
අලුත්ම ෆිල්ම් එකක්..සරළ කතාවක් උනත් හිනා යනව බලනකොට ( ලංකාවෙ ෆිල්ම් හෝල් වලත් මේක තිරගත උනා )..මම කියන්නම්කො කතාව..ඔන්න අහගන්න එහෙනම්..පොඩි ගැහැණු ළමුන් දෙදෙනෙක් බොහොම ලස්සන ශාලාවක විවාහ උත්සවයකට සහභාගී වෙනව..පසුව මේ දෙන්නත් තීරණය කරනව කවදා හරි ඔවුන්ගේ විවාහ උත්සවයන් ගන්නෙත් මේ ශාලාවෙම බව..මේක අතීතයෙ සිදුවීමක්..දැන් මේ දෙන්න තරුණයි..කොහොම හරි මේ දෙදෙනාටම එකම කාලයදී විවාහ ගිවිසගන්නට ලැබෙනව..මේක බොහොම වැදගත් ශාලාවක් නිසා මේ දෙන්න කලින්ම යනව දින වෙන් කරගන්න..නමුත් පොඩි වැරදීමක් නිසා මේ දෙන්නටම එකම දිනයේ තමයි උත්සවය ගන්න වෙන්නෙ..ඒ කියන්නෙ දෙන්නගෙන් එක්කෙනෙක් තමන්ගේ උත්සවය කල් දාන්න ඕන..එහෙම නැත්නම් දෙන්නාම එකම දවසෙ බදින්න ඕන..මේ දෙකටම දෙන්නාම කැමති නෑ..ඔන්න දැන් තමයි ෆිල්ම් එකේ නමේ තියන හැටියටම මනාලියන්ගේ යුද්දය පටන් ගන්නෙ..දෙන්නගෙ වැඩ වලට ටිකක් හිනා යනව අපිට..ෆ්‍රී වෙලාවක බලන්න..
මේක මෙතනට අදාල නම් නෑ. ඊමේල් ලිපිනයක් වත් නැති නිසයි මෙතන ලියන්නෙ. බලල මකල දාන්න.
ReplyDeleteපුලුවන්නම් The Onion Movie ගැනත් ලියන්න. මම බලපු හොඳම කොමඩිය ඒක.
මමන් හිතන්නේ නම් බන්, බඳින එක කොහොමත් යුද්ධයක්. බාල බලමු මේ යුද්දේ කොහොමද කියල
ReplyDeleteබාලම බලමුකො...එල කියල හිතනවා....
ReplyDelete@ප්‍රවීන් ඉන්ද්‍රනාම! මම ඒක බලල තියෙනව මචන්..තෑන්ක්ස් මතක් කලාට..ඉක්මනටම ලියන්න ඕන ඒ ගැන ලිපියක්.
ReplyDelete@ම & zonoczz! එළ එළ..බලලම කියන්නකො කොහොමද කියල..
මේ ෆිල්ම් එක මම දැන් සති 2,3කට කලින් බැලුවා... හරිම ලස්සනයි ඒවාගේම විනෝදජනකයි... :)
ReplyDelete