Friday, April 3, 2009

Troy (2004)


මේක එතරම් වැදගත් ලිපියක් වෙන එකක් නෑ..මොකද නිකමටවත් ෆිල්ම් බලන හැමෝම බලල ඇති කියල හිතන ෆිල්ම් එකක් ගැන මේ ලියන්නෙ..කොහොම උනත් බලල නැති එක්කෙනෙක් හරි මේ ලිපිය කියවල මේ ෆිල්ම් එක බැලුවොත් ලොකු දෙයක්...මම බලපු හොදම ඇක්ෂන් ෆිල්ම් අතරෙන් එකක් මේක..මම කතාවෙන් ටිකක් කියන්නම්කො..කතාවෙ මුල් ටික මෙහෙමයි..ස්පාටා නුවර අකිරීස් කියල යුද පුරාවෘත්තයක් වගේ මිනිසෙක් ඉන්නව(බ්‍රැඩ් පීට් තමයි මේ චරිතය රගපාන්නෙ)..ඔහු වටා තමයි මේ කතාව ගෙතිල තියෙන්නෙ..මේන්න කතාවෙ සාරාංශය..ස්පාටා හා ට්‍රොයි කියන්නෙ බලවත් රාජධානි දෙකක්..මේ රාජ්‍යන් දෙක අතර සාමය පවත්වාගෙන යන්න ට්‍රොයි වල කුමාරවරු දෙදෙනෙක් එනව ස්පාටා වලට..මේ ගමනෙදී එක් කුමාරයෙක් ආදර සම්බන්දතාවයක් ඇති කරගන්නව ස්පාටා වල රජුගේ බිරිදත් සමග..මේ සිද්දිය මුල් කරගෙන අතිශය බලවත් මේ රාජධානි දෙක යුධ වදිනව..මේ යුද්දයේදී අකිරීස් නැමැති අපරාජිත පුද්ගලයාගෙ ඉරණම තමයි මෙහි පෙන්වන්නෙ..මේක බලපු නැති අය ඉන්නව නම් ඒ බොහොම ටික දෙනෙක් වෙන්න ඕන..ඒ අයට මම කියන්නෙ මේක බලන්න කියල..මාර ගති ෆිල්ම් එක... :D

බානව නම් මෙන්න ලින්ක් එක!
(දැනට සීඩ්ස් තියෙනව..)



9 comments:

  1. මම බලලා නෑනේ!! බලන්න ඕන. තැන්ක්ස්..ආ! ;)

    ReplyDelete
  2. @ChuttaFX! මේක බලල නැති එක නම් අප‍රාදයක් බං..ඉක්මනට බලපං..බලල කියන්නකො කොහොමද කියල..

    ReplyDelete
  3. නියම ෆිල්ම් එකක්... ඒක නෙමෙයි. Twilight මම බැලුවා. නියමයි.. කියලා වැඩක් නෑ.

    ReplyDelete
  4. ෂා අදත් හොඳම එකක් ලියලා, එළ මචන්.

    ReplyDelete
  5. ඔන්න දැන් පොඩ්ඩකට කලින් බලලා ඉවර උනා. ෆිල්ම් එක නම් එළකිරි. හැබැයි පොඩ්ඩක් විතර සබ්‍ය නොවන කොටස් ටිකකුත් තියනවා නේද? ඒ වගේ ෆිල්ම්ස් වෙනම ලේබල් කරොත් හොදයි. නැත්තම් බලන අයට ප්‍රශ්න ඇති වෙන්න පුලුවන්. :)

    ReplyDelete
  6. @ChuttaFX! අහ් ඔවු බන්..ඒක අදම දාන්න ඕන..මට ඕක කලින් මතක් උනා..උබ කිව්වම තමයි ආයෙ මතක් උනේ..තෑන්ක්ස්..

    ReplyDelete
  7. මමත් බලන්න හිටපු ෆිල්ම් එකක්. ලින්ක් එකට ස්තූතියි. මමමේ ළගදි The Reader බැළුවා. මට මතක නැ ඒක මේ බ්ලොග් එකේ දැම්මද කියලා. දැම්මනං සොරි.දාලා නැත්තං අනිවාර්යෙන් බලල ඒක ගැන විස්තර දාන්න. නියම ආදර කතාවක්. හින්දි සිනමාවේ ආදරයට කොටු වෙලා ඉන්න අපිට ඇත්ත ආදරේට සීමා මායිම් නැතිබව පෙන්වන කතාවක්. කමෙන්ට දැම්මේ නැතිවුනාට මම මේක කියවනවා. දිගටම දාන්න

    ReplyDelete
  8. අනේ මන්දා... මටනම් මෙ චිත්‍රපටය ඒ තරම් ඇල්ලුවෙ නෑ......!!!

    ReplyDelete
  9. @Palitha!මචං බොහොම ස්තුතියි The Reader ගැන කිව්වට..ඒක බාන්න හිතාගෙන හිටියත් අමතක වෙලයි තිබ්බෙ..උඹ කිව්වට පස්සෙ තමයි ආයෙ මතක් වෙලා බෑවෙ..නියම ෆිල්ම් එක..තෑන්ක්ස් අගේන්...

    ReplyDelete

අන්න හරි..ඔහොම හිතුව එක ගොඩක් හොදයි..ලියන්න ඔයාගෙ අදහස්..මේ බ්ලොග් ලිවිල්ල ගැන මට සතුටක් දැනෙන්නෙන් ඔයාලගෙ අදහස් කියවනකොට තමයි..