Wednesday, March 25, 2009

~ ~ Face/Off (1997) ~ ~


ලියනවද? නැද්ද?ගෙවුන විනාඩි ගණනාවක් තුලම මගෙ හිතේ තිබුන ප්‍රශ්ණෙ ඕක තමයි...ජයගත්තෙ මොකද්ද කියල තේරෙනවනෙ..මේ ෆිල්ම් එක දැන් ගොඩක් පරණ නිසා තමයි හිතේ මේ වගෙ ප්‍රශ්ණයක් මතු උනේ,පස්සෙ මතක් උනා "ඕල්ඩ් ඉස් ගෝල්ඩ්" කියල..දැන් බලමු ෆිල්ම් එක ගැන..මේක හොද කථාවක්..කොහොම උනත් මට නම් මේක එළම ෆිල්ම් එකක්,මොකද මම ආසම නළුවා රගපාන නිසා..ඔන්න මෙහෙමයි කතාව..එක්තරා ධනවත්,දක්ෂ,අපරාධකාරයෙක් දවසක් පොලිස් නිලධාරියෙකුට වෙඩි තියෙනව..නමුත් මේ වෙඩිල්ල පොලිස් නිලධාරියාගෙ සිරුර හරහා ගොස් ඔහු ළගින්ම සිටි ඔහුගේ පුතාව වැදෙනව..පොලිස් නිලධාරියාගෙ දිවි බේරුනත් ඔහුගේ පුතා මැරෙනව..දැන් මේ සිද්දිය වෙලා අවුරුදු 6ක් ගත වෙනව..මේ හොරා නගරයේ බෝම්බයක් අටවා ජෙට් යානයකින් පැන යන්න හදනකොට අර පොලිස් නිලධාරියාට මේ ගැන දැනගන්න ලැබෙනව..ලොකු සටනකින් පසු මේ හොරා අතඩංගුවට පත් වෙනව..නමුත් ඔහුට කෝමා තත්වයක් ඇති වෙනව..මේ නිසා බෝම්බය ඇති තැන සොයාගැන්මට මේ පොලිස් නිලධාරියා හොරාගේ මුහුණ තමන්ගේ මුහුණට දාගන්නව ප්ලාස්ටික් සැත්කමක් මගින්..මේ අතරතුර රෝහලේදි හොරාට සිහිය ලැබෙනව..තමන්ගේ මුහුණ අයින් කර ඇති බව දැනගන්නා ඔහු තම සගයින්ට කථා කර දොස්තර කෙනෙක් ගෙනවා අර පොලිස් නිලධාරියාගෙ මුහුණ තම මුහුණට බද්ද කරගන්නව.ඉන් පසු මේ මුහුණු වෙනස් කිරීම ගැන දැන සිටි සියල්ලන්ම මරණව...මෙතන ඉදන් තමයි කතාව ලස්සන..ඔයාලට හිතාගන්න පුලුවන් වෙයිද ඉදිරියෙදි මොනව වෙයිද කියල?අමාරුයි නෙද?එහෙනම් බලන්න Face/Off ..උත්තර ඒකෙ තියෙනව!!

4 comments:

  1. නියම ෆිල්ම් එකක්. මම මේක කාලෙකට ඉස්සර බැලුවා.

    ReplyDelete
  2. ඔයාගෙ ආසම නළුව කේජ් ද? එයා නම් මාර නළුවෙක් තමයි. ඇත්තම කිව්වොත් එයාට රඟපාන්න බැරි චරිතයක් නෑ කියලයි හිතෙන්නේ මට නම්. එයාගෙ Snake Eyes, Weather Man, Adaptation, King of War, Captain Correli's Mandaline වගේ චිත්‍රපටි මම මාර ආසාවෙන් බැලුවෙ. එයිනුත් snake eyes උපරිමයි..

    ඔයාගෙ ප්‍රියතම නළුව ට්‍රැවෝල්ටා නම් එයාගෙ ගොඩක් ඒව මම බලල නෑ. නමුත් එයත් මරු නළුවෙක්.

    ReplyDelete
  3. ආහ් මචෝ, සිරා ෆිල්ම් එකක් තමා මේකත්. මාත් බැලුවා දෙතුන් පාරක් ඉස්සර.

    ReplyDelete
  4. @ecH මම ආසම කේජ්ට මචං..තවත් කේජ් ෆෑන් කෙනෙක් හම්බුන එක සතුටුයි..පොරගෙ ෆිල්ම් කොච්ච‍ර ප‍රණ උනත් ගති බං...

    ReplyDelete

අන්න හරි..ඔහොම හිතුව එක ගොඩක් හොදයි..ලියන්න ඔයාගෙ අදහස්..මේ බ්ලොග් ලිවිල්ල ගැන මට සතුටක් දැනෙන්නෙන් ඔයාලගෙ අදහස් කියවනකොට තමයි..