Tuesday, April 7, 2009

Shooter (2007)


මේ කියන්න යන්නෙ තීක්ෂණ බුද්ධියක් ඇති මිනීමරු යන්ත්‍රයක් බදු මිනිසෙකුගේ කතාවක් ගැන..මේ ච්ත්‍රපටයේ ප්‍රදාන චරිතයත් හිට්මෑන් වගේම කෙනෙක්..කොහොම උනත් මම කතාව කියන්නම් ටිකක්..එක් සොල්දාදුවෙක්ට බාර වෙනව ස්නයිපර් ප්‍රහාරයකින් කෙනෙක් මැරීමට..මොහු මේ මෙහෙයුම සාර්ථකව නිම කළත් අන්තිම මොහොතේ සතුරු හෙලිකොප්ටරයකින් ඔවුන්ට ප්‍රහාර එල්ල කරනව..මේ මොහොතේ ඔහු හමුදා මූලස්ථානයක කතා කර උදව් ඉල්ලුත් ඔවුන්ට උදව් ලැබෙන්නේ නෑ..මේ හේතුවෙන් මේ ස්නයිපර් තුවක්කුකරුවාගේ සහායකය මැරෙනව..මේ සිද්දියෙන් පස්සෙ ඔහු හමුදා කටයුතු වල සහදාගී නොවී බොහොම ගම්බද පෙදෙසක ජීවත් වෙනව..මේ අතරතුර ඉහළ නිලදාරියෙක් එනව ඔහුව හමුවන්න..මේ නිලදාරියා මොහුව පෙලඹගන්නව විශේෂ වැඩකට...මේ කතාවෙ මුල් ටික විතරයි..මෙතනින් එහාට කිව්වොත් ඒකෙ අගය නැති වෙනව..ඒ නිසා මම නම් කියන්නෙ මේක බලන්න කියල හැමෝටම..නිකම්ම මිණීමරුවෙකුගෙ කතාවක් නෙවෙයි මෙතන තියෙන්නෙ..කතාව බැලුවොත් ඔයාලට ඒක තේරෙයි..
මේ කථාවෙ තිබුන මම ආස කරන දෙබසක් මේ..
X:-I'm supposed to be dead
been a long night

Y:-why aren't u?

X:-Well,the the U.S government spent a lot of time and money teaching me how not to die!

මේක බැලුවොත් ඔයාලට තේරෙයි හරිම ලස්සන කතාවක් නේද කියල...ලින්ක් එක පහළ ඇති..

Sunday, April 5, 2009

Passengers (2008)


මේ ෆිල්ම් එක ගැන කියන්න විස්තර ගොඩක් නෑ..ඒ උනාට ඔයාලට තේරුම් ගන්න පුලුවන් වෙන ගානට කියන්නම් මම..ඊට පස්සෙ ෆිල්ම් එක බලනවද නැද්ද කියල ඔයාලම තීරණය කරන්න..කතාව මෙහෙමයි..එක්තරා මගී ප්‍රවාහන ගුවන් යානයක් කඩාගෙන වැටෙනව මගීන් විශාල ගනනක් එක්කම..පසුව මින් බේරෙන මගීන් දරුණු විදියට මානසික කම්පනය පත් වෙනව...ඒ අයගේ මානසික තත්ත්වය යහපත් කිරීම සදහා එක්තරා වෛද්‍යවරියකට නියම වෙනව..මේ වෛද්‍යවරිය හා මගීන් අතර තමයි ච්ත්‍රපටයේ කතාව ගොඩනැගෙන්නෙ..මේ අණතුරට පත්වූ මගීන්ව විවිධ පුද්ගලයන් ලුහුබදිනව..කොහොම උනත් කතාව මුල ඉදලම අභිරහස් ගතියක් තමයි තියෙන්නෙ..ඒ අභිරහස විසදෙන්නෙ අන්තිම මොහොතෙ..නමුත් අපි හීනෙන් වත් නොහිතන විදියේ විසදුමක් තමයි ලැබෙන්නෙ මේ අභිරහසට..එකම වගේ කථා වලට සීමා වෙලා ඉන්න කෙනෙක්ට වටිනව මේ වගේ කතාවක් බලන එක..මොකද අන්තිම මොහොත දක්වාම අපේ හිතේ කුතුහලයක් තමයි රදෙන්නෙ..

