Saturday, April 4, 2009

Next (2007)


හ්ම්ම්ම්..මේක වෙනස්ම තාලෙ ෆිල්ම් එකක්..ඔයාලට ඉදිරි විනාඩි දෙකේදී සිද්ද වෙන දේවල් වෙන්නත් කළින් දැකබලාගන්න පුලුවන් බලයක් තියෙනව නම් කොහොම්ද?එළ නෙ?මේ කතාවෙ කතා නායකයට එහෙම බලයක් තියෙනව..ඒ නිසා තමයි මේක විශේෂ කතාවක් වෙන්නෙ..මෙන්න මෙහෙමයි කතාව..මෙහි ප්‍රදාන චරිතය රගපාන්නෙ නිකලස් කේජ්..ඔහු මැජික් ශිල්පීක් හැටියට සංදර්ශන පවත්වමින් ජීවත් වෙනව..දවසක් රහස් පරීක්ෂකවරු කණ්ඩායමක් මොහුව හොයාගෙන එනව..ඒ පිරිසෙන් එක්කෙනෙක් විශ්වාස කරනව මොහුට විශේෂ බලයක් ඇති බව..ඒ අනුව ඔවුන් මොහුව ලුහුබදිනව..නමුත් මේ මැජික් ශිල්පියා පලායන්නෙ පුදුම හිතෙන විදියට..(මොකද මොහුට පොලිස් නිලධාරින් ඉදිරියට ගන්න ක්‍රියාමාර්ග පේනවනෙ)කොහොම උනත් පසුව ඔහුව හොයාගන්න ලොකු මෙහෙයුමක් ක්‍රියාත්මක කරනව..ඔහුව මේ තරම් පොලිසියට ඕන කරල තියෙන්නෙ ඇයි?පොලිසියෙන් එන බව දුටු විට ඔහු පලා ගියේ ඇයි?අන්තිමේදි ඔහුගේ ඉරණම කොහොම විසදෙයිද?ඔයාලට එහෙම බලයක් නැති නිසා ෆිල්ම් එක බලන්නම වෙනව මේ ප්‍රශ්ණ වලට උත්තර මොනවද කියල දැනගන්න..ලින්ක් එක පහළ ඇති...

2 comments:

  1. මෙය ඉතා කුතුහලය දනවන movie එකකි. නමුත් මෙහි ඇති concept එක logically වරද්දපු තැන් කිහිපයක් movie එකේ තියෙනවා.ඒත් පට්ට ආතල් සිද්ධි මේකේ තියෙනවා. ( TV එකේ යන දේ කලින් කීම )

    ReplyDelete
  2. මේක මම ගොඩාක් ආසාවෙන් බලපු ‍ෆිල්ම් එකක්... කියල වැඩක් නෑ...නියමයි !

    ReplyDelete

අන්න හරි..ඔහොම හිතුව එක ගොඩක් හොදයි..ලියන්න ඔයාගෙ අදහස්..මේ බ්ලොග් ලිවිල්ල ගැන මට සතුටක් දැනෙන්නෙන් ඔයාලගෙ අදහස් කියවනකොට තමයි..