Sunday, March 29, 2009

Slumdog Millionaire (2008)


මේ ගැන ඉතින් මට කියන්න දෙයක් නෑ නෙද?කමක් නෑ..මම ලගදි දැක්ක ටොරන්ට් වල ඩීවීඩී රිප් එකක් තියනව..ඒක දෙන්න ඕන නිසයි ලියන්න හිතුනෙ...නිකමට වත් මේක බැලුවෙ නැති කෙනෙක් ඉන්නව නම් එයාට පුලුවන් බාගන්න..මේ ෆිල්ම් එකෙන් විශ්ණු දෙවියන්ට අපහාස වන බව කියා මේක මුල් කාලෙ ඉන්දියාවෙ තියගත කෙරුනෙත් නෑ හරියට..කොහොම උනත් හැමෝම දන්නව ඇතිනෙ මෙ ෆිල්ම් එක ඔස්කාර් සම්මාන 9ක් දිනාගත් බව..ෆිල්ම් එක බලල නැතත් කතාව ඔයාලට එහෙන් මෙහෙන් ඇහිල ඇති..මමත් පොඩ්ඩක් කියන්නම්..මෙහි ප්‍රදාන චරිතය වන ජමාල් මලික් ප්‍රසිද්ද රූපවාහිණී වැඩසටහනකට පෙනී සිටිනව,ඔහු පාසල් අධ්‍යාපනයවත් හරි හැටි නොලැබු කෙනෙක්..මෙහිදි විශේෂ බුද්ධිමතුන්ට පවා උත්තර දෙන්න අමාරු ප්‍රශ්ණ රාශියකට ඔහු උත්තර දෙනව..ඔහු මේ ප්‍රශ්ණ වලට උත්තර දෙන්නෙ කොහොම්ද කියන එක සොයා බැලීම හරහා තමයි මේ කතාව ගොඩනැගෙන්නෙ..මගේ මේ වැල්වටාරම් කියවන්න දෙයක් නෑ,කෙළින්ම කියන්න තියෙන්නෙ Slumdog Millionaire බලන්න කියල තමයි..

14 comments:

  1. මමත් බැලුව! අනේ අපේ රටේ කවද හැදෙයි ද මෙහෙම films?

    ReplyDelete
  2. Aww one hell of a brilliant movie :)

    @ Chinthaka - There are some BRILLIANT movies made by sri lankan directors but due to the fact that are not meant for the mainstream audience they dont get exposed to the international eyes. I think you all are familiar with movies like Ira Mediya and Sankara, and more recently Aba and ofcourse Machan :)

    ReplyDelete
  3. mata me film eka balanna hithennema nahane

    ReplyDelete
  4. "If it wasn't for Rama and Allah...
    I would still have a mother."

    මේක ෆිල්ම් එකේ පොඩි දෙබසක් උනාට සෑහෙන්න හිතට වදිනවා.

    ReplyDelete
  5. @උන්මත්ක

    මටත් එහෙම තමා. ඔය වගේ කතාවක් මටත් කියන්න තියෙන්නේ. හැබැයි කොටින්ට අදාලව නම් නෙමේ.

    If it wasn't dutugamunu and elara...
    We would have peace...

    ReplyDelete
  6. Film එක නම් එළම තමයි.

    අර MIA ගෙ සිංදුවකුත් මේකෙ අස්සෙ තියෙනවනේද? :|

    ReplyDelete
  7. @ගයන්ත! ඔවු බන් එහෙම සිද්දියක් නම් තියෙනව..ඒ උනාට ඉතින් ෆිල්ම් එක ගති...

    ReplyDelete
  8. චිත්‍රපටයක් ලෙස එය හොද බව කගෙත් මතයක් උනාට මොකද, හමෝම අහන්නෙ, ඇයි එ ආර් රහුමාන් ගෙ සම්මාන දෙන්න වෙන චිත්‍රපටයක් තිබ්බෙම නැද්ද කියන්න ප්‍රශ්නය.
    මෙ චිත්‍රපටයෙ පැහැදිලිවම ඉන්දියාව අපහාසයට පත්වෙන තැන් තියෙනවා, එවැනි තැන් ඕනැම රටක තියෙන්න පුලුවන්, එ බව චිත්‍රපටයෙත් තියෙනවා ඇමෙරිකාවෙත් මෙහෙම තමයි කියලා.
    එත් තමන්ගෙ රටට අපහස කරල චිත්‍රපටයක් සාදලා එක අන්තර් ජාතික චිත්‍රපටි උළෙලක සම්බන්දකම් ඇති නිෂ්පදකයෙක් හරහා එළියට දැන්මම, හොද ඉල්ලුමක් ලබා ගන්න පුලුවන්
    එ අතින් ඉන්දියාවට වඩා අපි ටිකක් ඉහලින් ඉන්නවා, ඇයි දන්නවාද, අපේ රටෙති සම්මාන දිනපු චිත්‍රපටයක් එළි දැක්වුවා, "සුලග එනු පිනිස" මතකද කොටි හිතවාදි අපෙ රණවිරුවන්ව හැල්ලු කල අධමයා.

