Thursday, April 9, 2009

The Reader (2008) |අනිවාර්‍යෙන් බලන්න


හ්ම්ම්ම්...හිතාගන්න බෑ කොහොම පටන් ගන්නද කියල...මෙච්චර ලොකු අභියෝගයක් බාර ගන්නත් අමාරුයි කියල හිතුන මට මුලින්ම..ළගදි ආව ෆිල්ම් වලින් මම දැනට බලපු හොදම ෆිල්ම් එක මොකද්ද කියල කවුරුවත් අහුවොත් මම කෙලින්ම කියන්නෙ මේ ෆිල්ම් එකේ නම..ඒ මා ගැන නෙ..දැන් බලමු ෆිල්ම් එක ගැන..ඔයාලට ෆිල්ම් එකක් එක්ක පැය දෙකක් ජීවත් වෙන්න ඕන නම් බලන්න මේ ෆිල්ම් එක..හරීම ලස්සන කතාවක්..අධ්‍යක්ෂනයත් ඉතාම ඉහළයි..මම පිලිවෙලින් කතාව කියන්න යන්නේ නෑ..නමුත් මොන වගේ කතාවක්ද තියෙන්නෙ කියල කියන්නම්..හ්ම්ම්...කතාවෙ කිසිම තැනක අභිරහසක් නෑ,සටන් නෑ...ජීවිත දෙකක් දෙතැනක ගෙවෙන විදිය තමයි තියෙන්නෙ..අවුරුදු 16ක පිරිමි ළමයෙක් ඉන්නව,ඔහුට බොහොම දුර්වල පෞර්ෂත්වයක් තමයි තියෙන්නෙ..ඔහු ආදරයෙන් බැදෙනව වැඩිමහළු කාන්තාවක් සමග..ඇය දුම්රියක ටිකට් පරීක්ෂා කරන තැනැත්තියක්.මේ සම්බන්දකම මුළින් කාම සේවනයට පමණක් සීමා වෙලා තිබුනත් පසුව ආදරයකට පෙරළෙනව,මින් පසු මේ තරුණයාගෙ ජීවිතය සම්පූර්ණයෙන් වෙනස් වෙනව..මෙතැන් සිට තමයි නියම අයුරින් කතාව පටන් ගන්නෙ..( මම මේ කිව්වෙ කතාවෙන් පුංචිම පුංචි කොටසක් විතරයි )හ්ම්ම්..මේ චිත්‍රපටයේ තවත් විශේෂ ලක්ෂණයක් තමයි රාගී සිතිවිළි ඇවිස්සෙන්නේ නැති විදියට නිරුවත් දර්ශණ යොදාගෙන තිබීම..බාල පන්තියෙ කාම චිත්‍රපටයකින් ලැබෙන හැගීම ලබාගන්න හිතාගෙන නම් මේ චිත්‍රපටය ඩවුන්ලෝඩ් කරන්න එපා..ඒක මේ චිත්‍රපටයට කරන අපහාසයක් බවයි මගේ හැගීම..මෙහි කේට් ගේ රංගනයත් ඉතාම ඉහළයි....ආදරය,සතුට,හැගීම් අතර අරගලයක් මගින් ජීවිතයේ බැදීම් විස්තර කරන අපූරු නිර්මාණයක් ලෙසයි මම මේ ෆිල්ම් එක දකින්නෙ..අවුරුද්දට ලැබෙන නිවාඩුවෙන් ප්‍රයෝජනයක් ගන්න හිතනව නම් බලන්න The Reader,කාලෙකින් බලපු ලස්සනම ෆිල්ම් එකක් නේද කියල හිතෙයි..

මෙන්න ලින්ක් එක

13 comments:

  1. මේක එල, මම බලලා තියෙනවා. හොඳ කථාවක්.කේට් ට හොඳම නිළියට සම්මානය ලැබුනා 2009 ඔස්කාර් සම්මාන උළලෙදි. ඒ එක්කම තවත් සම්මාන 4 කට නිර්දේශ උනා මේ ෆිල්ම් එක.

    ReplyDelete
  2. සිරාවට. මම බලමු පට්ටම ෆිල්ම් වලින් එකක්. අපිට හැඟීම අපේ ඇතුලටම කවන්න චිත්‍රපටිය හදපු අයට පුලුවන් වෙලා තියෙනවා.

    ReplyDelete
  3. අඩෝ, උඹ මාර පෝරක් බන් මම හිටියේ ලබන සුමානේ ලියන්න මේ ගැන පොඩ්ඩක් පහු බැස්සේ ඉතින් ඔකේ තියෙන එව්වට අකෂර වගේ කතාවක් දායි කියලා (අකෂර එකේ කෑල්ලක් හැරෙන්න හොදයි තමා). මචං මේ කතාව නම් පට්ට තමා සිරාවවටම, උඹ පොත (Der Vorleser by Bernhard Schlink (කඩ්ඩේ පරිවර්තනය Carol Brown Janeway) කියෙව්වා නම් තවත් සිරා එකේ භාෂාවත් එහෙමයි. හැකි නම් චිත්‍රපටියේ නලු නිලියන් වගේම අධ්‍යක්ෂකගේ නම එහෙමත් දැම්මා නම්?) ඒ අයගේත් තැනක් එපයැ.

