මම කතාව කියන්නම්කො ටිකක්..කොහොම උනත් මම කියන එවයින් නම් කතාව ගැන හොද නිගමනයක එලඹෙන්න අමාරු වේයි..බලලම තීරණය කරන්න!එක්තරා විද්‍යාලයක කාන්තා පාපන්දු කණ්ඩායම තේරෙන්නේ නෑ වෙනත් විද්‍යාල සමග පවත්වන තරග වලට සහභාගී වීමට..ඉතින් මෙම කණ්ඩායමේ ක්‍රීඩිකාවක් මෙය අසාධාරන දෙයක් බව පුහුණුකරුට කිවුවත් ඔහු කියන්නෙ මෙම විදුහලෙ පිරිමි කණ්ඩායම පමණක් වෙනත් තරග වලට සහභාගී වීමට සුදුසුකම් ලබා ඇති බවයි..එමෙන්ම පිරිමි ළමුන් ගැහැණු ළමුන්ට වඩා දක්ෂ බවත් ඔහු කියනව..මේ කියමන වැරදියි යැයි ඔප්පු කිරීමට මෙම ක්‍රීඩිකාව කොල්ලෙකු සේ වෙස්වලාගෙන වෙනත් පාසලක පිරිමි පාපන්දු කණ්ඩායමකට එක් වෙනව..මේ අලුත් පාසලේ ඇයට හරිම අපූරු දේවල් වලට මුහුණ දෙන්න සිද්ද වෙනව..ඇත්තටම හිනාත් යනව..කතාව නම් හරිම රසවත්..කම්මැලි හිතෙන්නෙ නම් නෑ එක මොහොතකටවත්..බලල නැත්නම් බලන්න කියල තමයි මම නම් කියන්නෙ..මොකද ඒ තරම් කථාව ලස්සනයි..

Slumdog Millionaire (2008)


මේ ගැන ඉතින් මට කියන්න දෙයක් නෑ නෙද?කමක් නෑ..මම ලගදි දැක්ක ටොරන්ට් වල ඩීවීඩී රිප් එකක් තියනව..ඒක දෙන්න ඕන නිසයි ලියන්න හිතුනෙ...නිකමට වත් මේක බැලුවෙ නැති කෙනෙක් ඉන්නව නම් එයාට පුලුවන් බාගන්න..මේ ෆිල්ම් එකෙන් විශ්ණු දෙවියන්ට අපහාස වන බව කියා මේක මුල් කාලෙ ඉන්දියාවෙ තියගත කෙරුනෙත් නෑ හරියට..කොහොම උනත් හැමෝම දන්නව ඇතිනෙ මෙ ෆිල්ම් එක ඔස්කාර් සම්මාන 9ක් දිනාගත් බව..ෆිල්ම් එක බලල නැතත් කතාව ඔයාලට එහෙන් මෙහෙන් ඇහිල ඇති..මමත් පොඩ්ඩක් කියන්නම්..මෙහි ප්‍රදාන චරිතය වන ජමාල් මලික් ප්‍රසිද්ද රූපවාහිණී වැඩසටහනකට පෙනී සිටිනව,ඔහු පාසල් අධ්‍යාපනයවත් හරි හැටි නොලැබු කෙනෙක්..මෙහිදි විශේෂ බුද්ධිමතුන්ට පවා උත්තර දෙන්න අමාරු ප්‍රශ්ණ රාශියකට ඔහු උත්තර දෙනව..ඔහු මේ ප්‍රශ්ණ වලට උත්තර දෙන්නෙ කොහොම්ද කියන එක සොයා බැලීම හරහා තමයි මේ කතාව ගොඩනැගෙන්නෙ..මගේ මේ වැල්වටාරම් කියවන්න දෙයක් නෑ,කෙළින්ම කියන්න තියෙන්නෙ Slumdog Millionaire බලන්න කියල තමයි..

