
මම මේක බැලුවෙ මේ බ්ලොග් එකේම අපේ යාලුවෙක් දාපු කමෙන්ට් එකක් අනුව..කොහොම උනත් බැලුවට නම් පාඩුවක් උනේ නෑ මොකද ෆිල්ම් එක හොද නිසා..මේක ඇක්ෂන් ෆිල්ම් එකක් උනත් ෆයිට් එහෙම නම් නෑ බරපතල විදියට..මම කතාවෙන් ටිකක් කියන්නම්කො ඔයාලට දල අදහසක් ගන්න පුලුවන් විදියට..එක්තරා බොක්සින් තරගයක් නැරඹීමට පැමිණි ඇමරිකානු ආරක්ෂක ලේකම්තුමාට නාදුනන තුවක්කුකරුවෙක් වෙඩි තියනව..මේ සිද්දිය වටා තමයි කතාව ගොඩනැගිල තියෙන්නෙ..මෙහි ප්‍රදාන චරිතය රගපාන නිකලස් කේජ් පොලිස් නිලධාරියෙක් ..සල්ලි වලට කෑදර උනත් හොද හිතක් තියන චරිතයක් (ඔහුගේන් වෙනස්ම විදියේ රංගනයක් දැකගන්න පුලුවන් මේ ෆිල්ම් එකෙන්..)..කොහොම නමුත් ඔහු මේ සිද්දිය පිටුපස හඹායද්දි ඔහුට ජාතික ආරක්ෂාවට අදාල තොරතුරු රැසක් මෙන්ම ඔහුව මවිත කරන තොරතුරු ගොඩක් අනාවරණය වෙනව..මීට වඩා මේ කතාව ගැන කියන්න අමාරුයි,මොකද කතාවෙ අගය අඩු වෙන්න පුලුවන් ඒකෙන්..කොහොම උනත් බාගෙන බලන්න..පරණ වුනත් හොද කතාවක්...
Can you please write a post on "For Whom the Bell Tolls (1943) also?
ReplyDeleteThanks.