Saturday, April 4, 2009

Next (2007)


හ්ම්ම්ම්..මේක වෙනස්ම තාලෙ ෆිල්ම් එකක්..ඔයාලට ඉදිරි විනාඩි දෙකේදී සිද්ද වෙන දේවල් වෙන්නත් කළින් දැකබලාගන්න පුලුවන් බලයක් තියෙනව නම් කොහොම්ද?එළ නෙ?මේ කතාවෙ කතා නායකයට එහෙම බලයක් තියෙනව..ඒ නිසා තමයි මේක විශේෂ කතාවක් වෙන්නෙ..මෙන්න මෙහෙමයි කතාව..මෙහි ප්‍රදාන චරිතය රගපාන්නෙ නිකලස් කේජ්..ඔහු මැජික් ශිල්පීක් හැටියට සංදර්ශන පවත්වමින් ජීවත් වෙනව..දවසක් රහස් පරීක්ෂකවරු කණ්ඩායමක් මොහුව හොයාගෙන එනව..ඒ පිරිසෙන් එක්කෙනෙක් විශ්වාස කරනව මොහුට විශේෂ බලයක් ඇති බව..ඒ අනුව ඔවුන් මොහුව ලුහුබදිනව..නමුත් මේ මැජික් ශිල්පියා පලායන්නෙ පුදුම හිතෙන විදියට..(මොකද මොහුට පොලිස් නිලධාරින් ඉදිරියට ගන්න ක්‍රියාමාර්ග පේනවනෙ)කොහොම උනත් පසුව ඔහුව හොයාගන්න ලොකු මෙහෙයුමක් ක්‍රියාත්මක කරනව..ඔහුව මේ තරම් පොලිසියට ඕන කරල තියෙන්නෙ ඇයි?පොලිසියෙන් එන බව දුටු විට ඔහු පලා ගියේ ඇයි?අන්තිමේදි ඔහුගේ ඉරණම කොහොම විසදෙයිද?ඔයාලට එහෙම බලයක් නැති නිසා ෆිල්ම් එක බලන්නම වෙනව මේ ප්‍රශ්ණ වලට උත්තර මොනවද කියල දැනගන්න..ලින්ක් එක පහළ ඇති...

The Pink Panther (2006)


ඔන්න තවත් එළ කොමඩියක්..මට මේ ගැන කියන්න මතක් උනේ පින්ක් පැන්තර් 2 ආව බව ආරංචි උන නිසා..පින්ක් පැන්තර් 2 වල නම් ඓශ්වර්යා රායිත් ඉන්නවලු..කොහොම උනත් 2 බලන්න කලින් 1 බලල ඉන්න එපයි..එකයි මේ ගැන කියන්නෙ..කතාව නම් බොහොම සරළයි..ක්‍රීඩා තරගයකදි වැදගත් පුද්ගලයෙකු අතේ පැලදගෙන සිටි පින්ක් පැන්තර් නැමති විශාල මැණිකක් අතුරුදහන් වෙනව..මේක සෙවීමට ඉහළ නිළයක සිටින පොලිස් නිලධාරියෙක් ගම්බද පොලිසියකින් කෙනෙක් ගෙන්වාගන්නව..ඒ ඔහු දක්ෂයෙක් නිසා නම් නෙවෙයි..ඔයාලට කතාව බලනකොට තේරෙයි ඔහුව ගෙන්වාගන්න එකේ අරමුණ..මේ ගම්බද පොලිස්කාරයා වටා තමයි කතාව ගොඩනැගෙන්නෙ,ඔහු අමුතු අමුතු ක්‍රම තමයි අනුගමනය කරන්නෙ රහස් හොයාගන්න..මිස්ටර් බීන් වගේ චරිතයක්..මේක හරිම ලස්සන ෆිල්ම් එකක්..කොමඩියක් හැටියට සාර්ථකයි..හොදට හිනා යනව බලනකොට..කාලෙකින් හොදට හිනා වුනේ නැත්නම් බලන්න පින්ක් පැන්තර්...

