Thursday, April 23, 2009

The Curious Case of Benjamin Button (2008) | අවරෝහණයි!


The Reader ගැන ලිව්වට පස්සෙ මේ තරම් අභියෝගයක් ලැබුනේ නෑ මට ගොඩක් කාලෙකින්..ඇත්තටම මේ චිත්‍රපටය ගැන ලියන එක හරිම අමාරු දෙයක්..අපේ ජීවිතර අවරෝහණ පිළිවෙලට උනොත් කොහොමද?නිකමට වත් හිතල තියෙනවද ඒ ගැන?හිතල බලන්නකො..එතකොට මේ චිත්‍රපටය බලන්න ආසාවක් ඇති වෙයි..අනිත් ලිපි වල වගේ මම මේකෙත් කතාව ටිකක් දුරට කියන්නම්..මෙන්න මෙහෙමයි කතාව..මරණාසන්න කාන්තාවක් රෝහලේදි තම දියණියට එක්තරා දින පොතක් දී කියනව එය තමන්ටත් ඇහෙන්න කියවන ලෙස..මේ දිනපොතේ ඇති කතාව තමයි මෙතැන් සිට අපිට බලන්න වෙන්නෙ..දැන් මම මේ කියන්නෙ එම දිනපොතේ කතාව..එක්තරා පවුලකට දරුවෙකු ලැබෙනව..දරු උපත නිසාම එම කාන්තාව මිය යන අතර දරුවාගෙ පියා මේ පිළිබද තරහින් මේ දරුවාව මහළු නිවාසෙක පඩිවෙලකින් තියල එනව..මේ සිගිත්ත අසාමාන්‍ය අන්දමට විරූපෙයි..ඒත් කරුණාවන්ත කාන්තාවක් වන මහළු නිවාසයෙ සාත්තු සේවිකක් විසින් මේ දරුව හදාවඩාගන්නව..මොහුට අවුරුදු 7ක් වන විට පෙනුම අවුරුදු 90ක පමණ මහල්ලෙකුගෙ වගෙයි..මොහු ජීවත් වෙන්නෙ මහලු නිවාසයක නිසා මර්ණය ඔහුට අලුත් දෙයක් නෙවෙයි..ඔහුගේ ජීවිතය ගෙවෙන්නෙ බොහොම වෙනස් විදියට..ඒ ගැන මම කියුඅන්නෙ නෑ, ඔයත් ජීවිතය,අනිත්‍ය,සතුට,ආදරය,වෙන්වීම, ආදි හැගීම් දැනෙන කෙනෙක් නම් අනිවාර්යෙන් බලන්නThe Curious Case of Benjamin Button ,ඔබට දැනෙන දේට නව අරුතක් එක් කරාවි මේ චිත්‍රපටය..

ඕපදූප:- මේ චිත්‍රපටය ඔස්කාර් සම්මාන 3ක් දිනා ඇති අතර තවත් සම්මාන 68කට නිර්දේශ වී 21ක් දිනාගෙන තියෙනව..සෙල්ලම් නෑ නෙද? :P ඒ වගෙම මේ ප්‍රධාන චරිතය රගපාන බ්‍රැඩ් පීට් ගේ රංගන කුසලතාව නිසා තවත් හැඩවෙලා තියෙනව මේ චිත්‍රපටය..

5 comments:

  1. මේ ෆිල්ම් එක ගැන අපේ බින්කු සහෝදරය හොද විචාරයක් ලියල තිබුන..මෙන්න මෙතනින් ගිහින් කියවන්න ඒක..

    ReplyDelete
  2. ඇත්තටම කදිම සිනමා පටයක්, විෂුවල් ඉෆෙක්ට්ස් සදහා සම්මානත් ලැබුව මයෙ හිතේ!

    ReplyDelete
  3. එළස්....මල් හතයි!

    ReplyDelete
  4. මේක ලස්සන කතාවක්... අමුතුයි..එත් පොඩ්ඩක් විතර ඇදෙනව මගදි....

    ReplyDelete

අන්න හරි..ඔහොම හිතුව එක ගොඩක් හොදයි..ලියන්න ඔයාගෙ අදහස්..මේ බ්ලොග් ලිවිල්ල ගැන මට සතුටක් දැනෙන්නෙන් ඔයාලගෙ අදහස් කියවනකොට තමයි..