Thursday, April 2, 2009

Marley & Me (2008)


හ්ම්ම්...මේක සාමන්‍ය පවුලක ජීවිත කතාවක් කියන්න පුලුවන්,ආදර කතා,කොමඩි ෆිල්ම්, කියන වර්ග දෙකටත් ඇතුලත් කරන්න පුලුවන්..කතාවෙ විශේෂත්වයක් නෑ..සාමන්‍ය පවුලක් සතුටින් ජීවත් වෙන්න දරන උත්සාහයක් තමයි පෙනවන්නෙ..නමුත් මේ පවුලෙ වැදගත් අමුත්තෙක් ඉන්නවා..ඒ මාලී..ඔවුන්ගේ සුරතල් බල්ලා,ඌ නිසා තමයි මේ කතාවට අමුතු පණක් ලැබිල තියෙන්නෙ.....ඔන්න මම කතාව පිළිවෙලට කියන්නම්..අලුතින් විවාහ වු යුවලක් බලුපැටියෙක් ගන්නව සුරතලයට ඇතිදැඩි කරන්න..නමුත් ඔවුන්ට හම්බෙන බලුපැටිය අධික්‍රියාකාරී එකෙක්..එක මොහොතක් එක විදියකට ඉන්න බෑ..ඒ වගෙම කවුරුවත් කියන දේ අහන්නෙත් නෑ..මේ යුවලේ ස්වාමිපුරුෂයා පත්තර වාර්තාකරුවෙක්..ඔහු තමාත් තම බල්ලා මාලිටත් වෙන සිදුවීම් ඇසුරින් විකට කතා තීරයක් ලියනව..ඒක ගොඩක් ජනප්‍රිය වෙනව..අපිට මේ ෆිල්ම් එකෙන් බලන්න තියෙන්නෙ ඔවුන්ගේ ජීවිත කතාව..තව කියන්නෙ නෑ මම මොකද මාලි කොච්චර ක්‍රියාකාරී,හිතුවක්කාර බල්ලෙක්ද කියල ඔයාලට තේරුම් කරන්න අමාරුයි මට....ඇත්තටම මේ වගේ බල්ලෙක් ඇති කරන එක පිස්සු හැදෙන වැඩක්..මේ බල්ලගෙ වැඩ බලාගන්න ඕන නම් බලන්න Marley & Me..සාමාන්‍ය පවුලක්,අධික්‍රියාකාරී බල්ලෙක් ඇතිකරමින් සතුටින් ජීවත් වෙන්න දරන උත්සාහයක් තමයි මුල් භාගයෙන් පෙන්වන්නෙ..නමුත් චිත්‍රපටයේ අවසාන භාගය කොච්චර සංවේදීව ගෙවෙනවද කියල වචනයෙන් කියන්න බෑ..

3 comments:

  1. මේක නම් බලන එක බලනවාමයි..! දැන් කීයක් මං ලිස්ට් එකට ඇඩ් කරන්ද තියෙන්නේ ඔයා කියලම..! ඒ වුනාට ඇත්තමයි කවදා හරි බලනවා!

    ReplyDelete
  2. මචං ඔක්කොම ලින්ක් යන්නෙ Mininova වලට. මම ඒ film එකම Demonoid වලින් බෑවා. පිස්සු හැදෙනවා. දෙගුණයක් Fast. (මේ කියන්නෙ Yes Man ගැන) මට හිතෙන්නෙ Demonoid වල ටොරන්ට් ඇත්තටම Fast.
    Thank You .

    ReplyDelete
  3. @මලී! හික් හික්..free වෙලාවක් හම්බුනොත් බලන්නකො...

    @කේසර! මගේ නම් එහෙම විශේෂයක් නෑ බන්..මොකෙන් බෑවත් උප‍රිමෙන් එනව සීඩ්ස් තියෙනව නම්..

    ReplyDelete

අන්න හරි..ඔහොම හිතුව එක ගොඩක් හොදයි..ලියන්න ඔයාගෙ අදහස්..මේ බ්ලොග් ලිවිල්ල ගැන මට සතුටක් දැනෙන්නෙන් ඔයාලගෙ අදහස් කියවනකොට තමයි..