Friday, April 3, 2009

Troy (2004)


මේක එතරම් වැදගත් ලිපියක් වෙන එකක් නෑ..මොකද නිකමටවත් ෆිල්ම් බලන හැමෝම බලල ඇති කියල හිතන ෆිල්ම් එකක් ගැන මේ ලියන්නෙ..කොහොම උනත් බලල නැති එක්කෙනෙක් හරි මේ ලිපිය කියවල මේ ෆිල්ම් එක බැලුවොත් ලොකු දෙයක්...මම බලපු හොදම ඇක්ෂන් ෆිල්ම් අතරෙන් එකක් මේක..මම කතාවෙන් ටිකක් කියන්නම්කො..කතාවෙ මුල් ටික මෙහෙමයි..ස්පාටා නුවර අකිරීස් කියල යුද පුරාවෘත්තයක් වගේ මිනිසෙක් ඉන්නව(බ්‍රැඩ් පීට් තමයි මේ චරිතය රගපාන්නෙ)..ඔහු වටා තමයි මේ කතාව ගෙතිල තියෙන්නෙ..මේන්න කතාවෙ සාරාංශය..ස්පාටා හා ට්‍රොයි කියන්නෙ බලවත් රාජධානි දෙකක්..මේ රාජ්‍යන් දෙක අතර සාමය පවත්වාගෙන යන්න ට්‍රොයි වල කුමාරවරු දෙදෙනෙක් එනව ස්පාටා වලට..මේ ගමනෙදී එක් කුමාරයෙක් ආදර සම්බන්දතාවයක් ඇති කරගන්නව ස්පාටා වල රජුගේ බිරිදත් සමග..මේ සිද්දිය මුල් කරගෙන අතිශය බලවත් මේ රාජධානි දෙක යුධ වදිනව..මේ යුද්දයේදී අකිරීස් නැමැති අපරාජිත පුද්ගලයාගෙ ඉරණම තමයි මෙහි පෙන්වන්නෙ..මේක බලපු නැති අය ඉන්නව නම් ඒ බොහොම ටික දෙනෙක් වෙන්න ඕන..ඒ අයට මම කියන්නෙ මේක බලන්න කියල..මාර ගති ෆිල්ම් එක... :D

බානව නම් මෙන්න ලින්ක් එක!
(දැනට සීඩ්ස් තියෙනව..)



Disaster Movie (2008)


හ්ම්ම්..මේ ෆිල්ම් එක ගැන කියන්න තරම් විශේෂයක් නෑ..හොද ෆිල්ම් ගැන කියනව වගෙම වැඩකට නැති ෆිල්ම් වලින් ඔයාලව බේරගන්නත් හිතුන නිසයි මේ ගැන ලියන්නෙ..කවුරු හරි මේක බාන්න හිතාගෙන ඉන්නව නම් ඒ ගැන ආයෙ කල්පනා කරල බලන්න..මේ ෆිල්ම් එක ගැන ගොඩය අය බලාපොරොත්තු තියාගෙන හිටිය හොද කොමඩි ෆිල්ම් එකක් වෙයි කියල..මොකද මේක හදල තියෙන්නෙ ගොඩක් දුරට 2007 හා 2008 වර්ෂ වල ජනප්‍රිය වූ ෆිල්ම් වල අඩුපාඩු වගේම ඒවායෙ චරිත යොදාගෙන,එ නිසා මේක එන්න කලින් ගොඩක් අය හිතුව හොදට හිනා යන ෆිල්ම් එකක් වෙයි කියල..හ්ම්ම්..මට නම් එච්චර හිනා ගියේ නෑ මේක බලල,ගොන් ජෝක්ස් තියෙන්නෙ..ඔයාල මේක බාන්න හිතාගෙන හිටිය නම් ආයෙ ඒ ගැන හිතල බලන්න..

Thursday, April 2, 2009

Into the Wild (2007)


