Wednesday, March 18, 2009

~ The Pursuit Of Happyness (2006) ~


ඔන්න මට ආයෙත් මතක් උනා බලන්න වටින කතාවක්..ඒකයි මෙ ගැන ලියන්නෙ..ඔයාල මේක බලල නැත්නම් අදම බලන්න කියල තමයි කියන්න තියෙන්නෙ..මේකෙ රගපාන්නෙ විල් ස්මිත්...එතුමාගේ රංගන හැකියාව ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඕන නෑ නේ...කොහොම උනත් ෆිල්ම් එක ගැන කෙටි විස්තරයක් කරනව නම් මෙහෙමයි..මේක හරිම සංවේදී කතාවක් කියන්න පුලුවන්..ඇක්ශන් එහෙම නම් නෑ..ඒ උනාට මේ කතාව බැලුවම හිතට හරිම සතුටක් දැනෙනව ලස්සන කතාවක් බැලුව කියල..මේ ෆිල්ම් එකෙ කියවෙන්නෙ ජීවත් වෙන්න උත්සාහ කරන ආදරණීය තාත්ත කෙනෙක් ගැන,පොහොසතෙක් විදියට නෙවේයි,ජීවිතේ ගැටගහගන්න..කතාව සරළයි,හෑල්ලක් ලියන්න දෙයක් නෑ,ඔයිට වඩා කිව්වොත් ඒකෙ අගයක් නැති වෙනව..මගේ මතයට අනුව නම් අධ්‍යක්ෂ වරයා ගේ දක්ෂ කම හා විල් ගේ විශිෂ්ට රංගනය නිසා තමයි මේක මෙච්චර හැඩ වෙලා තියෙන්නෙ... කොහොම උනත් මම නම් කියන්නෙ මේක බලන්න,බලල තියනව නම් ආයෙ ආයෙ බලන්න..මොකද පිය සෙනෙහස හරිම ලස්සන විදියකට නිරූපණය වෙනව..

ප.ලි:
මේ ෆිල්ම් එක බලල වැඩක් නෑ කියල හිතෙනව නම් මෙතන කොටන්න..මොකද ගොඩක් දුරට ඔබේ ඒ අදහස වෙනස් කරන්න පුලුවන් මැජික් එකක් තියෙනව! :D

6 comments:

  1. අම්මෝ ඇති යන්තං මේ බ්ලොග් එකේ මං බලපු ෆිල්ම් එකක් ගැන තියනවා.. හික් හික්.. ඇත්තටම ලස්සන ෆිල්ම් එකක් තමයි මේක. හැමෝම බලන්න.

    ReplyDelete
  2. හරිම සංවේදී සහ සුන්දර චිත්‍රපටයක්. සැබෑ ජීවිත කතාවක් අලලා තැනූ සිනමාපටයක්. මෙහි විල් ස්මිත් පණපොවන චරිතය හිමි සැබෑ පුද්ගලයාව ඉන්නවා මෙන්න මේ වීඩියෝ එකේ
    http://www.youtube.com/watch?v=58vkmQklbdU

    ReplyDelete
  3. ස්තුතියි ගුරෝ, මාත් බලන්න ඕනෑ!

    ReplyDelete
  4. @නලින්! තෑන්ක්ස් මචෝ..ඒ වීඩියෝ ඒක පට්ට..කතාව ගැන තව ආස හිතෙනව..

    @බින්කු! ඔව් ඔව් මචෝ අනිවා බලපන්..පට්ට!!

    @මලී!ඒක ඇත්ත..කාටත් බලන්න වටින ෆිල්ම් එකක් මේක.. :yes:

    ReplyDelete
  5. ඒක නෙවෙයි ,,, මේ වැඩේ නම් පට්ටම පට්ටයි. . .!! දිගටම ලියන්න. . .

    ReplyDelete
  6. @චින්තක! තැන්ක් යූ මචෝ..

    ReplyDelete

අන්න හරි..ඔහොම හිතුව එක ගොඩක් හොදයි..ලියන්න ඔයාගෙ අදහස්..මේ බ්ලොග් ලිවිල්ල ගැන මට සතුටක් දැනෙන්නෙන් ඔයාලගෙ අදහස් කියවනකොට තමයි..