Monday, March 23, 2009

~~ Eagle Eye 2008 ~~


හ්ම්ම්..මම හිතන විදියට මේක නම් බොහෝ දෙනෙක් බලල ඇති..ඒත් මේ ගැන ලියන එක ප්‍රයෝජනවත් වෙයි කියල හිතෙනව මට..හැබැයි මේකෙ I, Robot ෆිල්ම් එකට සමානකමකුත් දැක්ක මම නම්..ඇත්තටම කියනව නම් කතාවෙ මුල් ටිකේදි ප්‍රධාන චරිතය මුහුණ දෙන සිද්දිය මොකද්ද කියල අපිට වත් පැහැදිලි වෙන්නේ නෑ..කොහොම නමුත් ඒක පැහැදිලි වෙනකොට අපි කතාවට ඇලිල ඉවරයි..මෙන්න මෙහෙමයි මේ ෆිල්ම් එකේ මුල් ටික..ඇමරිකාවේ සාමන්‍ය කඩයක වැඩ කරන තරුණයෙකුට දුරකතන ඇමතුමක් ලැබෙනව තම නිවුන් සොහොයුරා මියොගොස් ඇති බව දන්වමින්...ඔහු සොයුරාගේ අවමගුලට ගොස් නැවත පැමිණ තම බැංකු ගිණුම පරීක්ෂා කරන විට දැනගන්න ලැබෙන්නෙ එහි අති විශාල මුදලක් ඇති බවයි..ඉන් නෝට්ටු කිහිපයකුත් ගෙන තම නවාතැන්පළට යන ඔහුට එහි අයිතිකාරිය පවසන්නේ ඔහුගේ නමට පාර්සල් විශාල ප්‍රමාණයක් අද ලැබී ඇති බවයි..ඔහු මේ පාර්සල් විවුර්ත කර බලන විට දක්නට ලැබෙන්නේ ලොව අති නවීනම ආයුධ තොගයකි..ඒක් සමගම ඔහුට ලැබෙන දුරකථන ඇමතුමකින් කියා සිටින්නේ තව තත්පර 20කින් ඔහු සොයා පොලිසිය පැමිණෙන බවති ඉක්මනින් පැනගන්නා ලෙසත්යි..නමුත් මේ අත්භූත ඇමතුම පිළිබද විශ්වාසයක් නොතබන මොහු ඒ මොහොතේම අත්තඩංගුවට පත් වේ..මේ අතරතුර වෙනත් මවකටත් තම දරුවාගේ දිවි ආරක්ෂා කරගැන්මට අවශ්‍ය නම් තමන් කියන අයුරින් කරයුතු කරන්න යැයි පවසමින් දුරකථන ඇමතුමක් ලැබේ..මේ දුරකථන ඇමතුම් ලබා දෙන තැනැත්තියට නගරයේ විදුලියෙන් වැඩ කරන සියලුම දේ පාළනයට හැකියාවක් ඇති බව පෙන්වයි..ඈ කවුද?මේ සාමාන්‍ය තරුණයාගෙන් හා අර මවගෙන් ඇයට ඇති ප්‍රයෝජනය කුමක්ද?මේ දෙදෙනාම තෝරාගත්තේ ඇයි?මේ ප්‍රශ්ණ වලට පිළිතුරු මෙන්ම මොවුන්ගේ ඉරණම කෙසේ විසදෙයිද යන්න දැන ගන්න ඕන නම් බලන්න Eagle Eye..ඔබ මවිත කරන අපූරු සිනමා සිත්තමකි..

6 comments:

  1. මෙන්න මගෙන් පොඩි උදව්වක්! http://www.bestfrenchfilms.com/

    France films!

    ReplyDelete
  2. එල එල මචන් සිරාම සිරා ෆිල්ම් එකක් ඕක .............!!

    ReplyDelete
  3. @චින්තක! තෑන්ක්ස් මචං..බලන්න ඕන ඒ ෆිල්ම් ටිකත්..

    @U.දීමන්ත! ඔව් ඔව් මචං..

    ReplyDelete
  4. මම කතාව බලල තියනව මටතියන ප්‍රශ්නය අර ඉන්ජෙක්ශන් එක ගන්න දුවන දිවිල්ල සහ එක ගන්න කලින් බ්‍රිෆ් කෙස් එක අතට මාන්චු දාගෙන ආරක්ෂා කරගන යන්නේ ඇයි?

    ReplyDelete
  5. @Gems! ඒ ඉන්ජෙක්ශන් එක නැතුව මේ දෙන්නට බඩු පෙට්ටියක් ඇතුලෙ ගිහින් ගුවන් ගමන නිම ක‍රන්න බෑ නෙ මචං..(මොකද ඒකෙ තියෙන්නෙ හර්ද ස්පනන්ධනය අඩු ක‍රල භාවිතා වන ඔක්සිජන් ප්‍රමාණය අඩු කරන මත්ද්‍යක් නෙ)(අනික දුරකතන ඇමතුමෙන් කියනවනෙ ඒක ආරක්ෂා ක‍රගන්න කියල)

    ඒ වගේ වටිනා දෙවල් ප‍්රවාහණයෙදි එහෙම අතට මාන්චු දාගෙන යනව බන් ඒ රටවල් වල ආරක්ශක අංශ!

    ReplyDelete
  6. නියමම ‍ෆිල්ම් එකක්..බලනකොට හිතෙනව අපිවත් ඇත්තටම මෙහෙම watch වෙනවද කියල

    ReplyDelete

අන්න හරි..ඔහොම හිතුව එක ගොඩක් හොදයි..ලියන්න ඔයාගෙ අදහස්..මේ බ්ලොග් ලිවිල්ල ගැන මට සතුටක් දැනෙන්නෙන් ඔයාලගෙ අදහස් කියවනකොට තමයි..