
මේ මම ලියන යන්නෙ 2007 වසරෙදි මම බලපු හොදම කොමඩි මූවි එක ගැන..මේක නම් ඔයාලත් බලන්න ඕන අනිවාර්යෙන්..ගොඩක් අය දන්නව ඇති මේ The Simpsons කියන්නෙ කාටුන් එකක් කියල..මේ ඒ කාටූන් මාලාවේ චිත්‍රපටය..මම ඒ කාටුන් බලල නැති උනත් මේ ෆිල්ම් එක බැලුව..එක පාරක් නෙවෙයි කීප පාරක්ම..ඒ හැම මොහොතෙම බඩ පැලෙන්න හිනා ගියා..ඇත්තටම එල ෆිල්ම් එකක්..මම කතාව කියන්න කලින් මේකෙ එන චරිත ගැන කියන්නම් ටිකක්..Simpsons පවුලේ තාත්ත මිදි ගෙඩියක් තරම් වත් මොලයක් නැති කෙනෙක්..ඔහුගේ පුතාත් ඊට ටිකක් සමානයි..ඔහු බොහොම දඩබ්බර කෙනෙක්..සහෝදරියන් දෙදෙනාත් මවත් බුද්ධිමත්..මේ පවුලට වෙන කරදරයක් ගැන තමයි මේ කතාවෙන් කියන්නෙ..දැන් මම කියන්නම් කතාවෙන් ටිකක්..දිනක් පල්ලියෙදි Simpsons පවුලේ සීය අනාවැකියක් කියනව..නමුත් කාටවත් ඒක තේරෙන් නෑ.. මේ සිද්දියෙන් පස්සෙ මේ පවුලේ පියා සුරතලයට ඌරෙක් ඇති කරන්න ගන්නව..ඔහුගෙන් තමයි කරදර පටන් ගන්නෙ..ඌරගෙන් නම් කරදරයක් නෑ..නමුත් Simpsons ගේ මොළේ නැති කම තමයි ප්‍රශ්නෙ..මීට වඩා කතාව කියල ඒකෙ රසය අඩු කරන්නෙ නෑ මම..පුලුවන් නම් බලන්න...ඔයාල වෙන ඕනම ෆිල්ම් එකක් බැලුවට වඩා මේක බලල හිනා වෙයි කියල හිතෙනව..
Ps:ඔයා කාටුන් බලන්නෙ නැති කෙනෙක් වෙන්න පුලුවන්..ඒත් මේක බලන්න කියලයි මම නම් කියන්නෙ ඔයාලට..මොකද ඒ තරම් ගති ෆිල්ම් එක!
මම මේ කාටුන් එක නම් කීප වරක් බලල තියෙනවා. නියමයි ඒකත්.
ReplyDeleteඑළම ෆිල්ම් එකක්.
ReplyDeleteමේ ෆිල්ම් එක බැලුවට පස්සෙ මමත් කාටුන් එකක් දෙකක් බැලුව,ඒවත් හොදයි..ෆිල්ම් එක නම් මැක්සා!
ReplyDeletesame here!
ReplyDeleteඅයියෝ මගෙ torrents slow..... තාම එක ෆිල්ම් එකක් වත් බාගන්න බෑ.....මේ දවස් ටිකේ එපා වෙලා ඉන්නෙ....
ReplyDeletezonoczz! ඒ මොකද බන්?මේ මම දීල තියෙන ඒවයෙ සීඩ්ස් වලින් නම් අඩුවක් නෑ..කනෙක්ෂන් එකේ අවුලක් වෙන්නැති..
ReplyDelete@ පොතේගුරා... ඔව් එක මගෙ අව්ලක්...ඔන්න අද තමා ඉවර උනෙ...දවල් වෙලා බලන්න ඔනා.... thnkz මචන්
ReplyDelete