Saturday, March 28, 2009

How to Lose Friends & Alienate People (2008)


හ්ම්ම්ම්..මට හිතාගන්න බැරුව හිටියෙ මේ ෆිල්ම් එක ගැන ලියනවද නැද්ද කියල..ඒත් ඉතින් පස්සෙ ලියන්න හිතුන අමුතු ෆිල්ම් බලන්නත් ආස කට්ටිය ඉන්න නිසා..ලොකුවට ලියන්න අදහසක් නෑ මෙ ලිපිය..මේකෙ නමෙන්ම තේරෙනවනෙ මොන වගේ කථාවක්ද තියෙන්නෙ කියල..ඇත්තටම මට නම් මේ පොර ගැන මුල ඉදලම ඇති උනේ තරහක් ..මොකද පාළනයක් නැති කට හින්දා මේකෙ ප්‍රදාන චරිතය හැම දෙයක්ම අවුල් කරගන්නව..මෙන්න මෙහෙමයි කතාව..එච්චර ප්‍රසිද්ද නැති ඕප දූප පත්තරේක වැඩ කරන මාධ්‍යවේදියෙක් ඉන්නව..ඔහුගේ එකම ආසාව තමයි ප්‍රසිද්ද පුද්ගලයන් ඇසුරු කරන එක..මේ මාධ්‍යවේදියාගෙ වැඩ දැකල ප්‍රසිද්ද සගරාවක කතුවරයෙක් ඔහුව එහි වැඩට ගන්නව..නමුත් සුපුරුදු විදියට ඔහු හැමදේම අනාගන්නව එතනදිත්..නමුත් අන්තිමට ඔහු වැදගත් දෙයක් ජීවිතයට එකතු කරගන්නව..ෆිල්ම් එක බැලුවොත් තේරෙයි ඒ මොකද්ද කියල..මේ ලිපිය කියවල බලල ෆිල්ම් එක හොදයි කියල හිතෙනව නම් බාලම බලන්න...ලින්ක් එක පහල ඇති!!

~~ Valkyrie (2008) ~~


හ්ම්ම්ම්....විශිෂ්ට ෆිල්ම් එකක් බැලුවා කියන හැගීම හිතට දැනෙනවට ආස නම් බලන්න මේ ෆිල්ම් එක..ප්‍රධාන චරිතය රගපාන්නෙ ටොම් කෲස්,එතුමාගෙ රංගන හැකියාව හොදින් පෙනවන ෆිල්ම් එකක් කියන්න පුලුවන්..සරළවම කියනව නම් උපරිමෙන් රස විදින්න පුලුවන් චිත්‍රපටයක්..මම මේ කතාවෙ මුල ඉදල කියන්න යන්නෙ නෑ..කතාවෙ සාරාංශය කියන්නම්..දෙවන ලෝක යුද්දය සිද්ද වෙන්නෙ හිට්ලර්ගේ ඒකාධිපති වියරුව නිසා ඔහුව ඝාතනය කිරීමට හමුදාවෙ ඉහල පෙලේ නිලදාරීන් කිහිප දෙනෙක් සැලසුම් කරනව,ඉන් පසු හදිසි අවස්ථාවකදී ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති වැල්කරි නම් මෙහෙයුම ක්‍රියාත්මක කිරීමයි ඔවුන්ගෙ අරමුණ..මෙහි ප්‍රදානත්වය ගන්නෙ අබ්බගාත කැප්ටන් එකෙන්ක්..ඔහුගේ මෙම ක්‍රියාදාමය තමයි මෙ චිත්‍රපටයෙන් පෙන්වන්නෙ..මේක සත්‍ය කතාවක් පදනම් කරගෙන නිර්මාණය වූ චිත්‍රපටයක්..මම නම් හරීම ආසවෙන් බැලුව..වෙනස්ම කාලෙකට අපිව ගෙන යන චිත්‍රපටයක්..

