Tuesday, March 31, 2009

Bangkok Dangerous (2008)


මම බලපු හොදම ඇක්ෂන් ෆිල්ම් වලින් එකක් කියන්න පුලුවන්,ඒකට නිකලස් කේජ් ගෙ රංගනයත් හේතු වෙන්නැති..කොහොම උනත් ඇක්ෂන් කතා බලන්න ආස අය නම් නොවරදවා බැලිය යුතු චිත්‍රපටයක්..මම මේකෙ කතාව ටිකක් කියන්නම්..නමුත් අන්තිම ටික ගොඩක් වෙනස් වෙනව,හොදේ... :D මෙන්න මෙහෙමයි කතාව..මෙහි ප්‍රදාන චරිතය වන ජෝ (නිකලස් කේජ්) වෘත්තීය මිණීමරුවෙක්..ඔහු ජාත්‍යන්තර මට්ටමේ වැඩ තමයි බාරගන්නෙ..ඔහුට බැංකොක් වලින් ඇණවුමක් ලැබෙනව 4 දෙනෙක් මැරීමට,මේ අනුව ඔහු බැංකොක් වලට යනව,ඔහුගේ සිරිත තමන් යම් නගරයකට ගිය පසු රස්තියාදුකාර තරුණයෙක් තම වැඩට අල්ලගෙන වැඩේ අවසන් වූ පසු ඔහුවත් මරා දමා රටින් පිට වීමයි..ඒ අනුව ඔහු බැංකොක් වල සිටි පික්පොකට් ගසන්නෙකු තම උදව්වුවට සොයාගන්නව..නමුත් පසුව ඔහුට තේරෙනව මොහු වෙනත් අයට වඩා වෙනස් බව..ඔහු ජෝ ගෙන් ඉල්ලා සිටිනව තමන්ටත් මේ ක්ශේත්‍රය පුරුදු කරන්න කියා...ඔයාලට ෆිල්ම් එක බැලුවොත් තේරෙයි ජෝ කොච්චර තද චරිතයක්ද කියා,ඒ වගේම ඔහු මෙම ඉල්ලීමට දෙන පිලිතුර කොහොමද කියලත් දැනගන්න පුලුවන්..මේ සියල්ල ඉටු කළත් ඔහු රටින් පනින්නෙ කොහොමද?බලන්නකො Bangkok Dangerous ..නියම ඇක්ෂන් ෆිල්ම් එකක්!

6 comments:

  1. http://www.mininova.org/tor/2086698

    මේකෙ (ඔක්කොම Torrent වල උනත්) "tor" වෙනුවට "get" කියල දැම්මනම් හොඳයි නේද?
    නැත්නම් පිටුව බල බල ඉන්න අස්සෙ අරක ක්ලික් කලොත් Torrent Download Page එකට යනවනෙ...

    නැත්නම් ලින්ක් ‍2ම දාන්න. පිටුවට නම් පිටුවට, කෙලින්ම බානව නම් එහෙම ;)

    http://www.mininova.org/get/2086698

    ReplyDelete
  2. අයියේ හැමදාම on line බලන්නත් ලින්ක් එකක් දානවද?

    ReplyDelete
  3. පොඩි ලව් සින් එකකුත් තියනවා නෙද මෙකේ

    ReplyDelete
  4. @ගයන්ත! තෑන්ක්ස් මචෝ ඒක කිව්වට..මම දැනගෙන හිටියේ නෑ..
    @නදීර! හැමදාම නම් දාන්න අමාරුයි මල්ලි..ඉන්න මම මේකෙ ලින්ක් එක හොයල දෙන්න ට්‍රයි ක‍රන්නම්!

    @දිසා.. ඔව් මචෝ එහෙම පොඩි සිද්දියක් තියෙනව..ඒ උනාට ඒක සාර්තක එකක් වෙන්න නැති නිසාත් කථාවෙ තේමාවෙන් පිටට පනින නිසාත් ලිව්වෙ නෑ ඒ ගැන.. :)

    ReplyDelete
  5. uhhm i didnt like this movie. it felt really fake and i believe that the writer and the director were trying to exploit the westerners belief that Buddhism is a wholly mystic and "weirdo" religion. And as for action im not really sure its one of Cage's best but dont let that stop you from downloading and watching the movie :)

    ReplyDelete
  6. @nadeera! මේ ලින්ක් එකෙන් ගිහින් බලන්න.. :)
    http://stagevu.com/video/fseybzytvguu

    ReplyDelete

අන්න හරි..ඔහොම හිතුව එක ගොඩක් හොදයි..ලියන්න ඔයාගෙ අදහස්..මේ බ්ලොග් ලිවිල්ල ගැන මට සතුටක් දැනෙන්නෙන් ඔයාලගෙ අදහස් කියවනකොට තමයි..