Thursday, April 16, 2009
The Wrestler (2008)
හ්ම්ම්ම්..මේ කියන්න යන්නෙ බොහොම තදින අපේ හිතට වදින කතාවක් ගැන..මේකෙ නම දැක්කම නම් හිතන්නෙ බොහොම දරුණු සටන් වලින්ම පිරුණු කතාවක් කියල..නමුත් මේක ඊට එහාට ගියපු කතාවක්..මම කතාව කියන්නම් දැන්..එතකොට ඔයාලට තේරෙයි..රෙස්ලිං ශූරයෙක් වටා තමයි මේ කතාව ගොඩනැගෙන්නෙ..මොහු අවුරුදු 20ක් තිස්සෙ ක්‍රීඩාවේ නියැලෙන්නෙක්..දිනක් තරගයක් අතරතුර අණතුරකට මුහුණ දෙන මොහුට වෛද්‍යවරු නියම කරන්නෙ ක්‍රීඩාවෙන් ඉවත්ව විවේකීව සිටින ලෙසයි..මෙතැන් සිට තමයි කතාව වෙනස් මගක් ගන්නෙ..ක්‍රීඩාවෙන් එදාවේල හම්බකරගත් මොහුගේ ඉරණම සුඛිත මුදිත එකක් නෙවෙයි..මෙතැන් පටන් ඔහු ජීවත් වෙන්න කරන අරගලය හා ඔහු වටා පරිසරය ක්‍රියාත්මක වෙන අයුරු තමයි චිත්‍රපටයේ දැක්වෙන්නෙ..හරිම ලස්සන කතාවක්..පුලුවන් නම් බලන්න..ෂෝක් ෆිල්ම් එක!
The Wrestler ගැන තව දුරටත්:-
මේ Wrestling තරග හදන්නෙ කොහොමද කියල දැනගන්න ඕන කමක් තියෙන කට්ටියත් මේක බලන්න..ඒ වගේම වල මේක IMDB චිත්‍රපට පෙළගැස්ම අනුව ලොව හොදම ෆිල්ම් අතරෙන් 74 වෙනි ස්ථානයේ තමයි දැනට තියෙන්නෙ..
Subscribe to:
Post Comments (Atom)
තවම බෑවේ නෑ මචෝ............. බාලා බැලුවට පස්සේ තමා ඉතින් කොමෙන්ට්ස්............ මගේ කියුව් එකේ ෆිල්ම්ස් බර ගානක් බෑවෙන්න බලන් ඉන්නවා.........!! Hik hikz.........!!
ReplyDeletehapoo...echarama gathiyak ne...
ReplyDelete