Thursday, March 12, 2009

Seven Pounds [2008]


අහ්..මේක ගැන මට මුලදිම ලියන්න අමතක උනේ මොකද මන්ද...Seven Pounds කියන්නෙ හරිම සංවේදී චිත්‍රපටයක් කියන්න පුලුවන්..බෙන් තෝමස් නමි ප්‍රධාන චරිතය නිරූපණය කරන විල් ස්මිත්ගේ ප්‍රතිභාපූර්ණ රංගනයෙන් ඔප්නැංවුනු Seven Pounds චිත්‍රපටය බටහිර සිනමාවෙන් කලාතුරකින් බිහි වෙන තේමාවක් රෑගත් චිත්‍රපටයකි..මෙහි කතාව කෙටියෙන් මෙසේය..බෙන් චිත්‍රපටය මුල සිටම මානසික ආතතියකින් පෙලෙන චරිතයකි..තම බිරිදගේ මරණයට තමන් වගකිව යුතු යැයි සිතන ඔහු තම ශරීරයේ සියලු අවයව දන් දීමට තීරණය කරයි..ඒ සදහා රක්ෂණ නියෝජිතයෙක් මුවාවෙන් හොද ගතිගුණ ඇති පුද්ගලයන් සොයන බෙන් අවසානයේ හදවත් රෝගී කාන්තාවක් හා ආදරයෙන් වෙලේ..ඔහු තම හදවතත් ඇයට දන් දෙයිද?අවසානයේ ඔහුගේ ඉරණම කෙසේ විසදෙයිද දැනගැන්මට බලන්න Seven Pounds..මෙය අතිශය සංවේදී මාතෘකාවක් ඔස්සේ දිගහැරෙන අපූර්ව නිර්මාණයක් යනු මගේ මතයයි..

බානව නම් මෙන්න ලින්ක් එක..

4 comments:

  1. මම බලපු හොඳම ෆිල්ම් එකක් මේක. මේක හොඳ ෆිල්ම් එකක්. හැමෝම බලන්න.

    ReplyDelete
  2. ඔන්න මචං උඹ කිව්ව නිසාම download කරල බැලුවා. හොඳ ෆිල්ම් එකක්.
    තෑන්ක්ස් මචෝ

    ReplyDelete

අන්න හරි..ඔහොම හිතුව එක ගොඩක් හොදයි..ලියන්න ඔයාගෙ අදහස්..මේ බ්ලොග් ලිවිල්ල ගැන මට සතුටක් දැනෙන්නෙන් ඔයාලගෙ අදහස් කියවනකොට තමයි..