Tuesday, March 31, 2009

Yes Man (2008)


හ්ම්ම්ම්...මේක ෂෝක් ෆිල්ම් එකක්..ඔයාල අනිවාර්යෙන් බලන්න කියල තමයි කියන්න තියෙන්නෙ මට නම්..මොකද මම ගොඩ කාලෙකින් තමයි බැලුවෙ ජීවිතේට යමක් එකතු කරගන්න පුලුවන් ෆිල්ම් එකක්..ඇත්තටම ලස්සන නිර්මාණයක්..ඒ වගෙම ලස්සන කතාවක්..මම කතාවෙන් ටිකක් කියන්නම් ඔයාලට තේරුම්න් ගන්න පුලුවන් වෙන ගානට විතරක්..එක්තරා ආයතනයක වැඩ කරන පුද්ගලයෙක් සාමාන්‍ය පුද්ගලයෙක් තමයි මේකෙ ප්‍රධාන චරිතය..ඔහු ජීවිතයේ බොහේ දේවල් ප්‍රතික්ෂේප කරනව..විනෝද වෙන්න යන්නේ නෑ,අනුන්ට උපකාර කරන්නේ නෑ,ඒ වගේම ඔහු සතුටින් ජීවත් වෙනව වගේ හිතුවත් ඔහු සතුටින් නෙවෙයි ජීවත් වෙන්නෙ..මේ අතරෙ ඔහුට යාලුවෙක් කියනව Yes Man කියල වැඩසටහනක් ගැන..අකමැත්තෙන් වුනත් මොහු ඒ වැඩසටහනට සහභාගී වෙනව..හැම දේටම 'ඔවු' කියල වගකීම් බාරගෙන සතුට්න් ජීවත් වෙන හැටි එතනදි මේ කතානායකය ඉගනගන්නව..ඇත්තටම ඔහුගේ ජීවිතේ වෙනස් වෙනව එතන ඉදන්..ඔහු බොහොම ක්‍රියාශීලී පුද්ගලයෙක් බවට පත් වෙනව..කතාව මම කිව්වට වඩා ගොඩක් හිතට දැනෙනව ඒක බලනකොට..පුලුවන් නම් බලන්න..ඔයාලගෙ ජීවිතයටත් යමක් එකතුකරගන්න ලැබෙන බව නම් මට සහතිකයි...

7 comments:

  1. ඔන්න මමත් ටික ටික ෆිල්ම් වලට ඇබ්බැහි වේගන යනවා වගේ.
    මේ ෆිල්ම් එකත් download වෙන්න දැම්මා. බලමු මේක බලලවත් මගේ කම්මැලිකම නැති කර ගන්න පුලුවන් වෙයිද කියලා.

    ReplyDelete
  2. ඔය ෆිල්ම්ස් torrent වලින් නැතුව direct download කිරීමේ සේවයකුත් පටන් ගන්න බැරිද ? අපිට torrent block කරල හින්දා දැනට imageshack පිහිට තමයි.

    ReplyDelete
  3. මම සාමාන්‍යයෙන් ජිම් කේරි ගේ මූවි එකක් අත අරින්නෙම නැහැ. මේකෙ හොද කොපියක් එනකම් ඉදල ඉබේම අමතක වෙලා ගියා. දැන් මතක් උන වෙලා බෑවෙන්න දාන්න ඕනෙ.

    ReplyDelete
  4. @Chanaka Aruna Munasinghe! මේ ෆිල්ම් එක බලන්නකො..කම්මැලිකම නැති වෙයි අනිවාර්යෙන්..මචෝ දැනට නම් මට ටොරන්ට් තමයි දෙන්න වෙන්නේ..හැබැයි එළකිරි.කොම් එකේ පෝස්ට් එකක් දැම්ම නම් උබට ඕන ෆිල්ම් එකක ආර්.ඇස් ලින්ක්ස් හොයාගන්න පුලුවන්..

    @නලින්! මේක ගති මචං..බලලම කියපන්කො..

    ReplyDelete
  5. සිරාවටම මේක ගති මචං. කියලා වැඩක් නැහැ මචෝ. ස්තුතියි මේක දැම්මට. මටත් හිතයි මාත් මේ වගේ චිත්‍රපටි ගැන දාන්න.

    ReplyDelete
  6. මම කේසර,
    මචං මම කාලෙක ඉදන් film බාගෙන බලනවා. හොද ඒවා හොයා ගන්න ක්‍රමයක් තිබුනෙ නෑ. මේ වැ‍ඩේ සාර්ථකයි. ඉංග්‍රීසි උප සිරැසි තියෙන හොද හිංදි ඒවා ගැනත් දානවා නම් හොදයි.
    Thank you.

    ReplyDelete
  7. @-බිன்ku-!මම පටන් ගත්තට පස්සෙ ෆිල්ම් ගැන නම් ගොඩක් අය ලියනව බන්.. ;)

    @Anonymous!එළම තමයි මචෝ..

    ReplyDelete

අන්න හරි..ඔහොම හිතුව එක ගොඩක් හොදයි..ලියන්න ඔයාගෙ අදහස්..මේ බ්ලොග් ලිවිල්ල ගැන මට සතුටක් දැනෙන්නෙන් ඔයාලගෙ අදහස් කියවනකොට තමයි..