Wednesday, April 22, 2009

Apocalypto (2006) | දුවාපං...


ඔන්න තවත් සුපිරි චිත්‍රපටයක්..ඔයාල අනිවාර්යෙන් බලයි කියල හිතනව..මේක මීට අවුරුදු ගනනාවකට පෙර ගෝත්‍රික යුගයේ කතාවක්..මම කතාව ටිකක් විස්තර කරල පස්සෙ ෆිල්ම් එක ගැන මට හිතෙන දේ කියන්නම්..කතාව මෙහෙමයි..එක් ගෝත්‍රයක් බොහොම් සතුටින් ජීවත් වෙනව..ඔවුන්ට දඩයම් වලින්,ගැහැණුන්ගෙන් අඩුපාඩුවක් නෑ..දිනක් ඔවුන් දඩයමේ ගිය විට වෙනත් ගෝත්‍රයක් හම්බෙනව..එම ගෝත්‍රය වෙනත් කැලයකට අයිති එකක්..ඔවුන්ගේ ඉඩකඩම් තවත් ගෝත්‍රයක් විසින් පැහැරගත් නිසා ඔවුන් යනව අලුත් ආරම්භයක් සොයා..ඒ සිද්දිය එතනින් ඉවරයි..දැන් මේ කතාවෙ මම මුලින්ම කිව්ව (කතාවෙ ප්‍රධාන ) ගොත්‍රය රාත්‍රියේ නිදාගෙන සිටිනව..මේ අතරතුර ඔවුන්ව ආක්‍රමණය කරනව වෙනත් පිරිස විසින්..ඔවුන් බොහොම දරුණු පිරිසක්..ආක්‍රමණිකයන් විසින් ශක්තිමත් පිරිස විතරක් වහල්ලු ලෙස අරගෙන යනව..මේ පිරිසට අයත් වන තරුණයෙකුගේ කතාව තමයි මින් කියැවෙන්නෙ..ඇත්තටම හරිම ලස්සන කතාවක්..මිනිස් හැගීම් ප්‍රාථමික මට්ටමෙන්ම අපිට බලාගන්න පුලුවන්..කෙනෙක් මැරුණොත් ඔහු ගැන දුක් වෙමින් දින ගනනාවක් සිටින්නෙ නෑ,එ වගෙම ආදරය කරන කෙනෙක් වෙනුවෙන් කරන්න බැරි දෙයක් නෑ,වේදනාවන් ඔවුන්ගෙ එදිනෙදා ජීවිතයේම කොටසක්..ඇත්තටම අපිව වෙනස්ම කාලයකට ගෙනයන චිත්‍රපටයක් කියන්න පුලුවන්..

O.P.D.P:-මේක ඔස්කාර් සම්මාන 3කට නිර්දේශ වෙලා තිබෙනව,තවත් සම්මාන 13කට නිර්දේශ වී තිබෙන අතර 6ක් දිනා තිබෙනවා..

9 comments:

  1. මමත් මේක බලලා තියෙනවා. නියම film එක. ජල දරු උපත පෙන්නන scene එක හරිම අනුවේදනීයයි..

    ReplyDelete
  2. ගිය අවුරැද්දේ April මාසේ ගමේ ගිය වෙලාවේ බැලුවා මේ film එක
    කිව්වත් වගේ දුවන එකමයි වැඩේ නේද? මාමා කිව්වා Apocalypto II තියෙනවා කියලා
    පළමු එක තරම් හොද නැහැ කියලත් කිව්වා
    හැබැයි මට තාම නම් එහෙම එකක් බලන්න ලැබුනේ නැහැ
    තාරක කිව්වා වගේ film එක කිව්ව ගමන් මතක් වෙන්නේ අර දරැ උපත තමයි

    ReplyDelete
  3. @Tharaka Weerasekara! ඔවු බන්..ඒක බොහොම සංවේදී විදියට පෙන්නනව..

    @Randi! Apocalypto II තියෙන බව නම් මටත් දැනගන්න ලැබුනෙ නෑ..ගූගල් එකෙත් ඒ ගැන විස්ත‍රයක් නෑ..මාමා කිව්වෙ 10000 BC ගැනද දන්නෙ නෑ..ඒකත් මේකට සමානයි ටිකක්..

