
ඔන්න ගෙනාව ක්රියාදාම වලින් අඩුවක් නැති කතාවක්..ඒ වර්ගයේ ගොඩක් ෆිල්ම් වලට වඩා වෙනස් මේක..ඔයාලට ඒක තේරෙයි ෆිල්ම් එක බැලුවොත්..මම නම් ආසාවෙන්ම බලපු ෆිල්ම් එකක්..මම කතාව කියන්නම්කො ටිකක්..එක්තරා පුද්ගලයෙක් විසින් ලෝකයේ බිහිසුණුම වාර්තා තියෙන සිරකරුවන්10ක් නිදහස් කරගන්නව ඉහළ නිලධාරින් පගාව දීම මගින්..මේ අය නිදහස් කරගන්නෙ විශේෂ,බිහිසුණු වැඩසටහනකට සහභාගී කරගැනීමට..මම මේ වැඩසටහන ගැනත් කියන්නම් ටිකක්..මේ 10දෙනාගෙ කකුල් වලට බෝම්බ සවි කරල මොවුන්ව ගුවන් මගින් එක් දූපතක වෙනස් වෙනස් පැති වලට ගෙනත් දානව,මේ බෝම්බ පැය 30ක් ඇතුලත ඉබේම පිපිරෙන්නයි නිර්මාණය කරල තියෙන්නෙ..මේ 10දෙනාගෙන් අර බෝම්බයෙන් නිදහස් වෙන්න ලැබෙන්නෙ එක්කෙනෙක්ට පමණයි..ඉතින් අනිවාර්යෙන්ම මේ 10දෙනා එකිනෙකාව මරාගන්නවනෙ..මේ මුලු දූපතේම කැමරා සවි කරල තියෙනව බොහොම රහසිගත විදියට ඒ මගින් සජීවීව අන්තර්ජාලය හරහා මොවුන් දූපතේදි එකිනෙකාව මරාගන්නා හැටි,ඔවුන්ගේ උපක්රම,ඔවුන්ගේ ක්රියාදාමයන් පෙන්නනව..මේ වැඩසටහන මිලියන ගනනක් පිරිස අන්තර්ජාලයෙන් නරඹනව,මෙයට තේරුනු එක් සිරකරුවෙක් වටා තමයි කතාව ගෙතිල තියෙන්නෙ,අන්තිමට ඔහු නිසා මෙහි නිශ්පාදකවරුන්ට නොසිතූ දෙයකට මුහුණ දෙන්න වෙනව..ඔන්න කතාවෙ ප්රධාන දේවල් ඔක්කොම කිව්ව මම..ක්රියාදාම චිත්රපටි ප්රිය කරන්නන් අනිවාර්යෙන් බලන්න...
සිරා ෆිල්ම් එක මචන් මම ඕක බලලා තියෙනවා එළකිරි එකක්.......!! :D
ReplyDeleteඑළ එළ එළ.....
ReplyDeleteස්තුතියි.
ReplyDeleteපව්ව මචන් මාර සිද්දිය
ReplyDeleteමට ඔය බොම්බ ටික හම්බ උනොත් බදිනවා ඔය වැඩසටහන් හදපු උන්ගේ කකුල් වල
සිරා මහන්....එල ෆිල්ම් එක....අන්තිමට යන්නෙ මගෙ ආසම song එකක් nicle balck ලගේ
ReplyDelete@C4! හික් හික්..ඇත්තටම ෆිල්ම් එක බලනකොට මේ තරගය සංවිධානය කරපු උන් එක්ක මාර තරහක් තමයි ඇති වෙන්නෙ..
ReplyDelete@zonoczz & Uraj !ඔවු බන්..පට්ට!
මේක එළ Film එක
ReplyDeleteDeath Race නුත් ටිකක් මේ වගේ නේද මචෝ
@ම! ඔවු මචන්..ටිකක් ඒ විදිය තමයි..ෆිල්ම් දෙකම එළ!
ReplyDelete