මට හිතාගන්න බෑ මේ ෆිල්ම් එක ගැන කොහොම කියන්නද කියල..පිටු ගානක් ලියන්න පුලුවන්..ඒත් කොච්චර ලිව්වත් මේ ෆිල්ම් එක විනාඩියක් බලනකොට හිතට දැනෙන දේ විස්තර කරගන්න බැරි වෙයි..නියම සතුට,නිදහස සොයා යන තරුණයෙකු ගැනයි මේ කතාවෙන් කියවෙන්නෙ..සමාජයත් එක්ක කිසිම බැදීමක් නැතුව කැලයකට වෙලා ජීවිතය තේරුම් ගන්න හදන කෙනෙක්ට කොච්චර ශක්තියක් තිබිය යුතුද?ඒ ශක්තිය මේ තරුණයා තුල නොඅඩුව තියෙනව..මම මේ කථාවෙ පොඩ්ඩක් වත් කියන්නේ නෑ,මොකද මේක ඕනම කෙනෙක් බැලිය යුතුම කතාවක්..මේක බලන්න කම්මැලි හිතෙනව නම් ගිහින් බලන්න මේ ලින්ක් එකට..මේක සත්‍ය කතාවක්..මොහු කැලිෆෝනියාවේ සිට ඇලෙස්කාව දක්වා යනව..අතේ ඇති සල්ලි ඔක්කොම පුච්චල දමල තමයි ඔහු ගමන පටන් ගන්නෙ..මේ ගමනට අවුරුදු ගණනාවක් ගත වෙනව..ගමන අතරතුරදී සිදුවන දේවල් තමයි චිත්‍රපටයෙන් දක්වා තිබෙන්නෙ..මේ ෆිල්ම් එක හැම මොහොතකම ජීවිතය ගැන අලුත් පාඩමක් කියා දෙනව..ඔයාල කොච්චර 'බිසී' උනත් මේක බැලුවොත් ජීවිතේ,සතුට කියන්නෙ මොකද්ද කියල තේරෙයි..

Marley & Me (2008)


හ්ම්ම්...මේක සාමන්‍ය පවුලක ජීවිත කතාවක් කියන්න පුලුවන්,ආදර කතා,කොමඩි ෆිල්ම්, කියන වර්ග දෙකටත් ඇතුලත් කරන්න පුලුවන්..කතාවෙ විශේෂත්වයක් නෑ..සාමන්‍ය පවුලක් සතුටින් ජීවත් වෙන්න දරන උත්සාහයක් තමයි පෙනවන්නෙ..නමුත් මේ පවුලෙ වැදගත් අමුත්තෙක් ඉන්නවා..ඒ මාලී..ඔවුන්ගේ සුරතල් බල්ලා,ඌ නිසා තමයි මේ කතාවට අමුතු පණක් ලැබිල තියෙන්නෙ.....ඔන්න මම කතාව පිළිවෙලට කියන්නම්..අලුතින් විවාහ වු යුවලක් බලුපැටියෙක් ගන්නව සුරතලයට ඇතිදැඩි කරන්න..නමුත් ඔවුන්ට හම්බෙන බලුපැටිය අධික්‍රියාකාරී එකෙක්..එක මොහොතක් එක විදියකට ඉන්න බෑ..ඒ වගෙම කවුරුවත් කියන දේ අහන්නෙත් නෑ..මේ යුවලේ ස්වාමිපුරුෂයා පත්තර වාර්තාකරුවෙක්..ඔහු තමාත් තම බල්ලා මාලිටත් වෙන සිදුවීම් ඇසුරින් විකට කතා තීරයක් ලියනව..ඒක ගොඩක් ජනප්‍රිය වෙනව..අපිට මේ ෆිල්ම් එකෙන් බලන්න තියෙන්නෙ ඔවුන්ගේ ජීවිත කතාව..තව කියන්නෙ නෑ මම මොකද මාලි කොච්චර ක්‍රියාකාරී,හිතුවක්කාර බල්ලෙක්ද කියල ඔයාලට තේරුම් කරන්න අමාරුයි මට....ඇත්තටම මේ වගේ බල්ලෙක් ඇති කරන එක පිස්සු හැදෙන වැඩක්..මේ බල්ලගෙ වැඩ බලාගන්න ඕන නම් බලන්න Marley & Me..සාමාන්‍ය පවුලක්,අධික්‍රියාකාරී බල්ලෙක් ඇතිකරමින් සතුටින් ජීවත් වෙන්න දරන උත්සාහයක් තමයි මුල් භාගයෙන් පෙන්වන්නෙ..නමුත් චිත්‍රපටයේ අවසාන භාගය කොච්චර සංවේදීව ගෙවෙනවද කියල වචනයෙන් කියන්න බෑ..

