
මේ කියන්න යන්නෙ රසවත් චිත්‍රපටයක් ගැන...නමුත් වැඩිහිටියන්ට පමණක් සීමා වූවක්,බාගෙට කොමඩියක් කියන්නත් පුලුවන්...හ්ම්ම්..වැඩි විස්තර නොකිය මම කතාව කියන්නම්..හ්ම්ම්..එක් පාසල් සිසුවෙක් වටා තමයි මේ කතාව ගෙතිල තියෙන්නෙ..ඔහු අනික් සිසුන් වගෙ විනෝද වෙවී කාලය ගත කරන කෙනෙක් නෙවෙයි..අධ්‍යාපනයටම බර වූවෙක්..කොහොම නමුත් දවසක් මේ සිසුවාගෙ අල්ලපු ගෙදර පදිංචියට එනව තරුණ ගැහැණු ළමයෙක්,මේ සිසුවාගෙ සිතෙ ඇය ගැන ආදරයක් ඇති වෙනව..මේ දෙන්න එකට කාලය ගත කරනව,එකට ගමන්බිමන් යනව,සතුටින් ඉන්නව ටික දවසක්..ඒත් එක් දවසක් යාලුවන්ගෙ මාර්ගයෙන් මේ තරුණයාට දැනගන්න ලැබෙනව මේ තරුණිය නිල් චිත්‍රපට වල රගපාන තැනැත්තියක් බව..මෙතැන් සිට හැම දේම වෙනස් වෙනව..තරුණිය මොහුව මග අරිනව..නමුත් ඔහුගේ ආදරය අවංකයි...ඒ නිසා තරුණයට කරදර ගොඩකට තමයි මුහුණ දෙන්න වෙන්නෙ..ඒ මොනවද කියල බලන්න ඕන නම් ඔයාලට බලන්න වෙනව The Girl Next Door, මේක ආව දවස් වල ගොඩක් ජනප්‍රිය වුනා..ඔයාල තාම බලල නැත්නම් බලන්න..ගති ෆිල්ම් එක..
18+ බෝඩ් එක වැටෙන්න ඕනේ එව්වා කලිං දැම්මා නොවැ, හික්ස්.
ReplyDeleteසමා වෙන්න, දැන්නේ දැක්කේ ලේබලයේ අනිත් එව්වා!
ReplyDeleteඔක බලද්දී නිකං Amecian Pie මතක් වෙනවා වගේ!
හික් හික්..Amecian Pie ගැනත් දාන්න හිතෙනව..(බලල නැති අය නම් ඉන්නවද දන්නෙ නෑ..)එ උනාට සින්ඩියෙන් මාව දොට්ට දායිද ෂුවර් නෑ...
ReplyDeleteඑහෙම වෙන්න හේතුවක් නැහැ නොවැ. අනික මචෝ, අද එව්වායේ නැති එකක් නැති තරම්මනේ. (එකට මම එච්ච්රම කැමති නැහැ, හැම එකටම එහෙම කෑල්ලක් එනවා නොවැ.) මං දාන්න ඉන්න එව්වට මොකක් කියයිද දන්නේ නැහැ.
ReplyDeleteඒක නම් ඇත්ත මචං..සමහර ඒවයෙ තේරුමක් නැතුව එහෙම කෑලි දානව..ඒකෙන් වෙන්නෙ කතාවෙ ගතියක් තියෙනව නම් ඒකත් නැති වෙන එක..( හොදම නිදසුන තමයි අර සුළග එනු පිණිස ෆිල්ම් එකේ ළමයෙක් අනවශ්‍ය දේක රස බලනව වගෙ කෑලි..)
ReplyDeleteසුළඟ එනු පිරිසද ඒ නැත්නම් අක්ෂරයද? කොහොම වෙනත් දෙකම බහලා බලන්න ඕනේ. ප්‍රසන්නගේ මේ පාරෙන් එන්න එමයි තව ඒ වගේ එකකුයි මගේ ප්‍රියතම එක.
ReplyDeleteසුළග එනු පිණිස එකේ තමයි මචන් ඒ කෑල්ල තියෙන්නෙ..හරිම ජුගුප්සාජනකයි..අක්ෂරය නම් මට විශේෂ වරදක් නැති ෆිල්ම් එකක්..සම්මතයෙන් පිට පැනපු මාතෘකාවක් අනුව හදල තියෙන්නෙ,එහෙමයි කියල ෆිල්ම් එක ප්‍රතික්ශෙප කරපු එක නරකයි මගේ අදහස අනුව නම්..ඒ දෙකම බලන්නකො..සිංහල සිනමාවෙත් පිම්මක් පන්නවන්න කරපු උත්සාහයන් දෙකක්..
