Thursday, April 2, 2009

Into the Wild (2007)


මට හිතාගන්න බෑ මේ ෆිල්ම් එක ගැන කොහොම කියන්නද කියල..පිටු ගානක් ලියන්න පුලුවන්..ඒත් කොච්චර ලිව්වත් මේ ෆිල්ම් එක විනාඩියක් බලනකොට හිතට දැනෙන දේ විස්තර කරගන්න බැරි වෙයි..නියම සතුට,නිදහස සොයා යන තරුණයෙකු ගැනයි මේ කතාවෙන් කියවෙන්නෙ..සමාජයත් එක්ක කිසිම බැදීමක් නැතුව කැලයකට වෙලා ජීවිතය තේරුම් ගන්න හදන කෙනෙක්ට කොච්චර ශක්තියක් තිබිය යුතුද?ඒ ශක්තිය මේ තරුණයා තුල නොඅඩුව තියෙනව..මම මේ කථාවෙ පොඩ්ඩක් වත් කියන්නේ නෑ,මොකද මේක ඕනම කෙනෙක් බැලිය යුතුම කතාවක්..මේක බලන්න කම්මැලි හිතෙනව නම් ගිහින් බලන්න මේ ලින්ක් එකට..මේක සත්‍ය කතාවක්..මොහු කැලිෆෝනියාවේ සිට ඇලෙස්කාව දක්වා යනව..අතේ ඇති සල්ලි ඔක්කොම පුච්චල දමල තමයි ඔහු ගමන පටන් ගන්නෙ..මේ ගමනට අවුරුදු ගණනාවක් ගත වෙනව..ගමන අතරතුරදී සිදුවන දේවල් තමයි චිත්‍රපටයෙන් දක්වා තිබෙන්නෙ..මේ ෆිල්ම් එක හැම මොහොතකම ජීවිතය ගැන අලුත් පාඩමක් කියා දෙනව..ඔයාල කොච්චර 'බිසී' උනත් මේක බැලුවොත් ජීවිතේ,සතුට කියන්නෙ මොකද්ද කියල තේරෙයි..

13 comments:

  1. ඔන්න මම බාන්න දැම්මා! :D

    ReplyDelete
  2. ඔච්චර කියන එකේ බාමු බලන්න එහෙනම්... :D

    ReplyDelete
  3. මම මේක බැළුවේ මේ අවුරුද්දේ ජනවාරි 1 වෙනිදා දවල්..! කියලා වැඩක් නෑ.. නියම චිත්‍රපටය.. මං හරිම ආසයි!

    ReplyDelete
  4. ශික්කේ..., එළකිරි බ්ලොග් එකක් නෙ මග ඇරිලා තියෙන්නෙ.
    Maxxa කියලා තියන ඔක්කොම ෆිල්ම්ස් ටික බලනවා (හෝ බලන්න ට්‍රයි 1ක් දෙනවා)

    ෆිල්ම්ස් වල ටොප්-ලිස්ට් එකක් දැම්මා නම් තවත් එළ. :)

    ReplyDelete
  5. දැන් මගේ පුරැද්දක් වෙලා මේ Blog එකට ඇවිත් film බලන එක. මේකත් බානවා බානවාමයි. මේ දැන්මම....
    Thankyou !

    ReplyDelete
  6. මලේ, නියමයි. මේක ලස්සනයි තම මලේ, ජිවිතයකට වටින කතාවක්නේ. මලෙ, මේ වගේ වටිනා එව්වා දාන්නකෝ වැඩිපුරම. ඔයා කියන එව්වානේ පිලි ගන්නේ ;)

    මචෝ, මාත් ඔන්න පරන් ගත්තානේ චිත්‍රපටි ගැන දාන්න. මගේ පලමු එක හොඳද මචෝ? එක බැලුවද?

    ReplyDelete
  7. මරු ෆිල්ම් එක මේක. තව පාරක් බලන්න හිතන් ඉන්නෙ ඔලුව නිදහස් උන වෙලාවක් බලල.

    ReplyDelete
  8. ඔන්න මමත් බානව!

    ReplyDelete
  9. නියමයි..මේ ලිපිය නිසා ගොඩක් අය මේ ෆිල්ම් එක බලන්න තීරණය ක‍රල..එළ!!

    ReplyDelete
  10. degatama karagena yanna machan...Api oyath ekka ennawa..

    ReplyDelete
  11. නියමම නියමයි මෙක බලලා පැය 3/4 කල්පනා කරා පැත්තකට වෙලා නියම පිල්ම් එක


    උබට බුදු සරණයි!

    ReplyDelete
  12. @M&G Creation NEWS SITE! තෑන්ක්ස් මචන්..

    @C4! එළ මචන්..කට්ටිය මේ වැඩෙන් ප්‍රයොජනයක් ගන්න එක ගැන මට හෙන සතුටුයි..උබ මේකට ආස නම් http://baiskoop.blogspot.com/2009/04/reader-2008.html බලපන්..ගොඩක් දුරට The reader ට ආස වෙයි..

    ReplyDelete
  13. මේ කතාව නම් හොයගෙන හරි බලන්න හිතෙනව !

    ReplyDelete

අන්න හරි..ඔහොම හිතුව එක ගොඩක් හොදයි..ලියන්න ඔයාගෙ අදහස්..මේ බ්ලොග් ලිවිල්ල ගැන මට සතුටක් දැනෙන්නෙන් ඔයාලගෙ අදහස් කියවනකොට තමයි..