Wednesday, April 8, 2009

Big Stan (2007)


හ්ම්ම්ම්...ඔයාලට හොදට රසවිදින්න පුලුවන් ෆිල්ම් එකක් ගැන කියන්න ඕන කියල හිතල කල්පනා කරනකොට තමයි මේ ෆිල්ම් එක ගැන මතක් උනේ මට..මාර ගති ෆිල්ම් එකක්..මම කතාව කියන්නම්කො ඔයාටල..එතකොට ඔයාලටම හිතෙයි මේක රසවත් කතාවක් නේද කියල..කතාව මෙහෙමයි..
ස්ටේන් කියල කෙනෙක් ඉන්නව..ඔහු ව්‍යාපාරිකයෙක්..දවසක් එක් සිද්දියකට මොහුට නඩු පැවරෙනව..මේ නඩුවෙ තීන්දුව වන්නෙ අදින් මාස 6කට පසු ස්ටේන් අවුරුදු 3ක සිරදඩුවමක් විදිය යුතු බවයි..මේක ඇහුවම මොහු බොහෝ කලබල වෙනව,නමුත් ඔහුගෙ හොද පුරුද්දක් තමයි මොනව කළත් හරියට උත්සාහයෙන් කරන එක...ඉතින් මොහු තීරණය කරනව මේ නිදහස තියෙන මාස 6යේදි හිරගෙදර ජීවිතයට හුරු වෙන එක..එතින් මොහු කරාටි පන්තියකට එහෙම යනව..නමුත් එතන ඔහුට ඕන තරම් ඉහළට උගන්නන්නෙ නෑ එක පාරම..මේ අතරතුර ඔහුට හම්බෙනව විශෙෂ කාරාටි මාස්ටර් කෙනෙක්..ඔන්න දැන් තමයි කතාවෙ හොද හරිය පටන් ගන්නෙ..වෙනස්ම විදියක කතාවක්..මොහුගෙ හිරගෙදර ජීවිතේ කොහොම වෙයිද කියල බලන්න ඕන නම් බලන්න බිග් ස්ටේන්..මාර ගති ෆිල්ම් එක..මම නම් පටන් ගත්ත මොහොතේ ඉදලම ආසාවෙන් බැලුව..මට ෂුවර් ඔයාලත් ආසාවෙන් රසවිදියි කියල මේ සිනමා නිර්මාණය...

4 comments:

  1. pena widiyata meka hoda comedy movie ekak wage
    me wage films gana kiyanawata boma thanks oyata
    mama sw7x

    ReplyDelete
  2. ඔව් බන්..මේක ගති..හිනා යනවටත් වඩා අමුතු ගතියක් තියෙනව මේක..

    ReplyDelete
  3. මචෝ මම මේක බැලුවා.fun එකක් තියෙනවා තමා. ඒත් බන්ධනාගාරයක් ඇතුල පිලිබඳ මේක මවන චිත්‍රය ටිකක් බොලඳ එකක් නේද? ( නෑ මම කියන්නේ නෑ මේක නරක movie එකක් කියලා. මොකද මාත් මේකට ආසයි :) ) ඒත් සමහර ටෙලි ඩ්‍රාමා වලත් මීට වඩා හොඳට බන්ධනාගාරයක් ඇතුලේ පොලිටික්ස් පිලිබිඹු කර ඇති බව මට හිතෙනවා. ( prison break).
    ඒ වගේම ඔබගේ බොලොග් එකෙන් ඉතා වටිනා සේවයක් වන බව මා ඔබට දැන්වීමට කැමති අතර ඔබට මාගේ ස්තූතිය පිරිනමමි. දිගටම ලියන්න. ජය!

    ReplyDelete
  4. @රන්දික! මේක මුල ඉදලම බොලද චිත‍්රපටයක් නම් තමයි මචං..ඒ උනාට අමුතු ගතියක් තියෙනව..අර නිකම් අපි පොරක් උනාම මෙහෙම ඉන්න තිබ්බ නේද කියල හිතනවනෙ..අන්න ඒ සිතිවිල්ල තමයි අධයක්ෂක යොදාගෙන තියෙන්න අපිව ෆිල්ම් එකට ඇදල තියාගන්න..
    prison break නම් එතින් එළම තමයි..

    ReplyDelete

අන්න හරි..ඔහොම හිතුව එක ගොඩක් හොදයි..ලියන්න ඔයාගෙ අදහස්..මේ බ්ලොග් ලිවිල්ල ගැන මට සතුටක් දැනෙන්නෙන් ඔයාලගෙ අදහස් කියවනකොට තමයි..