Sunday, March 29, 2009

She's the Man (2006)


ඔන්න නියම විනෝදාස්වාදයක් ලබාදෙන ෆිල්ම් එකක්..මම හිතන්නෙ ගොඩක් අය මේක බලල ඇති..මම දැකල තියන්ව මූණු පොතෙත් සමහර අයගෙ ප්‍රියතම චිත්‍රපටයටත් දාල තියෙන්නෙ මේක..මම කතාව කියන්නම්කො ටිකක්..කොහොම උනත් මම කියන එවයින් නම් කතාව ගැන හොද නිගමනයක එලඹෙන්න අමාරු වේයි..බලලම තීරණය කරන්න!එක්තරා විද්‍යාලයක කාන්තා පාපන්දු කණ්ඩායම තේරෙන්නේ නෑ වෙනත් විද්‍යාල සමග පවත්වන තරග වලට සහභාගී වීමට..ඉතින් මෙම කණ්ඩායමේ ක්‍රීඩිකාවක් මෙය අසාධාරන දෙයක් බව පුහුණුකරුට කිවුවත් ඔහු කියන්නෙ මෙම විදුහලෙ පිරිමි කණ්ඩායම පමණක් වෙනත් තරග වලට සහභාගී වීමට සුදුසුකම් ලබා ඇති බවයි..එමෙන්ම පිරිමි ළමුන් ගැහැණු ළමුන්ට වඩා දක්ෂ බවත් ඔහු කියනව..මේ කියමන වැරදියි යැයි ඔප්පු කිරීමට මෙම ක්‍රීඩිකාව කොල්ලෙකු සේ වෙස්වලාගෙන වෙනත් පාසලක පිරිමි පාපන්දු කණ්ඩායමකට එක් වෙනව..මේ අලුත් පාසලේ ඇයට හරිම අපූරු දේවල් වලට මුහුණ දෙන්න සිද්ද වෙනව..ඇත්තටම හිනාත් යනව..කතාව නම් හරිම රසවත්..කම්මැලි හිතෙන්නෙ නම් නෑ එක මොහොතකටවත්..බලල නැත්නම් බලන්න කියල තමයි මම නම් කියන්නෙ..මොකද ඒ තරම් කථාව ලස්සනයි..

7 comments:

  1. මේක නම් බලන්නම ඕනි!!!

    ReplyDelete
  2. @මලී..ඔයා බලල කියන්නකො කොහොමද කියල..ගොඩක් දුරට මේක ඔයාගෙ ආසම ෆිල්ම් එකක් වෙයි.. :yes:

    ReplyDelete
  3. Torrent එකත් දුන්න එක ලොකු දෙයක්.

    ස්තූතියි. බලමුකෝ.... :D

    ReplyDelete
  4. මේකටනම් ආස හිතුනා. ඊයෙ රෑ බාන්න දාල ගියා.
    අද උදේ එනකොට බෑවිලා. හවසට වෙන තියෙන වැඩ ඔක්කොම දමල ගහල මේක බලනවා. අඩුම ගානෙ මාසෙකට එක ෆිල්ම් එකක්වත් බලන්න එපැයි

    ReplyDelete
  5. @හික් හික්..එළම තමයි..බලලම කියන්නකො කොහොමද කියල..

    ReplyDelete
  6. බැලුවා බැලුවා මරේ මරු.
    මේ ඒක නෙවෙයි ඔබතුමාගෙ ජොබ් එක ෆිල්ම් බලන එකද ? කොහොමද මෙච්චර ෆිල්ම් ගොඩාක් බලන්නෙ.
    මට මාසෙකට එක ෆිල්ම් එකක්වත් බලන්න වෙලාවක් නැහැනෙ.

    ReplyDelete
  7. @Chanaka Aruna Munasinghe! ෆිල්ම් එක එළ නෙ?හ්ම්ම්..රහස මේකයි..මම ගොඩක් අඩුවෙන් නිදාගන්න කෙනෙක්.. ;)

    ReplyDelete

අන්න හරි..ඔහොම හිතුව එක ගොඩක් හොදයි..ලියන්න ඔයාගෙ අදහස්..මේ බ්ලොග් ලිවිල්ල ගැන මට සතුටක් දැනෙන්නෙන් ඔයාලගෙ අදහස් කියවනකොට තමයි..