Thursday, March 26, 2009

සමාවෙන්න ඕන මෙහෙම ලියනවට.....


ෆිල්ම් ගැන ලියන තැනක මෙහෙම ලියන එක හොදද මන්ද..මම දන්නෙ නෑ මේ බ්ලොග් එක හැමෝටම ප්‍රයෝජනවත්ද කියල..කමෙන්ට්ස් අඩු වෙනව එන්න එන්නම..ඒකයි මට මෙහෙම ලියන්න හිතුනෙ..ඔයාල නිකමටවත් මේ බ්ලොග් එකෙන් ප්‍රයෝජනයක් ගත්තොත් පුලුවන් නම් කමෙන්ට් එකක් දාල යන්න හොදේ..මොකද මට මේ බ්ලොග් කෙරුවාවෙන් තියන එකම සතුට ඔයාලගෙ කමෙන්ට්ස් බලන එකත්,ඔයාල මේ බ්ලොග් එක ෆලෝ කරන එකත් විතරයි..ඒ වගේම මේ වැඩේ මීට වඩා හොදට කරන්න ඔයාලගෙ අදහස් මුකුත් තියනව නම් එවත් කියන්න..හොදේ...( යෝජනා චෝදනා අරව මෙව ඔක්කොම කියන්න :ඪ් )

38 comments:

  1. මම මේක බලනවා. මේ දවස් වල බලපු හුඟක් ෆිල්ම්ස් බැලුවේ මේකෙන් බලලා. හැබැයි සමහර ඒවානම් චාටර් ආ... ;)

    කමෙන්ට්ස් වලින්ම හොඳද නරකද කියලා මනින්න එපා. සමහර බ්ලොග් තියෙනවා කමෙන්ට් මොනවත් නැති. ඒත් කට්ටිය අනිවා බලනවා

    ReplyDelete
  2. අනේ මේ ‍බ්ලොග් එක මේ විදියට දිගටම ලියාගෙන යන්න. මං ව‍ගේ හොද චිත්‍රපට හොයන අයට මේක ලොකු උදව්වක්. කමෙන්ට් දාන්න වුනේ නැත්තේ මේවා මං බලලා නැති හින්දා මොකුත් කියන්න බැරි නිසා.. එත් බ්ලොග් එක හැමදාම බලනවා. ඒක නිසා ලියන්න!

    ReplyDelete
  3. මේ දවස් වලනම් films බලන්න වෙලාවක් ඇත්තෙම නැහැ.
    ඒ වුනාට පොඩි විවේකයක් හම්බ වෙච්ච ගමන් මෙ බ්ලොග් එක බලල හොඳ films ටිකක් හොයා ගන්න හිතාගෙන ඉන්නවා.
    comments දාන්න film බලල ඉන්න එපැයි

    ReplyDelete
  4. Hit Counter එකක් දාල තියා ගන්න. එතකොට comments නොදැම්මත් කට්ටිය blog එක බලන බව පෙනේවි

    ReplyDelete
  5. අනේ බය වෙන්න එපා.. අපි ඔක්කොම ඔයාගේ බ්ලොග් එක බලනව.. මම මගේ ගූගල් රීඩරයටත්. ෆයර්ෆොක්ස් බුක් මාක් වලටත් ඇතුලත් කරගෙන ඉන්නෙ... ඒවයෙ වෙනත් සිංහල බ්ලොග් අඩවි තියෙන්නෙ 6-7ක් විතරයි..

    නරකද හිට් කවුන්ටරයක් දාගත්තොත් ?? එතකොට ඔයාටම තේරෙයි. අපි ඔයාව කොච්චර අගය කරනවද කියල.

    දිගටම ලියන්න.... අපි බලං ඉන්නව

    ReplyDelete
  6. කමෙන්ට්ස් ගනන් ගන්න එපා යාලුවා මමත් මෙක අනිවාර්යෙන්ම බලන බ්ලොග් එකක්

    ReplyDelete
  7. මමත් මේක බලනවා අලුත් පෝස්ට් එකක් ආපු ගමන්. මම වැඩිය ෆිල්ම් නොබලන නිසා ඉතින් කමෙන්ට් කරන්න දෙයක් නෑ. ඒකයි නොලියන්නේ.

