Wednesday, April 15, 2009

Fight Club (1999) | උප‍රිමයි.!!


මේක නම් හරිම පැටලිලි සහගත කතාවක්..හැබැයි එළම තමයි..බොහොම ජනප්‍රිය චිත්‍රපටයක්..අන්තිමේදී කතාව වෙනස් වෙන හැටි හිතාගන්නත් අමාරුයි..කොහොම උනත් මම කතාවෙ මුල් ටික කියන්නම්..හැබැයි මම සහතික වෙනව ඔයාල හිතනවට වඩා අන්තිම ටික බොහොම වෙනස් කියල..මෙන්න මෙහෙමයි කතාව..එක්තරා පුද්ගලයෙක් ඉන්නව ගොඩක් අසහනයෙන් ජීවත් වෙන..ඔහුට හරිහැටි නින්ද යන්නෙ වත් නෑ..මොහු මේ අසහනයෙන් මිදෙන්න විවිධ වැඩසටහන් වලට සහභාගී වෙනව..නමුත් එකක් වත් හරියන්නෙ නෑ..මොහු දිනක් ගුවන් ගමනකින් පසු තම නවාතැනට පැමිණිවිට දක්නට ලැබෙන්නේ එය සම්පුර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇති බවයි..දැන් මොහුට යන්න තැනකුත් නෑ..ඒ නිසා ඔහු කතා කරනව මේ ගුවන් ගමනේදී හමුවු මිතුරෙකුට,ඔහු අමුතුම තැනැත්තෙක්..ජීවිතය විදින්නෙක්,සමහර වෙලාවට විදවන්නෙක්..මොවුන් දෙදෙනා එකතුවී කරන දේවල් දැක්කම අපිට නම් තරහත් යනව..හරිම අත්භූත සිද්දි වෙන්නෙ මින් පස්සෙ,ගෙවෙන හැම මොහොතකම අපේ හිතේ කුතුහලයක් ඇති කරන්න මේ චිත්‍රපටයට හැකි වෙලා තියෙනව..ඇත්තටම මාර ගති කතාවක්..මේකත් අනිවාර්‍යෙන් බලන්න කියල තමයි මම කියන්නෙ..

ෆිල්ම් එක ගැන ඕප දූප:-
ඔස්කාර් සම්මානයටත් නිර්දේෂ වූ චිත්‍රපටයක්..මෙහි ප්‍රධාන චරිතයන් දෙක රගපාන්නෙ බ්‍රැඩ් පීට් හා එඩ්වඩ් නොර්ටන්..එමෙන්ම මේ චිත්‍රපටය IMDB චිත්‍රපට පෙළගැස්ම අනුව ලොව හොදම ෆිල්ම් අතරෙන් 21ක් වන ස්ථානයෙයි තියෙන්නෙ..බලනව නම් මෙන්න බඩු!

6 comments:

  1. මම බලපු හොඳ ෆිල්ම් වලින් තවත් එකක්. අවසානයේ එලිවෙන රහස තමයි මුලු කතාවේම හරය. ටිකක් The Machinist වගේ.

    ReplyDelete
  2. One of the best movie ever.

    ReplyDelete
  3. ඔවු බන්..එළම ෆිල්ම් එකක්!

    ReplyDelete
  4. මචන් උඹේ මේ වැඩේ නිසා මම දැන් බලන්නේම ඔයා හොදයි කියලා තියෙන ෆිල්ම්ස් විතරයි එලකිරි වැඩක් මචෝ දිගටම කරගෙන යන්න.........!!

    ReplyDelete
  5. @Uraj Deemantha!එහෙනම් එළම තමයි මචන්..මගේ වැඩේ සාර්ථකයි කියල හිතෙනව උබල ඔහොම කියනකොට.. :yes:

    ReplyDelete
  6. මේක නම් මම කීප වතාවක්ම බැලුවා. ඒ තරම් රසවත්. කොහොමත් කතාව උඩින් පෙන්වන දේට වඩා ගැඹුරුයි. ක්‍රමයට එරෙහි වීම සහ එය තුල ගිලී යාම කියන දේ මාර ගැඹුරින් කතා කරනවා. ඔලම එල.

    ReplyDelete

අන්න හරි..ඔහොම හිතුව එක ගොඩක් හොදයි..ලියන්න ඔයාගෙ අදහස්..මේ බ්ලොග් ලිවිල්ල ගැන මට සතුටක් දැනෙන්නෙන් ඔයාලගෙ අදහස් කියවනකොට තමයි..