Friday, March 27, 2009

You Don't Mess With The Zohan [2008]


හික් හික්..මේක ගැන නම් ලියන්න හිතෙනකොටත් හිනා යනව..හොද ෆිල්ම් එකක්..හිනා යන කොමඩියක් කියන්න පුලුවන්..කාලෙකින් කොමඩි මූවි එකක් බැලුවෙ නැත්නම් මේක බලන්න කියල තමයි කියන්න තියෙන්නෙ..මේක වෙනස් තේමාවක් ගත් චිත්‍රපටයක්..මේ සෝහාන් කියන්නෙ සුපර් මෑන් වගේ චරිතයක්..අසාමාන්‍ය ශක්තියක් එහෙම තියන වෙඩි වදින්නේ නැති පොරක්..මෙයා හමුදා නිලධාරියෙක්,හමුදාවට අවශ්‍යම කෙනෙක්..කොහොම උනත් සෝහාන්ගෙ එකම ආසාව නම් බාබර් කෙනෙක් වෙන එක..යුද්දෙකට ගිහින් ආවත් නිදාගන්න ගියාම අඩනව තමන්ගේ ආසාව මතක් වෙලා..මේ නගරයේ ඉන්නව සෝහාන් වගේ තවත් ශක්තිමත් පොරක්,කොහොම හරි දවසක් මේ දෙන්නගෙ ෆයිට් එකක් යනව (හිනා යන විදියෙ ෆයිට් එකක්)මේකෙන් සෝහාන් පැරදුනා වගේ පෙන්නල පොර ඇමරිකාවට යනව බාබර් කෙනෙක් වෙන්න..කෝලම් නෙද කතාව?බලන්නකෝ එයාට එහෙදි හොද බාබර් කෙනෙක් වෙන්න පුලුවද කියල?හොදට හිනා යන ෆිල්ම් එකක්..බානව නම් ලින්ක් එක පහළ ඇති..

Madagascar-Escape 2 Africa (2008)


මම මේ කියන්න යන්නේ ඇති වෙනකම් හිනා වෙන්න පුලුවන් කාටුන් එකක් ගැන..මැඩගස්කර් 1 බැලුව අය නම් මේක බලල ඇති බොහෝ වෙලාවට..කොහොම උනත් මේක එළම එළ ෆිල්ම් එකක් නිසා කියන්න හිතුව..මේ මැඩගස්කර් 2,මම නම් හිතන්නෙ මුලින්ම පළවෙනි එක බලල හිටිය නම් හොදයි කියල..කොහොම උනත් කමක් නෑ..මුලින් මේක බැලුවත් රසයේ අඩුවක් වෙන එකක් නෑ...ඔන්න අහගන්න,මෙන්න මේකයි කථාව..ඇමරිකාවෙ සත්තු වත්තක හිටපු සත්තු 4දෙනෙක් මැඩගස්කරයට එනව නැවකින්..මේ ටික වෙන්නෙ පළමු කතාවෙ,මේ කතාවෙ තියෙන්නෙ එතන ඉදල ඉතුරු ටික..ඔන්න මේ 4 දෙනා මැඩගස්කරයෙන් වෙන රටකට යන්න පිටත් වෙනව කාලෙකට ඉස්සර එහෙට කඩාගෙන වැටුන ගුවන් යානයකින්.. (කතාවෙ මේ හරියට එනකොටත් ඇස් වල කදුලු පිරෙයි,දුකට නෙවෙයි,හිනා වෙලාම..හික් හික් ) මේ සත්තු වත්තක පුංචි කාලෙ ඉදලම ඇතිදැඩි උන නිසා දන්නෙ නෑ කැලේ ජීවිතය කොහොම්ද කියල..කොහොම හරි මේ කබල් ගුවන් යානය කඩාගෙන වැටෙනව අමුතු රටකට..මේ සත්තුන්ට මුකුත් හිතාගන්න බෑ මේ රට ගැන..කොහොම හරි මෙහේ ජීවිතයට මෙ අය හුරුවෙන හැටි නම් හරිම අපූරුයි..කාටුන් නිසා බලන්න කම්මැලෙයි වගෙ හිතුනත් මම කියනවට බාල බලන්නකො..හිනා වෙන්න පුලුවන් කාලෙකට ඇති වෙන්න..හික් හික්..