    ReplyDelete
  4. එල එල තව ඕනා...

    ReplyDelete
  5. Niyama Film eka. Mamath beluwa. Matath hondata wedichcha film ekak. Umbe me blog eka gena kiyanawanam...Ela wedak machan. mama umbe blog eka hemadama balanawa. Balala films ba bagannawa. Digatama Karagena palayan. Good Luck.

    ReplyDelete
  6. @zonoczz!එළම තමයි..දෙන්නම් ඕන ත‍රම්..

    @charitha! අනිවා දිගටම ක‍රගෙන යනව..තෑන්ක්ස් මචන්..

    ReplyDelete
  7. ඔව් දෙවෙනි කොටසකුත් ඇවිත් තියෙනවා, හැබැයි එක මෙ චිත්‍රපටියේ නිෂ්පාදකයගේ එකක් නෙමෙ එක නිසා ජනප්‍රියත් නැ, එ තරම්ම හොදත් නැ, එකත් බලන්න,
    මෙවා එයාලම කරන නිසා හොදයි, මොකද එයාලම තමයි මෙ දේ මිට තරමක් වෙනස් විදියට හිරු නොනගින අධිරාජ්‍ය කාලයෙදි නිග්‍රොධ ජාතිකයන්ටත් සිදුකලේ.
    අනික මෙයාල අපේ රටත් මෙකට මහ කැත විදිහට ගාව ගත්ත, මතකද මිනි කන්නන්ගෙ දේශය, 88-89 කාලයට නම් එක ගැලපෙනවා, එත් සමස්තයක් ලෙස එසේ අපේ රට ගාවා චිත්‍රපටි සැදිම නම්, ඉතාම නින්දිතයි.
    අනික මෙයාල අපේ රටත් මෙකට මහ කැත විදිහට ගාව ගත්ත, මතකද මිනි කන්නන්ගෙ දේශය, 88-89 කාලයට නම් එක ගැලපෙනවා, එත් සමස්තයක් ලෙස එසේ අපේ රට ගාවා චිත්‍රපටි සැදිම නම්, ඉතාම නින්දිතයි.
    (මෙය සොයා ගැනිමට ටිකක් අමාරුයි, පුලුවන් නම් අරගෙන බලන්න, අමු අමුවෙ ලංකාවෙ ගල් විහාරය රුප ගත කර එ දිරිපිට දි පිරිමින් පිරිසක් ගැහැනියක් කෙළසනවා මෙයට ලංකාවෙ පිරිස්ද සම්බන්ධ වුනා)

    ReplyDelete
  8. sinhalen keteemata nohakiweema gana samawenna...mama net yanne office machine eken...eke sinhala unicode naha...daanna tahanam ...itin singlish saranan gachchaaami....

    ma gave me film eke DVD eka tiyenawa...mel gibson ge honda film ekak...meke katawa bohoma anuwedaneeyay...jeevath weeme aitiya, lingika nidahasa balayata yatath wechcha kale adaraya wenuwen pratamika aragalayaka yedena tarunayekuge katawak,....aztec samajaya hondinma prathinirmanaya kala film ekak...architect kenek vidihata mama ekata kamati...

    boho gatanugatika lakshana tiyena film ekak..eth nawatawayen idiripath karala tiyenawa...mama hitanne mama 4 parak rasa vindaa.....

    ReplyDelete
  9. ආදරය ත්‍රාසය දුක හැම දෙයම අපූරුවට පෙන්වපු, ඒත් ටිකක් ලේ හලන දර්ශන අමාරුවෙන් බලපු, ඉතා හොඳ නිර්මාණයක්...

    ReplyDelete

අන්න හරි..ඔහොම හිතුව එක ගොඩක් හොදයි..ලියන්න ඔයාගෙ අදහස්..මේ බ්ලොග් ලිවිල්ල ගැන මට සතුටක් දැනෙන්නෙන් ඔයාලගෙ අදහස් කියවනකොට තමයි..