Saturday, April 18, 2009

The Happening [2008] | අත්භූතයි!


හ්ම්ම්ම්..තවත් ටිකක් කුතුහලය දනවන ෆිල්ම් එකක් ගැනයි මේ කියන්න යන්නෙ..Mark Wahlberg රගපාන එකක් නිසා මම නම් ආසවෙන් බැලුව..මම කතාව කිව්වම ඔයාලට මේක අල්ලල යයි කියල හිතෙනව නම් විතරක් බලන්න...මොකද මේක හැමෝටම ගැලපෙනවද කියල හිතාගන්න අමාරුයි මට..කොහොම උනත් කතාව මෙහෙමයි..එක්තරා උද්‍යානයක මිතුරියන් දෙදෙනක් වාඩි වෙලා ඉන්නව..නමුත් එක පාරම මේ දෙදෙනාගෙන් එක්කෙනෙකුත් උද්‍යානයෙ ඇවිදිමින් සිටි සියලු පිරිසත් ගල් ගැසෙනව..මේ අතර ගල් ගැසුනු මිතුරිය තම කොණ්ඩාකටුව ගෙන තමන්ගේම බෙල්ලට ඇනගන්නව..දැන් වෙනත් පැත්තක! පිරිසක් මහල් ගොඩනැගිල්ලක් සෑදීමේ නිරත වෙලා ඉන්නව..මේ අතර පහළ සිටිය අයට එක්වරම දැකගන්න ලැබෙන්නෙ ඉහළම මහගේ සිට කම්කරුවෙක් වැටී ඇති බවයි..මේ සමගම තව සද්දයක් එනව,ඒ පැත්ත බැලුවම පේන්නෙ තවත් කම්කරුවෙක් වැටුන බවයි..තව කෙනෙක්,තව කෙනෙක්..මෙහෙම දිගටම පිරිස වැටෙන්න ගන්නව ඉහළ සිට..පහළ සිටින අය උඩ බැලුවම දැකගන්නට ලැබෙන්නෙ මොවුන් හිතාමතාම උඩ සිට පැන සිය දිවි හානිකරගන්නා බවයි..ඇත්තටම කියනව නම් මේ මුල්ම ටික විතරයි....අමුතුයි නේද කතාව,හැම මොහොතෙම හිතට කුතුහලය දැනෙන කතාවක්..ඒ වගෙම විද්‍යා ගුරුවරයෙක් ඇතුලු පිරිසක් මේ ව්‍යසනයෙන් පණ බේරාගන්න දරන උත්සාහයක් තමයි කතාවෙන් දැක්වෙන්නෙ..විස්තරෙ කියෙව්වම කතාව බලන්න ඕන කියල හිතුන නම් ලින්ක් එක පහල ඇති..බාගන්න!

13 comments:

  1. ඔව් මට නම් එක හොදට අල්ලලා ගියා හුළගක් සම්බන්දයි

    ReplyDelete
  2. බෑවා වගේ නෙමෙයි බන් බලන්නේ කොයි වෙලාවටද?

    ReplyDelete
  3. @ම!හික් හික්..බොන වෙලාවෙන් ටිකක් ඉතුරු කොරගත්ත නම් බලන්න තිබ්බ නේද?

    ReplyDelete
  4. @C4! ඔවු මචන්..මමත් හෙන ආසාවෙන් බැලුව..

    ReplyDelete
  5. ඒක බැහැ
    එහෙනම් බිබී බලමු

    ReplyDelete
  6. @ම! එළ එළ..බයිට් එකට ගන්න එකක් දෙන්නම්..මොකද සින්ඩියෙ 'මරණය' නැත්තෙ? :S මහ අපරාදයක්!

    ReplyDelete
  7. මට ඉන්න හිටින්න හම්බ වෙන එකක් නැහැ ඒකෙ දාල. අරක්කු ප්‍රචාරය කියල ගල් ගහයි. ඒක තියෙන්නේ වැදගත් අයටනේ

    ReplyDelete
  8. @ම! අයියෝ පිස්සු නැතුව ඒකට දාපන් බන්..උබේ ලිපි එළ! සින්ඩියෙ නැති නිසා ගොඩක් අයට මිස් වෙනව 'ම‍රණයේ'ආතල් එක!

    ReplyDelete
  9. මචන් පට්ට ෆිල්ම් එකක් කතාව අමුතුයි....... වගේම...... ගති...... මම කාලෙකට කලින් ඕක බැලුවා.......!!

    ReplyDelete
  10. ටේලරේ බැළුවට පස්සේ මමත් බෑවා ඒත් තාම බලන්න උනේ නෑනේ..

    ReplyDelete
  11. ඕක ටිකක් කම්මැලි වගේ නැද්ද බන්? අනේ මන්දා. ඒක නෙමෙයි. මොකද මරණය අයින් වුනේ? සදාචාරයටද? අයින් කලාද?

    ReplyDelete
  12. ඕං මං අද බැළුවා. මට හරි පුදුමයි මේ වගේ ඩිරෙක්ටර් කෙනෙක් මේවගේ කම්මැලි ෆිල්ම් එකක් හදපු එක. සමහර තැන් හරි ගොන් වගේ. දෙබස් එහෙම හරි ප්‍රාථමිකයි. මට නං ඇල්ලුවෙ නෑ.

    ReplyDelete
  13. @අනු! හික් හික්...එක අතකින් ඒක ඇත්ත..එකයි මම මේ ලිපියෙ මුලින්ම "මම කතාව කිව්වම ඔයාලට මේක අල්ලල යයි කියල හිතෙනව නම් විතරක් බලන්න...මොකද මේක හැමෝටම ගැලපෙනවද කියල හිතාගන්න අමාරුයි මට" කියල ලිව්වෙ..

    ReplyDelete

අන්න හරි..ඔහොම හිතුව එක ගොඩක් හොදයි..ලියන්න ඔයාගෙ අදහස්..මේ බ්ලොග් ලිවිල්ල ගැන මට සතුටක් දැනෙන්නෙන් ඔයාලගෙ අදහස් කියවනකොට තමයි..