Thursday, March 12, 2009

* Changeling [2008] *


මේක නම් නමටම ඔබිනා කතාවක්..සුප්‍රකට නිළි ඇන්ජලීනා ජොලී මවක් ලෙස ප්‍රධාන චරිතය රගන මෙම චිත්‍රපටයේ කතාව කෙටියෙන් මෙසේය..තම රෑකියාව අවසන් කර ගෙදර පැමිණෙන මවකට තම දරුවා අතුරුදහන් වී ඇති බව පෙනේ..ඇය මේ පිළිබද පොලිසියට පැමිණිලි කරන අතර පොලිසිය විසින් මාස ගණනකට පසු දරුවා සොයා ඇයට බාර කරයි..නමුත් පුදුමයකි..මේ ඇයගේ දරුවා නොවේ..ඇය මේ බව දරුවාගෙන් අසන විට දරුවා පවසන්නේ මෙ තමාගේ මව බවය..මින් අධික ලෙස කැලඹෙන මව පොලිසියට මේ තම දරුවා නොවන බව පැවසුවත් ඒ බව ඔවුන් නොපිළිගනියි..මින්පසු අභියෝග රාශියක් මැද ජීවිතය ගෙවෙන අතර ඇයව මානසික රෝහලකට ඇතුලත් කිරීමද,ආගමික සංවිධාන,ජනමාධ්‍ය මේ සිද්දිය පසුපස හබා ඒමද,ළමුන් විශාල සංක්‍යාවකගේ මිණී සොයා ගැනීමද සිදුවන අතට මේ සියල්ල එකට අමුණමින් චිත්‍රපටය දිගහැරේ...ඇත්තටම පොලිසිය සොයා දුන්නේ ඇගේ දරුවාද?නැත්නම් මවට වැරදීමක් සිදුවී ඇත්ද?ඇයට වැරදීමක් සිදුවී නැත්නම් ඇගේ ළමයාට සිදුවුයේ කුමක්ද?ළමුන්ගේ මිණී සමග මෙහි ඇති සම්බන්දය කුමක්ද?බලන්න Changeling !ඔබ මවිත කරමින් සියල්ලටම උත්තර අපූරුවට සපයා ඇත..

බානව නම් මෙන්න ලින්ක් එක..

8 comments:

  1. දැන් සති කීපයකට ඉහත මේ චිත්‍රපටය මට නරඹන්න අවස්ථාවක් ලැබුණ. සංවේදී චිත්‍රපටයක්. බලය සහ නිලතල නාම පසුපස හඹායන්නන් සහ මවු සෙනෙහස අතර අපූරු ඝට්ටනයක් සිවේදී අයරින් අපිට ඉදිරිපත් කර තිබෙනවා. ජොලී ‍ගෙ සෑහෙන වෙනස් රංගනයක් දකින්න පුලුවන් සිනමාපටයක්. මගේ අදහස අනුව 2008 වසරෙ එළිදැක්වූ හොදම සිනමාපට කිහිපය අතරින් එකක් මේක.

    ReplyDelete
  2. සම්පූර්ණ ඇත්ත...හ‍රිම ලස්සන චිත‍්රපටයක්!

    ReplyDelete
  3. මට මේ ‍බ්ලොග් එක දවසක් බලන්න බැරුව තිබ්බේ.. දැන් හරි.. ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි මට..බොහෝම ස්තූතියි.. හොද අළුත් වැඩක්.. දිගටම කරගෙන යන්න... ඔයා තරම් නම් මම චිත්‍රපටි බලලා නෑ.. අඩුම තරමේ ඔයා මේ දාලා තියන එකක් වත් මම බලලා නෑ..ඒ හොයාගන්න තියන අපහසුව.. දැන් නම් ඒ ගැටළුව නෑ.. හොද චිත්‍රපට බලන්න මටත් පුළුවන්.. ඒක් නිසා ඔයාගේ උදව්ව ගොඩක් වටීවි මට.. ස්තූතියි

    ReplyDelete
  4. @ecH-ඔව් ඔව් හරේ. එතුමා තමයි. ඒ චිත්‍රපටියෙ john malkovich නමින් රගපාන කෙනාම තමයි. ඒ එයාගෙ හැබෑ නම.

    ReplyDelete
  5. සෑහෙන ප්‍රයෝජ්නවත් බ්ලොග් එකක්. මමත් ගොඩක් ෆිල්ම් බලනවා. මේකේ තියෙන ගොඩක් ඒවා මම බලපුවා, ඒවා ගැන අදහස් දක්වන්න ලැබීම ලොකු දෙයක්. ඔබතුමාට බොහොම ස්තූති!

    ReplyDelete
  6. මේ ෆිල්ම් එක හරිම සංවේදී ෆිල්ම් එකක්. ඇන්ජලීනා ජොලීගේ රඟපෑම විශිෂ්ටයි.

    ReplyDelete
  7. හොද චිත්‍රපටියක් එත් සම්මාන අඩුවෙන් ලැබිච්ච එක ගැන හරි දුකයි.

    ReplyDelete

අන්න හරි..ඔහොම හිතුව එක ගොඩක් හොදයි..ලියන්න ඔයාගෙ අදහස්..මේ බ්ලොග් ලිවිල්ල ගැන මට සතුටක් දැනෙන්නෙන් ඔයාලගෙ අදහස් කියවනකොට තමයි..