Friday, April 10, 2009

Camp Rock (2008)


හ්ම්ම්ම්..මේ කියන්න යන්නෙ තරුණ පිරිස අතර ගොඩක් ජනප්‍රිය වුනු ෆිල්ම් එකක් ගැන..තරුණ අයට විතරක් නෙවේයි ඕන කෙනෙක්ට බලල රසවිදින්න පුලුවන් ලස්සන කතාවක්...හ්ම්ම්ම්..මම කතාව ටිකක් කියන්න මේකෙ රසය නැති නොවෙන විදියට..මෙහෙමයි..එක් ගැහැණු ළමයෙක් ඉන්නව ගායනයට දක්ෂ..ඈය සහභාගී වෙනව Camp Rock නම් වැඩමුළුවකට,ඇයගේ අම්මා සූපවේදිනියක් වන අතර ඇයත් මේ වැඩමුළුවේ කෑම පිසීමේ වැඩ වලට එනව..ඒ වගෙම මෙම වැඩමුළුවට තවත් තරුණ දක්ෂ ගායෙකයෙක්..ඔහු තරමක් හිතුවක්කාර චරිතයක්..මොහුත් මෙම තරුණියත් අතර තමයි කතාව ගෙතිල තියෙන්නෙ..කතව මීට වඩා කිව්වොත් ඒකෙ අගය අඩු වෙයි කියලයි මට නම් හිතෙන්නෙ..කොහොම උනත් මේක ලස්සන ෆිල්ම් එකක්..High school musical චිත්‍රපටයට සමානකම් තියනව නමුත් මම නම් මේක ආසාවෙන් බැලුව..මම හිතනව ඔයාලත් ආසාවෙන් බලයි කියල..කතාවෙ විශේෂත්වයක් නැති උනත් බොහොම විශේෂ සිංදු ටිකක් තියෙනව..මේකේ තේමා ගීතය බොහොම ජනප්‍රිය උනා..ආකර්ෂණය,මානය,පාසල් ළමුන්ගේ නිදහස් සරළ පැවැත්ම හා සංගීතය එක් කළ කතාවක්..බැලුවට පාඩු නෑ... :D

No comments:

Post a Comment

අන්න හරි..ඔහොම හිතුව එක ගොඩක් හොදයි..ලියන්න ඔයාගෙ අදහස්..මේ බ්ලොග් ලිවිල්ල ගැන මට සතුටක් දැනෙන්නෙන් ඔයාලගෙ අදහස් කියවනකොට තමයි..