    ReplyDelete
  4. @-බිன்ku-හික් හික්..ඔවු බන්..මමත් බයෙන් මේක ගැන ලිව්වෙ.ඇත්තටම නම් මේක බලද්දි දැනෙන ගතිය විස්ත‍ර ක‍රන්නත් අමාරුයි..හ්ම්ම්..ඒකත් හොද අදහසක් තමයි,අනික් පාර කල්පනා ක‍රල බලන්න ඕන ඒ අයගෙත් නම් දාන්න.. :)

    ReplyDelete
  5. ලස්සන කතාවක් මේට සමීප එකක් තමයි "ලොලීට" ෆ්ල්ම් එක. වෙනස තියෙන්නේ එකේ කෙල්ලෙක්. යතාර්තයට ආසන්නව කරපු ෆ්ල්ම් එකක් මා ලග තිබුනත් කියපු නිසා බැලුවේ සුබ අලුත් අවුරුද්දක්.

    ReplyDelete
  6. @Gems!ලෝලිතා පොත නම් මම කියවල තියනව..ෆිල්ම් එකත් බලන්න ඕන..උබටත් එසේම වෙවා මචන්...

    ReplyDelete
  7. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  8. @wasala! මචන් ටොරන්ට් බාන එක ගොඩක් ලේසියි (ඕන වෙලවට නවත්තන්න පුලුවන්..අනික රෑට DL ක‍රනව නම් ටොර‍න්ට් එක දාල නිදාගන්න උනත් පුලුවන්,ගොඩක් ලින්ක්ස් බාන්න නෑ නෙ)...මම දීපු අලුත් ෆිල්ම් ඔක්කොම උප‍රිම ස්පීඩ් එකකින් එනව..

    ReplyDelete
  9. හොඳ චිත්‍රපටයක්. මමත් ඉතා උවමනාවෙන් නැරඹුව. කතාවෙ පළමු 3/4නම් අග්‍රගණ්‍යයි කියන්න පුලුවන්. අඩු දෙබස් ප්‍රමාණයකින් ඒ කොලු ගැටයගෙ මානසික තත්වය මනාව නිරූපණය කරල තියනව. කතාව තුල කේට්ගෙ රඟපෑම ගැන කියන්න නම් ඉතින් මට වචන නෑ. මැක්සම මැක්ස. නමුත් කොලුවගෙ පෞරුෂ දුර්වලතාවය වැඩිමහලු අවදියටත් ගෙනියන එක තමයි මට ඇල්ලුවෙ නැත්තෙ. ඒක බලාපොරොත්තු වීම ප්‍රේක්ෂකය විදියට වැරදි දෙයක් තමයි. නමුත් අර උසාවි ශාලාව තුල දර්ශනයෙදි, ඔහු ඇයට එම ලිපිය ලියාගැනීමට තරම් සාක්ෂරතාවයක් නෑ කියල දැන දැනත් නිහඬව සිටීම නම් මට ඇල්ලුවෙ නෑ. ඊට අමතරව ඇයව හම්බ වෙන්න බන්ධනාගාරයෙ ඇතුලටත් ගිහිල්ල මගදි හැරිල යන දර්ශනයෙදි නම් ඇත්තමයි මට මල පැන්න. ඒක ඔහුගෙ පෞරුෂ දුර්වලතාවය මනාව ඉස්මතු වෙන තැනක්.
    ඒ ඇරුණහම රඟපෑම සහ හැඟීම් නිරූපණය නම් චිත්‍රපටය පුරාවටම අතිශයින්ම තාත්වික සහ හදවතට දැනෙනසුළුයි කියල කියන්න පුලුවන්.

    ReplyDelete
  10. @Chamitha! හ්ම්ම්..ඒක සුද්දගෙ හැටියක් බන්..ෆිල්ම් බලලම මට ඒක තේරිලා තියෙනව..අපි නම් එහෙම වෙලාවක කරන්නෙ කෑගහල කියනව මෙයා නිවැරදි බව..නමුත් ඔවුන් එහෙම නෑ..අනික හිරේ හිටියත් මේ ගැහැණිය සතුටින් ඉන්නව තමන්ගෙ දුර්වලකම අනුන් දැක්කෙ නැති නිසා..බන්ධනාගාරයෙ ඇතුලටත් ගිහිල්ල මගදි හැරිල යන එකත් මම දකින්නෙ නෑ වැරැද්දක් ලෙස..මොකද අපි එක දිගට ෆිල්ම් එක බලනකොට වගේ නෙවෙයි ඒ අපේ ජීවිතය උනා නම්,දැනට ගතකරන ජීවිතය සම්පූර්ණයෙන් වෙනස් වෙනව එහෙම හමු වුනා නම්..අපිත් එහෙම හැසිරෙන්න තිබ්බ..මේ වගේ චිත්‍රපටයක් රසවිදින්න පුලුවන් පිරිසත් අඩුයි ඒත් උනත් උබ නියමෙට ෆිල්ම් එක රසවිදල තියෙනව.. ආසියානුවන්ට වඩා යුරෝපීයන් ගැගීම් ප්‍රකාශ කිරීම අතින් නම් බොහොම වෙනස්..

    ReplyDelete
  11. මෙක බාන ලින්ක් එක වැඩ කරන්නේ නැ මචන් එක පොඩ්ඩක් බලනවාද?

    ReplyDelete
  12. @C4! ඔන්න ලින්ක් එක හැදුව මචන්..මිනිනෝව එකෙන් ටොරන්ට් එක අයින් කරල..ඒකයි..

    ReplyDelete
  13. මම බලපු හොඳම classic එකක්

    ReplyDelete

අන්න හරි..ඔහොම හිතුව එක ගොඩක් හොදයි..ලියන්න ඔයාගෙ අදහස්..මේ බ්ලොග් ලිවිල්ල ගැන මට සතුටක් දැනෙන්නෙන් ඔයාලගෙ අදහස් කියවනකොට තමයි..