    ඔයා Hit counter එකක් දාගන්න www.histats.com හොඳා.

    දිගටම ලියන්න. ජය ශ්‍රී !

    ReplyDelete
  8. http://flagcounter.com/ මෙකත් එක්ක දාන්න. අපරාදේ මේවා කලිං දාන්න තිබ්බේ. එතකොට බලා ගන්න තිබ්බා අපිව ;). කමක් නැහැ දැන්වත් දා ගන්නකෝ. මලේ, ඔයාගේ සමහර එව්වා තාම මම බැලුවෙ බෑවේ නැති හින්දා මුකුත් නො කිව්වේ. කොහොම වුණත් මචෝ උඹ ලොකු වෙනසක් කලා බං මෙ පොඩ්ඩේ. එක් කෙනෙක් එකක් පටං ගත්තා, තැන් දෙක තුනකම ෆිල්ම් ගැන ලිව්වා. ඉතිං මදෑ?

    ඕන තරම් එව්වා තියෙන්නෙ කලාතුරකින් comment එකක් හරි වැටෙන. ඒත් එව්වා බලන ඇත්තෝ ගොඩායි නොවැ? අනික මචෝ comments නොදැම්මට අපි mark කරනවානේ. ලියපං මචෝ තව ලියපං පුළුවං තරමට (මේ විදිහට කතා කලේ ආදරේටයි.)

    මචං ලියනකොට පෞද්ගලික අදහස් ටිකම ටිකක් අඩු කරලා කථාව ලියද්දි තව ලස්සනට පරිස්සම් වෙලා ලිව්වා නම්?

    ReplyDelete
  9. එළ, බලන්න ඕනේ, හ්ම්ම්..., තව එකක් දෙකක් දැම්මා නම්? හරි නැහැ, මොකද්ද මේ මගුල? වගේ ඒවා?

    Anonymous කියපුවා හින්දයි මේක හිතුණේ. ඒත් එතුමාත් බලන්න අරං තියෙන්නේ ඔයා හින්දා නොවැ මචෝ?

    ReplyDelete
  10. oy`@g a@q`\n`v hQn\dm mt @mk l\yn\n hQwOn! mElqQ mm hQwO@v @m|k$c|cr v#dk\ n#wQ syQt| ekk\ kQyl. @h`qt b#lEvm wm a@g @w\@rn\@n mm blpE @g`dk\ @h`[ fQl\m| @g`dk\ @h`[t k@mn\t| krl wQ@ynv. alEw\ e'v` g#nw\ kQ@yv|v. qQgtm lQyn\n. pY@y`\jnvw\ sQ@t ekk\.

    ReplyDelete
  11. මම නම් ෆිල්ම් බලන්නෙ බොහොම අඩුවෙන්.

    ඒක නිසා හැම ෆිල්ම් එකකටම "බලන්න ඕනෙ" එක tic කරලා යනවා... :D
    ඉතුරු ටික හිතාගන්න පුළුවන් නෙ ;)

    ReplyDelete
  12. අයියෝ.. ගනං ගන්න එපා.. කමෙන්ට්ස් නොදැම්මට හැම ලිපියක්ම බලනවා.

    ReplyDelete
  13. කවුන්ටරේ 2000 ගාණක් දාගත්ත නේද?,, හික් හික් කමක් නෑ. එච්චර විතර හිට්ස් එන්න ඇති, නැති වෙන්න විදියක් නෑ....

    කෝ බලන්න දැන් මූණ... ආයි ආයි.. කජු ලෙල්ල වගේ තිබ්බ එකට දැන් ටිකක් ලේ උණාගෙන එනව... හික් හික්

    ඔහොම යං ඔහොම යං

    ReplyDelete
  14. අපි බලනව! මම බලනව! feedjit,flag counter දා ගන්න!අවංකවම මම films මාසෙකට 1ක් වගේ තමා ඔයා ගෙ list එකෙන් බලන්නෙ! ඒ කට හේතුව Download කරන්න තියෙන කම්මැලි කම! Video Shop වලින් direct ගන්න පුලුවන් DVD ගැනත් දැම්මොත් ගොඩක් අගෙයි! මත විමසීම ගැනත් ස්තුතියි ඔබට!

