Saturday, March 14, 2009

Chandni Chowk To China (2008)


හ්ම්..මේ ෆිල්ම් එක ගැන නම් මගේ එච්චර පැහැදීමක් නෑ..මම දන්නෙ නෑ අනික් අයට මේක කොහොම්ද කියල..මට නම් මේක එච්චර අල්ලල ගියේ නෑ..මම මේකෙ කතාව කෙටියෙන් කියන්නම්කො..එතකොට ඔයාලට හොදයි කියල හිතුනොත් බලන්නකො..හ්ම්ම්ම්..මේකෙ ප්‍රධාන චරිතය රගපාන්නෙ අක්ෂය කුමාර්..අපි පොරට ඒ නමින්ම කතා කරමුකො..අක්ෂය ඉන්දියාවේ සාමන්‍යය ගැමියෙක්..පොර බරටම ශාස්තර වගේ ඒව විශ්වාස කරනව..ඔහු පසුගිය ආත්මයක චීනයේ වීරයෙක් විදියට ඉදල තියනව..මොහුව දැකල මේ ඒ වීරයා බව අදුරගන්නා චීන ජාතිකයන් පිරිසක් මොහුව චීනයට ගෙන්න ගන්නව එහි සිටින කෲර,සටන්කාමී ධනවතෙක්ගෙන් (පැහැදිලිව කිව්වොත් දුශ්ටයාගෙන්) එහි ගමක් බේරාගන්න..හැලහැප්පීම් ගොඩක් මැද කතාව ගෙවෙනව.කොහොම හරි පොර කුංෆු ඉගනගනගෙන අර දුශ්ටයා පරාද කරන එක තමයි කතාව..අනේ මන්ද..මේක බලන කොමඩි ෆිල්ම් එකක් හැටියට සාර්ථකයි කියල නම් මට කියන්න බෑ..මුලු කතාවම අසාමන්‍යයි..එච්චර හිනා යන්නේත් නෑ( මට විතරද කියල නම් මම දන්නේ නෑ )වෙන බලන්න කිසිම ෆිල්ම් එකක් නැත්නම් විතරක් මේක බලන්න කියල තමයි මම නිර්දේෂ කරන්නෙ... :D

3 comments:

  1. මමත් ගිය සතියේ මේක බැලුව. මමත් තරමක් බලාපොරොත්තු කඩවිමකට තමයි ලක් උනේ. කතාවස්තුවේ සමහර සිද්ධී ඔයා කිවුව වගේ තරමක් විශ්වාසයෙන් නරඹන්න අපහසුයි. එක් අවස්ථාවක් තමයි සහෝදරියන් දෙදෙනා මාරු වන අවස්ථාව.

    මේ ලිවීම හරි ප්‍රයෝජනවත්. මෙහි ලිපිය මගින් බිල්ලු බාබර් කියන චිත්‍රපටය ගැන උනන්දුවක් ඇතිවෙලා මම අද ඒක බාගත කලා. රෑ වෙද්දි බලන්න හිතන් ඉන්නවා. බොහොම ස්තූතියි.

    ReplyDelete
  2. එළ මචං..මේකෙන් කට්ටිය ප්‍රයෝජනයක් ගන්නව දැක්කම සතුටුයි මට.. :)

    ReplyDelete
  3. can you please add the quality(DVD Rip) torrent file.

    ReplyDelete

අන්න හරි..ඔහොම හිතුව එක ගොඩක් හොදයි..ලියන්න ඔයාගෙ අදහස්..මේ බ්ලොග් ලිවිල්ල ගැන මට සතුටක් දැනෙන්නෙන් ඔයාලගෙ අදහස් කියවනකොට තමයි..