ReplyDeleteමම බැලුවත් ඒ දවස්වල තිබ්බේ කැමරා කොපි හින්දාත් අරහෙන් මෙහෙන් යව යව බැලුවේ. අනික "සිංහල සිනමාවෙත් පිම්මක් පන්නවන්න" ඒ වගේ කෑලි අවශ්‍යම නැහැ තමා, නමුත් අවංකම තහනම් කරපු එක නම් මම කියටවත් අනුමත කරන්නේ නැහැ ඔයා වගේම, විශේෂයෙන් ප්‍රජාන්තවාදී රටක් හැටියට මීට වඩා හිතන්න තිබ්බා එහෙම කල උදවිය. ඒ අය එහෙම කරා කියමුකෝ, අඩුම තරමේ ලේටර් පිරිස් ඇතුළු අයට වෙලා තියෙන තත්වය දැක්කා නොවැ?
ReplyDeleteඒකනෙ බන්..හොද නිර්මාණයක් සිංහල සිනමාවෙන් එළියට එන්නෙ අවාරෙට පොල් වැටෙනව වගේ තමයි..අක්ෂරය තහනම් කලෙ අධිකරණ විනිසුරුවන්ට අපහාස වෙන බව කියල..නමුත් අධිකරණ විනිසුරුවන් කියන්නෙත් අපි වගේම මිනිස්සු නේද,ඔවුන් අතිනුත් වැරදි වෙන්න පුලුවන් නේද කියල හිතන්න බෑ ඒක තහනම් කළ අයට.. http://www.lankaenews.com/Sinhala/news.php?id=8435 මෙන්න මේ වගෙ ප්‍රවෘත්තියක් එයාලට පෙන්නන්න තියෙනව ලොකු දෙයක්..
ReplyDeleteහැමකෙනෙක් අතින් වෙනවා මචන් ඒක. අධිකරණයට අපහාස වෙන අන්දමේ දෙවල් අල්ලාගෙන චිත්‍රපටි ගාණක් හදලා තියෙද්දිත් පොලිස්කාරයෝ හාමිකාරයෝට අපහාස වෙන එව්වා හදලාත් ඒව්වාට මෙතරම් දෙයක් නොකරන්න තරම් හොලිවුඩ් බොලිවුඩ් පරිස්සම් වෙද්දි අපේ රටේ එහෙම වෙන එක සාධාරණ නෑ නොවැ. හික්ස්, ඔයා දුන්න ප්‍රවෘත්තිය ඇත්ත තමා.
ReplyDeleteමම නම් මේක බැලුවේ Elisha Cuthbert හින්දාමයි.
ReplyDeleteමාර පාර...
@-බිன்ku-!පුලුවන් නම් ඒ ෆිල්ම් දෙක බලල ලිපි දෙකක් ලියපන්..හරියට සංවාදයක් ගොඩනැගුනෙ නෑ ඒව ගැන..
ReplyDelete@ම!චියර්ස්ස්ස්...
අක්ෂරයයි.සුළග එනු පිණිසයි මට හොයල බාගන්න ලින්ක් දෙනවද? ලොකු උදව්වක්!
ReplyDeleteඅහ්,, ඔන්න ඡන්දෙකුත් දැම්ම!!! අඩුම ගානෙන් තමය බලන්නෙ!
ReplyDeleteඔය කෙල්ලම ඉන්න ෆිල්ම් එක්ක තියනව My Sassy Girl ලස්සන ෆිල්ම් එක.
ReplyDelete@Anonymous!අහ් ඔවු බන්..පට්ට ෆිල්ම් එක..ලියන්න ඕන ඒක ගැනත්..තෑන්ක්ස් මචන් මතක් කළාට..
ReplyDelete@චින්තක! මචන් මේ තියෙන්නෙ සුළග එනු පිණිස ටොරන්ට් එක,මේකෙන් නම් බාගන්න අමාරු වෙයි මම හිතන්නෙ..සීඩිස් අඩුයි..කෝකටත් උත්සාහ කරල බලන්න..
ReplyDeletehttp://thepiratebay.org/torrent/4646083/Sulanga_Enu_Pinisa_aka_The_forsaken_land_(2005)
මම ඔය ෆිල්ම් එක බලලා තියනවා. මට නම් මේක එල ෆිල්ම් එකක්... :D
ReplyDelete