    ReplyDelete
  15. අපොයි මම පටන් ගත්ත දවසට පස්සෙ දවසෙ නේ කවුන්ට‍්රේ දැම්මෙ..කවුරුවත් ඒක දැක්කෙ නැද්ද? :S

    කොහොම උනත් මේ ලිපියෙන්ම දැක්කනෙ කට්ටිය මගෙ බ්ලොග බලනව කියල..නියමයි..රොම්බ හැපි!!

    කමෙන්ට්ස් දාපු හැමෝටම ගොඩාක් ස්තුතියි...ඔයාලගෙ හ‍රිම වටිනව මේක හොදට ක‍රගෙන යන්න..තෑන්ක්ස් අ'ගේන්...

    ReplyDelete
  16. කමෙන්ට්ස් නොදැම්මට මම මෙ බයිස්කෝප් බ්ලොග් එක බලනවා අනිවාර්යයෙන්ම. මගෙ චිත‍්‍රපට විචාර වෙනම දාන බ්ලොග් එකේ මෙ බ්ලොග් එක ලින්ක් කරලත් තියෙනවා. මගේ විචාර නම් ඒ තරම් නොලියවුනත් පිරිස එතරම් නොබැලුවත් ඒකත් එහෙම පවත්වා ගෙන යනවා.

    කවුරු හරි කවදා හරි ඔවා බලාවි කියල හිතල.

    ඒ හින්ද මෙවා ලියල පළ කරල තියෙන එකයි වැදගත් කියල මම හිතනවා.

    ReplyDelete
  17. අඩෝ මේක කරගෙන ගියේ නැත්තම් තෝව ගෙදරට ඇවිත් මරනව....මම අනේමන්ද එකේ රොක්ස්ටාර්

    ReplyDelete
  18. මේ දැනුත් මම බලන්න යන ෆිල්ම් එක(Face/Off (1997)) ඔයාගේ බ්ලොග් එක නිස දැනගත්ත එකක්.දිගටම ලියන්න. මේක අපිට හුගක් ප්‍රයෝජනවත්

    ReplyDelete
  19. පේනවා නේද? මරණ තර්ජනත් තියනවා හික් හික්

    ReplyDelete
  20. එළ එළ..හැමෝටම මේ වැඩේ ප්‍රයෝජනවත් වගේ..නියමයි..තෑන්ක්ස් මචංස්ලගෙ කමෙන්ට්ස් වලට!!

    ReplyDelete
  21. මමත් බිල්ලු බාබර් ඇතුලු චිත්‍රපට කිහිපයක්ම බාගත කරගත්තේ මේ බ්ලොගේ පිහිටෙන් විස්තර බලාගෙන තමයි. කමෙන්ට්ස් ගැන හිතන්න එපා. දිගටම වැඩේ කරගෙන යන්න. ජයවේවා!!

    ReplyDelete
  22. පහු ගිය දවස් වල වැඩ අධික වුන නිසා බලන්න බැරි වුණා.නැත්නම් බලනවා.දිගටම ලියන්න.අපි comments පුලුවන් විදිහකට දාන්නන්..

    ReplyDelete
  23. අනේ මචෝ මේ බ්ලොග් එක දිගටම අප්ඩේට් කරහං...Super mega....

    ReplyDelete
  24. හැමෝම මේ ගැන උනන්දුයි වගෙ.. :හැපී: දිගටම ක‍්රගෙන යනව වැඩේ..ඉඩක් ලැබුනොත් කස්ටිය කමෙන්ට් එකක් දෙකක් දාන්නකො..මේ කමෙන්ට්ස් දාපු හැමෝටම ගොඩාක් ස්තුතියි..

    ReplyDelete
  25. ඇත්තටම මේක හොලිවුඩය බොලිවුඩය නිරුවත් කරන බ්ලොග් එකක් තමා...

    http://panhida.wordpress.com/

    ReplyDelete
  26. පිස්සුද කොල්ලෝ..!කාපු එකා තළුමරනකොට නෙවැ දකින උන්දලාගේ මුඛේ කෙල එරෙන්නෙ.නවත්තනවා හේම නෙවෙයි.ඕං කිවිවා..!

