Monday, April 20, 2009

Never Back Down (2008) | වලි බ‍රයි.!

මේ නම් කියන්න යන්නෙ එළම ෆිල්ම් එකක් ගැන..මම හිතනව මම වගේම ඔයාලත් මේක ආසාවෙන් බලයි කියල..මේකෙ සමහර තැන් තියෙනව අපිට නැවත නැවතත් බලන්න හිතෙන..ඒ තරම් ගති ෆිල්ම් එක! හ්ම්ම්ම්...කතාව ගැන නම් කියන්න තියෙන්නෙ මේක විශේෂ කතාවක් නෙවෙයි...මේ තේමාවෙන් ගොඩක් ෆිල්ම් තියෙනව..නමුත් මේ කතාවෙ සටන් වගේම හැගීම්ත් යොදාගෙන තියෙනව ෆිල්ම් එක ලස්සන කරන්න..දැන් මම කියන්නකො කතව..මෙහෙමයි..එක්තර හිතුවක්කාර තරුණයෙක් ඉන්නව..ඔහු යන යන තැන රණ්ඩු වලට පැටලැවෙනව..මේ නිසා ඔහුගේ මවට ඔහුත් රැගෙන නිතරම නිවාස ආරු කරන්න වෙනව...මේ රණ්ඩු නිසාම ඔවුන් එනව වෙනත් පෙදෙසකට,මෙහිදි මෙම තරුණයා ඇතුලත් වෙන පාසලේදිත් ඔහු රණ්ඩු වලට පැටලෙනව..මේ පාසලේ ඉන්නව අති දක්ශ සටන් කරුවෙක්..මොහුත් සමග සටනට ගෙහින් ඔහු හොදටම මට්ටු වෙනව දවසක්..මොහුගෙන් පලිගන්න හිතාගෙන මේ තරුණයා කරාටි ඉගනගැනීමට යනව පන්තියකට.මෙහි ගුරුවරය අප්‍රිකානුවෙක්..ඔහු නිසා මේ තරුණයාගෙ ජීවිතය අලුත් පණක් ලැබෙනව..මෙතැන් ඉදන් ඔහු වෙනස් වෙනව..මේ කතාවෙ බාගයක් විතරයි මම කිව්වෙ..මින් ඉදිරියට තමයි ලස්සන කොටස තියෙන්නෙ..මේක බලන්න කියල තමඉ මම නම් කියන්නෙ..ගති ෆිල්ම් එක!

5 comments:

  1. මාත් බැළුවා මීට මාස 2-3 කට කලින්. කිව්වා වගේම හොඳ බයිස්කෝප් එකක්.

    ReplyDelete
  2. ow sira kathawa mamath balala thiyenawa

    ReplyDelete
  3. ඔවු මචන්ලා..මමත් ආසම ඇක්ෂන් ෆිල්ම් වලින් එකක්!

    ReplyDelete
  4. මමත් දැන් බැලුවා. නරකම නෑ. ඒත් කතාවේ උච්චතම අවස්ථාව නිරූපනය කරලා තියෙන විදිහ මදි කියලයි මට හිතෙන්නේ.

    ReplyDelete
  5. @රන්දික! හ්ම්ම්ම්...මට නම් අර අන්තිම කොටස ආයෙ ආයෙ බලන්න හිතුන බන්..

    ReplyDelete

අන්න හරි..ඔහොම හිතුව එක ගොඩක් හොදයි..ලියන්න ඔයාගෙ අදහස්..මේ බ්ලොග් ලිවිල්ල ගැන මට සතුටක් දැනෙන්නෙන් ඔයාලගෙ අදහස් කියවනකොට තමයි..