Sunday, April 5, 2009

Passengers (2008)


මේ ෆිල්ම් එක ගැන කියන්න විස්තර ගොඩක් නෑ..ඒ උනාට ඔයාලට තේරුම් ගන්න පුලුවන් වෙන ගානට කියන්නම් මම..ඊට පස්සෙ ෆිල්ම් එක බලනවද නැද්ද කියල ඔයාලම තීරණය කරන්න..කතාව මෙහෙමයි..එක්තරා මගී ප්‍රවාහන ගුවන් යානයක් කඩාගෙන වැටෙනව මගීන් විශාල ගනනක් එක්කම..පසුව මින් බේරෙන මගීන් දරුණු විදියට මානසික කම්පනය පත් වෙනව...ඒ අයගේ මානසික තත්ත්වය යහපත් කිරීම සදහා එක්තරා වෛද්‍යවරියකට නියම වෙනව..මේ වෛද්‍යවරිය හා මගීන් අතර තමයි ච්ත්‍රපටයේ කතාව ගොඩනැගෙන්නෙ..මේ අණතුරට පත්වූ මගීන්ව විවිධ පුද්ගලයන් ලුහුබදිනව..කොහොම උනත් කතාව මුල ඉදලම අභිරහස් ගතියක් තමයි තියෙන්නෙ..ඒ අභිරහස විසදෙන්නෙ අන්තිම මොහොතෙ..නමුත් අපි හීනෙන් වත් නොහිතන විදියේ විසදුමක් තමයි ලැබෙන්නෙ මේ අභිරහසට..එකම වගේ කථා වලට සීමා වෙලා ඉන්න කෙනෙක්ට වටිනව මේ වගේ කතාවක් බලන එක..මොකද අන්තිම මොහොත දක්වාම අපේ හිතේ කුතුහලයක් තමයි රදෙන්නෙ..

3 comments:

  1. බොහෝම ස්තුතියි දෑනුවත් කිරීමට,, බලන්න හිතෙනවා.

    ReplyDelete
  2. මාර ෆිල්ම්ස් පිස්සෙක් වගේ...කැමතිම නලුව නික් කේජ් නේද? ෆිල්ම්ස් direct download කරන්න පුලුවන් මේ site එකෙන්. www.quickflicksnow.com

    ReplyDelete
  3. One of the best films i have watched this year! Anne Hathaway ladies and gentlemen!

    ReplyDelete

අන්න හරි..ඔහොම හිතුව එක ගොඩක් හොදයි..ලියන්න ඔයාගෙ අදහස්..මේ බ්ලොග් ලිවිල්ල ගැන මට සතුටක් දැනෙන්නෙන් ඔයාලගෙ අදහස් කියවනකොට තමයි..