    ReplyDelete
  27. @සමන්..හික් හික්..මරු කථාව බන්..

    ReplyDelete
  28. මම අදයි මේ බ්ලොග් 1 දැක්කෙ! එළ වැඩක් මචං. මේක දිගටම කරගෙන යන්න. full sup 1 දෙන්නම්. කියන්න මොනවද වෙන්න ඕනෙ අපෙන් මේ ක්මෙන්ට්ස් දානව ඇර? පොඩි අදහසක් දෙන්නම්. මෙ බ්ලොග්ස්පොට් 1 නැතුව ඔයාගෙම හොස්ට් එකක වර්ඩ්ප්‍රෙස් වගේ මෘදුකාංගයක් පාවිච්චි කරලා, කලා නම් ඔයාට ලෙසියි නේ ද? මීට වඩා වැඩ දාන්න පුලුවන්.(මේ මට හිතෙන හැටි.) :)

    ReplyDelete
  29. @ranga!තෑන්ක්ස් මචං..ඒක නම් ඇත්ත මීට වඩා හොදට ක‍රන්න තියෙනව නම් එළ තමයි..ඒත් දැනට මම මෙහෙම ක‍රගෙන යනව මචං..පස්සෙ කොහොම හ‍රි වැඩි දියුණු ක‍රගන්න ඕන..බොහොම ස්තුතියි මචං මේ වැඩේදි මාත් එක්ක ඉන්න එකට.. :yes:

    ReplyDelete
  30. සමාවෙන්න ඕනෙ! කලින් කමෙන්ට් 1 දැම්මෙත් මම. මම රංග නෙවේ, දර්ශන. නෙට්වර්ක් එකෙන් ලොග් වුන නිසා, ලොග් අවුට් නොවුන වෙන කෙනෙක් ගෙ ඊමේල් එකක් ක්‍රියාත්මක වෙලා!!...
    මචං වැඩේ නම් නොම්මර එකයි. ආයෙ කියල වැඩක් නෑ!
    ඔයා කැමති නම් මට ඊමේල් ලිපිනය ලබාදෙන්න, මෙන්න මේ ලිපිනයට. darshanainfo@gmail.com මට පොඩි යෝජ්නාවක් කරන්න.....

    ReplyDelete
  31. ඔන්න මම රිප්ලයි එකක් දැම්මා ඊ මේල් 1ට. :)

    ReplyDelete
  32. apith balanawa eth sinhalen comments danna danna ban

    ReplyDelete
  33. @zoniczz!අහ් ඒකට අවුලක් නෑ බන්..ඔහොම හ‍රි කමෙට් එකක් දාපු එක ඇති.. :cool:

    ReplyDelete
  34. Mechchara busy mama podi hari welaawak tiyagannawa mee log eka balanna pissu kelinnne natuwa digatama karanna mage yaaluwo hamooma atare man meeka publish kalaa mata meela hambune FB eken dan meeka okkoma dannawa

    Sry man sinhala typin danne na ........

    ReplyDelete
  35. maat samanage kathawata ekangai......

    ReplyDelete
  36. තෑන්ක්ස් මචෝ මේක ප්‍රසිද්ද කරන්න උදව් වෙනවට..සිංහලෙන් ටයිප් නොකළට කමක් නෑ..( සිංහලෙන් ටයිප් කරන්න ඕන නම් මේ ලින්ක් එක බලන්න http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html )..

    ReplyDelete
  37. saho kawruwath coments danawada nedda kiyala weda karanna epa. oya dekka, danna deyak thuyenawanam anith ayata denna. e athi.

    ReplyDelete

අන්න හරි..ඔහොම හිතුව එක ගොඩක් හොදයි..ලියන්න ඔයාගෙ අදහස්..මේ බ්ලොග් ලිවිල්ල ගැන මට සතුටක් දැනෙන්නෙන් ඔයාලගෙ අදහස් කියවනකොට තමයි..