    ReplyDelete
  9. මෙ චිත්‍රපටයෙත් කොටි හිතවාදියෙක් ඉන්නවා. එ තමයි මියා
    අපි දැන්වත් අස් කන් ඇරගෙන හිටියොත් හොදයි නෙද.
    සම්මාන දෙන්න හොද චිත්‍රපටි අපෙත් තියෙනව, එවගෙම එහෙත් තියෙනවා, (ලගාන් වගෙ ) එවට එ අය සම්මමන දෙන්නෙ නැ ඇයි දන්නවද, එවයින් සුදු ජාතිකයින්ට අපහාස වෙන නිසා.
    අබා චිත්‍රපටයෙ වුනත්, අපට වඩා උද්දිපනය කරන්නෙ වෙනත් ආගමක් නේ. ඒ ගැන මට වඩා උගත් අය මිට පෙර ඔන තරම් කියලා තියෙනවානේ

    ReplyDelete
  10. හිසමත දරාගත නොහැකි කුණු කන්දල් රාශියක් තබා ගෙන චිත්‍රපටයක් රසවිදීම කරුමයකි. ඒ එම චිත්‍රපටය සැබෑ ලෙස රසවිදීමට නොහැකි වන නිසාය. මුල්ලකට වී සිටින බලු පැටියෙක් සිතනුයේ ඊළගට එන කෙනා තමන්ට කරදරයක් කරයි කියාය. ඒත් කිසිවෙක් ඒ බලුපැටියා මායිමකට වත් ගන‍නේ නැත, වෙනත් බල්ලෙක් හැර.
    ඔලු සුද්දකරන් බලන්න පුළුවන් නම් නියම චිත්‍රපටයක් Slumdog Millionaire

    ReplyDelete
  11. බල්ලන්ට වුනත් හොද නරක තෙරෙනවා, අපේ රැහෙ උන්ට නැති වුනාට. ඌරුන්ගෙ වැඩේ ඕන ජරාවක් කන එකනේ.
    ජාතියක් ජන්මයක් නැති අයට රිදෙන එක සාදරනයි, එත් හරි හමන් අම්මෙක් තාත්තෙක් ඉන්න අයට එ අයට අපහාසයක් කරනකොට එක තෙරෙනව. නැති වුනත් යමක් හොද සිතින් කිවම තෙරෙනව නෙව.
    කිසිකෙනෙක් තව කෙනෙක් සමග වෙරෙන් පාරට බසින්නෙ නැනේ, නමුත් තමුන්ට හොද දෙ සහ නරක බෙරා ගැනිමෙ හැකියවක් තියෙන්න ඕනැනේ

    ReplyDelete
  12. කරුණාකරලා දෙන්නම යුද්ධයම මාතෘකා අල්ලාගෙන මෙතනත් රණ්ඩු වෙන්න හදන්න එපා තමාගේ මතය හරි කියා ඔප්පු කරන්නේ නැතිව. ඉවසලා ඉන්න බැරිද කරුණාකරලා මොකද්ද වෙන්නේ කියලාවත්? එක්කෝ වෙනම පෝසට් එකක් ගහගෙන රණ්ඩු වෙයල්ලාකෝ.

    ReplyDelete
  13. torrent is maxxa quality. thanks

    ReplyDelete
  14. මට මුලින්ම මේක බලද්දි තරහ ගියා,, ආසියාවේ සමාජය බටහිර නිශ්පාදකයෙක් හම ගහල, විකෘති කරලා ඒකට උඩ තියන් සම්මානයක් දීල , ආසියාව කියන්නේ අසූචි පිරිච්ච කුනු වලක් කියපු එකට.... මට එකට රිදුන නිසාම මම මේක නොබලා හිටිය කාලයක්. ඒත් නිර්මාණය හොඳයි. පස්සෙ බැලුව ‍ෆිල්ම් එකම.ඒත් අදටත් මම අගය කරන්නේ නැහැ මෙහි අන්තර්ගතය තුල ආසියාව ගැන දීල තියන වැරදි රූපය.
    බටහිර රටවල් කිසිම දාක ඔවුන්ගේ මුඩුක්කු ජීවිත පෙන්වන්නේ, එහි ගණිකාවන් , අසූචි වලවල් පෙන්වන්නේ අල්ප වශයෙන්.. ඒවාට සම්මාන ලැබෙන්නේත් අල්ප වශයෙන්...

    ReplyDelete

අන්න හරි..ඔහොම හිතුව එක ගොඩක් හොදයි..ලියන්න ඔයාගෙ අදහස්..මේ බ්ලොග් ලිවිල්ල ගැන මට සතුටක් දැනෙන්නෙන් ඔයාලගෙ අදහස් කියවනකොට තමයි..