Tuesday, March 31, 2009

Yes Man (2008)


හ්ම්ම්ම්...මේක ෂෝක් ෆිල්ම් එකක්..ඔයාල අනිවාර්යෙන් බලන්න කියල තමයි කියන්න තියෙන්නෙ මට නම්..මොකද මම ගොඩ කාලෙකින් තමයි බැලුවෙ ජීවිතේට යමක් එකතු කරගන්න පුලුවන් ෆිල්ම් එකක්..ඇත්තටම ලස්සන නිර්මාණයක්..ඒ වගෙම ලස්සන කතාවක්..මම කතාවෙන් ටිකක් කියන්නම් ඔයාලට තේරුම්න් ගන්න පුලුවන් වෙන ගානට විතරක්..එක්තරා ආයතනයක වැඩ කරන පුද්ගලයෙක් සාමාන්‍ය පුද්ගලයෙක් තමයි මේකෙ ප්‍රධාන චරිතය..ඔහු ජීවිතයේ බොහේ දේවල් ප්‍රතික්ෂේප කරනව..විනෝද වෙන්න යන්නේ නෑ,අනුන්ට උපකාර කරන්නේ නෑ,ඒ වගේම ඔහු සතුටින් ජීවත් වෙනව වගේ හිතුවත් ඔහු සතුටින් නෙවෙයි ජීවත් වෙන්නෙ..මේ අතරෙ ඔහුට යාලුවෙක් කියනව Yes Man කියල වැඩසටහනක් ගැන..අකමැත්තෙන් වුනත් මොහු ඒ වැඩසටහනට සහභාගී වෙනව..හැම දේටම 'ඔවු' කියල වගකීම් බාරගෙන සතුට්න් ජීවත් වෙන හැටි එතනදි මේ කතානායකය ඉගනගන්නව..ඇත්තටම ඔහුගේ ජීවිතේ වෙනස් වෙනව එතන ඉදන්..ඔහු බොහොම ක්‍රියාශීලී පුද්ගලයෙක් බවට පත් වෙනව..කතාව මම කිව්වට වඩා ගොඩක් හිතට දැනෙනව ඒක බලනකොට..පුලුවන් නම් බලන්න..ඔයාලගෙ ජීවිතයටත් යමක් එකතුකරගන්න ලැබෙන බව නම් මට සහතිකයි...

Snake Eyes (1998)


මම මේක බැලුවෙ මේ බ්ලොග් එකේම අපේ යාලුවෙක් දාපු කමෙන්ට් එකක් අනුව..කොහොම උනත් බැලුවට නම් පාඩුවක් උනේ නෑ මොකද ෆිල්ම් එක හොද නිසා..මේක ඇක්ෂන් ෆිල්ම් එකක් උනත් ෆයිට් එහෙම නම් නෑ බරපතල විදියට..මම කතාවෙන් ටිකක් කියන්නම්කො ඔයාලට දල අදහසක් ගන්න පුලුවන් විදියට..එක්තරා බොක්සින් තරගයක් නැරඹීමට පැමිණි ඇමරිකානු ආරක්ෂක ලේකම්තුමාට නාදුනන තුවක්කුකරුවෙක් වෙඩි තියනව..මේ සිද්දිය වටා තමයි කතාව ගොඩනැගිල තියෙන්නෙ..මෙහි ප්‍රදාන චරිතය රගපාන නිකලස් කේජ් පොලිස් නිලධාරියෙක් ..සල්ලි වලට කෑදර උනත් හොද හිතක් තියන චරිතයක් (ඔහුගේන් වෙනස්ම විදියේ රංගනයක් දැකගන්න පුලුවන් මේ ෆිල්ම් එකෙන්..)..කොහොම නමුත් ඔහු මේ සිද්දිය පිටුපස හඹායද්දි ඔහුට ජාතික ආරක්ෂාවට අදාල තොරතුරු රැසක් මෙන්ම ඔහුව මවිත කරන තොරතුරු ගොඩක් අනාවරණය වෙනව..මීට වඩා මේ කතාව ගැන කියන්න අමාරුයි,මොකද කතාවෙ අගය අඩු වෙන්න පුලුවන් ඒකෙන්..කොහොම උනත් බාගෙන බලන්න..පරණ වුනත් හොද කතාවක්...

බානව නම් මෙන්න ලින්ක් එක..
(දැනට නම් සීඩ්ස් තියෙනව පස්සෙ අඩු වෙයිද ෂුවර් නෑ)