Friday, March 27, 2009

You Don't Mess With The Zohan [2008]


හික් හික්..මේක ගැන නම් ලියන්න හිතෙනකොටත් හිනා යනව..හොද ෆිල්ම් එකක්..හිනා යන කොමඩියක් කියන්න පුලුවන්..කාලෙකින් කොමඩි මූවි එකක් බැලුවෙ නැත්නම් මේක බලන්න කියල තමයි කියන්න තියෙන්නෙ..මේක වෙනස් තේමාවක් ගත් චිත්‍රපටයක්..මේ සෝහාන් කියන්නෙ සුපර් මෑන් වගේ චරිතයක්..අසාමාන්‍ය ශක්තියක් එහෙම තියන වෙඩි වදින්නේ නැති පොරක්..මෙයා හමුදා නිලධාරියෙක්,හමුදාවට අවශ්‍යම කෙනෙක්..කොහොම උනත් සෝහාන්ගෙ එකම ආසාව නම් බාබර් කෙනෙක් වෙන එක..යුද්දෙකට ගිහින් ආවත් නිදාගන්න ගියාම අඩනව තමන්ගේ ආසාව මතක් වෙලා..මේ නගරයේ ඉන්නව සෝහාන් වගේ තවත් ශක්තිමත් පොරක්,කොහොම හරි දවසක් මේ දෙන්නගෙ ෆයිට් එකක් යනව (හිනා යන විදියෙ ෆයිට් එකක්)මේකෙන් සෝහාන් පැරදුනා වගේ පෙන්නල පොර ඇමරිකාවට යනව බාබර් කෙනෙක් වෙන්න..කෝලම් නෙද කතාව?බලන්නකෝ එයාට එහෙදි හොද බාබර් කෙනෙක් වෙන්න පුලුවද කියල?හොදට හිනා යන ෆිල්ම් එකක්..බානව නම් ලින්ක් එක පහළ ඇති..

6 comments:

  1. Watch this film.
    Bend It Like Beckham (2002)

    ReplyDelete
  2. මේකත් අවුලක් නැහැ තමා, ඒත් මේ වගේ එකක් කොහෙදො බලලා තිබ්බා මම. මචෝ මේකට දිලා තිබ්බ විස්තරේ පොඩ්ඩක් වැඩියි, එහෙම කිව්වාම ෆිලිම් බලන්න ගියාම අගේ අඩු වෙයි. එකයි මම කලිං පරිස්සම් වෙන්න කිව්වේ.

    ReplyDelete
  3. ආහ්! මම ඕක බලල තියෙනවා.
    ෆිල්ම් එක ආපු දවස් වලමයි බැලුවෙ.
    මරු ෆිල්ම් එක...

    ReplyDelete
  4. @Anonymous! තෑන්ක්ස් මචං..මම බලන්නම්...

    @-බිன்ku- මේ කතාවෙ හොද හ‍රිය පටන් ගන්නෙ පොර ඇම‍රිකාවට ගියාට පස්සෙ මචො..ඒකයි ටිකක් වැඩියෙන් විස්ත‍ර දැම්මෙ..අනික මේක කොමඩියක් නිසා කතාව අහනවට වඩා බලනකොටනෙ රසයක් ලැබෙන්නෙ..කොහොම උනත් මම මින් පස්සෙ ලිපි ලියනකොට මේ අදහසත් හිතේ තියාගන්නම්.. :)

    @ගයන්ත..ඔව් බන්..පට්ට ෆිල්ම් එක..

    ReplyDelete
  5. මම් මේක බැලුව මරු ෆිල්ම් එක

    ReplyDelete
  6. not that funny...tikak gon part wage

    ReplyDelete

අන්න හරි..ඔහොම හිතුව එක ගොඩක් හොදයි..ලියන්න ඔයාගෙ අදහස්..මේ බ්ලොග් ලිවිල්ල ගැන මට සතුටක් දැනෙන්නෙන් ඔයාලගෙ අදහස් කියවනකොට තමයි..