Monday, March 30, 2009
Paul Blart: Mall Cop (2009)
ඔන්න තවත් අලුත් කොමඩියක්..ඒ වගේම ආදර කතාවකුත් තියනව මේ ෆිල්ම් එක ඇතුලෙ..ට්වී එකේ දැකල තමයි මම නම් මේක බෑවෙ..ඔන්න මෙහෙමයි කතාව..එක්තරා සුපිරි වෙළද සංකීර්ණයක ආරක්ෂක නිලධාරියෙක් වටා තමයි මේ කතාව ගෙතිල තියෙන්නෙ..බොහොම තරබාරු පුද්ගලයෙක් වන මොහු තම රාජකාරිය අකුරටම ඉටු කරන කෙනෙක්..මේ වෙළදසැල තුලම වෙලදාම් කරන තරුණියක් වෙත ඔහුගේ හිත ඇදී යනව..ඔන්න කොහොම හරි දවසක් මේ සුපිරි වෙළද සංකීර්ණයට හොරු කණ්ඩායමක් පනිනව..ඔවුන් අර තරුණිය ඇතුලු පිරිසක් ප්රාණ ඇපයට තියාගන්නව..ඒ වගෙම මේ ආරක්ෂක නිලධාරියත් කොටු වෙනව වෙළද සංකීර්ණය තුලම..ඔහු මේ පිරිස බේරගන්න දරන උත්සාහය තමයි කතාවෙන් පෙන්වන්නෙ..කතාව එච්චර විශේෂ එකක් නොවුනත් මේ පොරගෙ රගපෑම වගේම ඔහුගේ වැඩ දැක්කම හිනා යනව හොදට..කොමඩියක් හැටියට සාර්ථකයි කියන්න පුලුවන්...
Subscribe to:
Post Comments (Atom)
මලේ මේක dirty comedy එකක්ද? මම එහෙම එව්වා බලන්නේ නැහැනේ.
ReplyDelete@-බිன்ku-!නෑ මචෝ..මේකෙ එහෙම මුකුත් නෑ..100% පිරිසිදුයි..
ReplyDeleteඑලකිරි ෆිල්ම් එකක්...... :D :D මචන් නරකද කට්ටියට මේ ෆිල්ම් වලට සබ්ටයිටල්ස් බාන තැනුත් මෙතනම දැම්මොත්.........!!
ReplyDelete