Thursday, March 26, 2009

සමාවෙන්න ඕන මෙහෙම ලියනවට.....


ෆිල්ම් ගැන ලියන තැනක මෙහෙම ලියන එක හොදද මන්ද..මම දන්නෙ නෑ මේ බ්ලොග් එක හැමෝටම ප්‍රයෝජනවත්ද කියල..කමෙන්ට්ස් අඩු වෙනව එන්න එන්නම..ඒකයි මට මෙහෙම ලියන්න හිතුනෙ..ඔයාල නිකමටවත් මේ බ්ලොග් එකෙන් ප්‍රයෝජනයක් ගත්තොත් පුලුවන් නම් කමෙන්ට් එකක් දාල යන්න හොදේ..මොකද මට මේ බ්ලොග් කෙරුවාවෙන් තියන එකම සතුට ඔයාලගෙ කමෙන්ට්ස් බලන එකත්,ඔයාල මේ බ්ලොග් එක ෆලෝ කරන එකත් විතරයි..ඒ වගේම මේ වැඩේ මීට වඩා හොදට කරන්න ඔයාලගෙ අදහස් මුකුත් තියනව නම් එවත් කියන්න..හොදේ...( යෝජනා චෝදනා අරව මෙව ඔක්කොම කියන්න :ඪ් )

~~Bolt [2008]~~


මේ කියන්න යන්නෙ ඇනිමේශන් ෆිල්ම් එකක් ගැන..හරිම ලස්සන කතාවක්..ටිකක් ලාබාල අයට තමයි වැඩියෙන් හොද,ඒ උනාට හොද ෆිල්ම් එකකින් රසයක් විදින්න පුලුවන් ඕන කෙනෙක්ට ගැලපෙනව..වැඩි විස්තර මොකටද..මම කියන්නම්කො කතාව...ඔයාලම තීරණය කරන්න බලනවද නැත්ද කියල..එක් ළමයෙක් පුංචි කාලෙ ඉදලම බලු පැටියෙක් ඇතිදැඩි කරනව බොහොම ආදරයෙන්..විද්‍යඥයෙක් වන ඔහුගේ පියාව බොහොම දරුණු මිනිගෙ විසින් පැහැරගන්නව..නමුත් ඊට කලින් පියා තම පුතුගේ ආරක්ෂාව සදහා ඔහුගේ බලු සුරතලාගේ ජාන වෙනස් කර සුපිරි බලයක් සහිත බල්ලෙක් කරනව..මේ දරුවා සහ බල්ලා දරුවාගේ පියා සොයමින් යන අතරතුර එන කරදර වලින් බල්ලා තමයි ඔහුව බේරගන්නෙ..නමුත් මේ සියල්ල බල්ලා යොදාගෙන කරන රූපවාහිණී වැඩසටහනක් පමණයි..බල්ලා මේ බව දන්නේ නෑ,ඌ හිතන්නෙ තමන් ඇත්තටම සුපිරි බලයක් සහිත බල්ලෙක් කියල..දවසක් මේ රූපවාහිණී වැඩසටහනේදී මේ ළමයා පැහැරගැනීමකට ලක් වෙනව..බල්ලා දන්නෙ නෑ නෙ මේ සියල්ලම රගපෑමක් බව..ඔහු තනියම මේ ළමයා සොයා යනව..කතාව හිතුවට වඩා වෙනස් නේද?ඉතුරු ටික ඔයිටත් වඩා වෙනස්..බලන්නකො Bolt ..මේ තමා සුපිරි යැයි සිතන බල්ලාට පුදුම දෙවල් වලට තමයි මුහුණ දෙන්න වෙන්නෙ..