Saturday, March 14, 2009

Punisher-War Zone (2008)


අහ්..ඔන්න මට කාලෙකට පස්සෙ බනින්න වටින ෆිල්ම් එකක් හම්බුනා.මම මේ ගැන ලියන්නෙ නිකමට,ඔයාලගෙ කාලෙ නාස්ති උනොත් අපරාදෙනෙ..ඒකයි..හ්ම්ම්..මේක නම් වැඩකටම නැති ෆිල්ම් එකක්..පිස්සෙක් වගේ මීනිස්සු මරන පොරක් ගැන තමයි කතාවේ තියෙන්නෙ..කොහොම උනත් කම්මැලි වෙලාවක මම මේක බැලුව,අසාමාන්‍ය විදියට ලේ පෙන්නන මේ ෆිල්ම් එක බාන්න ගිහින් ඔයාලගෙ කාලෙ නාස්ති කරගන්නේපා කියන්නයි මේක ගැන ලිව්වේ..

6 comments:

  1. මෙකේ පළවෙනි කොටස බලුවනම් ඇයි එහෙම මරන්නේ කියල හිතා ගන්න පුලුවන්

    ReplyDelete
  2. :) මම කිව්වෙ ෆිල්ම් එකක් හැටියට මේකෙන් විදින්න පුලුවන් රසය ගැන මචං..ලේ විදින විදියට මිනිස්සු ම‍රණ එකයි..වීරයා ගේ වීරත්වය අසාමන්‍යය විදියට උලුප්පා පෙන්නන එකෙන් මේකෙ රසය නැති වෙලා තියනව..සිනමා නිර්මාණයක් විදියට අගය ක‍රන්න අමාරු නිර්මාණයක්..

    ReplyDelete
  3. මේක Marvel character එකක් මත බිහි වෙච්ච එකක්නේ. ඒ වර්ගයේ චිත්‍රපටි වල දේවල් තමයි ඔය කියන්‍නේ. එහෙම බැලුවොත් Incredible Hulk වැඩක් නෑ කියයි.

    Punisher මම පොඩි කාලේ (දැනුත් ;) )ආසම character එකක්. පලමුවැනි කොටස බලලා නැත්නම් බලන්න. ඒක එළ.

    ReplyDelete
  4. උබ මේ ෆිල්ම් එක බැලුවද බන්?ලස්සනයි කියල හිතෙනවද?

    ReplyDelete
  5. බැලුවේ නම් නෑ. මම පලවෙනි එක බලලා තියෙනවා. හරි... උඹට මේක බලලාම කියන්නම්

    ReplyDelete
  6. ෆිල්ම් එකනම් උඹ කියන තරම් අවුලක් නෑ. punisher පලවෙනි එක තරම් නම් හොඳ නෑ. මේක කොහොමත් ඒකේ sequel එකක් නෙමෙයි. හැබැයි transporter 3 වලට වැඩිය නම් හොඳයි

    ReplyDelete

අන්න හරි..ඔහොම හිතුව එක ගොඩක් හොදයි..ලියන්න ඔයාගෙ අදහස්..මේ බ්ලොග් ලිවිල්ල ගැන මට සතුටක් දැනෙන්නෙන් ඔයාලගෙ අදහස් කියවනකොට තමයි..