Friday, April 17, 2009

Inkheart (2008)


සුරංගනා කතාවක් වගේ ෆිල්ම් එකක් ගැනයි මේ කියන්න යන්නෙ..පොඩි අයට වැඩියෙන් ගැලපෙන එකක්..නමුත් හොද කතාවකින් රසවින්දනයක් ලබාගන්න හැකියාව තියෙන ඕන කෙනෙක්ට ගැලපෙනව..කතාව මෙහෙමයි..එක් පුද්ගලයෙක් ඔහුගේ සිගිති දියණියට සුරංගනා කතාවක් කියනව පොතක් බලාගෙන..නමුත් මේ පුද්ගලයා විශේෂ කෙනෙක්..ඔහු කියන කතා ඇත්ත වෙනව..මේ බව ඔහු දැනගන්නකොට පරක්කු වැඩියි..මම එහෙම කිව්වෙ ඇයි කියල ඔයාලට තේරෙයි කතාව බැලුවොත්..මොහු දියණියට කියවපු Inkheart නැමැති පොත අමුතු එකක්..එහි සියලු චරිත මෙලොවට පැමිණියොත් කොහොම වෙයිද?දුශ්ටයා,වීරයා වගේම අනික් සියලුම චරිත සැබවින්ම මෙළොවට පැමිණියොත්?ඔවු ඇත්තටම ඔවුන් සියල්ලම මෙලොවට පැමිණෙනව..මේ කතාවෙ ආරම්භය විතරයි..මෙතැන් සිට තමයි අපිට බලන්න දෙවල් තියෙන්නෙ..වෙනස් විදියක කතාවක්..ලස්සනයි..ඔයාල ක්‍රියාදාම,මිණීමැරුම්,හොල්මන් චිත්‍රපට වලින් හෙම්බත් වෙලා නම් බලන්න Inkheart ..වෙනසක් දැනේවි හිතට..

2 comments:

  1. thnkz aiya...oyage blod eken thama dan mama films download karanne...eth sinhalen comments danna bane apita? :-(

    ReplyDelete
  2. http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html මේ ලින්ක් එකෙන් සින්ග්ලිෂ් විදියට ටයිප් ක‍්රන්න පුලුවන්..උත්සාහයක් දීල බලන්න..

    ReplyDelete

අන්න හරි..ඔහොම හිතුව එක ගොඩක් හොදයි..ලියන්න ඔයාගෙ අදහස්..මේ බ්ලොග් ලිවිල්ල ගැන මට සතුටක් දැනෙන්නෙන් ඔයාලගෙ අදහස් කියවනකොට තමයි..