Saturday, April 4, 2009

The Pink Panther (2006)


ඔන්න තවත් එළ කොමඩියක්..මට මේ ගැන කියන්න මතක් උනේ පින්ක් පැන්තර් 2 ආව බව ආරංචි උන නිසා..පින්ක් පැන්තර් 2 වල නම් ඓශ්වර්යා රායිත් ඉන්නවලු..කොහොම උනත් 2 බලන්න කලින් 1 බලල ඉන්න එපයි..එකයි මේ ගැන කියන්නෙ..කතාව නම් බොහොම සරළයි..ක්‍රීඩා තරගයකදි වැදගත් පුද්ගලයෙකු අතේ පැලදගෙන සිටි පින්ක් පැන්තර් නැමති විශාල මැණිකක් අතුරුදහන් වෙනව..මේක සෙවීමට ඉහළ නිළයක සිටින පොලිස් නිලධාරියෙක් ගම්බද පොලිසියකින් කෙනෙක් ගෙන්වාගන්නව..ඒ ඔහු දක්ෂයෙක් නිසා නම් නෙවෙයි..ඔයාලට කතාව බලනකොට තේරෙයි ඔහුව ගෙන්වාගන්න එකේ අරමුණ..මේ ගම්බද පොලිස්කාරයා වටා තමයි කතාව ගොඩනැගෙන්නෙ,ඔහු අමුතු අමුතු ක්‍රම තමයි අනුගමනය කරන්නෙ රහස් හොයාගන්න..මිස්ටර් බීන් වගේ චරිතයක්..මේක හරිම ලස්සන ෆිල්ම් එකක්..කොමඩියක් හැටියට සාර්ථකයි..හොදට හිනා යනව බලනකොට..කාලෙකින් හොදට හිනා වුනේ නැත්නම් බලන්න පින්ක් පැන්තර්...

7 comments:

  1. මේක නම් එලම එකක්.. හිනා වෙලා පන යනවා.. දෙකත් බලන්ටකෝ.. ආපහු මැනික එකෙදි නැති වෙනවා...

    ReplyDelete
  2. එළ එළ, ඕකත් බලන්න ඕන. මේ බ්ලොග් එක බලන්න පටන් ගත්තට පස්සෙ ෆිල්ම් බැලිල්ල වැඩි උනා. ඒක නෙමෙ මචෝ, අර Wall-E එළ ෆිල්ම් එකක්ලුද? මම දැක්ක ඒක IMDB එකේ ගොඩක් genres යටතේ උඩින් ඉන්න ෆිල්ම් එකක්. පුලුවන් නම් බලලා review 1ක් දාන්නකෝ, එළද කම්මැලිද කියලා. :)

    ReplyDelete
  3. @panhida! එළම තමයි..දෙවනි කොටසෙ තාම ඩීවීඩී රිප් නෑ නෙ...හොද කැම‍රාකොපියක් වත් ඇවිත් නෑ තාම..ආව ගමන් බලල ලිපියක් දාන්නම්... :)

    @ChuttaFX! Wall-E පට්ට ෆිල්ම් එක බන්..මම ලිපියක් දාල ඇති..බලපන්කො...ලින්ක් එකත් ඇති එතන...

    ReplyDelete
  4. එළකිරි ෆිල්ම් එක මචන්........... පිස්සු කොර.......... හිනා වෙලා මහන්සියි දැන් නම්.........!!

    ReplyDelete
  5. @Uraj Deemantha! හික් හික්..එහෙනම් එළම තමයි..දෙවනි කොටසත් ඉක්මනට හොයාගන්න ඕන..

    ReplyDelete
  6. දෙවනි කොටස නම් ටොරන්ට්ස් තියෙන ඔක්කොම වගේ ෆේක් ඒවාද කොහෙද........!! මම දැක්කා කොමෙන්ට්ස් කිහිපයකම එහෙම...........!!

    ReplyDelete
  7. ඔවු බන් දැනට තියෙන්න් ෆේක් ඒව විත‍රයි..හොද කැම‍රා කොපියක් වත් නෑ..

    ReplyDelete

අන්න හරි..ඔහොම හිතුව එක ගොඩක් හොදයි..ලියන්න ඔයාගෙ අදහස්..මේ බ්ලොග් ලිවිල්ල ගැන මට සතුටක් දැනෙන්නෙන් ඔයාලගෙ අදහස් කියවනකොට තමයි..