Monday, April 27, 2009

Wanted (2008) | උපරිමයි!


මේ චිත්‍රපටය නම් ගොඩක් අය බලල ඇති කියල හිතනව..ඒත් කියන්න තරම් වටින එකක් නිසා කියන්න හිතුන..සුපිරි නිලි ඇන්ජලීනා ජොලී රගපාන මෙම චිත්‍රපටය 2008 වර්ෂයේ ජනප්‍රියම ක්‍රියාදාම චිත්‍රපට අතුරින් එකක්..මේ විස්තරේ ඔක්කොම කියවන්න දෙයක් නෑ,ඔබ The metrix චිත්‍රපට මාලාව ප්‍රිය කරන්නෙක් නම් අනිවාර්යෙන් මේකටත් ආස වෙයි,ඒ චිත්‍රපටය වගේම මේකත් බොහොම සංකීර්ණයි..එක පාරින් තේරුම් ගන්න අමාරු වෙන්න පුලුවන්..කොහොම උනත් මම කතාව කියන්නම්..මේක ගති ඇති කියල හිතෙනව නම් බලන්න..එක්තරා දුර්වල ආත්ම ශක්තියක් සහිත තරුණයෙක් ඉන්නව..ඔහු තමයි මේ කතාවෙ ප්‍රධාන චරිතය..ඔහු කාර්‍යාලයේදිත්,ඉන් බැහැර ජීවිතයෙදිත් පරාජිතයෙක් වගෙයි ජීවත් වෙන්නෙ..දවසක් එක්තරා වෙලදසැලකදී කාන්තාවක් ඔහුට කියනව ඔහුගේ පියා අසවල් තැනදී මැරුණු බව,ඒ මොහොතෙම ඈ කියනව ඔහුගේ මිණීමරුව මෙතැන ඉන්නව කියල..එහෙම කියනකොටම එතැන සිටි පිරිමියෙක් ඔවුන් දෙදෙනාට වෙඩි තියනව..ඔන්න ඔහොමයි මේ පැටලිලි සහගත කතාව පටන් ගන්නෙ..මේක විද්‍යා ප්‍රබන්ධයක්,අසාමාන්‍ය බලයන් සහිත පුද්ගලයන් මේ ෆිල්ම් එකේදි අපිට හම්බෙනව..ඇත්තටම The metrix වගේමයි..නමුත් ඊට සම්පූර්ණයෙන්ම වෙනස්,අලුත්ම කතාවක්..ඔබත් හොද ක්‍රියාදාම චිත්‍රපට රසිකයෙක් නම් අනිවාර්‍යෙන් Wantedබලන්න..


මෙන්න මෙතනින් බාගමු!

7 comments:

  1. මේක මම බලල තියෙනවා. කතාව ලොකු පටලැවිල්ලක් වුණාට අවසානයේ හොඳ පැහැදිලිකිරීමක් ලැබෙනවා. මේකෙ තියෙනවා උණ්ඩය කෙලින් නොයා රවුමට යවන ක්‍රමයකුත් ඉගෙනගන්නවානම් :P

    ReplyDelete
  2. ඔවු ඔවු,ඇත්තටම කතාව ගති..ඒ ක්‍රමේ ඉගනගත්ත නම් අපේ රටේ තියෙන යුද්ධෙ බොහොම කාලෙකට කලින් ඉවර කරන්න තිබ්බ!

    ReplyDelete
  3. "ඒ ක්‍රමේ ඉගනගත්ත නම් අපේ රටේ තියෙන යුද්ධෙ බොහොම කාලෙකට කලින් ඉවර කරන්න තිබ්බ!"

    එහෙම ඉගෙන ගත්තේ නැති ඒක හොද තියෙනවා. කියන්න ඕන නෑනේ මේ ලංකා‍වේ හැටි ;)

    ReplyDelete
  4. ෆිල්ම් එක එළ, වැඩිය තේරුනේ නැතත්

    ReplyDelete
  5. @-බිன்ku-!හික් හික්..ඒකත් ඇත්ත තමයි..

    @ම! Metrix වගේම තමයි බන්..එකපාරින් තේරෙනව අඩුයි..ඒත් ගති කතාවක් තියෙන්නෙ..

    ReplyDelete
  6. සිරා කතාව බන්...මම බලල තියෙනව...කම්මෑලි නතුව බලුවෑකි..

    ReplyDelete
  7. එල.
    මාත් බැලුවා.
    වස්තුවකට කෝණික ප්‍රවේගය කියලා එකක් තියෙනවානේ.
    ඒක මූලික කරගෙන තමා මේක ලියලා තියෙන්නේ.


    /නිශාන්ත

    ReplyDelete

අන්න හරි..ඔහොම හිතුව එක ගොඩක් හොදයි..ලියන්න ඔයාගෙ අදහස්..මේ බ්ලොග් ලිවිල්ල ගැන මට සතුටක් දැනෙන්නෙන් ඔයාලගෙ අදහස් කියවනකොට තමයි..